අසාමාන්‍ය උපක‍්‍රම
1980 බොස්ටන් මැරතන් තරඟ පැවැත්වෙන විට ස්ත‍්‍රියක් උමං දුම්රියට දුවවිත් ගොඩවූවාය. එම ක‍්‍රියාවේ විශේෂත්වයක් නැත. එහෙත් ඇය තරඟයේ දිවිය යුතු විය. තරඟය බලා සිටි අය දුටුවේ ඇය තරඟය අවසන් කිරීමට සැතැපුමක් පමණ තිබියදී ඊට අවතීර්ණ වූ බවය. අනිත් සියලු ස්ත‍්‍රීන් ඉදිරියෙන් ඇය තරඟය අවසන් කළාය. ඇය වෙහෙසව සිටියේවත් දහඩියෙන් නැහැවී සිටියේවත් නැත. ටික වේලාවකට ඇය ජයග‍්‍රාහිකාව ලෙස පෙනිණි.
බොහෝ කලකට…
කටුස්සාගේ බඩගෑම
කටුස්සා ගැන බොහෝ විට අප සිතන්නේ උගේ පාට මාරුකිරීමේ හැකියාව ගැනය. එහෙත් කටුස්සාට තවත් මනහර ගුණාංගයක් තිබේ. අඩිපාරක් දිගේ යන කටුස්සා දෙස බලා මා සිත්නේ ඌ උගේ ගමනාන්තයට යන්නේ කවදාද කියාය. කටුස්සා අලසකමින් එක් පාදයක් දිගුකරයි. ඌ සිත වෙනස් කරන්නාක් මෙන් පෙනේ. නැවත ඌ උත්සාහ කරයි. ඉන්පසු අලස පාදයක් නැවත ඉදිරියට තබයි. ඒ පොළොව පෙරළේ යැයි බියකින් මෙනි. දිනක් කෙනෙකු "අද…
උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාව
මිතුරියකගේ දරුවෙකු වෙව්ලීමට පටන්ගත්තේය. ඔව්හු දරුවා ගිලන් රථයකින් ඉක්මන් රෝහලට ගෙන ගියෝය. තම දියණිය ගැන යාච්ඤා කරද්දී ඇයගේ හදවත ගැහෙමින් තිබිණි. දරුවාගේ ඇඟිලි අල්ලාගන සිටින විට දරුවාට ඇති දැඩි ප්‍රේමය අලුත්වී ඉස්මතුවිය. එසේම ස්වාමින්වහන්සේ අපට කෙතරම් පේ‍්‍රමකරන්නේද? අප උන්වහන්සේගේ "ඇසේ කළු ඉංගිරියාවය" යන්න ඇයගේ මතකයට නැගිණ.
බබිලෝනියේ වහල්කමේ සිට නැවත යෙරුසලමට පැමිණි සෙනඟට කළ කථාවේදී අනාගතවක්තෘ සෙකරියා මෙම වැකිය පාවිච්චිකළේය. ඔහු ඔවුන්ට පසුතැවිලි වන්නටද…
ශ්‍රේෂ්ඨ පූජාව
නිර්මාණශීලී පත‍්‍රකලාවේදියෙකුවූ ඩබ්ලිව්. ටී ස්ටෙඞ් 20වන සියවසේ මුල් භාගයේදී විවාදාත්මක සමාජ විමර්ශන ලිවීම ගැන ප‍්‍රසිද්ධ විය. ඔහු ලියූ රචනා දෙකක සඳහන් වූයේ නැව් වල ඇති ජීවිතාරක්ෂක බෝට්ටුවල ඇති අඩුපාඩු ගැනය. අවාසනාවකට උතුරු අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක හැපුණු ටයිටැනික් නැවේ ඔහුද සිටියේය. එ් 1912 අපේ‍්‍රල් 15 වැනිදාය. එක් වාර්තාවකට අනුව ඔහු ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩවීමට ස්ත‍්‍රීන්ට සහ දරුවන්ට උපකාර කළේය. එසේම ඔහුගේ ආරක්ෂිත කබායද බෝට්ටුවේ ස්ථානයද…
මේ දවසේ
වෛද්‍යාචාණි වර්ජීනියා කොනලි වයස 27දී විරෝධතා සහ විවේචන නොතකා ටෙක්සාස් ඇබිලීන්හි පළමු කාන්තා වෛද්‍යවරිය බවට පත්වූවාය. 2012දී ඇයගේ 100 වැනි උපන් දිනයට මාස ගණනකට පෙර ටෙක්සාස් වෛද්‍ය සභාව විශිෂ්ඨතා සේවා සම්මානය ඇයට පිරිනැමීය. එය එහි වෛද්‍යවරයෙකුට දිය හැකි උසස්ම සම්මානයයි. එම විශේෂිත සිද්ධි දෙක අතර වෛද්‍ය කොනලි ඇයගේ වෛද්‍ය දූත සේවය තුළින් ලොව වටා ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමේ තම ආශාව ක‍්‍රියාත්මක කළාය. එය…
