නොනවතින යාච්ඤා
“යාච්ඤා මිය නොයන්නේය”. ඒ ඊ.එම්.බවුන්ඞ්ස්ගේ (1835-1913) වදන් කිහිපයකි. යාච්ඤාව ගැන ඔහුගේ සම්මානනීය ලියවිලි පරම්පරා ගණනාවක් සෙනගව ජ්වලිත කර කිබේ. යාච්ඤාවේ බලය සහ නොනවතින ගුණය ගැන වචන තවදුරටත් පවසන්නේ “එම යාච්ඤා කළ තොල් දැන් මරණයට පත් වූවා විය හැකිය. එම හදවත් නැවතී ගියා විය හැකිය. නමුත් එම යාච්ඤා දෙවියන්වහන්සේ ඉදිරියෙහි තවම තිබේ. දෙවියන්වහන්සේගේ හදවත ඒ කෙරෙහි ඇත. යාච්ඤාවන් ඒවා කළ අයගේ…
එය විශ්මිතය
එය හත්වන වසරේ සිසුන්ගේ ගම හරහා දිවීමේ තරඟය විය. නමුත් ඇය දිවීමට අකමැති වූවාය. මේ වෙනුවෙන් ඇය සුදානම් වුවද තමාට බැරිවේ යැයි ඇය සිතුවාය. කෙසේ වෙතත් ඇය අන් සියලු දෙනා සමග තරඟය ආරම්භ කළාය. පසුව අකමැති වූ ක්‍රීඩිකාව හැර අනෙක් එකිනෙක ක්‍රීඩිකාව සැතපුම් දෙකක් වූ පථය අවසන් කරමින් දිණුම් කණුව පසු කළහ. අවසානයේ තමාගේ දියණිය අවසන් කරන තෙක් බලා සිටි…
ප්‍රේම කරමි - මුලු ලොවටම
මාගේ තුන් හැවිරිදි ඥාති දියණිය වන ජෙන්නාගේ මුහුණේ ඉරියව්වකට මාගේ සිත උණු නොවී තිබෙන්නේ නැත. ඇය යමකට ආශා කරන්නේ නම් : එය කෙසෙල් පුඩිමක් හෝ ක්‍රීඩාවට උඩ පැනීම හෝ පීරිසි අහසේ පා කිරීම හෝ යන කුමක් ගැන වුවත් ඇය ප්‍රකාශ කරන්නේ “මම එයට ප්‍රේම කරමි - මුලු ලෝකයම” කියායි. (මුලු ලෝකයම කියා කියන විට ඇය තම දෑත් දෙපසට විහිදුවයි).
කිසි…
බලාපොරොත්තුව කිසිදා අත් නොහරින්න
මාගේ මිතුරියට පිළිකාව ඇති බව දැන ගැනීමට ලැබුණු විට වෛද්‍යවරු ඇයට කීවේ ඇයගේ වැඩ පිළිවෙලකට සකස් කර ගන්න කියාය. ඇය හඬමින් මට කීවේ තම ස්වාමිපුරුෂයා සහ කුඩා දරුවන් ගැන කණගාටු වන බවයි. අපගේ අනිකුත් මිතුරන් සමග මම ඇයගේ යාච්ඤා ඉල්ලීම බෙදා ගත්තෙමි. වෙනත් වෛද්‍යවරයෙකු ඇයට බලාපොරොත්තු අත්හරින්න එපා. අවශ්‍ය සෑමදෙයක්ම ඔවුන් කරන බව ඇයට කී විට අපි සන්තෝෂ වූයෙමු. සමහර…
ඊළඟ දෙය කරන්න
කෙනෙකුට උපකාර කිරීමට ඔබට අවසානයට පෙළඹවීමක් පැමිණියේ කවදාද? ඒ මොහොත ප්‍රතිචාරයක් නොමැතිව ඉවත්ව ගියේද? “තත්පර 10 නීතිය යන පොතෙහි ක්ලෙයා ඩි ග්‍රාෆ් යෝජනා කරන්නේ දෛනික පෙඹවීම් අපට ගැඹුරු ආත්මික ගමනකට දෙවියන්වහන්සේ කැඳවන ක්‍රමයක් කියාය. ඒ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් මතුවූ කීකරුකමේ ජීවිතයකි. තත්පර 10 නීතිය අපව දිරිමත් කරන්නේ “යේසුස්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන බවට ඔබට සෑහෙන ස්ථිරකමක් ඇති දෙය කරන්න” කියාය. එසේම එය…
