ප්‍රවර්ගය  |  Uncategorized

අමනාපය රඳවා නොගැනීම

2011 දී ප්‍රවර්ධන උත්සවයකදී හැත්තෑ තුන් හැවිරිදි පාපන්දු ලීග් ක්‍රීඩකයින් දෙදෙනෙකු වේදිකාවේදීම එකිනෙකාට අතින් පහර දෙන්ට වුනි. ඔවුන්ගේ අමනාපය 1963 පාපන්දු ශූරතාවලියේ මතභේදයකට තුඩු දුන් කරුණක් දක්වා ඈතට දිව යයි. ඔවුන්ගෙන් එක් අයෙකු විසින් අනෙකාට වේදිකාවෙන් පිටතට වැටෙන්න තරම් පහරක් දුන් පසු සමූහයා ඔහුට “නතර කරන්න” කියා කෑගැසූහ. ඔවුහු ඔහුට කීවේ “අමනාපය ඉවත දමන්න” කියාය.

මිනිසුන් අතර ඇතිවුූ දබර ගැන…

සැබෑ සතුට

දසවන සියවසේදී ස්පාඤ්ඤයේ කෝර්ඩෝබාහි පාලකයා වූයේ තුන්වන අබ්ඞ් අල් රහ්මාන්ය. වසර පනහක සාර්ථක පාලනයකින් පසු (“මගේ යටත් වැසියන් විසින් ආදරය කරන ලද, මාගේ සතුරාගේ භීතියට හේතුවූ සහ මාගේ සගයින්ගේ ගෞරවයට පාත්‍රවූ”) අල් රහ්මාන් ඔහුගේ ජීවිතය දෙස ගැඹුරින් බැලුවේය.“ධනය හා ගෞරවය, බලය හා ආශාවන් මගේ ඇමතුම එනතෙක් බලා සිටියේය” කියා ඔහු තම වරප්‍රසාද ගැන පැවසීය. නමුත් එම කාලය තුළ ඔහු කොපමණ…

දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම

මහාචාර්යවරයා සෑම අවස්ථාවකදීම ඔහුගේ මාර්ග ගත පන්තිය අවසන් කළේ ක්‍රම දෙකකින් එකක් තෝරා ගෙනය. “ඊළඟ වතාවේ හමුවෙමු” හෝ “හොඳ සති අන්තයක් ගත කරන්න” කියාය. සමහර සිසුන් “ස්තූතියි. ඔබටත් එසේම වේවා” කියා ප්‍රතිචාර දක්වති. නුමුත් දිනක් එක් සිසුවෙක් “මම ඔබට ආදරෙයි” යනුවෙන් පිළිතුරු දුන්නේය. පුදුමයට පත් වූ ඔහු “මමත් ඔබට ආදරෙයි” කියා පිළිතුරු දුන්නේය. එදින සවස පංතියේ මිතුරන් එකඟ වූයේ තමන්…

සකපෝරුව

1952 දී නුහුරු හෝ නොසැළකිලිමත් පුද්ගලයින් විසින් සාප්පුවක බඩු කැඩීම වැළැක්වීමේ උත්සායහක් ලෙස මියාමි බීච් වෙළඳ සැළක හිමිකරුවෙක් දැන්වීම් පුවරුවක දැන්වීමක් සවි කළේය. “ඔබ එය කැඩුවහොත් ඔබ එය මිළදී ගත යුතුයි”. මෙම ආකර්ශණීය වාක්‍යය පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක් විය. මෙවැනි සළකුණු දැන් බොහෝ කඩ සාප්පු වල දැකිය හැකිය.

හාස්‍යයට කරුණ නම් කුඹල් කඩයක වෙනත් ආකාරයක දැන්වීමක් තිබූ බවයි. “ඔබ එය බිඳ…

මෙය අනුග්‍රහයයි

“ලෙස් මිසරබල්ස්” නමැති කෘතිය ආරම්භ වන්නේ නිදහස් කරන ලද වරදකරුවෙක් වන ජීන් වැල්ජියන් විසින් පූජකයෙකුගේ රිදී පැහැර ගැනීමෙනි. ඔහුව අල්ලා ගනු ලැබූ අතර ඔහු නැවත පතල වෙත යාමේ බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් සොරකම් කරන ලද රිදී වැල්ජියන්ට දුන් බව පූජක තුමා ප්‍රකාශ කළ විට සැවොම පුදුමයට පත් වුනි. පොලීසිය පිටව ගිය පසු ඔහු සොරා දෙසට හැරී “ඔබ තවදුරටත් අයිති වන්නේ නපුරට…

