වටා පිටාවට එහා
2017 ග්‍රීෂ්ම සෘතුවේදී හාර්වී සුළි කුණාටුව ඇමරිකාවේ ගල්ෆ් වෙරළ අවට ජීවිත සහ වස්තුව විශාල ලෙස විනාශ කළේය. බොහෝ දෙනෙක් ආහාර, ජලය, ඇඳුම් සහ වාසස්ථාන අත්‍යවශ්‍ය අය වෙනුවෙන් සැපයූවෝය.
මේරිලන්තයේ පියානෝ සාප්පුවක අයිතිකරුවෙකුට ඊට වඩා දෙයක් කිරීමට සිත ආවේය. සෑම දෙයක්ම නැතිවූ ජනතාවට සංගීතය විශේෂ ආකාරයක සුවයක් සහ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරන්නේ කෙසේදැයි ඔහු සළකා බැලුවේය. ඒ හෙයින් ඔහුත් ඔහුගේ කණ්ඩායමත්…
දීර්ඝකාලීන යාච්ඤාව
මාගේ භාර්යාවට කොළ කැබැල්ලක් දෙමින් කෙවින් ඔහුගේ ඇසින් කඳුළක් පිස දැමීය. මාගේ දියණිය යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලට නැවත ගෙන එන පිණිස මාත් මාගේ භාර්යාවත් යාච්ඤා කරන බව ඔහු දැන සිටියේය. “මේ කොළ කැබැල්ල මාගේ මවගේ බයිබලයේ තිබී හමුවුනේ ඇයගේ මරණින් පස්සේ. මම මේක ඔබට දෙන්නේ ඔබව දිරිමත් කරන්නයි” ඔහු කීවේය. සටහන උඩින්ම ලියා තිබුණේ “මගේ පුතා කෙවින්ට” කියාය. පහතින් ඔහුගේ ගැළවීම…
බයිබලීය ඖෂධ වට්ටෝරුව
ග්‍රෙග් සහ එලිසබෙත් පාසැල් වියේ සිටින තම දරුවන් සමග සතිපතා “හාස්‍ය රාත්‍රීයක්” ගත කරති. එකිනෙක දරුවන් තමන් කියවූ හෝ අසා ඇති හෝ (තමන්ම සෑදු) විහිළුවක් ගෙන එන්නේ රාත්‍රී ආහාර ගැනීමේදී බෙදා ගැනීමටය. මේ සිරිත කෑම මේසය වටේ බොහෝ ප්‍රීතිමත් මතකයන් නිර්මාණය කර තිබේ. සිනහව තම දරුවන්ගේ සෞඛ්‍යයට හොඳ බව එලිසබෙත් සහ ග්‍රෙග් සොයා ගෙන තිබේ. එය අසීරු දවස්වලදී ඔවුන්ගේ ආත්මය…
ශුද්ධවන්තයන් සහ පව්කරුවන්
යොහන් බව්තිස්තගේ අඩි පාරේ යමින් කාන්තාරයෙහි ජීවත්වීමට ප‍්‍රථම මිසරයේ මේරි (ක‍්‍රි.ව.344-421) තම තරුණ කාලය ගත කළේ නීතියට පටහැනි විනෝදය සොයමින් සහ පිරිමින් රැවටීමෙනි. ඇයගේ සල්ලාල ජීවිතයේ උච්චතම කාලයෙහි ඇය යෙරුසලමට ගියාය. ඒ එහි එන වන්දනා කරුවන් රැවටීමටය. ඒ වෙනුවට එහිදී ඇයට තම පාපය ගැන ගැඹුරු වැටහීමක් ලැබී එතැන් සිට ඇය පසුතැවිල්ලේ සහ පාළුකරයේ තනි ජීවිතයක් ගත කළාය. මේරිගේ දැඩි පරිවර්ථනය…
ජීවිතයේ සෝදිසි කිරීම් තේරුම් ගැනීම
මාගේ මිතුරාගේ පියාට භයානක රෝග තීරණයක් ලැබුණි. ඒ පිළිකාවය. නමුත් රසායනික ප‍්‍රතිකර්ම ක‍්‍රියාවලියේදී ඔහු යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු විය. රෝගය අකර්මණ්‍ය තත්ත්වයට පත්වුනි. මාස 18ක් ඔහු පිළිිකාවෙන් තොරව ජීවත් විය. නමුත් නැවත එය පැමිණියේය. ඒ පෙරටත් වඩා දරුණු ලෙසය. ඔහු සහ ඔහුගේ භාර්යයාව නැවත පැමිණි පිළිකාව පිළිබඳ යතාර්ථයට මුහුණ දුන්නේ ප‍්‍රශ්න සමගය. නමුත් දෙවියන්වහන්සේ පෙර අවස්ථාවේදී ඔවුන්ව දරාගත් හෙයින් ඔවුන් මෙම…
දෙවියන්වහන්සේ දෙන විශ‍්‍රාම සැළසුම
පුරා විද්‍යාඥ වෝර්වික් රොඩ්වෙල් විශ‍්‍රාම ගැනීමට සුදානම්ව සිටියේය. ඒ අතර තුර ඔහු එංගලන්තයේ ලිච්ෆීල්ඩ් ආසන දෙව් මැදුරේ අසාමාන්‍ය සොයා ගැනීමක් කළේය. ගොඩනගන්නන් පරෙස්සමෙන් දෙව් මැදුරේ පොළොවෙන් කොටසක් ඉවත් කරන විට ඔව්හු වසර 1200 ක් වයස ගාබි‍්‍රයෙල් දේවදුතයාගේ කැටයමක් සොයා ගත්තෝය. රොඩ්වෙල්ගේ විශ‍්‍රාම සැලසුම නතර විය. ඔහුගේ නවතම සොයා ගැනීම වැදගත් සහ කුතුහලය දනවන කාලයක් ඔහුට ඇති කළේය.
