ප්‍රවර්ගය  |  Uncategorized

නවතාගෙන සිටීමට බැරිය

මෙක්සිකෝ බොක්කේ මිතුරන් සමග පිහිනමින් සිටි කැට්ලීන්ගේ පාද මෝරෙකු සපා කා ඇයගේ ශරීරයටද හානි කිරීමට ඌ පැමිණියේය. කැට්ලීන් මෝරාගේ නාසයට කදින් පහර දුන්නේය. මත්ස්‍යයා ඇයව අත්හැර පරාජය වී ඉවතට ගියේය. මෝරාගේ පහර නිසා ඇයට බොහෝ තුවාල සිදුවිය. එයට මැහුම් 100 ක් පමණ දමන්න සිදු විය. නමුත් මෝරාට ඇයව ග්‍රහණයේ තබා ගැනීමට නොහැකි විය.

මේ කථාව මට මතක් කරන්නේ යේසුස්වහන්සේ උන්වහන්සේගේ…

මාර්ගය තෝරා ගැනීම

කොලරාඩෝහි තරුණයෙක් කඳුවැටියක අසු පිට සිටින ඡායාරූපයක් මා සතුව ඇත. කුමණ පාර තෝරා ගන්නදැයි ඔහු නැවතී කල්පනා කරන්නේය. එය මට මතක් කරන්නේ රොබට් ෆ්‍රොස්ට්ගේ "තෝරා නොගත් පාර" යන කවියයි. ඔහු ඉදිරියෙහි ඇති මාර්ග දෙකක් ගැන රොබට් සිතා බලයි. මාර්ග දෙකම ආකර්ෂණීය වේ. නමුත් නැවත තමන් දැනට සිටින ස්ථානයටම එනු ඇද්දැයි ඔහුට සැකයක් ඇත. ඔහු එකක් තෝරා ගත යුතු වේ. ඔහු…

වට්ටක්කා ගෙඩියක් තුළ නිධානයක්

තරුණ මවක් ලෙස මාගේ දියණියගේ පළමු වසරේ විස්තර සටහන් කිරීමට මම අධිෂ්ඨාන කර ගතිමි. සෑම මාසයකම ඇය වෙනස් වී වර්ධනය වන ආකාරය පෙන්වීමට ඡායාරූප ගතිමි. මා ඉතා ආශා කරන එක් ඡායාරූපයක ඇය වට්ටක්කා ගෙඩියක් තුළ සිනහවී ගෙන සිටින්නීය. මම එම වට්ටක්කා ගෙඩිය ගමේ ගොවියෙකුගෙන් මිළයට ගත් එකක් විය. ඇය එය තුළ වාඩිවී සිටියාය. මගේ සිතෙහි ආශාව විශාල වට්ක්කා ගෙඩිය තුළ…

මාගේ සැබෑ මුහුණ

වසර ගණනාවක් මා සුදුසු මදි යයි යන අදහස සහ ප්‍රමිතියෙන් තොර මාගේ අතීතය ගැන තිබු ලැජ්ජාව මාගේ ජීවිතයේ සෑම අංශයකටම බලපෑවේය. මාගේ කැළැල් වූ කීර්ති නාමය අන් අය දැනගත හොත් කුමක් වේද? දිවා ආහාරයට දේව සේවකයෙකුට ඇරයුම් කිරීමට දෙවියන්වහන්සේ මට ධෛර්යය දුන් නමුත් මම පරිපූර්ණ වීමට උත්සාහ කළෙමි. මම මාගේ නිවසේ පොළොව කැළැලක් නැතිව පවිත්‍ර කළෙමි. හොඳ ආහාර වේලක් පිළියෙල…

සැම විට පිළිගැනේ

නිසියාකාරව පාඩම් කටයුතු කර ගෙන යාමට වසර කිහිපයක් අරගල කිරීමෙන් පසු ඇංජිව සුපිරි ප්‍රාථමික පාසැලෙන් ඉවත් කර ගෙන "සාමාන්‍ය" පාසැලකට ඇතුළත් කරන ලදී . ඒ සිංගප්පුරුවේ අධික තරඟකාරී අධ්‍යාපන වටපිටාව මධ්‍යයෙහිය. "හොඳ" පාසැලක ඉගෙනීමෙන් කෙනෙකුගේ අනාගත අවස්ථා වැඩිවන හෙයින් බොහෝ අය මෙය පරාජයක් යයි සිතනු ඇත.

