ප්‍රවර්ගය  |  Uncategorized

අසීරු අභිරහස්

මාත් මගේ මිතුරියත් ඇවිදින අතර අප බයිබලයට දක්වන ආදරය ගැන කථා කළෙමු. "මම පරණ ගිවිසුමට එතරම් කැමති නැහැ. ඒකේ පළිගැනීම තියෙනවා - මට යේසුස්වහන්සේ ඇති!" යයි ඇය කී විට මම පුදුමයට පත්වීමි.

නාහුම් වැනි පොතක් කියවන විට අපට ඇය සමග එකඟ විය හැකිය. "ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය;" (නාහුම් 1:2). නමුත් ඊළඟ පදය අපට බලාපොරොත්තුවක් දෙයි. "ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව…

දැඩි පේ‍්‍රමය

ඇයගේ විවාහ දිනයට සතියකට පෙර සාරාගේ විවාහ ගිවිසුම බිඳී ගියේය. ඇයගේ දුක සහ බලාපොරොත්තු බිඳීම මධ්‍යයෙහි ඇයගේ විවාහ මංගල්‍යයට මිළදී ගත් ආහාර නාස්ති නොකිරීමට ඇය තීරණය කළාය. කෙසේ වෙතත් ඇය සැමරීමේ සැළසුම වෙනස් කිරීමට සිතුවාය. ඇය තෑගි මේසය ඉවත්කර ආරාධිත ලැයිස්තුව වෙනස් කළාය. නිවාස නැති අයට මංගළ්‍යයට ආරාධනා කළාය.

ඵරිසිවරුන්ට කථා කරමින් යේසුස්වහන්සේ එවැනි බැඳීම් නැති කරුණාව අගය කරන බව…

මාගේ පේ‍්‍රමණීය මිත‍්‍රයාට

අපෝස්තලු යොහන් තම මිත‍්‍ර ගායස්ට පළමු ශත වර්ෂයේ කළ ක්‍රියාව අද භාවිතයෙන් ඉවත්වන කලාවකි. යොහන් ඔහුට ලිපියක් ලිවීය.

"නිව් යෝර්ක් ටයිම්ස්" සඟරාවට ලිපියක් ලියමින් එක් ලේබිකාවක් වන කැතරින් ෆීල්ඞ් පැවසුවේ "ලිපි ලිවීම ඈත අතීතයේ තිබූ කලාවක් බවත් ලිපි ගැන කල්පනා කරන විට මනස තාර්සස්හි පාවුල් වෙත යොමුවේ" කියාත්ය. අපට අපෝස්තලු යොහන්වද ඊට ඇතුළත් කළ හැකිය.

ගායස්ට ලියූ ලිපියේ යොහන් ඔහුගේ ශරීරය…

සුවයේ ජලගැල්ම

මම සෑම විටම විදුලි කුණාටුවලට ආශා කළෙමි. කුඩා දරුවන්ව සිටි කාලයේ කුණාටුවක් විදුලි කෙටීම් සහ දැඩි වර්ෂාවක් සමග පතිත වන විට මාත් මාගේ සහෝදරයනුත් එළියට පැන වත්ත වටේ වියරුවෙන් මෙන් දුවන්නෙමු. ලිස්සමින් රූටායමින් වැටි වැටී යන්නෙමු. වර්ෂාවට බත්වී මඩ නාගෙන නැවත ගේ තුළට යන්නෙමු.

එය ඉතා ප්‍රීතිජනක තෘප්තියකි. එතරම් බලවත් දෙයකින් පෙඟී සිටින නිසා අපි ඇත්තෙන්ම ප්‍රීති වෙමුද? නැතිනම් බියෙන් සිටිමුද?…

සීමාවක් නැතුව පේ‍්‍රමකරන්න

විවාදයකදී "හැම වෙලේම" නැත්නම් "ඔයා කවදාවත්" යන වචන භාවිතා නොකරන්න යයි ණැනවත් මිතුරෙකු මා හට අවවාද කළේය. විශේෂයෙන්ම ඒ මාගේ පවුලේ අය සමගය. අප අවට සිටින අය විවේචනය කිරීමට සහ අප ආදරය කරන අයට  ප්‍රේම නොකරන හැඟීමකින් සිටීම කෙතරම් පහසුද? නමුත් අප සියලු දෙනාට දෙවියන්වහන්සේ දක්වන නොනවතින ප්‍රේමයේ වෙනස්වීමක් කිසිවිටෙක සිදුවන්නේ නැත.

