ප්‍රවර්ගය  |  Uncategorized

පැරෂූට් බල්ලෝ

දෙවන ලෝක යුද්ධ කාලයේ සිටි පැරෂූට් බල්ලන් ගැන අසා මම විස්මයට පත්වීමි. 1944 ජූනි 6 වැනි දින එනම් ඉරණම් දිනයට පුහුණු වන විට භයංකාර ස්ථාන ගැන හමුදාවට දැන්වීම සඳහා එක්සත් හමුදාවට බල්ලන්ගේ දැඩි ඉව අවශ්‍ය විය. සතුරන් අසල සිටින හමුදාව වෙත බල්ලන් ගෙන යාමට තිබූ එකම ක‍්‍රමය පැරෂූට්ය. එහෙත් බල්ලෝ මෙයට බිය වූහ. අවංකව කියන්නේ නම් භය වූයේ බල්ලන් පමණක්…

මැස්සෙකුට වෙඩි තබන්නාක් වැනි

2010 ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ විශාල පිපිරීමෙන් චිලී රටේ ආකරයක හිරවූ කම්කරුවන් මුදවා ගැනීමේදී පොළොවයට ඇති පතල් සිතියම් ගත කිරීමට මැකැරෙනා වැල්ඩෙස්ට තිබූ නිපුනතාවය විශාල උපකාරයක් විය. මිනිසුන් සිටින තැන නිවැරදිව සෙයාගෙන කැනීම් කිරීම "මීටර් 700ක සිට මැස්සෙකුට වෙඩි තැබීම වැනිය"යි ඇය කීවාය. ආකර සම්බන්ධ ඇයගේ අත්දැකීම නිසා කම්කරුවන් සිරවී සිටි ස්ථානය සොයා ගැනීමටත් ඔවුන් පුදුමාකාර ලෙස මුදා ගැනීමටත් උපකාර කිරීමට…

දඩ කොළයක් පමණයි

ස්ත‍්‍රියක් පදවාගෙන ගිය රථයක් පොලිස් නිලධාරියෙකු නැවැත්වීය. ඇයගේ කුඩා දියණියට තිබිය යුතු විශේෂ ආසනය එහි නොතිබිණ. මාර්ග නීති කැඩූ බවට ඇයට දඩ කොළයක් නිකුත් කිරීමට නිලධාරියාට හැකියාවක් තිබිණ. ඒ වෙනුවට ඔහු මවටද දියණියටද අසල ඇති සාප්පුවකට එන්න කීවේය. අවශ්‍ය ආසනය ඔහුගේ මුදලින් ඇයට රැගෙන දුන්නේය. එම ස්ත‍්‍රිය ආර්ථික අමාරුකම් වලින් පෙළුණු අතර ආසනය ගැනීමට අවශ්‍ය මුදල් ඇයට නොවීය.

ඇයගේ වරදට…

පරිපූර්ණ ත්‍යාගය

සැම වසරකම අප ප‍්‍රදේශයේ උද්භිද උද්‍යාන ලොව වටා නත්තල් සැමරීම පිළිබඳ උත්සවයක් පවත්වයි. මා ආශා කරන ප‍්‍රදර්ශනය නම් ප‍්‍රංශ නත්තල් නාට්‍යයි. සම්ප‍්‍රදායානුකූල එඩේරු සහ ශාස්ත‍්‍රවන්තයන් රන්, කට්ටකුමන්ජල් සහ සුවඳලාටු ගෙනෙනවා වෙනුවට එහි පෙන්වන්නේ ප‍්‍රංශ ගොවියෝ පාන්, මිදියුෂ, චීස්, මල් සහ යමක් නිපදවීම පිණිස දෙවියන්වහන්සේ ඔවුන්ට හැකියාව දී ඇති දේවල් ගෙන එ්මයි. එය මට මතක් කරන්නේ ස්වාමින්ගේ ගෘහයට ප‍්‍රථම ඵල ගෙන…

විශ්වාසවන්ත සේවකයා

මදලේනෝ මේසන් බාස් කෙනෙකි. සඳුදා සිට බ‍්‍රහස්පතින්දා දක්වා ඔහු බිත්ති බඳී, වහලවල් අලුත් වැඩියා කරයි. ඔහු වැඩි කථාබහක් නැති අයෙකි. ඔහු විශ්වාසවන්තය, වෙහෙසවී වැඩකරන්නේය. සිකුරාදා සිට ඉරිදා තෙක් ඔහු කඳුරටට ගොස් දේව වචනය දේශනා කරයි. මදලේනෝ "නහුආටල්" නම් මෙක්සිකානු උප භාෂාව හොඳින් දනී. එහෙයින් එම පාළාතේ ජනයාට ශුභාරංචිය කීම ඔහුට පහසුය. ඔහුගේ වයස 70කි, එහෙත් තවම ඔහු ගෙවල් සාදයි. එසේම…