හදවත් පරික්ෂාව
චිකාගෝ දුම්රියට ගොඩවූ විට මම ලියවී නැති "හැසිරීමේ නීති රීති අනුගමනය කරමි." අවට සිටින නාඳුනන පුද්ගලයන් සමඟ කථා නොකරන්න. ජීවිතයට නාඳුනන පුද්ගලයෙකු දැක නැති මා වැනි අයෙකුට එය ඉතා අසීරුය. අලූත් අයට කථා කිරීමට මම ඉතා ප‍්‍රිය කරමි මා නිශ්ශබ්දව සිටියද ඔවුන් කියවන පත්තර පිටුවෙන් සෙනඟ කව්දැයි හඳුනාගැනීමට පුළුවන් බව මම දනිමි. ඔවුන් පළමුවෙන් හරවන පිටුව දෙස මම හොඳින් බලමි.…
උගුල මඟහැරීම
වීනස් මැසි උගුලට දින 10කින් පමණ මැස්සෙකු ජිර්ණය කර ගැනීමට හැකිය. ක‍්‍රියාවලිය ආරම්භ කරන්නේ අහිංසක කෘමියෙකු පැණි සුවඳට ශාකයේ කොළ වල වසන විටය. ශාක කොළ ක්ෂණිකව උගුලක් මෙන් වැසේ. කෘමියා ශාකයේ පහළට යයි. තත්පර ගණනකින් ඌ හසුවේ. ඉන්පසු ජිර්ණය කරන යුෂ කෘමියා දිය කරයි.
මේ මාංශ භදික ශාකය මට මතක් කරන්නේ අප පාපයට ඇදී ගිය විට පාපය අපට කරනදේය. පාපය…
මා වෙහෙසවන්නේ කා උදෙසාද?
හෙන්රි සතියකට පැය 70ක් වැඩ කළේය. ඔහු තම රැකියාවට ආදරය කළේය. ඔහුට හොඳ වැටුපක් ලැබිණි. ඔහුගේ පවුලට යහපත් දේ ඔහු ගෙනාවේය. වැඩ අඩු කිරිමට ඔහු සැමදා සැලසුම් කළේය. එහෙත් එය සිදු වුණේ නැත. එක් දිනක් ඔහු හොඳ ආරංචියක් ඇතුව ගෙදර ආවේය. සමාගමේ ඉහළම තනතුර ඔහුට ලැබී තිබිණි. එහෙත් කිසිවෙකු නිවසේ සිටියේ නැත. වසර ගණනාවක් තිස්සේ ඔහුගේ දරුවන් හැදී වැඩී වෙනත් ස්ථාන වල…
මිහිරි මතකය
1922දී මිසර රජෙකුවූ ටූටන්කාමන්ගේ සොහොන සොයාගත් විට එය පිරී තිබුණේ මතු ලෝකයට අවශ්‍ය යැයි පුරාණ මිසරයන් සිතා සිටි දේවලිනි. එ් අතර රූප, රන් ආභරණ, ඇඳුම්, ලී බඩු, යුදායුධ, සහ පැණි බෝතලයක්ද විය. වසර 3200කට පසුවද එය කෑමට සුදුසු විය.
අද අපි පැණි ගැන සිතන්නේ පැණි රසයක් ලෙසය. එහෙත් පුරාණ ලෝකයේ එය බොහේ දේවලට භාවිතා විය. ජීවිතය නඩත්තු කිරීමට අවශ්‍ය සියලු අංග…
ධෛර්යවත් වෙන්න!
කුරුල්ලන් සෙල්ලම් කරනවා බැලීමට මම කැමැත්තෙමි. එහෙයින් අපගේ නිවස පිටුපස වත්තට උන් ගෙන්වා ගැනීමට ස්ථානයක් පිළියෙළ කළෙමි. මාස කිහිපයක් මාගේ කුරුළු මිතුරන් එහා මෙහා යනවාත් කෑම කනවාත් බලා සතුටු වීමි. එහෙත් ඉන්පසු උකුස්සෙක් එ් රක්ෂිත ස්ථානය පුද්ගලික දඩයම් ස්ථානයක් කර ගත්තේය. ජීවිතය එවැනිය. අප පහසු ගන්නට සැරසෙන විට අපගේ කූඩු ඇවිස්සීමට කවුරුන් හෝ නැතිනම් කුමක් හෝ පැමිණේ. ජීවිතය කඳු ජලාශයක් වන්නේ ඇයි දැයි…