තවදුරටත් බියක් නැත
පැහැර ගැනීමෙන් සතියකට පසු ඉතියෝපියානු පොලිසියට ඇය හමුවන විට කළු කේශර සහිත සිංහයන් තුන් දෙනෙකු ඇය වටා සිටියෝය. තමන්ගේම කෙනෙකු ලෙස උන් ඇයව ආරක්‍ෂා කළෝය. මිනිසුන් හත් දෙනෙකු දොළොස් හැවිරිදි දැරිය පැහැර ගෙන කැලයට ගෙන ගොස් ඇයට පහර දුන්හ. හාස්කමක් සිදු විය. සිංහයන් කිහිප දෙනෙකුට එම හඬ ඇසී දුවගෙන අවුත් පහර දෙන්නන් පළවා හැර ඇත. “අපට ඇය හමුවන තුරු උන්…
අලුත් මනුෂ්‍යත්වයක්
ලන්ඩන්හි ටේට් නූතන කලාගාරයට මා ගිය විට එක් කලාකෘතියක් මාගේ අවධානය ගත්තේය. එය නිම කර තිබුණේ බ්‍රසිලියානු කලාකරුවෙකු වන කිල්ඩෝ මියර්ලස් විසිනි. එය කුළුණක් ලෙස පරණ ගුවන් විදුලි යන්ත්‍ර දහස් ගණනක් යොදා සාදා තිබුණි. සෑම ගුවන් විදුලි යන්ත්‍රයක්ම එක් එක් ගුවන් විදුලි මධ්‍යස්ථානයකට සූසර කර තිබුණි. ඉන් විශාල වියවුල් ශබ්දයක් ඇසුණි. එය තේරුමක් නැති කථාවකි. මියර්ලස් එයට “බාබෙල්” කියා නම්…
ආරක්‍ෂිතම ස්ථානය
දකුණු කැරොලිනාවේ විල්මින්ටන් හරහා ෆ්ලොරන්ස් සුළිකුණාටුව විනාශකාරී බලයකින් ගසා ගෙන යන විට මාගේ දියණිය නිවස අත්හැර යාමට තීරණය කළාය. ඇය අවසන් මොහොත දක්වා බලා සිටියේ කුණාටුව හැරී යනු ඇතැයි ඇය කල්පනා කළ නිසාය. දැන් ඇය කුමක් ගෙන යා යුතුදැයි තීරණය කිරීමට වැදගත් ලියකියවිලිද ඡායාරූප සහ වටිනා භාණ්ඩද තේරුවාය. “දාලා යන්න මෙතරම් අමාරු වේයයි මම සිතුවේ නැහැ” ඇය මට පසුව කීවාය.…
සමගිකිරීමේ දොරටුව
අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ශුද්ධවූ පැටි්‍රක්ගේ දේස්ථානයේ ඇති දොරක් සිය වස් පහක කථාවක් කියා පාන්නේය. 1492 දී බට්ලර් සහ ෆිට්ස්ජෙරල්ඞ් යන පවුල් දෙක අතර ප්‍රදේශයේ උසස් තානාන්තර දෙකක් නිසා ගැටුමක් ඇති විය. සටන උග්‍ර විය. බට්ලර් පවුලේ අය ආසන දෙව් මැදුරේ සැඟවුණෝය. ෆිට්ස්ජෙරල්ඞ් පවුලේ අය ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා එහි පැමිණී විට බට්ලර් පවුලේ අය භිය නිසා දොර විවෘත කළේ…
කැළැල්වල කථාන්දරය
සමනළයා මාගේ මවගේ මල් පාත්තියට යමින් එමින් සිටියේය. දරුවෙකු වූ මා ඌ ඇල්ලීමට ආශා කළෙමි. මා මුළුතැන් ගෙට ගොස් වීදුරුවක් අතට ගතිමි. ආපසු යන්න මගේ ඉක්මන්කම නිසා පය පැකිළී කෝන්ක්‍රීටය මත මම ඇද වැටුණෙමි. වීදුරුව මගේ මැණික් කටුව යට බිඳුණි. විශාල කැපීමක් විය. ඊට මැහුම් 18 ක් දමන්න සිදුවිය. එම කැළල අදද මාගේ අතෙහි දැළඹූවෙක් මෙන් පෙනේ. තුවාලවීමේ සහ සුව…