ආදරයෙන් මුල් බැස ඇත
මම පිළිකා සත්කාර මධ්‍යස්ථානයට පැමිණියෙමි. එහිදී මම මගේ මවගේ භාරකරු ලෙස මෙම මධ්‍යස්ථානයේ සේවය කරමින් නැවතී සිටිමි. මෙහිදී මට තනිකම සහ බිය දැණුනි. මම සැතපුම් 750 කට වඩා එහායින් මගේ පවුල සහ නිවස හැර ගියෙමි. නමුත් මම මගේ ගමන් මලු ඇල්ලීමටත් පෙර, විශාල සිනහවක් ඇති මිනිසෙකු වූ ෆ්‍රෑන්ක් මට උදව් කිරීමට ඉදිරිපත් විය. අපි හයවන මහලට ළඟා වූ විට, ඔහුගේ…
ඉටිපන්දම් දැල්වීම
එය දහවල් විය, නමුත් හිරු නොපෙනී තිබුණි. නව එංගලන්තයේ අඳුරු දිනය 1780 මැයි 19 වන දින උදෑසන ආරම්භ වූ අතර පැය ගණනක් පැවතුනි. අධික අන්ධකාරයට හේතුව කැනඩාවේ දැවැන්ත ලැව්ගිනි නිසා ඇති වූ දුමාර වලාකුළු විය හැකි නමුත් එය විනිශ්චය දවස විය හැකිදැයි බොහෝ දෙනා කල්පනා කළහ.
කනෙක්ටිකට් ආණ්ඩුකාර කවුන්සිලයේ (සෙනෙට් සභාව) සැසිවාරයේදී, අන්ධකාරය නිසා ඇතැමුන් එය කල් තැබීමට සළකා බැලූ…
අපි එකට එකතු වූ විට
ලෝක සතුට වාර්තාවට අනුව ඩෙන්මාර්කය ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර වේ. ඩෙන්මාර්ක ජාතිකයන් ඔවුන්ගේ දිගු, අඳුරු ශීත කාලය මිතුරන් සමඟ බෙදා ගැනීමට උණුසුම් බීම හෝ ආහාර වේලක් භුක්ති විඳීමට රැස් වෙති. එම අවස්ථා හා බැඳුනු හැඟීම් සඳහා ඔවුන් භාවිතා කරන වචනය හයිග්ගි (හු-ගා) යන්නයි. පහත් අක්ෂාංශ වලදී ඔවුන්ගේ සගයන්ට වඩා අඩු හිරු එළිය භුක්ති විඳීමේ බලපෑම සමනය කිරීමට හයිග්ගි නොහොත්…
දැනුම රිදුම් දෙන විට
සැක් එල්ඩර් සහ ඔහුගේ මිතුරන් ග්‍රෑන්ඞ් කැන්යන් නමැති වැව හරහා දින විසිපහක ඔරු පැදීමෙන් පසු වෙරළට ආපසු පැමිණියහ. ඔවුන්ගේ පාරු ගොඩ ගැනීමට පැමිණි පුද්ගලයා ඔවුන්ට කෝවිඞ්-19 වෛරසය ගැන කීවේය. ඔවුන් සිතුවේ ඔහු විහිළුවක් කරන බවයි. නමුත් ඔවුන් කැනියන් වැවෙන් පිටව යන විට ඔවුන්ගේ දුරකථන ඔවුන්ගේ දෙමාපියන්ගේ හදිසි පණිවිඩ සමඟ නාද විය. සැක් සහ ඔහුගේ මිතුරන් මවිතයට පත් වූහ. නැවත ගඟට…
ආලෝකය දැල්වෙන්න හරින්න
හෝටල් ජාලයක වෙළඳ ප්‍රචාරණයක අඳුරු රාත්‍රියක් මධ්‍යයේ එක් කුඩා ගොඩනැගිල්ලක් දර්ශනය කළේය. වෙන කිසිවක් අවට තිබුණේ නැත. එම දර්ශනයේ එකම ආලෝකය වූයේ ගොඩනැගිල්ලේ ඉස්තෝප්පුවේ දොර ළඟ තිබූ කුඩා ලාම්පුවෙන් දිස් වූ ආලෝකය පමණයි. ආගන්තුකයෙකුට පියගැටපෙළ දිගේ ගොස් ගොඩනැගිල්ලට ඇතුළු වීමට එම විදුලි බුබුල ප්‍රමාණවත් ආලෝකයක් දල්වා තිබුණි. වෙළඳ දැන්වීම අවසන් වූයේ "අපි ඔබට ආලෝකය දැල්වෙන්න හරින්නෙමු" යන වැකියෙනි.
