ප්‍රවර්ගය  |  Uncategorized

උන්වහන්සේගේ මරණය ජීවනය ගෙන දෙයි

දකුණු අප්‍රිකාවේ දරුණුම සිරගෙදර රැඳවියන් අතර ඇය සේවය කරන කාලයේ, ජොඇන් ෆ්ලැන්ඩර්ස්-තෝමස් හදවත් පරිවර්තනය කරන්නාවූ ක්‍රිස්තුස්වහන්සේගේ බලය අත්දුටුවාය. ඇගේ අත්දැකීම පිලිප් යැන්සිගේ “Vanishing Grace” (අතුරුදහන්වන අනුග්‍රහය) නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් කර ඇත: “ජොඇනා දිනපතා සිරකරුවන් බැහැදකිමින් ඔවුන්ට සමාව සහ සමගිය පිළිබඳ සරල ශුභාරංචි පණිවුඩයක් ගෙන ආවාය. ඇය ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, අපයෝජනයට ලක්වූ තමන්ගේ ළමාකාලයේ පීඩා ගැන කථාකිරීමට ඔවුන් පොළඹවා, ගැටළු…

අත්හැරීම

“ඔබේ පියා ක්‍රියාකාරීව මිය යනවා” ගිලන් ගෙයි සාත්තු සේවිකාව පැවසුවාය. “ක්‍රියාකාරීව මිය යනවා” යනු මරණ ක්‍රියාවලියේ අවසන් කොටසයි. එය මට අළුත් වචනයකි. පාළු ගමනාන්තයකට යන පාරක ගමන් කරනවා මෙන් මට දැනුනා. මාගේ පියාගේ අවසන් දිනයේ ඔහුට අපව තවමත් ඇසෙනවාදැයි නොදැන මාගේ සහෝදරිය සහ මා ඔහුගේ ඇඳ අසල වාඩිවුනෙමු. ඔහුගේ අලංකාර තට්ට හිස අපි සිපගත්තෙමු. අපි දෙවියන්වහන්සේගේ පොරොන්දු ඔහුට මිමිණුවෙමු. “ඔබවහන්සේගේ…

පියාණන්ගේ මාර්ගයෙහි

1960 ගණන් වල චිකාගෝහි උතුරු ලෝංඩේල් හි කාර්යබහුල සමූහය අන්තර් වාර්ගික ජීවිතය සඳහා නියමු ව්‍යාපෘති සමූහයකි. මධ්‍යම පන්තියේ අප්‍රිකානු ඇමරිකානුවෝ කිහිප දෙනෙකු කොන්ත්‍රාත් ක්‍රමයට නිවාස මිලදී ගත්තෝය. නිවාස අයිතියේ වගකීම්ද, කුලී ගෙවීමේ අවාසිද ඊට ඇතුළත් විය. කොන්ත්‍රාත් වෙළඳාමේදී, ගැණුම්කරු කිසිදු ප්‍රමාණයක් උපයා ගත්තේ නැති අතර එක් වාරිකයක් හෝ ගෙවීමට නොහැකි වුවහොත්, ඔහුගේ මුල් ගෙවීම, සියළු මාසික ගෙවීම් ඇතුළුව එම දේපළ…

පේ‍්‍රමය ලැබූ, අනර්ඝ, හැකියාවන් ඇති

මැල්කම් යෞවන වයසේදී ආත්ම විශ්වාසයෙන් යුක්ත බව පෙන්නුම් කළේය. නමුත් එය වෙස්මුහුණක් පමණක් විය. සත්‍ය වශයෙන්, ඔහු කැළඹිලි සහිත නිවසකින් පැමිණි නිසා බියගුළු, පිළිගැනීම ලැබීමට දැඩි ලෙස ආශාකරන, තම පවුලේ කරදර වලට තමා වගකිව යුතු යයි ව්‍යාජ ලෙස සිතු කෙනෙකි. “මට මතක ඇති කාලයක සිට සෑම උදෑසනකම මම නානකාමරයට ගොස්, කණ්නාඩිය දිහා බලා හයියෙන් කියන්නේ ’ඔයා මෝඩයි, ඔයා කැතයි, ඒ…

දෙවියන්වහන්සේගේ දයාව ක්‍රියාත්මකයි

ස්ත්‍රියක් මට නිග්‍රහකර, දොස් තියා මා ගැන ඕපාදූප කී නිසා මාගේ කෝපය උතුරා ගියා. ඇය මට කළ දේ ගැන අන් සියළු දෙනාම දැනගැනීම මට අවශ්‍ය වූවා. ඇගේ හැසිරීම හේතුවෙන් මට දැනුනු වේදනාව ඇයටත් දැනිය යුතු යයි මට සිතුනා. මගේ නළල පුපුරා යන තරම් දැඩි හිසරදයක් ඇති වන තෙක් මාගේ කෝපය බුබුලු දැමීය. එහෙත් මාගේ වේදනාව පහවෙන පිණිස යාච්ඤා කරන්නට පටන්…

සටන අවසානයි. ඇත්තටම.

