ප්‍රවර්ගය  |  Uncategorized

ප්‍රේමයෙන් සෝදනු ලැබ

ප්‍රායෝගික ලෙස දෙවියන්වහන්සේගේ ප්‍රේමය පෙන්වීමේ අවස්ථාවක් දකුණු කැලිෆෝර්නියාවේ සභාවක් දුටුවෝය. යේසුස්වහන්සේ තුළ අදහිලිවතුන් ප්‍රදේශයේ ලොන්ඩරියකට එකතු වූවෝය. ඒ ආර්ථික අමාරුකම් ඇති අයගේ අඳුම් නොමිළයේ සෝදා දීමටය. ඔව්හු රෙදි සෝදා නවා දුන්නෝය. සමහරුන්ට උණු උණු කැම වේලක් සපයා දුන්හ. තවත් සමහරුන්ට වියළි ආහාර මලු දුන්නෝය.

එක් ස්වෙච්ඡා සේවකයෙක් පැවසුවේ “ජනතාව සමග නියමාකාරයෙන් සම්බන්ධ වීමට...ඔවුන්ගේ කථා ඇසීමට” ලැබීම මහත් භාග්‍යයක් වූ බවයි.…

කිසි දිනෙක අමතක නොවේ

පියානෝ වාදනයේ මූලධර්ම මා දන්නා බවට ඔප්පු කරන්න යැයි මාගේ දරුවෝ මට ඇවිටිලි කළ නිසා මම වාඩිවී “සී” තනුව වාදනය කිරීමට ආරම්භ කළෙමි. දශක දෙකක පමණ කාලයක් පියානෝ වාදනය නොකළද මට මතක තිබීම ගැන මම පුදුම වීමි. මා ධෛර්යමත්වී තවත් තණු සතක් පමණ කට පාඩමින් වාදනය කළෙමි. වසර ගණනක පුහුණුව මාගේ ඇඟිලිවල මතකයට මුද්‍රා කර තිබුණි. කරන්නේ කුමක්දැයි ඇඟිලි ක්‍ෂණිකව…

උන්වහන්සේගේ වචනයෙන් මග පෙන්වීම ලබා

ලන්ඩන් බී.බී.සී. ගුවන් විදුලියෙහි පෝල් ආර්නල්ඩ්ට ලැබුණු පළමු රැකියාව ගුවන් විදුලි නාට්‍යවල ඇවිදින ශබ්ද ඇති කිරීමය. දර්ශණයක නළුවෝ කථාව කියවන අතර වේදිකා කළමණාකරු ලෙස පෝල්ට කරන්න තිබුණේ නළුවන්ගේ හඬ සහ පද පේළි අනුව ශබ්ද සමබර වන ලෙසට පරෙස්සමෙන් තම පාදවලින් ශබ්ද ඇති කිරීමය. ඔහුට අනුව ප්‍රධාන අභියෝගය නම් කථාවේ නළුවාට යටත් වීමය. එනම් ඔවුන් දෙදෙනා එකට වැඩ කිරීමය.

මෙවැනි සහයෝගයක…

විශාල මිශ්‍ර කිරීම

“සේවයට කැඳවීම” යන පොතෙහි කර්තෘ රොබට් කෝල්ස් සේවය කිරීම ගැන හේතු පර්යේෂණ කරයි. වයසක ස්ත්‍රියකගේ සේවයක් ගැන සිත ඇදී යන කථාවක් ඔහු ලියයි. පාසැල් බසයක් පැදවූ ඇය දරුවන් ගැන විශාල සැලකිල්ලක් දැක්වූවාය. පාසැලට යන සෑම දිනයකදීම ළමුන්ගේ ගෙදර වැඩ ගැන ඇය ප්‍රශ්න කළාය. ඔවුන්ගේ සාර්ථකත්වය සැමරුවාය. ඇය තම ජීවිත ඉලක්කය දක්වමින් “මේ දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වය දකින්න මට ඕනේ” යයි කීවාය.…

දීම සඳහා වර්ධනය වීම

“මම ඔයාට තෑග්ගක් ගෙනාවා” මාගේ දෙහැවිරිදි මුණුපුරා මාගේ අතෙහි පාර්සලයක් තබමින් සතුටින් කෑ ගැසුවේය. “ඒක තෝර ගත්තේ එයාමයි” මාගේ භාර්යාව සිනහසෙමින් කීවාය.

තෑග්ග මම දිග හැරියෙමි. ඔහු ආශා කරන කාටුන් චරිතයක සෙල්ලම් භාණ්ඩයක් එහි තිබුණි. “මාත් බලන්නද” ඔහු ඇසුවේය. ඉන්පසු මුළු සන්ධ්‍යාවම ඔහු එය සමග සෙල්ලම් කළේය. මම ඒ දෙස බලා සිනහසිමි.

