බල්ලා සහ වතුර ඉසිනය
සෑම ග්‍රීෂ්ම උදෑසනකම මනහර නාට්‍යයක් අපගේ නිවස පසුපස ඇති උයනේ සිදුවේ. ඊට වතුර ඉසිනයක් සහ බල්ලෙක් අයත් වේ. උදෑසන 6.30 ට පමණ වතුර ඉසිනය ක්‍රියාත්මක වේ. ඉන් ටික වේලාවකට පසුව ෆිෆි නම්වූ විශාල බල්ලා (අපගේ පවුලේ අය ඇයට දී ඇති නාමය එයයි) පැමිණේ.
ෆිෆීගේ අයිතිකරු ඇයව දම්වැලෙන් නිදහස් කරයි. ඇය අසළ ඇති වතුර ඉසිනය වෙතට පිම්මේ දිව යයි. ඇයගේ මුහුණට…
අපි කව්ද?
මාගේ පවුලේ අය බැහැ දැකීමට මාගේ අනාගත බිරිඳ රැගෙන ගිය අවස්ථාව මට කිසි දින අමතක නොවේ. මාගේ සහෝදරයන් දෙදෙනා දීප්තිමත් ඇස් වලින් යුතුව ඇයගෙන් ඇසුවේ “මේ මනුෂ්‍යයා තුළ ඔබ ඇත්තටම දැක්කේ කුමක්ද?” කියාය. ඇය සිනහ සී කීවේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඇය ප්‍රේම කරන පුද්ගලයා මා බවට පත්වී ඇති බවය.
ඒ දක්‍ෂ පිළිතුරට මම කැමැත්තෙමි. ඊට හේතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අපගේ අතීතයට…
ප්‍රතිෂ්ඨාපනයට සුදානම්
ජර්මනියේ හමුදා සේවය කරන කාලයේ මම 1969 නිෂ්පාදිත අලුත්ම වෝක්ස්වැගන් කාරයක් මිළයට ගතිමි. මෝටර් රථය ඉතා අලංකාර විය. පිටත තද කොළ පාට විය. ඇතුළත දුඹුරු වර්ණ ආසන ඊට හොඳින් ගැළපිණ. නමුත් කාලය ගෙවී යන විට විවිධ දේවල් සිදුවිය. ඒ අතර රිය අනතුරක්ද විය. ඉන් ඇතුළත ඉදිරිපස ඩෑෂ් බෝඩ් එක සහ දොරක්ද විනාශ විය. මම වැඩිදුර කල්පනා කළේ නම් මාගේ පැරණි…
වැඩක් නැති දෙයක් පසුපස
හෙරෝයින් පානය මාරාන්තික ලෙස භයංකරය. භාවිතා කරන්නන් තුළ ඔරොත්තු දීම ඇතිවේ. ඒ හෙයින් කාලයෙන් කාලයට එම උත්තේජනය ලබා ගැනීමට වැඩිපුර මත්ද්‍රව්‍ය ගැනීමට සිදුවේ. ඉක්මණින්ම ඔවුන් සොයන ප්‍රමාණය ඔවුන්ගේ මරණයට ප්‍රමාණවත් වේ. වැඩිපුර අරගෙන යමෙකු මිය ගිය බව හෙරොයින් ලෝලියෙකු ඇසූ විට ඔහුගේ පළමු සිතුවිල්ල බිය නොවේ. “මා එය ලබා ගන්නේ කොහෙන්ද?” යන්නයි.
සී.එස්. ලුවිස් මේ පහළට කැරකී යාම “ස්කෲටේප් ලෙටර්ස්”…
අමාරුවෙන් දෙවියන්වහන්සේ වෙනුවෙන් ඉදිරියට යෑම
විලියම් කේරිගේ ගමෙහි (1761-1834) ඔහු සමග හැදුණ වැඩුණ අය ඔහු වැඩි යමක් කරාවියැයි බලාපොරොත්තු නොවන්න ඇත. නමුත් අද නූතන මිෂනාරි සේවයේ පියා ලෙස ඔහුව අපි හඳුන්වමු. ඔහුගේ දෙමව්පියන් රෙදි වියන්නෝය. ඔහු අසාර්ථක ගුරුවරයෙකු සහ සපත්තු අලුත්වැඩියා කරන්නෙකු විය. තනිව ග්‍රීක්, හෙබ්‍රෙව් සහ ලතින් ඉගෙන ගත්තේය. සෑහෙන කාලයකට පසු ඉන්දියාවට මිෂනාරිවරයෙකු ලෙස යෑමේ සිහිනය ඔහු ඉටුකර ගත්තේය. ඔහු බොහෝ අසීරුතාවලට මුහුණ…
රැකියාව කරන අතර පුහුණුව
බ්‍රසීලයේ කළමණාකාරවරියක් ඇයගේ ගොඩනැගිල්ලේ භාරකරුවන්ගෙන් ලිබිත වාර්තා ඉල්ලා යැව්වාය. දිනපතා එක් එක් කාමරය පවිත්‍ර කළ අයගේ නම, පවිත්‍ර නොකළ කාමර, එක් එක් කාමරයක ගත කළ කාලය යනාදිය ඇයට අවශ්‍ය කළාය. පළමු “දිනපතා වාර්තාව” ලැබුණේ සතියකට පසුවය. එය පුරවා තිබුණේ අර්ධ වශයෙනි.