ඇංජිගේ දෙමාපියන් කලකිරුණේය. ඇංජිටද සිතුණේ ඇය පහතට වැටුණු බවය. නමුත් ඇයගේ අලුත් පාසැලට එකතු…

ඔබගේ බෝට්ටු ගෙන එන්න

2017 හාවී සුළි කුණාටුව නැගෙනහිර ටෙක්සාස් ප‍්‍රදේශයට විශාල විනාශයක් ගෙන ආවේය. අධික වර්ෂාව විශාල සෙනගක් ඔවුන්ගේ නිවෙස් වලට සීමා කළේය. ඔව්හු ජලගැල්ම මග හැරීමට නොහැකිව සිටියෝය.  කුමක් සිදුවීදයත් "ටෙක්සාස් නාවික හමුදාවක්" ලෙසින් බොහෝ පුරවැසියෝ ප්‍රාන්තයේ වෙනත් පැතිවල සිට ඔවුන්ගේ බෝට්ටු ගෙන ආවෝය. සිරවී සිටි සෙනග ගළවා ගැනීමට උපකාර කළෝය.

මේ නිර්භීත ත්‍යාගශීලි සෙනගගේ ක්‍රියාවෙන් අපට මතක් කරන්නේ හිතෝපදේශ 3:27 හි ඇති දිරිදීමය.…

හිල් කරන කටුවක්

කටුවක් මාගේ දබරැඟිල්ල හිල් කර ගෙන ගියේය. ලේ විදින්න පටන් ගත්තේය. මම මිමිණිමි. ඉන්පසු කෙඳිරිමි. මම වහාම ඇඟිල්ල ඉවතට ගත්තෙමි. නමුත් මා විශ්මයට පත් විය නොයුතුව තිබුණි. මන්ද කටු පඳුරක් අත් වස්නා නැතිව කප්පාදු කිරීමට තැත් කිරීම එවැනි අනතුරුවලට අත වනන හෙයිනි. වේදනාව සහ ලේ ගලා යෑම නිසා ඊට සැළකිල්ල අනිවාර්යය විය. මම වෙළුම් පටියක් සෙවීමි. මා නොදැනුවත්වම මාගේ ගැළවුම්කරුවාණන්…

යාච්ඤාව සහ ගස් කපන මැෂිම

මාගේ නැන්දණිය වන ග්ලැඩිස් තුළ ඇති අවදානමට බිය නැති කමට මම ගෞරව කරමි. සමහර විට ඒ ගුණාංගය ගැන මට බියක්ද දැනේ. මාගේ බියට හේතුව ඇය බෙදාගත් විද්‍යුත් පණිවුඩයක් නිසාය. "මම ඊයේ දූරියන් ගසක් කපා දැම්මා".

මැෂිමෙන් ගස් කපන මාගේ නැන්දණියට වයස 76 ක් බව ඔබ දැන ගත යුතුවේ. ඇයගේ ගරාජය පසුපස ගහ විශාල වී ඇත. කොන්ක්‍රීටය පසාරු කර ගෙන මුල්…

භයංකාර සහ අලංකාර දේවල්

බිය නිසා අපි ගල් ගැසෙමු. බියවීමට සියලු හේතු අපි දනිමු. අතීතයේ අපට තුවාල කළ සියලු දේ, නැවත අපට එසේ කිරීමට හැකි දේවල්! සමහර විට අපි සිරවී සිටිමු. පසුපසට යා නොහැක. ඉදිරියට යාමට බිය වැඩිය. "මට ඒක කරන්න බැහැ. මම දක්‍ෂ නැහැ. ශක්තියක් නැහැ. නැවත ඒ විදිහට තුවාල මට දරා ගන්න බැහැ".

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මෘදු හඬකින් ගත්කතු ෆ්‍රෙඩ්රික් බුක්නර් කරන විස්තරයට…

ප්‍රථමයෙන් උන්වහන්සේව විශ්වාස කරන්න

"අත හරින්න එපා තාත්තේ"
"මම අතහරින්නේ නැහැ. මම ඔබව අල්ලා ගත්තා. මම පොරොන්දු වෙනවා".

මම එවිට කුඩාය. ජලයට භියය. නමුත් මාගේ තාත්තා මට පිහිනන්ට උගන්වන්ට ආශා කළේය. ඔහු ඕනෑකමින් මාව තටාකයේ ගැඹුරු පැත්තට ගෙන යයි. එහි ගැඹුර මාගේ හිසටත් ඉහළය. මාගේ එකම උපකාරය ඔහු විය. ඉන්පසු ඔහු මට නිශ්චලව පාවීමට උගන්වන්නේය.

එය පිහිනීමේ පාඩමක් පමණක් නොවේ. එය විශ්වාසය තැබීමේ පාඩමකි. මාගේ…