ඔබගේ නගරය දකින්න
"අපගේ නගරය අපි දකින ලෙස දකින්න" ඩිට්‍රොයිට් මිචිගන්හි නගර සංවර්ධන කණ්ඩායම තම නගරයේ අනාගතය ගැන දැක්ම එළිදැක්වීමට එම උද්ධෘත පාඨය භාවිතා කළහ. නමුත් එම ව්‍යාපෘතියෙහි යමක් අඩු බව සමාජිකයන් දැනගත් විට හදිසියේම එය නතර විය. අප්‍රිකානු ඇමෙරිකානුවන් නගරයේ ජනගහණයෙන් සහ වැඩ කරන ප්‍රතිශතයෙන් බහුතරයක් වූහ. ඔවුන් දකින ලෙස නගරය දැකිය යුතු යයි සඳහන් නාමපුවරු, පෝස්ටර් සහ බැනර්වල සුදු මුහුණු පෙනෙන්ට…
සිවලුන් ඇල්ලීම
මුහුද අද්දර සිටින මිතුරෙකු සමග කථා කරමින් සිටින විට මුහුදු ලිහිණියන්ගේ කෑගැසීම අසා මම සන්තෝෂය ප්‍රකාශ කළෙමි. "වල් සත්තු" ඇයගේ ප්‍රතිචාරය එසේ විය. ඇයට දිනපතා එය කරදරයකි. ලන්ඩන්හි පදිංචිකාරියක් ලෙස මට සිවලුන් ගැන ඇත්තේද එවැනි අදහසකි. මට උන් හුරුබුහුටි සතුන් ලෙස පෙනෙන්නේ නැත. මට උන් පෙනෙන්නේ එහේ මෙහේ ඇවිදින පාර දෙපස ජරා කරන සතුන් ලෙසය.
සාලමොන්ගේ ප්‍රේම කෘතියෙහි සිවලුන් ඉස්මතුවේ.…
සානුකම්පාවේ සාගතය
ඈන් ෆ්‍රෑන්ක් සුප්‍රසිද්ධ වන්නේ ඇයගේ දිනපොත නිසාය. එහි ඇත්තේ දෙවන ලෝක මහා යුද්ධය කාලයෙහි ඇයත් පවුලේ අයත් සැඟවී සිටි ආකාරයයි. පසු කාලයකදී ඇය නාසි සිරගෙයක සිරගතවී සිටින විට ඇය සමග සිටි අය පැවසුවේ ඇය "ආශිර්වාදයේ අභිමුඛයක්" වෙමින් "ඔවුන් ගැන ඇයගේ දෑස්වල කඳුළු කිසිදා නොවියලුණේය" කියාය. ඒහෙයින් උගතෙකු වූ කෙනත් බේලී පැවසුවේ ඈන් කිසි දිනෙක "සානුකම්පාවේ දැවීයාමක්" නොපෙන් වූ බවයි.
සානුකම්පාවේ…
අන්ධකාරයෙහි බලාපොරොත්තුව
මිථ්‍යා කථාවකට අනුව ප්‍රාන්ත අතර යුද්ධ කාලයෙහි (ක්‍රි.පූ. 475-246) කූ යුවාන් නැමැති ණැනවත් චීන රටට ගැති රාජ්‍ය නිලධාරියෙක් සිටියේය. රට විනාශ කරන තර්ජනයක් ගැන ඔහු රජුට අනුශාසනා දීමට බොහෝ වර උත්සාහ කළ බව කියැවේ. නමුත් රජු ඔහුගේ අවවාද පිළිනොගත්තේය. අවසානයේදී කූ යුවාන්ව රටින් පිටමං කරන ලදී. ඔහු අනතුරු ඇඟවූ පරිදි රට සතුරාගේ අතට පත්වූ බව දැන ගත් විට කූ යුවාන්…
එකඟ නොවීමට එකඟවීම
බයිබලයේ සත්‍යයන් ගැන වෙනස් වෙනස් අර්ථකථනයන් ගැන ඇති වන වාද විවාද වලදී ඒවායින් ඉවත්වී යාම කෙතරම් අසීරුදැයි මාගේ පියා කථා කරනවා මට මතකය. වෙනත් අතකින් ඔහු කීවේ පක්‍ෂ දෙකම එකඟ නොවීමට එකඟවීම කෙතරම් හොඳද කියාය.