කළමණාකාරවරිය එය සොයා බලන විට ඇය දැන ගත්තේ බොහෝ අයට කියවීමට බැරි බවය. ඔවුන් රැකියාවෙන් අස් කර දැමීමට ඇයට…
දේවල් සම්පූර්ණ කිරීම
“බලන්න සහ දකින්න” යන කෙටි චිත්‍රපටිය වෙන්ඩල් බෙරී නැමැත්තාගේ ජීවිත කථාවයි. කර්තෘ බෙරී දික්කසාදය අපගේ ලෝකයේ තත්ත්වය විස්තර කරන බව පවසන්නේය. අප එකිනෙකාගෙන් වෙන්වී සිටිමු. ඉතිහාසයෙන් දේශයෙන් අප වෙන්වී සිටිමු. සම්පූර්ණව තිබිය යුතු දේවල් බෙදී තිබේ. මේ කණගාටුදායක කාරණය ගැන කුමක් කළ යුතුද කියා ඇසූ විට බෙරී කීවේ “අපට සියල්ල එක් කළ නොහැකිය. අපි දේවල් දෙකක් ගෙන ඒවා එකට දමමු”…
හුස්ම පොදක් පමණී
බොබීගේ හදිසි මරණය විසින් මරණයේ යථාර්ථය සහ ජීවිතයේ කෙටිභාවය මට සිහිපත් කළේය. කුඩා කාලයේ පටන් මා සමග සිටි මිතුරිය හිමෙන් පිරි මාර්ගයක සිදුවූ අනතුරකින් මිය ගියාය. කැඩී බිඳී ගිය පවුලක හැදී වැඩුණු ඇය මෑතකදී ස්වාමින්වහන්සේ තුළ අලුත් ඇදහිලිවන්තියක ලෙස ඉදිරියට යමින් සිටියාය. ඇයගේ ජීවිතය එතරම් ඉක්මණින් අවසන් වූයේ කෙසේද?
සමහර විට ජීවිතය ඉතා කෙටි බවත් දුකින් පිරී ඇති බවත් පෙන්නුම්…
පාරට්ටු කිරීමට යමක්
සත්‍ය ලෙස ජිවත්වෙනවා යනු කුමක්ද? “ද වෙල්වර්ටීන් රැබිට්” නැමැති ළමා කථාවේ පිළිතුරු ලැබෙන්නේ එම ප්‍රශ්නයටය. එය මොන්ටිසෝරියක සෙල්ලම් බඩු ගැන කථාන්දරයකි. එහි “වෙල්වර්ටීන් හාවා” උත්සාහ කරන්නේ කුඩා දරුවෙකුගේ ප්‍රේමයට ලක්වීමට ඉඩ හැර සත්‍යයක් බවට පත් වීමටය. එහි සිටින තවත් සෙල්ලම් බඩුවක් නම් ණැනවත් වයස් ගත සම් අශ්වයායි. බොහෝ යාන්ත්‍රික සෙල්ලම් බඩු පැමිණ පාරට්ටුකර කැඩි ගොස් නැතිවී යනවා ඔහු දැක තිබේ.…
මාගේ හිස පිටුපස දෑස් වලට
මාගේ මුල් අවුරුදු වලදී වෙන ඕනෑම දරුවෙකු මෙන් මම දඟකාර වීමි. කරදර වලට නොවැටෙන පිණිස මම මාගේ වැරදි ක්‍රියා සැඟවීමි. නමුත් මා කරන දේවල් මාගේ මව සොයා ගත්තාය. මාගේ දඟ වැඩ ඇය එතරම් ඉක්මණින් සහ නිවැරදිව දැන ගන්නා ආකාරය මා මවිත කළේය. මම එය එසේ වන්නේ කෙසේදැයි ඇයගෙන් ඇසීමි. ඇය සැම විට කීවේ “මගේ හිස පිටුපසත් ඇස් තිබෙනවා” කියාය. ඒ…