ගීතාවලිය 145 හි නැවත නැවත සඳහන් වන වදන නම්…

අප වැනි පව්කරුවන්

මට මිතුරියක් සිටියි. ඇයගේ නම ඉඩිත්ය. ඇය යේසුස්වහන්සේ අනුගමනය කිරීමට ආරම්භ කළ දිනය ඇය දිනක් මට විස්තර කළාය.

ඉඩිත් ආගම ගැන වැඩිය සැලකූ අයෙකු නොවේ. නමුත් වියවුල්ව තිබූ ඇයගේ ආත්මය සනසා ගැනීමට ඇය එක් ඉරිදා උදෑසනක අසළ තිබු සභාවකට ගියාය. එදින දේශනා පාඨය වුයේ ලූක් 15:1-2 දක්වාය. එනම් "තවද සියලු සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ළංවෙවී ආවෝය. ඵරිසිවරුද…

අභියෝග ජයගැනීම

අපගේ පුද්ගලික ඉලක්ක ගැන එකිනෙකාට ගණන්දීමට අපි සෑම මසකම එකතු වන්නෙමු. වසර අවසානට පෙර තම පුටු අලුත් වැඩියා කිරීමට මාගේ මිතුරිය වන මේරිට අවශ්‍ය විය. නොවැම්බර් මාසයේදී ඇය දක්‍ෂ ලෙස කියා සිටියේ "මාගේ පුටු ටික සකසා ගැනීමට මාස 10 ක් සහ පැය 2 ක් ගත වුනි" කියාය. එයට අවශ්‍ය අඩුපාඩු ගැනීමටද ඇයගේ රැකියාවේ සහ ළදරුවන්ගේ රාජකාරී වලින් නිවාඩු ගැනීමටද කාලය…

දුකෙහිදී බලාපොරොත්තුව

මට වයස අවුරුදු 19 දී මාගේ සමීපතම මිතුරෙක් රිය අතුරකින් මිය ගියේය. ඉන්පසු පැමිණි සති සහ මාස කිහිපය තුළ මා ගමන් කළේ දුක පිරි මාර්ගයක් තුළිනි. එතරම් තරුණ අනර්ඝ කෙනෙකු මිය යෑම මාගේ දර්ශනය අඳුරු කළේය. සමහර වේලාවට මා අවට සිදුවන දේවල් මට හැඟුණේ නැත. වේදනාව සහ දුකෙන් එතරම් අන්ධ වී සිටි නිසා මා හට දෙවියන්වහන්සේද පෙණුනේ නැත.

ලූක් 24…

මීමැස්සන් සහ සර්පයන්

සමහර ප්‍රශ්න උඩින් තාත්තාගේ නම ලියවී ඇත. උදාහරණයක් ලෙස අප ගෙදර ඉදිරිපස ඇති කොන්ක්‍රීට් පෝටිකෝවේ ඇති කුහරයක මීමැස්සන් සිටින බව අපගේ දරුවෝ සොයා ගත්හ. ඒහෙයින් බෙහෙත් විදිනයත් සමග මම සටනට ගියෙමි. මීමැස්සන් පස් දෙනෙකු මට විද්දෝය.

කෘමීන් මට විදිනවාට මම කැමති නැත. නමුත් මාගේ දරුවන්ට හෝ භාර්යාවට විදිනවාට වඩා එය හොඳය. මාගේ රැකියා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ මාගේ පවුලේ ආරක්‍ෂාවයි. මාගේ…

ප්‍රේමයේ විශාල ප්‍රකාශයන්

අපගේ වාර්ෂික විවාහ සැමරීමේදී ඇලන් මා හට නැවුම් මල් පොකුරක් සෑම වසරකම තෑගි කරයි. ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරන කාලයකදී ඔහුගේ රැකියාව නැති විය. ඒහෙයින් ප්‍රේමයේ විශාල ප්‍රකාශ කිරීම දිගටම කර ගෙන යයි කියා මම කල්පනා නොකළෙමි. නමුත් අපගේ 19 වන සැමරීමේදී නැවතත් අපගේ කෑම කාමරයේ එම මල් ප්‍රදර්ශනය විය. ඊට හේතුව මෙම චාරීත්‍රය කර ගෙන යාම ඔහුගේ ආශාව වූ නිසාය. මෙම පුද්ගලික ප්‍රේමය ප්‍රකශ…