ප්‍රීතිමත් ඉගෙනීම
ඉන්දියාවේ මයිසූර් නගරයේ නවීකරණය කරන ලද දුම්රිය පෙට්ටි දෙකක් සම්බන්ධ කිරීමෙන් කුඩා පාසැලක් සාදා ඇත. ඉවත ලන ලද දුම්රිය පෙට්ටි මිළදී ගැනීමට දේශීය අධ්‍යාපන ගුරු සංගමය නිරිත දිග දුම්රිය සමාගම සමග සම්බන්ධ විය. මෙම ඒකක විශාල ලෝහ පෙට්ටි විය. නමුත් කම්කරුවන් විසින් පඩි පෙළ, විදුලි පංකා, විදුලි පහන් සහ මේස සවිකර බිත්තිවලට තීන්ත ආලේප කර ඇතුළත හා පිටත වර්ණවත් බිතු…
ඊකාබොද්ගේ පියාසැරිය
ස්ලීපි හොලෝගේ පුරාවෘත්තයේ, වොෂිංටන් අර්වින් පවසන්නේ ඊකාබෝද් ක්‍රේන් නම් පාසැල් ගුරුවරයෙක් කැටි්‍රනා නම්වූ රූමත් තරුණියක් විවාහ කර ගැනීමට ගන්නා උත්සාහයක් ගැනයි. කථාවේ ඉතා ප්‍රධාන දෙය වන්නේ යටත් විජිත ගම්බද ප්‍රදේශවල හොල්මන් කරන හිස නැති අශ්වාරෝහකයෙක් ගැනයි. එක් රාත්‍රියක ඊකාබොද් අශ්වයෙක් පිට යන අවතාරයක පෙනුමක් ඇති දෙයක් දැක භීතියෙන් කලාපය වෙතින් පලා යයි. මෙම අශ්වාරෝහකයා ඇත්ත වශයෙන්ම පසුව කැටි්‍රනා සමග විවාහ…
අසීමිතයි
මම සාප්පු සංකීර්ණයේ භෝජනාගාරයේ වාඩිවී සිටිමි. මගේ ශරීරය නොසන්සුන්ය. වැඩ අවසන් කළ යුතු දින පිළිබඳව කල්පනා කරන විට මගේ බඩ කැලතෙන්නට පටන් ගනී. මම මගේ කෑම පාර්සලය ලිහා කුඩා කැබැල්ලක් කන විටදී මිනිසුන් මා වටා ඇවිදිමින් ඔවුන්ගේ කාර්්‍යයන් ගැන කලබල වෙනවා මම දුටුවෙමි. අප සියල්ලන්ම කෙතරම් සීමිතද. කාලය, ශක්තිය සහ ධාරිතාව කෙතරම් සීමිතද කියා මම සිතුවෙමි.
කළ යුතු කාර්්‍යයන් ගැන…
හොඳින් විවේක ගන්න
අළුයම 1.55 බව ඔරලෝසුව පෙන්නුම් කළේය. රාත්‍රියේ කෙටි පණිවුඩ සංවාදයකින් පසුව මනස බරවී තිබුණු නිසා නිදා ගැනීම අපහසු වුනි. මම මගේ ඇඳ ඇතිරිල්ල සහ කොට්ටය ගෙන හෙමින් සීරුවේ කවිච්චිය වෙතට ගියෙමි. නිදා ගැනීමට කුමක් කළ යුතුදැයි මම ගූගල් කර බැලීමි. එසේ වූවත් හමුවූයේ නොකළ යුතු දේවල්ය. දවල්ට නිදා ගන්න හෝ තේ/කෝපි පානය නොකරන්න. දවසේ අග භාගයේදී වෙහෙස නොවන්න. තවදුරටත් මේ…
අපට දැනෙන බව දෙවියන්වහන්සේ දන්නා සේක
තම පුතාගේ ඇබ්බැහි වීම ගැන අධික ලෙස දැණුනු සියේරා දුක් වූවාය. “මට නරකක් දැනෙනවා” ඇය පැවසුවාය. “මම යාච්ඤා කරන විට මට හඬන එක නවත්වා ගන්න නොහැකි නිසා මට විශ්වාසයක් නැහැ කියා දෙවියන්වහන්සේ සිතනවා ඇද්ද?”
