නොපෙනෙන දර්ශනය
යූරී ගගාරින් අභ්‍යාවකාශයේ ගමන් කළ පළමු මිනිසා වූ අතර ඔහු රුසියානු ගම්බද ප්‍රදේශයකට පැරෂූටයකින් ගොඩ බැස්සේය. හිස් වැස්මක් පැළඳගෙන පැරෂූට් දෙකක් ඇදගෙන තැඹිලි වර්ණයෙන් යුත් වස්ත්‍රයක් ඇඳගත් ගගනගාමියාව එක් ගොවි කාන්තාවක් දුටුවාය. “ඔබ අභ්‍යාවකාශයේ සිට පැමිණියා විය හැකිද?” ඇය පුදුමයෙන් ඇසුවාය. “ඇත්තෙන්ම ඔව්” යයි ඔහු පැවසීය.
සෝවියට් නායකයින් මෙම ඓතිහාසික ගමන ප්‍රතිවිරෝධි ආගමික ප්‍රචාරයක් බවට පත් කිරීම කණගාටුවට කරුණකි. “ගගාරින්…
අපට අවශ්‍ය තැනට ජලය
ලෝකයේ ගැඹුරුම විල වන බයිකල් විල අති විශාලය. පුදුමාකාරය. මෙය සැතපුමක් ගැඹුරු වන අතර එහි දිග සැතපුම් 400 ක් (කි.මී.636) සහ පළල සැතපුම් 49 ක් (කි.මී.79) වේ. මෙහි ලෝකය මතුපිට ඇති නැවුම් ජලයෙන් පහෙන් එකක් අඩංගු වේ. නමුත් මෙම ජලය ලබා ගන්නා පිණිස එතැනට යා නොහැකිය. බයිකල් විල පිහිටා ඇත්තේ සයිබීරියාවේය. එනම් රුසියාවේ ඉතා දුෂ්කර ප්‍රදේශවලින් එකකය. අපේ පෘථ’වියේ වැඩි…
ආරක්‍ෂිතව වෙරළට යෑම
පැපුවා නිව්ගිනියාවේ කන්දස් ගෝත්‍රිකයන් ඔවුන්ගේ භාෂාවෙන් මුද්‍රණය කරන ලද අළුත් ගිවිසුමේ බයිබල් ලැබෙන තුරු මහත් උනන්දුවෙන් බලා සිටියහ. කෙසේ වෙතත්, ගමට ළඟා වීමට නම් පොත් රැගෙන එන අයට කුඩා බෝට්ටුවලින් සාගරයේ ගමන් කිරීමට සිදු වූහ.
මහා ජලය හරහා ගමන් කිරීමට ඔවුන්ට ධෛර්්‍යය ලබා දුන්නේ කුමක්ද? ඔවුන්ගේ මුහුදු ගමන් කුසලතාවයද? එසේය. නමුත් මුහුද නිර්මාණය කළේ කවුද කියාද ඔවුන් දැන සිටියහ. අපේ…
ඇවිදින්න, දුවන්න එපා
ඇය සෑම දිනකම උදෑසන පිළිගන්නවා මම දැක ඇත්තෙමි. ඇය අපේ ප්‍රදේශයේ “බල ඇවිදින්නියයි”. මම මගේ දරුවන්ව පාසැලට ගෙන යන විට ඇය පාරේ ආරම්භයේ සිටිනවා දකිමි. විශාල ප්‍රමාණයේ හෙඩ් ෆෝන් යුගළයක් සහ දණහිස දක්වා වන වර්ණවත් මේස්වලින් සන්නද්ධව ඇය දෑත් හා පාදවල විකල්ප චලනයක් සමග ගමන් කරන්නීය. සෑම විටම එක අඩියක් බිම හා ස්පර්ශ වන්නේය. මෙම ක්‍රීඩාව දිවීමේ ව්‍යායාමයට වෙනස් වේ.…
ඇයට කළ හැකි දේ ඇය කළාය
ඇය කප් කේක්වල ප්ලාස්ටික් ඇසුරුම වාහක පටිය මත පටවා අයකැමි දෙසට යැව්වාය. ඊළඟට උපන් දින කාඩ්පත හා චිප්ස් බෑග් පැමිණියේය. ඇගේ හිසකෙස් වෙහෙසට පත්වූ නළල මතට වැටී තිබුණේය. ඇගේ කුඩා දරුවා ඇගේ අවධානය ගැනීමට දැඩි වෙහෙසක් දැරුවාය. ලිපිකරු මුළු මුදල ප්‍රකාශයට පත් කළ විට මවගේ මුහුණ වෙනස් විය. “අහෝ! මම හිතන්නේ මම ගත් බඩු වලින් යමක් නැවත තැබිය යුතුයි කියායි.…
