දෙවියන්වහන්සේ ඔබ ගැන ගායනා කරයි
අපගේ පළමු දරුවා වූ පුතා ඉපදී මාස දහ හතකට පසු කුඩා දියණියක් උපන්නේය. දියණියක් ලැබීම ගැන මම අතීශයින් සතුටට පත්වූ නමුත් තරමක් නොසන්සුන් වූයේ කුඩා පිරිමි ළමුන් ගැන කරුණු කිහිපයක් දැන සිටි හෙයිනි. නමුත් මෙය අඥාන සිතුවිල්ලකි. අපි ඇයට සාරා කියා නම් තැබුවෙමි. මගේ බිරිඳට විවේක ගත හැකි වන පරිදි ඇයව නිදිකරවීම මා ලැබූ වරප්‍රසාද වලින් එකකි. හේතුවක් නොදැන සිටියත්…
දෙවියන්වහන්සේ සවන් දෙන්නේද?
මම මගේ දේවස්ථානයේ සභා සත්කාරක කණ්ඩායමේ සේවය කරන විට මගේ රාජකාරියක් වූයේ සේවා කාලය තුළ බංකුවල තිබූ කාඞ්පත් වල ලියා තිබූ යාච්ඤා ඉල්ලීම් සඳහා යාච්ඤා කිරීමය. නැන්දම්මාගේ සෞඛ්‍ය සඳහා, යුවළකගේ මුදල් අවශ්‍යතාවයක් සඳහා, මුණුපුරා දෙවියන්වහන්සේව දැන ගැනීම සඳහා යන්න ඒවායින් සමහරකි. මෙම යාච්ඤාවල ප්‍රතිඵල මට අසන්න ලැබුණේ කලාතුරකිනි. බොහෝ ඒවා නිර්නාමික වූ අතර දෙවියන්වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ කෙසේදැයි දැන ගැනීමට මට…
දුක් විඳීමේ අරමුණක්
“ඉතින් ඔබ කියන්නේ එය මගේ වරදක් නොවේ කියාද”. කාන්තාවගේ වචන මා මවිතයට පත් කළාය. ඇගේ දේවස්ථානයේ ආගන්තුක කථිකයෙක් ලෙසට එදින උදෑසන මා බෙදා ගත් දේ ගැන අපි සාකච්ඡා කරමින් සිටියෙමු. “මට නිදන්ගත රෝගයක් තිබේ” ඇය කීවාය. “මම යාච්ඤා කළෙමි. නිරාහාරව සිටියෙමි. මගේ පාපයන් පාපෝච්චාරණය කර සුවය ලැබීමට මට පැවසූ සෑම දෙයක්ම කළෙමි. නමුත් මම තවමත් අසනීපයෙන් සිටිමි. ඉතින් මම සිතුවේ…
වෙන් කර ඇත
“ටුක්-ටුක්” ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ කුලී ත්‍රීරෝද රථ බොහෝ දෙනෙකුට පහසු සහ ප්‍රීතිමත් ප්‍රවාහන ක්‍රමයක් වේ. කොළඹ අගනුවර පදිංචිකාරියක් වන ලොරේන්ද මෙය මිෂනාරි සේවයක් බව වටහා ගත්තාය. දිනක් ටුක්-ටුක් රථයකට ගොඩ වූ ඇයට එහි රියැදුරා ආගම පිළිබඳ සංවාදයක යෙදීමට කැමැත්තක් ඇති කෙනෙක් බව දැන ගත්තාය. ඇය තමාටම කියා ගත්තේ ඊළඟ වතාවේ ඇය රියැදුරා සමග ශුභාරංචිය ගැන කථා කරන බවයි.