“දෙවියන්වහන්සේ කුමක් සිතනවාද කියා මම දන්නේ නැහැ” මම කීවෙමි. “නමුත් උන්වහන්සේට සැබෑ හැඟීම් පාලනය කළ හැකි බව මම දන්නවා. අපේ හැඟීම් උන්වහන්සේ නොදන්නවා නොවේ”. සියේරාගේ පුතා…
යම් පමණ දේවල්
සෑම සිකුරාදා දිනකම මගේ පවුලේ අය නරඹන ජාතික ප්‍රවෘත්ති විකාශය අවසන් වන්නේ ධෛර්්‍යය ඇති කරවන කථාවක් ඉස්මතු කරමිනි. අනෙක් ප්‍රවෘත්ති වලට වඩා වෙනස්ව එය සෑම විටම නැවුම් බවක් ගෙන දුන්නේය. මෑතකදී “යහපත්” සිකුරාදා කථාව යොමු වූයේ කෝවිඩ්-19 රෝගයෙන් පීඩා විඳි සම්පූර්ණ සුවය ලැබූ පසුව වෛරසයට එරෙහිව සටන් කරන අයට උපකාර කරන පිණිස ප්ලැස්මා පරිත්‍යාග කිරීමට තීරණය කළ එක් වාර්ාතාකරුවෙක් ගැනයි.…
නිදහසේ සෙල්ලම් කිරීම
තුන්වන පරම්පරාවේ ගොවියෙකු වන ජිම් “මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ.... නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය” (මලාකි 4:2) යන්න කියැවූ පසුව යේසුස්වහන්සේගේ සදාකාල ජීවනය ලබා දෙන ලෙස ඉල්ලා යාච්ඤා කළේය. තම ගව පැටවුන් උන්ගේ කූටියෙන් අධික වේගයෙන් පිටතට යාම ගැන සිහිපත් කළ ජිම් සැබෑ නිදහස ගැන දෙවියන්වහන්සේගේ පොරොන්දුව තේරුම් ගත්තේය.
ජිම්ගේ දියණිය මේ කථාව මට කීවේ අප මලාකි 4…
වරදවා වටහා ගැනීමක් නැත
අපගේ නිවෙස්වල තාක්‍ෂණයෙන් ඉතා දියුණු සන්නිවේදන උපකරණ තුළ සිටින ඇලෙක්සා, සිරි සහ වෙනත් හඬ සහායකයින් ඉඳ හිට අප පවසන දේ වරදවා තේරුම් ගන්නේය. සය හැවිරිදි දැරියක් ඇගේ නිවසේ සන්නිවේදන උපකරණයට බිස්කට් සහ බෝනික්කන්ගේ නිවසක් ගැන කථා කර ඇත. පසුව බිස්කට් රාත්තල් හතක් සහ ඩොලර් 170 ක් වටිනා බෝනික්කන්ගේ නිවසක ඇණවුමක් ඇගේ නිවසට යවා ඇති බවට මෙම දැරියගේ මවට විද්‍යුත් පණිවුඩයක්…
සත්‍යය, බොරු සහ සුපරීක්‍ෂාකාරී වීම
2018 බේස්බෝල් සමයේදී චිකාගෝ කබ්ස් නැමැති බේස්බෝල් ක්‍රීඩා කණ්ඩායමේ පහුණුකරුවෙකුට අමතර ක්‍රීඩකයින් වාඩිවී සිටින ස්ථානයේ අසුනක වාඩිවී සිටින පිරිමි ළමයෙකුට බේස්බෝලයක් ලබා දීමට අවශ්‍ය වුනි. නමුත් පුහුණුකරු පන්දුව ඔහු දෙසට විසි කළ විට මනුෂ්‍යයෙක් එම බෝලය අල්ලා ගත්තේය. සිද්ධියේ වීඩියෝව ඉතා දරුණු ලෙස පැතිර ගියේය. පුවත්පත් සහ සමාජ මාධ්‍ය විසින් මෙම මනුෂ්‍යයා කළ දේ “තිරිසන්කමක්” හැටියට පෙන්නුම් කළහ. නමුත් මෙම…
අනපේක්‍ෂිත අමුත්තෙක්
සැක් හුදකලා පුද්ගලයෙකි. ඔහු නගරයේ වීථීවල ගමන් කරන විට ඔහුට සතුරු බැල්මවල් දැණුනි. ඉන්පසුව ඔහුගේ ජීවිතයේ හැරීමක් සිදුවනි. සභාවේ පියෙකු වන ඇලෙක්සැන්ඩි්‍රයාවේ ක්ලෙමන්ට් පවසන්නේ සැක් ඉතා කැපී පෙනෙන ක්‍රිස්තියානි නායකයෙක් හා සිසේරියාවේ සභාවේ සභාපාලක බවටද පත්වූ බවයි. එසේය, අපි කථා කරන්නේ යේසුස්වහන්සේව දැකීමට අත්තික්කා ගසකට නැගුණු ප්‍රධාන බදු අයකරන්නා වන සාකෙවුස් ගැනයි (ලූක් 19:1-10).
ගසට නැගීමට ඔහුව පෙළඹවුයේ කුමක්ද? බදු…