ප්‍රවර්ගය  |  Uncategorized

පැමිණ නමස්කාර කරන්න

ඔවුන් බහු-පරම්පරා නමස්කාර සේවයේ එක්ව ප්‍රශංසා ගීත ගායනා කරද්දී බොහෝ දෙනෙක් ප්‍රීතිය හා සාමය අත් වින්දෝය. එහෙත් අධික වෙහෙසකින් සිටි මවකට එසේ නොවීය. හඬන්නට ආසන්නව සිටි තම බිළිඳාව නළවමින් ඇය දිව යන්න හදන තම පස් හැවිරිදි දරුවා නවතා ගැනිමට උත්සාහ කරමින් ඔහු වෙනුවෙන් ගීත පොත අතේ තබා ගත්තාය. එවිට ඇගේ පිටුපසින් වාඩිවී සිටි වැඩිහිටි මහතෙක් කුඩා දරුවාව ගෙන දේවස්ථානය වටා…

සේවා ස්ථානයේ සාක්‍ෂිකරු

“ඔබේ ප්‍රියතම දෙපාර්තමේන්තුවේ ප්‍රමාණය අඩු කිරීමට මට අවශ්‍ය වීම ගැන ඔබ තවමත් දුක් වෙනවාද?” කියා එව්ලින්ගේ කළමනාකරු ඇයගෙන් ඇසීය. “නැහැ” ඇය තම හකු තද කර ගත්තාය. ඔහු ඒ ගැන ඇයට උසුළු විසුළු කරන බවක් පෙනෙන්නට තිබීම නිසා ඇය වඩාත් කලකිරීමට පත් වූවාය. විවිධ උනන්දුවක් දක්වන කණ්ඩායම් තම සමාගමට ඇද ගැනීමට ක්‍රම සොයමින් සමාගමට උදව් කිරීමට ඇය උත්සාහ කළ නමුත් සීමිත…

මෙය සියල්ල වෙනස් කරයි

දිගු කාලීනය යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්්‍යවරයෙක් වූ ජෙරොස්ලෙව් පෙලිකන් “ඔහුගේ පරම්පරාව ක්‍රිස්තියානි ඉතිහාසය පිළිබඳ ප්‍රමූඛතම බලධාරීන්” ලෙස සැළකූ අතර ඔහුගේ පුළුල් අධ්‍යයන වෘත්තීය සඳහා ප්‍රසිද්ධියට පත් වුනි. ඔහු පොත් තිහකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ විශාල ලේඛන වෙනුවෙන් ජීවිත කාලය සඳහාම වන ගෞරවනීය “ක්ලූගේ” ත්‍යාගය දිනා ගත්තේය. කෙසේ වෙතත් ඔහුගේ එක් ශිෂ්‍යයෙක් ඔහුගේ ගුරුවරයාගේ වැදගත්ම වචන ලෙස සැළකුවේ…

එසේ නොවේ

“මට අවශ්‍ය වූයේ කෙසේ හෝ එය එසේ නොවන්නටය” කියමින් මිතුරෙක් විසින් තරුණ වියේදීම මිය ගිය මිතුරෙක්ගේ ජීවිතය ගැන වර්ණනා කරමින් විලාප දුන්නේය. ඔහුගේ වදන් මනුෂ්‍ය වර්ගයාගේ ඈත කාලයේ සිටම තිබූ හදවතේ කම්පනය සිහිපත් කරයි. මරණය අප සියල්ලන් මවිතයට පත් කරන අතර බියක්ද ඇති කරයි. ආපසු හැරවිය නොහැකි දේ හැරවීමට අපි වෙහෙසෙන්නෙමු.

යේසුස්වහන්සේගේ මරණයෙන් පසු උන්වහන්සේගේ අනුගාමිකයන්ට හැඟුණු ආකාරය අනුව “එසේ…

උන්වහන්සේගේ සමාදානය් කුරුසිය

සමකාලීන ලන්දේසි චිත්‍ර ශිල්පී එග්බර්ඞ් මොඩර්මන්ගේ චිත්‍රයක් වූ “කිරේනියේ සීමොන්” නම් වූ චිත්‍රයෙන් අඳුරු ඇස් එබී බලයි. සීමොන්ගේ ඇස් ඔහුගේ වගකීමේ දැවැන්ත ශාරීරික හා චිත්තවේගී බර හෙළි කරයි. මාර්ක් 15 හි බයිබලීය වාර්තාවේ අපි දැනගන්නේ බලා සිටි සමූහයා අතරින් සීමොන්ව ඇද ගෙන ගොස් යේසුස් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යාමට බල කළ බවයි.

