සිතාගත නොහැකි පොරොන්දු
අපගේ විශාලතම අසාර්ථක අවස්ථාවන්හිදී එය අපට ප්‍රමාද වැඩි යයි විශ්වාස කිරීම පහසුය. අරමුණක් හා වටිනා ජීවිතයක් තුළ අපට ඇති අවස්ථාව අපට අහිමි වී ඇතැයි විශ්වාස කිරීමද පහසුය. නිව්යෝර්ක්හී උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයක හිටපු රැඳවියෙකු වූ එලියාස්ද සිරකරුවෙක් ලෙසට හැඟීම් විස්තර කළේ එලෙසය. “මට බිඳුණු .... පොරොන්දු තිබුණි. මගේ අනාගතය ගැන පොරොන්දුව, මම කවුරුන් විය හැකිද යන පොරොන්දුව”.
බාර්ඩ් විද්‍යාලයේ “බන්ධනාගාර මුල…
කරුණාවෙන් ශක්තිමත් වන්න
ඇමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර, අත්හැර යාමේ දඬුවම වූයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමයි. එහෙත් යූනියන් හමුදාව අත්හැර ගිය අයව මරා දැමුයේ කලාතුරකිනි. එයට හේතුව ඔවුන්ගේ අණ දෙන නිලධාරී ඒබ්‍රහම් ලින්කන් ඔවුන් සියල්ලන්ටම පාහේ සමාව දුන් හෙයිනි. ලින්කන්ගේ ලිහිල් ක්‍රමය පලා යෑමට බලා සිටින භටයන්ට එසේ කිරීමට පෙළඹවීමක් බව විශ්වාස කළ යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන් කෝපයට පත් වුනි. නමුත් එඩිතර කම නැතිවී…
අපි දෙවියන් නොවෙමු
අපි ආඩම්බරද යන්න දැන ගැනීමට සීි.එස්. ලුවිස් තමන්ගේ "Mere Christianity" එනම් හුදු නොහොත් නිකම්ම ක්‍රිස්තියානි ධර්මය නම්වූ පොතෙහි තමන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්න උපදෙස් දෙන්නේය. “අනෙක් අය මාව නොතකා හැරීමෙන් හෝ අවමානයට පත් කරන විට හෝ මා ගැන කිසිදු තැකීමක් කිරීම ප්‍රතික්‍ෂේප කරන විට හෝ ..... මාව උසස් කරන විට හෝ මවාපාන විට හෝ මම එයට කෙතරම් අකමැතිද?” ලුවිස් ආඩම්බරය දුටුවේ…
ගායනා කිරීමට මතක තබා ගන්න
විශ්‍රාමික ඔපෙරා ගායිකාවක් වන නැන්සි ගුස්ටාෆ්සන් ඇගේ මව බැලීමට ගිය විට ඇය අමතක වීමේ (ඩිමෙන්ෂියා) රෝගයෙන් පිරිහෙමින් සිටින බව දුටුවාය. ඇගේ මව ඇයව හඳුනා නොගත් අතර කථා කළේද අල්ප වශයෙනි. කිහිප වතාවක් මාසිකව මව බැලීමට පැමිණීමෙන් පසුව නැන්සිට අදහසක් පහළ විය. නැන්සි මවට ඇසෙන්න ගායනා කළාය. සංගීතය ඇසුණු ඇගේ මවගේ ඇස් ආලෝකමත් වූ අතර ඇයද ගායනා කිරීමට පටන් ගත්තාය -…
දුෂ්කර විසඳුම්
දහසය වන ශතවර්ෂයේ අවසාන භාගයේදී ඔරෙන්ජ් හි විලියම් හිතාමතාම ඔහුගේ දේශයේ ඉඩම් ජලයෙන් යට කළේය. ආක්‍රමණික ස්පාඤ්ඤ ජාතිකයන් පළවා හැරීමේ උත්සාහයක් ලෙස ලන්දේසි රජතුමා මෙතරම් දැඩි පියවරක් ගත්තේය. එය ක්‍රියාත්මක නොවූ අතර ප්‍රධාන ගොවිබිම් විශාල ප්‍රමාණයක් මුහුදට බිලි විය. “බලාපොරොත්තු රහිත අවස්ථාවන් වලදී බලාපොරොත්තු රහිත පියවර ගත යුතුය” කියා ඔවුහු කියති.