දෙවන ලෝක මහ යුද්ධය අවසන් වී වසර 29කට පසුව හිරු ඔනෝඩා කැලෑවක සැඟවී සිටියේය. තම රට යටත්වූ බව පිළිගැනීමට ඔහු අකැමැති විය. ජපානයේ යුධ හමුදා නායකයෝ ඔනෝඩාව පිලිපීනයේ ලබාන් නැමැති දූපතට සන්ධානගත හමුදාව ගැන ඔත්තු බලන්නෙකු ලෙස යවා තිබුණේය. සාම ගිවිසුමක් අත්සන් කර, සතුරුකම් නතර වී බොහෝ කලකට පසුවත්, ඔනෝඩා තවමත් වනාන්තරයේ සිටියේය. 1974දී ඔනෝඩාගේ අණදෙන නිලධාරියා දූපතට ගොස් ඔහු…

දයාවෙන් නිවැරදිකිරීම

වසන්ත සමයේ ආරම්භය නැවුම් බවක් ගෙනාවේය. මාගේ සංචාරක හවුල්කාරිණිය වන මාගේ බිරිඳ ඉතා ප්‍රීතියෙන් සිටියාය. නමුත් මා වැරදි දිශාවට ගමන්කරනවා යැයි පෙන්වාදුන් රතු සහ සුදු, අනතුරු ඇඟවීමේ පුවරුවක් නොතිබුනානම්, අපි එකට ගත කළ එම අලංකාර මොහොත ඛේදවාචකයක් වීමට ඉඩ තිබින. මා නිවැරදි ලෙස වාහනය හැරවූයේ නැති නිසා, ක්‍ෂණිකවම “ඇතුල් නොවන්න” යන්නෙන් සඳහන් කර තිබූ පුවරුවක් මාගේ දෑස් ඉදිරියේ තිබුනේය. මා…

දිව්‍ය යුග වාදනය

දරුවන්ගේ සංගීත ප්‍රසංගයකදී, සිසුවෙක් සහ ගුරුවරයෙක් පියානෝවක් ඉදිරියෙහි වාඩිවී සිටිනවා මම දුටුවෙමි. ඔවුන්ගේ යුග වාදනය ආරම්භ වීමට පෙර ගුරුවරයා සිසුවාට අවසන් මොහොතේ යම් උපදෙසක් දෙනවා මම බලා සිටියෙමි. සංගීත භාණ්ඩයෙන් සංගීතය ගලා එනවාත් සමගම, සිසුවා සරල තනුවක් වයන අතර ගුරුවරයාගේ සහභාගි වීම තුළින් ගීතයට වැඩි ගැඹුරක් සහ වැඩි රසයක් ලැබුණේය. සංගීත ඛණ්ඩය අවසානයේ ගුරුවරයා හිස වනා තම අනුමැතිය සිසුවාට පෙන්වූයේය.…

බැබළෙන ආලෝකය

අසළ සභාවක සති පහක යාච්ඤා පංතියක් ගැනීමට මම එකඟවීමි. එහෙත් ඒ ගැන මම තැති ගැනී සිටියෙමි. සිසුන් මට කැමති වෙයිද? ඔවුන් විෂයට කැමති වෙයිද? මාගේ කණස්සල්ල නිසා මාගේ අවධානය චංචල විය. මම පාඩම් සැළසුම්, පංති සටහන් උවමනාවට වඩා සුදානම් කලෙමි. නමුත් එයට සතියක් තිබියදී මට වැටහි ගියේ මා එයට සහභාගීවීමට වැඩි සෙනගක් උනන්දු කර නොමැති බවයි.

යාච්ඤාවේදී මට තේරුම් ගියේ…

අවශ්‍යතාවයෙන් සිටින අයව ස්පර්ශ කිරීම

තෙරේසා මව්තුමිය නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීම පිළිගත්තේ “සමාජය පුරා සාගින්නේ, නිරුවත්ව, අස්ථානගතව, කොන්වී සිටින, අන්ධ, ලාදුරු සහිත, ප්‍රේමය නොලබන, නොසළකා හැර සිටින අය වෙනුවෙනි. ඇයගේ ජීවිතයේ ඇය වැඩි කාලයක් ගත කළේ එවැනි අයට සේවය කිරීමටය.

වටාපිටාව කෙසේ වුවත් කොන්වී සිටින අයට ප්‍රේමකර සැළකිම ගැන ආදර්ශයක් යේසුස්වහන්සේ දුන් සේක. ඒ රෝගීන්ට වඩා සබත් නීතියට තැන දුන් සිනගෝගයේ නායකයන් මෙන් නොවේය…