ආලින්දයේ ආලෝකය…
කාලය පිළිබඳ බීජ
1879 දී, විලියම් බීල්ව නරඹන අය සමහර විට සිතන්න ඇත්තේ ඔහු මෝඩයෙක් කියාය. උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විවිධ බීජ වලින් බෝතල් විස්සක් පුරවා ගැඹුරු පස්වල වළලනු ඔවුන් දකිනු ඇත. ඔවුන් නොදැන සිටි දෙය නම් බීල් විසින් සියවස් ගණනාවක් පුරා මෙම බීජ වලට ජීවත් විය හැකිද කියා අත්හදා බැලීමක් සිදු කරන බවයි. සෑම වසර විස්සකට වරක් බෝතලයක් හාරා එහි බීජ පැලකර,…
ආදරය සහ දෙවියන්වහන්සේ මත රඳා සිටීම
සැක්, විහිළුවට බර, දක්ෂ සහ කවුරුත් කැමති වූ දරුවෙක් විය. නමුත් ඔහු රහසින් මානසික අවපීඩනය සමඟ සටන් කළේය. වයස අවුරුදු පහළොවේදී ඔහු සියදිවි නසාගත් පසු, ඔහුගේ මව, ලෝරි, ඔහු ගැන පැවසුවේ, "ඔහු ඉදිරියේ සැම දෙයක්ම ඔහුගේ වාසියට තිබුණ කෙනෙකු එම තත්ත්වයට පැමිණෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේය. සැක් ... සියදිවි නසාගැනීමෙන් නිදහස් නොවූයේය". නිහඬව සිටින අවස්ථාවලදී ලෝරි තම දුක…
සැලසුම් සහ කලින් සුදානම් වීම
2000 දී, තැපැල් මාර්ගීකව චිත්‍රපට කුලියට දීමේ අළුතින් ආරම්භ කළ සමාගමක් තම සමාගම ඩොලර් මිලියන 50 කට එවකට ගෘහස්ථ චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා කුලියට දීමේ විශිෂ්ටයා වූ බ්ලොක්බස්ටර් සමාගම වෙත විකිණීමට ඉදිරිපත් විය. නෙට්ෆ්ලික්ස් සමාගම වෙත දළ වශයෙන් ග්‍රාහකයින් 300,000 සිටි අතර බ්ලොක්බස්ටර් සමාගමට ග්‍රාහකයින් මිලියන අතිවිශාල ගණනක් සිටියහ. බ්ලොක්බස්ටර් ඔවුන්ගේ කුඩා තරඟකරුවා මිලදී ගැනීමට ලද අවස්ථාව මගහැරගත්තේය. එහි ප්‍රතිඵලය…
නිකමට අහන්න!
අපේ බිම් මහලෙන් නැඟුණු ප්‍රීතිමත් කෑගැසීම් මගේ බිරිඳ ෂර්ලිගෙනි. ඇය පැය ගණනක් පුවත් පත්‍රිකා ව්‍යාපෘතියක් සමඟ පොර බැදු අතර, ඇය එය නිම කිරීමට සූදානම්ව සිටියාය. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ ඈ කනස්සල්ලෙන් සහ අවිනිශ්චිතතාවයෙන් සිටි අතර, ඇය දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළාය. ඇය මුහුණු පොතේ මිතුරන් වෙතද සම්බන්ධ වූ අතර ඉක්මනින් ව්‍යාපෘතිය නිම කරන ලදී - එය කණ්ඩායම් උත්සාහයක් විය.…
ඔබට උදව් අවශ්‍ය වූ විට
එය සඳුදා උදෑසනක් විය, නමුත් මගේ මිතුරා චියා-මිං කාර්යාලයේ සිටියේ නැත. ඔහු නිවසේ නාන කාමරය පිරිසිදු කරමින් සිටියේය. මාසයක් රැකියා විරහිතව සිටියද, ඔහු ඉදිරියේ කිසිදු රැකියාවකට මඟපෙන්වීමක් නොමැතිව, ඔහු සිතන්නට විය. කෝවිඞ් -19 වසංගතය හේතුවෙන් ඔහුගේ සමාගම වසා දමා තිබූ අතර අනාගතය පිළිබඳ කනස්සල්ල නිසා චියා-මිංගේ සිත බියෙන් පිරුණි. "මම මගේ පවුල නඩත්තු කළ යුතුයි," ඔහු සිතුවේය. "මට උදව් සඳහා…