ඔහුගේ ජීවිතය සදහටම…
අලංකාරය භුක්ති විඳිමින්
එම චිත‍්‍රය ප‍්‍රදීපයක් මෙන් මාගේ ඇස් ආකර්ෂණය කළේය. නගරයේ විශාල ආරෝග්‍යශාලාවක දිග ශාලාවේ එය ප‍්‍රදර්ශනය කර තිබුණි. එහි අලංකාර වර්ණ සහ නවාජෝ රතු ඉන්දියාණු චිත‍්‍ර දැස් ඇදගන්නා සුළුය. මම එය බලමින් විශ්මයට පත් වුනෙමි. "ඒක බලන්න" මම මාගේ ස්වාමිපුරුෂයා වන ඩෑන්ට කීවෙමි.
ඔහු මට ඉදිරියෙන් ගමන් කළේය. නමුත් මම එතැන නැවතුනෙමි. බිත්තියේ ඇති අනෙක් චිත‍්‍ර අමතක කොට ඒ දෙසම බලා…
දෙවියන්වහන්සේ දකින දෙය
උදේ පාන්දර අපගේ් ගේ පිටුපස ඇති කැලෑ රොදක් දෙස ජනේලයකින් බලා සිටියෙමි. බොහෝ විට උකුස්සෙක් හෝ බස්සෙක් ගසක වසා සිටින්නේය. උන් පළාත නිරීක්‍ෂණය කරමින් සිටිති. එක් උදෑසනක උස අත්තක එහෙට මෙහෙට වැනෙමින් තට්ට රාජාලියෙකු සිටිනු දැක මම පුදුම වීමි. ඌ පළාත දෙස බලා සිටියේ ඒ පළාතට අයිතිකාරයා මෙනි. පෙනෙන හැටියට ඌ උදෑසන ආහාරය සොයමින් සිටියේය. එම බැල්ම රාජකීයත්වයක් ඉසිලීය.
2…
ඊයේ මෙන් නොවේ
මාගේ මුණුපුරා වන ජේ කුඩා කාලේදී ඔහුගේ දෙමව්පියෝ ඔහුගේ උපන් දිනයේදී ඔහුට ටී ෂර්ටයක් තෑගි කළෝය. ඔහු එය එවෙලේම ඇඳ ගත්තේය. මුළු දවසේම උජාරුවෙන් ඇඳගෙන සිටියේය.
දෙවන දවසේද ඔහු එම ටී ෂර්ටය ඇඳ ගෙන ආ විට ඔහුගේ පියා ඔහුගෙන් ඇසුවේ "ඔය කමිසය ඔබට ප‍්‍රීතියක් ගෙන දෙනවාද" කියාය. "ඊයේ තරම් නැහැ" ජේ පිළිතුරු දුන්නේය.
ද්‍රව්‍යමය දේවල් රැස්කර ගැනීමේ ගැටළුව එයයි. ජීවිතයේ…
කුඩා දේවල්වලට සේවය කිරීම
එය මාර්ගයක් අසළ පාලනය කර ගත නොහැකි විශාල ගින්නක් පිළිබඳ වීඩියෝවකි. යමෙකු අත්පුඩි ගසමින් යම් දෙයකට එන්නට කියනවාක් මෙන් පෙණුනි. ඒ කුමක්ද? බල්ලෙක්වත්ද? මොහොතකින් හාවෙකු පැන ගෙන ආවේය. මිනිසා බියව සිටි හාවා රැගෙන ආරක්‍ෂිත ස්ථානයකට දිව්වේය.
එවැනි කුඩා සතෙකු බේරාගැනීම ජාතික ප‍්‍රවෘත්තියක් වූයේ කෙසේද? ඒ කුඩා දේවලට පෙන්වන අනුකම්පාවෙහි යම් දෙයක් ගැබ්ව ඇති හෙයිනි. කුඩා සතෙකුට ඉඩදීමට විශාල හදවතක් තිබිය…