රෝම…
පරීක්‍ෂා කිරීම
මම මගේ පුතුන්ව අවම වශයෙන් අඩි 14,000 ක් පමණ උස වූ කොලරාඩෝ දහහතර වන කඳු තරණය කිරීමට කැඳවා ගෙන ගියෙමි. ඔවුහු නොසන්සුන් වූහ. ඔවුන්ට එය නැග ගැනීමට හැකි වෙයිද? ඔවුන්ට අභියෝගයට මුහුණ දෙන්න හැකිවෙයිද? මගේ බාල පුතා දිගු විවේකයක් සඳහා මාවතේ නතර වී “තාත්තේ මට තවදුරටත් යන්න බැහැ” කියා නැවත නැවතත් කීවේය. නමුත් මෙම පරීක්‍ෂණය ඔවුන්ට හොඳ වනු ඇතැයි මම…
කථාව, විශ්වාසය, හැඟීම
ෆ්‍රෙඞ්රික් බියුච්නර් සිය ප්‍රබල මතක සටහන් වන “ටෙලිං සීක්‍රට්ස්” හි සඳහන් කළේ “කථා කරන්න එපා; විශ්වාස කරන්න එපා; හැඟීම් ඇති වෙන්න දෙන්න එපා යන්න අප ජීවත් වූ නීතියයි” යනුවෙනි. එසේම “එය බිඳ දැමූ තැනැත්තාට දුක් වේවා” කියාය. බියුච්නර් තමාගේ අත්දැකීමෙන් එය විස්තර කරන්නේ “එක් හේතුවක් හෝ වෙනත් හේතුවක් නිසා හෝ නොසන්සුන් වූ පවුල්වල ලිඛිත නීතිය” එය බවයි යනුවෙනි. ඔහුගේම පවුල…
බුද්ධිමත් කිතුනුවන්
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොව පුරා පැසැල් අත්හිටුවන ලදී. පන්ති පවත්වා ගෙන යාමට චීනයේ ගුරුවරුන් ප්‍රතිචාර දැක්වුයේ ඩිංග්ටෝක් නම් ඇප් එකක් මගින් පන්ති මාර්ගගතව පවත්වමිනි. එවිට ඔවුන්ගේ සිසුන් තේරුම් ගත්තේ ඩිංග්ටෝක් හි ශ්‍රේණිගත කිරීම ඉතා අඩු වුවහොත් එම යෙදුම වෙළඳ සැළෙන් ඉවත් කළ හැකි බවයි. එක් රැයකින් ඩිංග්ටෝක් යෙදුමට එක් තරුවකින් යුත් සමාලෝචන දහස් ගණනක් ලැබුණ හෙයින් ඩිංග්ටෝක් ඩිජිටල් යෙදුමට…
සේවය කිරීමට ජීවත් වන්න
දස හැවිරිදි චෙල්සිට අනර්ඝ චිත්‍ර කලා කට්ටලයක් ලැබීමෙන් පසුව ඇය සොයා ගත්තේ ඇය දුක් වූ විට ඇයට සහනයක් ලබා දීම සඳහා දෙවියන්වහන්සේ කලාව භාවිතා කළ බවයි. සමහර ළමයින්ට කලා භාණ්ඩ පහසුවෙන් ලබා ගත නොහැකි බව දැනගත් විට ඇයට අවශ්‍ය වූයේ ඔවුන්ට උදව් කිරීමටය. ඉතින් ඇගේ උපන් දින සාදයට කාලය පැමිණී විට ඇය තෑගි ගෙන නොඑන ලෙස ඇගේ මිතුරියන්ගෙන් ඉල්ලා සිටියාය.…
දේව වචනය අධ්‍යයනය කිරීම
ජේ. අයි. පාකර් (1926-2020) සිය සම්භාව්‍ය කෘතිය වන “දෙවියන්වහන්සේ දැන ගැනීම” යන කෘතියෙහි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධ ඇදහිලිවන්තයන් සිව් දෙනෙක් “බයිබලය සඳහා බීවර්” (මුගටීන්) ලෙසට ඉතා ඉහළින් කථා කළේය. ඔවුන් සියල්ලන්ම පුහුණු විශාරදයන් නොවූවත් ඔවුන් සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේව දැන ගැනීමට දේව වචනයේ ගැඹුරටම ඉගෙන ගත්තේ බීවර් යන සතා ගසක් තුළට හාරා ගෙන යන ආකාරයටය. පාකර් තවදුරටත් සඳහන් කළේ බයිබලය අධ්‍යයනය…
ඇතුළාන්තයෙන් පොඩි වී ඇත
මම යෞවනියක්ව සිටි කාලයේදී මගේ මව අපගේ විසිත්ත කාමරයේ බිත්තියේ බිතු සිතුවමක් පින්තාරු කළාය. එය අවුරුදු ගණනාවක් එසේ පැවතුණි. එය නටබුන් වූ දේවාලයක ඉපැරණි ග්‍රීක දර්ශනයක්ද එහි දෙපැත්තේ සුදු කුළුණුද ගරා වැටුණු දිය උල්පතක් සහ කැඩුණු පිළිමයක්ද පෙන්නුම් කළේය. කලක් ඉතා අලංකාරවූ හෙලෙනිස්ටික් ගෘහ නිර්මාණ ශිල්පය දෙස බැලූ විට එය විනාශ වුයේ කෙසේදැයි සිතා ගැනීමට මම උත්සාහ කළෙමි. විශේෂයෙන්ම අතුළත…