මම සිනහසුණේ මා ප්‍රියයන්ට දුන් ත්‍යාග මට මතක්…

නත්තල් අමුත්තෙක්

1944 නත්තල් සන්ධ්‍යාවේ වයසක යකඩයා යන නමින් හැඳින්වූ මිනිසෙකු සිර ගෙදර ආරෝග්‍යශාලාවේ මිය යමින් සිටියේය. හවුල් සිරකරුවන් පවත්වන නත්තල් මෙහෙය ඔහු බලාපොරොත්තු විය. “සංගීතය ආරම්භ කරන්නේ කීයටද?” ඔහු විලියම් මැක්ඩගල්ගෙන් ඇසුවේය. විලියම්ද ඔහු සමග සුමාත්‍රාහි මුන්ටොක් සිර ගෙදර සිරකරුවෙක් විය. “ඉක්මණට” විලියම් කීවේය. “ඒක හොඳයි” මිය යන මිත්‍රයා කීවේය. “ඒක දේව දුතයන්ගේ සංගීතය සමග මට සංසන්දනය කරන්න පුළුවන්”.

දශක කිහිපයකට…

එසේය, වැලක්

එක් නත්තල් දිනයකදී මාගේ ආච්චී මට අලංකාර මුතු මාලයක් දුන්නාය. මාගේ ගෙල වටා එම අලංකාර පබළු දීප්තියක් ගෙන දුන්නේය. දිනක් මාලය කැඩුණි. කුඩා පබළු අපගේ ලී පොළොව මත විසිරිණි. ලෑලි එහා මෙහා අතගාමින් මම එකිනෙක මුතු එකතු කළෙමි. එකිනෙක ගත් කල ඒවා ඉතා කුඩාය. නමුත් ඒවා එකට බැන්ද විට එම මුතු විශාල දීප්තියක් දුන්නේය.

සමහර විට එම තනි පබළු මෙන්…

පියාගේ ආශිර්වාදය

මෑතකදී අපගේ සභාවේ කිහිප දෙනෙක් - විශේෂයෙන් ඔවුන්ගේ පියවරුන් සමග හරි සම්බන්ධතාවයක් නොතිබූ අය තමන්ට ප්‍රේමණිය පියෙකු වී ආශිර්වාද කරන්න කියා මට කීවෝය. ආශිර්වාදයට පෙර පියෙක් විසින් දරුවන්ට ඉෂ්ට කළ නොහැකි ඉහළ වැඩි ඉලක්ක තැබීමෙන් හෝ ඔවුන්ට කාලය, ස්ථිරකම හෝ බහුල ප්‍රේමය යනාදිය නොදීමෙන් වූ සිත් රිදීම් ගැන සමාව ඇයැද සිටීමට සිදු විය. ආශිර්වාදය දෙන විට මම හැඬුවෙමි. මට අදත්…

දෙන තැනැත්තාගේ ප්‍රීතිය

“ටිකල් මී එල්මෝ, කැබේජ් පැව් කිඞ්ස්, ද ෆර්බි. මේ සියල්ලටම පොදු වුයේ කුමක්ද? ඒ එකිනෙක වඩාත් ජනප්‍රිය නත්තල් තෑගි විස්ස අතර තිබුණි. ඊට අමතරව මොනොපොලි ක්‍රීඩාව, ද නින්ටෙන්ඩෝ ගේම් බෝයි සහ වී ද ඇතුළත් වුනි.

නත්තලට තෑගි දීමෙන් අපි සියල්ලෝම සතුටක් ලබමු. නමුත් පළමු නත්තල් ත්‍යාගය දුන් දෙවියන්වහන්සේගේ සතුටට එය සමකළ නොහැකිය. එම ත්‍යාගය පැමිණියේ බෙත්ලෙහෙමේ ගවමඩුවේ ඉපදුණ බිළිඳෙකු ලෙසින්ය…

පරාජය වීමට නොහැකිය

පරාජය වීමට නොහැකිය. එම වචන පවසන ලද්දේ සූසන් බී. ඇන්තනි (1820-1906) විසිනි. ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ගැන නොසැළී සිටීම නිසා ඇය ප්‍රසිද්ධ විය. නීතියට පටහැනිව ඡන්දය දැමීම ගැන වරදකාරියක් වුවද ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිවාසිකම් ගැන සටන් කිරීම නොනැවැත්වීමට ඇන්තනි දිව්රුම් දුන්නාය. තමාගේ පරමාර්ථය සාධාරණ බව ඇය දැන සිටියාය. තම ශ්‍රමයේ ප්‍රතිඵල ඇය නුදුටුවද ඇයගේ ප්‍රකාශය සත්‍ය බව පසුව ඔප්පු විය. 1920 දහනව වන…