නත්තලේ උපත

ලෝකයට යහපත් ආරංචිය ගෙනෙන පිණිස ගාබි‍්‍රයෙල් දේවදූතයා මරියාට දිස්වී පසුව එඩේරුන්ට පෙණී ලෝකයට ශුභාරංචිය ගෙනෙන විට එය මෙම යෞවන ස්ත‍්‍රියට යහපත් වන්න ඇද්ද (ලූක් 1:26-27; 2:10) සමහර විට මරියා සිතන්න ඇත්තේ "මාගේ ගැබ්ගැනීම මාගේ පවුලේ අයට විස්තර කරන්නේ කෙසේද? මාගේ ප්‍රේමවන්ත යෝසෙප් ගිවිසුම අවලංගු කරයිද? ගමේ අය මොනවා කියයිද? මාගේ ජීවිතය බේරුනත් තනි මවක් ලෙස මා ජීවත් වන්නේ කෙසේද?" යනුවෙන්…

නත්තල කුමක් ගැනද?

වසර 50කට වැඩි කාලයකට ඉහතදී "චාර්ලි බ‍්‍රවුන්" කාටූනයේ නත්තල් වැඩසටහන පළමුවරට ඇමරිකානු රුපවාහිනියේ ප‍්‍රචාරය විය. සමහර රුපවාහිනී ජාලයන් සිතුවේ එය සෙනඟ ගණන් නොගෙන සිටීවි කියාය. තවත් සමහරු බයිබල් පද භාවිතය ප්‍රේක්ෂකයන් වැරදියට තේරුම් ගනීවි කියා කීවෝය. නත්තල් කතාව ඉවත් කරන්න යැයි සමහරු එහි නිර්මාතෘ චාර්ල්ස් ෂූල්ට්ස්හට කිය. ෂූල්ට්ස් කීවේ එය පෙන්විය යුතු බවය. වැඩසටහන ඉතා සාර්ථක විය. 1965 සිට අද…

කනස්සල්ලෙන් තොර

වත්මන් සිද්ධීන් සම්බන්ධව දැනුවත් වීමේ අවාසි පැත්තක්ද ඇත. හොඳ ප‍්‍රවෘත්ති වලට වඩා නරක ප‍්‍රවෘත්ති ඉක්මනින් විකිණේ. අපට පාලනය කිරීමට නොහැකි, සමහර පුද්ගලයන්ගේ, සෙනඟගේ හෝ ආණ්ඩු වල අපරාධ ගැන උවමනාවට වඩා සැලකිලිමත්වීමේ පරීක්ෂාවක් අපට ඇත.

ගීතාවලිය 37 දෛනික ප‍්‍රවෘත්ති ගැන දැක්මක් දෙන්නේය. දාවිත් ආරම්භ කරන්නේ "නපුර කරන්නන් නිසා කලනොකිරෙව" කියාය (1 පදය). අධික කණස්සල්ල වෙනුවට කළහැකි දේවල් වල සැකිල්ල ඔහු ඉන්පසු…

ප‍්‍රීති නොවිය යුතු කුමන වේලාවට ද?

ඝානාවේ ආකන් සෙනඟගේ හිතෝපදේශයක් වන්නේ "කබරයා තරහවන්නේ ගල් ගැසූ කොල්ලන් එක්ක නොව ඌගේ දුක දැක ප‍්‍රීතිවූ කොල්ලන් එක්කය" යන්නයි. යමෙකු වැටුණු විට ප‍්‍රීතිවීම එ් වැටීමට පංගුකාරවීමකි. එසේම එ් පුද්ගලයාට තවත් දුක්වේවා!යි පැතීමකි.

යෙරුසෙලමේ මාළිගාව "කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ‍්‍රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යුදා වංශය වහල්කමට ගිය නිසා ඔවුනට විරුද්ධවද නුඹ ඔහෝ යැයි...." කියා කුරිරු ලෙස ප‍්‍රීතිවූ අම්මෝනිවරුන්ගේ…

පළිඟු වෙරළ

20වන සියවසේ මුල් භාගයේදී කැලිෆෝර්නියාවේ, ෆෝර්ට් බ‍්‍රැග්හි ජීවත්වූ සෙනඟ තම කුණු කඳු මුදුනකින් අසල තිබූ මුහුදු වෙරළකට විසි කළෝය. ටින්, බෝතල්, පිඟන් බඩු, සහ තවත් කුණු විශාල ප‍්‍රමාණයක් අප‍්‍රියජනක ලෙස එහි ගොඩගැසී තිබිණ. වෙරළට කුණු දැමීම නතරවූ විටද එය ලැජ්ජාවක් විය.

කෙසේ වෙතත් වසර ගණනාවක් තුළ මුහුදු රැළි වීදුරු සහ පිඟන් කටු, කැබළි බවට පත් කොට කුණු සාගරයට රැගෙන ගියේය.…