ප්‍රවර්ගය  |  Uncategorized

ආශිර්වාදයක් අසළින් ඇවිදීම

1799 දී දොළොස් හැවිරිදි කොන්රඞ් රීඞ් උතුරු කැරොලයිනාවේ ඔහුගේ පවුලේ කුඩා ගොවිපළ හරහා දිවෙන ඇලේ තිබී විශාල දිලිසෙන ගලක් සොයා ගත්තේය. දුප්පත් සංක්‍රමණික ගොවියෙක් වූ තම පියාට පෙන්වීමට ඔහු එය ගෙදර ගෙන ගියේය. ඔහුගේ පියා ගලේ අධික වටිනාකම තේරුම් නොගත් අතර එය දොර රඳවනයක් ලෙස භාවිතා කළේය. පවුල වසර ගණනාවක් එය අසළින් ඇවිද ගියේය.

අවසානයේ කොන්රඞ්ගේ ගල, ඇත්ත වශයෙන්ම පවුම්…

බෙදා ගැනීම සැමවිටම වටින්නේය

මම යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක් වූ පසුව මම මගේ මව සමග ශුභාරංචිය බෙදා ගත්තෙමි. මම බලාපොරොත්තු වූ පරිදි යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට තීරණයක් ගැනීම වෙනුවට ඇය වසරකට මා සමග කථා කිරීම නැවැත්වූවාය. යේසුස්වහන්සේ අනුගමනය කරන බව කියන මිනිසුන් සමග ඇයගේ නරක අත්දැකීම් නිසා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් විශ්වාස කිරීමට ඇයට අපහසු විය. මම ඇය වෙනුවෙන් යාච්ඤා කරමින් සතිපතා ඇය වෙත ළඟා…

කැටයම් කරන ලද ශෝකය

දුර්ලභ සහ සුව කළ නොහැකි වූ මොළයේ පිළිකාවක් පිළිබඳව විනාශකාරී රෝග විනිශ්චයක් ගැන දැන ගැනීමෙන් පසුව කැරොලයින් අද්වීථිය සේවාවක් තුළින් නව බලාපොරොත්තුවක් සහ අරමුණක් සොයා ගත්තාය. එනම් බරපතල ලෙස රෝගාතුර වූ දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ස්වෙච්ඡා ඡායාරූප සේවාවක් පටන් ගැනීමෙනි. මෙම සේවාව මගින් පවුල් වලට ඔවුන්ගේ දරුවන් සමග ගත කළ අගනා අවස්ථාවන්ද ශෝකයේ මෙන්ම “එවැනි ස්ථානවල පවතී යැයි අපි…

සූරියකාන්ත මල් සටන

අපේ අසල්වැසි මුව රංචුවටයි මටයි සූරියකාන්ත මල් ගැන තිබෙන්නේ වෙනස් මත දෙකකි. සෑම වසන්තයකම මම සූරියකාන්ත මල් සිටුවන විට ඒවායේ මල් පිපෙන සුන්දරත්වය පැමිණෙන තුරු බලා සිටින්නෙමි. කෙසේ වෙතත් මගේ මුව මිතුරන් මල්වල වර්ධනය ගැන තැකීමක් නොකරති. උන්ට අවශ්‍ය වන්නේ කිසිවක් ඉතිරි නොවන තෙක් නටුව සහ කොළ හපන්නටය. මගේ කුර හතරක් ඇති අසල්වැසියන් ඒවා ගිල දමනු ලැබීමට පෙර සූරියකාන්ත මල්…

අපේ දෙවියන්වහන්සේ කොතරම් උතුම්ද!

මිනිසුන් හඳුනා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඇඟිලි සළකුණු භාවිතා කළත් පිටපත් නිර්මානය කිරීමෙන් ඒවා ව්‍යාජ ලෙස සකස් කළ හැකිය. ඒ හා සමානව ඇසේ ඇති කළු ඉංගිරියාවේ රටාව හැඳුනුම්පත සඳහා විශ්වාසදායක මූලාශ්‍රයකි. ඒ ප්‍රතිඵල විකෘති කිරීම සඳහා යමෙකු අක්‍ෂි කාචයකින් රටාව වෙනස් කරන තුරුය. පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා “ජෛවමතික භාවිතය” (ඇඟිලි සළකුණු සහ ඇසේ කළු ඉංගිරියාව භාවිතය) පරාජය කළ හැකිය.…