නමුත් නැතිවීමට බොහෝ දේවල් තිබෙන බව දකින විට එකතු කළ නොහැකි වෙනස්කම් පසෙකට දැමීම කළ හැකිද? රෝම පොතෙහි පාවුල් කථා කරන එක් ප්‍රශ්නයක් නම් එයයි.…
කෘතඥතාවය ග්‍රහණය කර ගැනීම
අසහනය සහ විශාල වේදනාව නිසා ඇතිවුණ, ඇවිදීමේ සීමාව අවසානයේ මට දරා ගැනීමට නොහැකි විය. මාගේ අසහනය නිසා මම කෘතඥ නොවීමි. ආත්මාර්ථකාමී වුණෙමි. මාගේ ස්වාමි පුරුෂයාගේ සැළකිල්ල ගැන කෙඳිරිමි. ඔහු ගෙය පවිත්‍ර කරන ආකාරය ගැන මම කන්කෙඳිරි ගෑවෙමි. මා දන්නා හොඳම කෝකියා ඔහු වුවද ආහාරවල විවිධත්වයක් නැත කියා මම දොස් කීමි. අවසානයේදී මාගේ කෙඳීරීම ඔහුගේ සිතට වධයක් බව ඔහු පැවසූ විට…
ඔබගේ මාර්ගය මාගේ මාර්ගය නොවේ
දුර්ලභ වර්ගයේ ලියුකේමියා රෝගයෙන් ඔවුන්ගේ අට හැවිරිදි දියණිය වන රීමා පෙළෙන බව දැනගත් විට කාමිල් සහ යෝවෙල්ගේ බලාපොරොත්තු සුණු විසුණු විය. රෝගය නිසා ඇයට මොළයේ ආබාධයක්ද අංශභාගයද සෑදුණි. රීමා සහි නැති තත්ත්වයකට (කෝමා) පත් වූවාය. රෝහල් කාර්ය මණ්ඩලය රීමාගේ දෙමව්පියන්ට උපදෙස් දුන්නේ රීමාගේ අවමංගල්‍යයට සුදනම් වීමටය. ඇයගේ ජීවත්වීම සියයට එකකටත් වඩා අඩු බව ඔව්හු කීවෝය.
කාමිල් සහ යෝවෙල් හාස්කමක් බලාපොරොත්තුවෙන්…
බලාපොරොත්තු නොවූ කරුණාව
මාගේ මිතුරිය මිළදී ගත් භාණ්ඩවලට මුදල් ගෙවීමට සුපිරි වෙළඳසැලේ පෝලිමේ සිටින විට ඇය ඉදිරියෙන් සිටි කෙනෙකු හැරී ඇයට ඩොලර් 14 ක වවුචරයක් දුන්නේය. ඔහුගේ කරුණාවන්ත ක්‍රියාව නිසා තිගැස්සී ඇය කඳුළු සැළුවාය. ඉන්පසු හැඬීම නිසා ඇය ඇයටම සිනහ වූවාය. වෙහෙසකාරී කාලයකදී මෙම බලාපොරොත්තු නොවු ක්‍රියාව ඇයගේ සිත ස්පර්ශ කළේය. ඇයට බලාපොරොත්තුවක් දුන්නේය. තව පුද්ගලයෙකු තුළින් ඇයට දෙවියන්වහන්සේ දිගුකළ යහපත්කමට ඇය ස්වාමින්…
බලවත් සංගීත වෘන්දය
මාගේ දෙමව්පියෝ සියලු සංගීතයන්ට ආශා කිරීමට මට ඉගැන්වීය. ඒ දේශීය සිට සම්භාව්‍ය දක්වාය. ඒ හෙයින් මා ජාතික සංගීත වෘන්දයකට සවන්දීමට මොස්කව්හි රඟමඬලට ගිය විට මාගේ හෘද ස්පන්දනය වැඩි විය. සංගීත කාණ්ඩයක් වාදනය කිරීමට මෙහෙය වීය. තේමාවන් බලවත් සංගීත නාද වෘන්දයක් දක්වා ඉහළට ගියේය. එය පැහැදිළි නාට්‍යානුසාර සංගීත උච්චත්වයකි. එය විශ්මිත මොහොතක් විය. ප්‍රේක්‍ෂකයෝ අත්පොළසන් දී නැගී සිටියෝය.
දේව වචනයද ඉතිහාසයේ…
සමාදානය කොහේද?
1984 දී "සමාදානය ගැන ඔබ තවමත් බලාපොරොත්තු වෙනවාද?" කියා පත්‍ර වාර්තාකරුවෙකු බොබ් ඩයිලන්ගෙන් ඇසීය.
"මොන සමාදානයක්වත් ඇති වෙන්නේ නැහැ" කියා ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ ප්‍රතිචාරයට විවේචන ගලා ආවේය. නමුත් සමාදානය සැමදා මග හැරෙන බව අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය.
ක්‍රිස්තුස්වහන්සේට වසර 600 කට පෙර බොහෝ අනාගතවක්තෘවරු සමාදානය ගැන අනාවැකි කීවෝය. නමුත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ එසේ කීවේ නැත. යෙරෙමියා සෙනගට මතක් කළේ දෙවියන්වහන්සේ කී…