මාර්ක් අපට පවසන්නේ සීමොන් පැමිණියේ යේසුස්වහන්සේගේ කාලයේ විශාල යුදෙව්…

“එය රාත්‍රිය විය”

එලී වීසල්ගේ “රාත්‍රිය” නමැති පොත සමූල ඝාතනයේ බිහිසුණුකම සමග අපට තදින්ම අභියෝග කරයි. නාට්සි මරණ කඳවුරුවල ඔහුගේම අත්දැකීම් මත පදනම්ව වීසල්ගේ වාර්තාව නික්මයාම පිළිබඳ බයිබලීය කථාව පෙරළයි. මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරුන් පළමු පාස්කු මංගල්‍යයේදී වහල් භාවයෙන් “පලා ගිය” අතර (නික්මයාම 12) පාස්කුවෙන් පසු නාට්සීන් විසින් යුදෙව් පූජකයන් අත් අඩංගුවට ගැනීම ගැන වීසල් පවසයි.

අපි වීසල් සහ ඔහුගේ අඳුරු ව්‍යාංගය විවේචනය නොකිරීමට…

ප්‍රේමයෙන් ගෙන යන ලදී

මගේ හතර හැවිරිදි මුණුපුරා මගේ ඔඩොක්කුවේ වාඩි වී මගේ කෙස් රහිත හිස අතගාමින් එය හොඳින් අධ්‍යයනය කළේය. “සීයේ, ඔබේ කොණ්ඩයට මොකද වුණේ?” ඔහු ඇසීය. “හා..හා” මම සිනහ සුණෙමි. වසර ගණනාවක් තුළ එය නැති වුනා”. ඔහුගේ මුහුණ කල්පනාකාරී විය. “එය නරකයි” ඔහු පිළිතුරු දුන්නේය. “මට මගෙන් ටිකක් දෙන්න වෙනවා”.

මම ඔහුගේ අනුකම්පාව ගැන සැනසී ඔහුව තවත් මා වෙතට ළං කර තුරුල්…

අප වගේ, අප වෙනුවෙන්

තම පුත් පිහිනීමට කමිසය ගළවන්න අකමැති බව ඩෙරික් දුටුවේය. එයට හේතුව වූයේ පුතාගේ පපුවේ, බඬේ සහ වම් අතේ කොටසක් වැසෙන ලෙස පිහිටා තිබූ උපන් ලපයක් නිසා ඔහු ලැජ්ජාවී සිටි නිසා බව ඩෙරික් වටහා ගත්තේය. තම පුතාට උපකාර කිරීමට අධිෂ්ඨාන කර ගත් ඩෙරික් තමාගේ ශරීරයේද සමාන සළකුණක් නිර්මාණය කර ගැනීම සඳහා දිගු හා වේදනාකාරී පච්ච කෙටීමේ ක්‍රියාවලියකට ලක් වූයේය.

ඩෙරික් තම…

සෑම මොහොතක්ම වැදගත්

ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි විශ්ව විද්‍යාලයේ පුස්තකාලයක නැවතී ඇති සාක්කු ඔරලෝසුවේ කටු දෙක ඛේදජනක කථාවක් කියයි. ඔරලෝසුවේ හිමිකරු එලිෂා මිචෙල් 1857 ජූනි 27 වන දින උදෑසන අපලවියන් කඳුකරයේ දිය ඇල්ලකදී ලිස්සා වැටී මිය ගිය නියම මොහොත (එනම් පෙරවරු 8.19 සහ තත්පර 56) එය සටහන් කරයි.

විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් වන මිචෙල් ඔහු සිටි කන්ද මුදුන පිළිබඳව නිවැරදි ප්‍රකාශය…

බූරුවෙකු පිට රජෙක්

එදා ඉරිදා දිනකි. අපි දැන් එය හඳුන්වන්නේ ගොක් (තල් අතු) ඉරිදා ලෙසය. යේසුස්වහන්සේ යෙරුසලමට ගිය පළමු අවස්ථාව මෙය නොවන බවට සැකයක් නැත. භක්තිමත් යුදෙව්වෙක් ලෙසට උන්වහන්සේ සෑම වසරකම මහා මංගල්‍යයන් තුන සඳහා නගරයට යන්න ඇති (ලූක් 2:41-42; යොහන් 2:13; 5:1). පසුගිය වසර තුන තුළ ක්‍රිස්තුස්වහන්සේ යෙරුසලමෙහිදී සේවය කළ අතර ඉගැන්වූ සේක. නමුත් මෙම ඉරිදා උන්වහන්සේ නගරයට පැමිණීම සහමුලින්ම වෙනස් වූ…