දෙවියන්වහන්සේගෙන් හැංගී සිටීම

මම තදින් ඇස් වසාගෙන ගණන් කරන්න පටන් ගත්තෙමි. මගේ තුන්වන පන්තියේ සෙසු මිතුරන් සැඟවීමට ස්ථානයක් සොයා ගැනීමට කාමරයෙන් පිටතට දිව ගියහ. සෑම පොත් කබඞ් එකකම, ට්‍රංක පෙට්ටියකම සහ අල්මාරියකම සෙව්වද මගේ එක් මිතුරෙක් සොයා ගැනීමට නොහැකි වුනි. අවසානයේදී සිවිලීමේ එල්ලා තිබුණු ෆර්න් පැලයක් සහිත මල් පෝච්චියක් පිටුපසින් ඇය එළියට පැන්න විට මට එය විහිළුවක් මෙන් දැණුනි. මෙම පැළයෙන් වැසී තිබෙන්න…

ඔබ ජීවත්ව සිටිද්දී දෙන්න

සාර්ථක ව්‍යාපාරිකයෙක් තම ජීවිතයේ අවසාන දශක කිහිපය තුළ සිය ධනය පරිත්‍යාග කළ හැකි සෑම දෙයක්ම කළේය. කෝටිපතියෙක් වූ ඔහු උතුරු අයර්ලන්තයට සාමය උදා කිරීම සහ වියට්නාමයේ සෞඛ්‍ය සේවා පද්ධතිය නවීකරණය කිරීම වැනි විවිධ හේතූන් සඳහා මුදල් පරිත්‍යාග කළේය. ඔහු මිය යාමට ටික කාලයකට පෙර නිව් යෝර්ක් නගරයේ රූස්වෙල්ට් දූපත තාක්‍ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 350 ක් වැය…

ඉගෙනීමට ඇති ආශාව

ඔහු මාධ්‍යවේදියෙක් වූයේ කෙසේදැයි ඇසූ විට තමාගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ තම මවගේ කැප කිරීම පිළිබඳ කථාව ඔහු බෙදා ගත්තේය. දිනපතා උමං මාර්ගයේ දුම්රියේ ගමන් කරන විට ඇය ආසන මත තබා තිබුණු පුවත්පත් එකතු කර ගෙන ඒවා ඔහුට දුන්නාය. ඔහු විශේෂයෙන් ක්‍රීඩා ගැන කියවීමට ප්‍රියතාවයක් දැක්වුවද පුවත්පත් මගින් ලෝකය ගැන දැනුමක් ඔහුට ලබා දුන්නේය. මෙම දැනුම අවසානයේ ඔහුගේ මනස පුළුල් පරාසයක…

අවදියෙන් සිටින්න

ජර්මානු බැංකු සේවකයෙක් පාරිභෝගිකයෙකුගේ බැංකු ගිණුමකින් යූරෝ 62.40 ක් මාරු කරමින් සිටියදී අහම්බෙන් ඔහුගේ මේසය මත නිදා ගත්තේය. ඔහුගේ ඇඟිල්ල “2” යතුරේ තිබීයදී තමයි ඔහු නින්දට වැටුණේ. මේ හෙයින් පාරිභෝගිකයාගේ ගිණුමට යූරෝ මිලියන 222 ක් (ඩොලර් මිලියන 300 ක්) මාරු වුනි. මෙම මුදල් හුවමාරුවේ සත්‍යතාවය හෙළි කළ සේවකයාගේ සගයාට දඬුවමක් වශයෙන් රැකියාව අහිමි වුනි. ඔහු සෝදිසියෙන් නොසිටී නිසා වැරැද්ද සොයා…

ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගය

මගේ පුත් ජෙෆ් වෙළඳ සැළකින් පිටතට පැමිණෙන විට අතහැර දමා තිබුණු ඇවිදීමේ රාමුවක් බිම තිබෙනවා දුටුවේය. උදව් අවශ්‍ය පුද්ගලයෙක් එහි නොසිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමියි ඔහු සිතුවේය. ඔහු ගොඩනැගිල්ල පිටුපස දෙස හැරී බැලූ විට පදික වේදිකාවේ සිහිසුන්ව සිටි නිවසක් නොමැති පුද්ගලයෙක් දුටුවේය.

ජෙෆ් ඔහුව අවදි කර ඔහු හොඳින්දැයි විමසීය. “මම මරණය දක්වාම බොන්න උත්සාහ කරමි” ඔහු පිළිතුරු දුන්නේය. “කුණාටුවකින් මගේ…