අම්මා මෙන් ආදරෙයි

මහා ආර්ථික බිඳ වැටීම අතරතුර හැදී වැඩීම ගැන ජුවනීටා තම ඥාති පුත්‍රයාට පැවසුවාය. ඇගේ දුප්පත් පවුලට කෑමට තිබුණේ ඇපල් පමණක් සහ ඇගේ පියාට සැපයිය හැකිවූ ඕනෑම දඩ මස් වර්ගයකි. ඔහු රාත්‍රී ආහාරය සඳහා ලේනෙකු රැගෙන එන විට ඇගේ මව පවසන්නේ “මට ඔය ලේන් ඔළුව දෙන්න. මට කන්න ඕනැ එපමණයි. ඒක තමයි හොඳම මස් කෑල්ල” යනුවෙනි. ඇගේ මව එය කෑවේ නැත.…

උන්වහන්සේ දන්නා සේක

තායිවානයේ හෙදියක් ලෙස රැකියාවක් ආරම්භ කිරීමට ලියා සුදානම්ව සිටියාය. රැකියා අවස්ථා සීමිත වූ මැනිලා නගරයෙහි ඇයට කළ හැකි දේට වඩා දැන් ඇයට තම පවුලට හොඳින් සැපයිය හැකි වනු ඇත. ඇය පිටත්ව යාමට පෙර දින රාත්‍රියේ තම පස් හැවිරිදි දියණිය රැක බලා ගන්නා තම සහෝදරියට උපදෙස් දුන්නාය. “ඔබ ඇයට රට කජු බටර් හැන්දක් දුන්නොත් ඇය ඇගේ විටමින් ලබා ගනීවි” ලියා පැහැදිළි…

අපගේ පියාණෙනි

බොහෝ උදෑසනයන්හී මම ස්වාමින්ගේ යාච්ඤාව කියමි. ඒ වචන මගේ ජීවිතයේ අත්තිවාරම වන තුරු අලුත් දවසකට මම නොවටින්නෙමි. මෑතකදී මම පළමු වචන දෙක වන “අපගේ පියාණෙනි” පමණක් කියද්දී මගේ දූරකථනය නාද විය. එයින් මා තිගැස්සුණේ එය පාන්දර 5.43 වූ බැවිනි. ඒ කව්දැයි සිතන්න පුලුවන්ද? දූරකථන මුහුණතේ “තාත්තා” යනුවෙන් සටහන්ව තිබුණි. මට පිළිතුරු දීමට අවස්ථාවක් ලැබීමට පෙර ඇමතුම ඉක්මණින් අවසන් වුනි. මගේ…

සේවාව සඳහා හදවතක්

නිව් මෙක්සිකෝවේ කාල්ස්බෑඞ් හී කිතුනු සේවාවක් එම ප්‍රදේශ වාසීන්ට සෑම මසකම නොමිළේ ආහාර රාත්තල් 24,000 කට වඩා සපයමින් ඔවුන්ට සහාය වූහ. එම සේවාවේ නායක තුමා බෙදා ගත්තේ “මිනිසුන්ට මෙහි පැමිණිය හැකිය. අපි ඔවුන් පිළිගෙන ඔවුන් ජීවත්වී සිටින ස්ථානයේම ඔවුන්ව මුණගැසෙන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතාවය ලබා ගැනීමට ඔවුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා සපුරාලීමයි” යනුවෙනි. ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන් අප ගැන දෙවියන්වහන්සේගේ…

නිවසක් සඳහා දැඩි ආශාව

“ඈන් ඔෆ් ග්‍රීන් ගේබ්ල්ස්” යන කථාවල ප්‍රධාන චරිතය වන ඈන් පවුලකට ආශා කළාය. අනාථ වූ ඇය කවදා හෝ නිවසක් කියා කීමට තැනක් සොයා ගැනීමේ බලාපොරොත්තුව ඇති කර ගෙන තිබුණි. පසුව මැතිව් නම් වැඩිමහල් මනුෂ්‍යයෙක් සහ ඔහුගේ සොහොයුරිය වන මෙරිල්ලා ඇයව ඔවුන්ගේ නිවසට ගැනීමට කැමති බව දැන ගත්තාය. බක්කි කරත්තයෙන් ඔවුන්ගේ නිවසට යන අවස්ථාවේදී ඈන් දිගින් දිගටම කථා කිරීම ගැන ඇය…