යෙසායාගේ දවසේදී අසිරියානු හමුදාව ඔවුන්ට තර්ජනය කළ විට යෙරුසලම…
වෙනස් ලෙස සිතීම
විශ්ව විද්‍යාලයේදී මම ගිම්හාන කාලය ගත කිරීමට වෙනිසියුලාවට ගියෙමි. කෑම ඉතාමත් රසයි. ජනතාව ප්‍රිය මනාපයි. කාලගුණය සහ ආගන්තුක සත්කාරය ඉතාමත්ම හොඳයි. කෙසේ වෙතත් පළමු දින හෝ දෙක හෝ තුළ කාල කළමණාකරණය ගැන මගේ මිතුරන්ට අවබෝධයක් නොතිබුණු බව මම වටහා ගත්තෙමි. අපි දිවා කාලයේ කෑම ගැනීමට සැළසුම් කළ හොත් එයින් අදහස් කළේ මධ්‍යහන 12.00 ත් 1.00 ත් අතර ඕනෑම වෙලාවකි. රැස්වීම්…
එක හා සමාන පෙනුමක්
විනෝද චාරිකාවක යෙදී සිටියදී මගේ ස්වාමිපුරුෂයාගේ කුඩා කාලයේ සිටම ඔහුගේ පවුල ගැන දැන සිටි කාන්තාවක් හමු වුනි. ඇය ඇලන් දෙසත් අපේ පුතා වන සේවියර් දෙසත් බැලුවාය. “ඔහු ඔහුගේ තාත්තාගේ ස්වරූපයමයි” ඇය කීවාය. “ඒ ඇස්, ඒ සිනහව, තාත්තාගේ වගේමයි”. පියා සහ පුතා අතර එතරම් කිට්ටු සමානකමක් ඇති බව පිළිගැනීමෙන් කාන්තාව සතුටු වන අතර ඔවුන්ගේ පෞරුෂත්වයේ සමානකම්ද ඇය සඳහන් කළාය. එහෙත් ඔවුන්…
SOS පණිවුඩයක් යැවීම
ඇලස්කාවේ කඳුකර ප්‍රදේශයක පදිංචිකරුවෙකුගේ පැල්පතේ ගින්නක් හටගත් විට ප්‍රමාණවත් නවාතැන් පහසුකම් සහ ප්‍රතිපාදන නොමැතිව එක්සත් ජනපදයේ ශීතලම ප්‍රාන්තයක ඉතා ශීත සෘතුවක් මැද ඔහු තනි වූයේය. සති තුනකට පසු එම ස්ථානයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් දැලි තවරමින් හිම මත කොටා තිබුණු විශාල SOS (ආපදාවකදී උපකාර ඉල්ලා කරන අන්තර් ජාතික සංඥාව) අකුරු දුටු ගුවන් නියමුවා ඔහුව බේරා ගත්තේය.
ගීතිකාකරු වන දාවිත්…
අලුත් දෙයක්
මිරිදිය නොමැති ප්‍රදේශවල ගොවිතැන් කිරීම දුෂ්කරය. මෙම ගැටළුව විසඳීම සඳහා මුහුදු ජල හරිතාගාර සමාගම නව දෙයක් නිර්මාණය කරන ලදී. අප්‍රිකාවේ සෝමාලිලන්ඩ් වල සහ ඒ හා සමාන දේශගුණයක් ඇති වෙනත් රටවල “සිසිලන නිවාස” නිර්මාණය කර තිබේ. රැළි සහිත කාඩ්බෝඩ් වලින් සාදා ඇති බිත්ති වලට ඉහළින් ලුණු වතුර බැස යාමට සූර්ය බල පොම්ප මෙම සිසිලන නිවාස භාවිතා කරයි. සෑම කවුළුවකින්ම ජලය පහළට…
ප්‍රීතිමත් උත්සවයක්
මගේ මිතුරා වන ඩේව්ගේ යෞවන දියණිය මෙලිසාගේ මරණයට වසරකට පෙර මගේ මිතුරිය වන ෂැරොන් මිය ගියාය. ඔවුන් දෙදෙනාම රිය අනතුරුවලින් ඛේදජනක ලෙස මිය ගියහ. එක් රාත්‍රියක ෂැරොන් සහ මෙලිසා යන දෙදෙනාම මගේ සිහිනයක සිටියහ. ඔව්හු සිනහසෙමින් කථා කරමින් විශාල භෝජන සංග්‍රහ ශාලාවක විදුලි පහන් සහිත වැල් එල්ලමින් සිටියහ. මම එම කාමරයට ඇතුල් වන විට ඔව්හු මාව නොදැක්කා මෙන් සිටියහ. සුදු…