අන්ධකාරයට මුහුණ දෙමින්
1960 ගණන්වල මැද භාගයේදී මිනිසුන්ගේ මනසට අන්ධකාරය නිසා ඇති වන බලපෑම පිළිබඳ පර්යේෂණ සඳහා දෙදෙනෙක් සහභාගී වූහ. ඔවුන් වෙන වෙනම ගුහා වලට ඇතුළු වූ අතර පර්යේෂකයින් ඔවුන්ගේ ආහාර සහ නිදා ගැනීමේ පුරුදු නිරීක්‍ෂණය කළහ. එක් අයෙක් දින 88 කුත් අනිත් තැනැත්තා දින 126 කුත් සම්පූර්ණ අන්ධකාරයෙහිම රැඳී සිටියහ. මේ දෙදෙනා අනුමාන කළේ ඔවුන්ට කොපමණ කාලයක් අන්ධකාරයේ රැඳී සිටිය හැකිද කියාය.…
ප්‍රේමයෙන් ලුහුබැඳ
ඉංග්‍රීසි කවියෙක් වන ෆ්‍රැන්සිස් තොම්සන් විසින් රචිත “ද සවුන්ඩ් ඔෆ් හෙවන්” නම් කාව්‍යය විවෘත වන්නේ
“මම රෑ දාවල් උන්වහන්සේගෙන් පලා ගියෙමි” කියාය. යේසුස්වහන්සේගෙන් සැඟවීමට හෝ පලා යාමට හෝ ඔහු කෙතරම් උත්සාහ කළත් යේසුස්වහන්සේගේ ලුහු බැඳීම නොනවතින බව තොම්සන් විස්තර කරන්නේය. “උන්වහන්සේ සොයන තැනැත්තා මම වෙමි” කියා කවියා එය අවසන් කරන්නේය.
යෝනාගේ පොතේ ප්‍රධාන තේමාව වන්නේ දෙවියන්වහන්සේගේ ලුහුබඳින ප්‍රේමයයි. නිනීවයේ වැසියන්ට…
වරදකාරී හැඟීම සහ සමාව
මානව විද්‍යාඥ ඩොනල්ඩ් බ්‍රවුන් සිය “මානව විශ්ව” (Human universals) නම් පොතෙහි මානව වර්ගයා අතර පොදු යැයි සැළකෙන හැසිරීම් රටා හාරසියයකට වඩා ලැයිස්තු ගත කර තිබේ. සෙල්ලම් බඩු, විහිළු, නැටුම් සහ හිතෝපදේශ, සර්පයන්ගේ යුධමය බව සහ නූල්වලින් ගැටගැසිම වැනි දේ එයට ඇතුළත් වේ. ඒ හා සමානව සෑම සංස්කෘතියකම හරි වැරැද්ද පිළිබඳව සංකල්ප ඇති බවත්, ත්‍යාගශීලිත්වයට ප්‍රශංසා කරන බවත්, පොරොන්දු අගය කරන…
දිදුළන තරු
මට මගේ ඇස් වසා ගෙන මම හැදී වැඩුණු නිවසට ආපසු යා හැකිය. මගේ පියා සමග තරු බලා සිටීම මට සිහිපත් වේ. අප දෙදෙනා පියාගේ දුරේක්‍ෂය හරහා බැබළෙන සහ නිවී නිවී පත්තුවන තිත් කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කළෙමු. තාපයෙන් සහ ගින්නෙන් උපත ලද මෙම ආලෝකයන් සිනිඳු කළු තීන්ත ගෑ අහසට වඩා හාත්පසින්ම වෙනස් බව අපට පෙණුනි.
ඔබව දිදුලන තාරකාවක් ලෙසට…
පිළිගැනීම
මගේ වයසට ගිය බල්ලා මා අසළ බිම හිඳගෙන අහස දෙස බලා සිටී. බල්ලාගේ සිතුවිලිවලට මෙන්න කාසියක්. බල්ලන්ට “තේරෙන්නේ නැති නිසා” ඔවුන් මරණය ගැන සිතන්නේ නැති බව මම දනිමි. ඔවුන් අනාගත දේවල් ගැනද සිතන්නේ නැත. නමුත් අපි සිතන්නෙමු. අපේ වයස හෝ සෞඛ්‍යය හෝ ධනය හෝ කුමක් වුවත් අපි යම් අවස්ථාවන්වලදී මිය යෑම ගැන සිතන්නෙමු. ඒ අපි තිරිසනුන් මෙන් නොව ගීතාවලිය 49:20…