ප්‍රවර්ගය  |  Uncategorized

විශාලතම ත්‍යාගය දිනීම

මිනිස් උත්සාහයන්ගේ සෑම ක්ෂේත‍්‍රයකම පිළිගැන්ම සහ සාර්ථකත්වය ලෙස සැලකෙන එක් උච්චතම ත්‍යාගයක් ඇත. ඔලිම්පික් රන් පදක්කම්, ග‍්‍රැමී ත්‍යාගය, ඇකඩමි ත්‍යාගය සහ නොබෙල් ත්‍යාගය "උසස්ම ත්‍යාග" අතර වේ. එහෙත් ඕනෑම කෙනෙකුට දිණිය හැකි ශ්‍රේෂ්ඨතම ත්‍යාගයක් ඇත.

ප‍්‍රථම සියවසේවූ මලල ක‍්‍රීඩා උත්සවයක් ගැන පාවුල් දැන සිටියේය. ත්‍යාගය දිනීම සඳහා තරඟකරුවෝ පූර්ණ උත්සාහය දැරුවෝය. එය සිතෙහි තබාගෙන ඔහු පිලිප්පියේ ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් කණ්ඩායමකට ලීවේ…

අපගේ මූලික සැලකිල්ල

අවට අයගෙන් එන පීඩනය දෛනික ජීවිතයේ කොටසකි. දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කරන දේටත් අප හරියි කියා සිතන දේටත් වඩා අපගේ තීරණ අප පදනම් කරන්නේ අන් අය සිතන සහ කියන දේවල් මතය. අප විනිශ්චයට ලක්වෙතැයි හෝ අප සිනහවට භාජනය වෙතැයි කියා අපි කණස්සලු වෙමු. පාවුල් අපොස්තුළුවරයාද අන් අයගේ පීඩනයට සෑහෙන දුරට ලක්වූ අයෙකි. සමහර යුදෙව් කිතුනුවන් විශ්වාස කළේ අන්‍ය ජාතීන් නිසි ගැළවීම ලැබීම…

ලියා තිබෙන ලෙස

ඉලෙට්‍රොනික, ලී හෝ වෙනත් මෙවලමක් සවි කිරීමේදී මගේත් මාගේ පුත‍්‍රයාගේත් ක‍්‍රම වෙනස් වේ. ස්ටීව් තාක්ෂණයට බරය. එහෙයින් ඔහු උපදෙස් පත‍්‍රිකාව පැත්තකට දමා සවිකිරීම ආරම්භ කරයි. මා උපදෙස් උනන්දුවෙන් කියවමි. මා පත‍්‍රිකාව කියවා අවසන් කරන විට ඔහු භාණ්ඩයෙන් භාගයක්ම සකසා අවසාන කරයි.

උපදෙස් නැතිව ජීවිතය ගත කිරීමට සමහර විට අපට හැකිය. එහෙත් දෙවියන්වහන්සේගේ යහපත්කම සහ ප‍්‍රඥාව පරාවර්තනය කරන්නාවූ ජීවිතයක් එකට සන්ධිකරන…

පුත‍්‍රයා පරාවර්තනය කිරීම

උතුරු අක්ෂාංශවල සහ උස් කඳු ශිඛරවල පිහිටා ඇති නිසා නෝර්වේ රටේ සෘජුකාන් නගරය ඔක්තෝම්බර් සිට මාර්තු දක්වා හිරු එළිය දකින්නේ නැත. නගරය ආලෝකමත් කිරීමට පුරවැසියෝ කඳුවල විශාල කණ්නාඩි සවිකර හිරු එළිය නගර මධ්‍යයට පරාවර්තනය කර ගන්නෝය. නගරයට අඛණ්ඩ දීප්තිය දීමට හැකිව ඇත්තේ නැග එන සහ බැස යන හිරු සමඟ විශාල කණ්නාඩිද කැරකෙන නිසාය.

ක‍්‍රිස්තියානි ජීවිතයද එවැනි සිද්ධියක් ලෙස දැකීමට මම…

උන්වහන්සේගේ හස්තයේ සුරක්ෂිතය

මගේ දුව ශල්‍යකර්මයකට මුහුණ දුන් පසු මම ඇයගේ ඇඳ අසල වාඩිවී සිටියෙමි. මාගේ දියණිය ඇස් අරින විට ඇයට වේදනාව දැනී ඇඬීමට පටන්ගත්තාය. මම ඇය අතගාමින් සැනසීමට උත්සාහ කළෙමි. එහෙත් ඇය තවත් වැඩියෙන් ඇඬුවාය. ඉන්පසු හෙදියක් සමඟ එක්ව ඇයව ඔඩොක්කුවට ගතිමි. ඇයගේ කඳුළු පිසදමා ඇයට සනීපවේ යැයි මම මතක් කළෙමි.

යෙසායා තුළින් දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල්වරුන්ට කීවේ "මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන්…

ගැටළු හවුලේ බෙදාගැනීම

ඇන්සැක් දිනයේ සියවස් සැමරුම වැටී තිබුණේ 2015 අපේ‍්‍රල් 25 වැනිදාටය. එය ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ සෑම වසරකම පැවැත්වේ. එය සමරන්නේ ලෝක යුද්ධයේදී ඕස්ටේ‍්‍රලියා සහ නවසීලන්ත යුධ හමුදාවල, එක් හමුදාවක් ලෙස එක්ව සටන් කළ විරුවන්ට ගරුකිරීමටය. ඉන් සලකුණු වන්නේ යුද්ධයේ භයානකකම් වලට එක් රටකටවත් තනිව මුහුණ දීමට හැකි නොවීමය. එ් රටවල් දෙකෙන්ම සොල්දාදුවෝ අරගලයේදී එකට සටන් කළෝය.

ජීවිත අරගල බෙදාගැනීම ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්…

අප කව්දැයි දැනගනිමු

කොරී ටෙන් බූම්, ඇය ලිවූ චරිතාපදානයෙහි 1940 ගණන්වල තමා සහ තම සහෝදරිය වන බෙට්සි නාසි වධකාගාරවල සිටියදී විඳි කුරිරු අත්දැකීම් බෙදාගත්තාය. එක්වරක් නිරීක්‍ෂණයක් තුළදී ඔවුන්ගේ අඳුම් ගළවන්ට අණ ලැබිණ. කොරී පෝළිමේ සිටියාය. ඇයට ලැජ්ජාවද තමාව අත්හැර ඇතැයි යන හැඟීමද ඇති විය. ක්‍ෂණිකව ඇයට මතක්වූයේ යේසුස්වහන්සේ නිරුවත්ව කුරුසියේ ඇණගසා සිටි බවය. ඇය නමස්කාරයෙන් පූර්ණවී තම නැගණියට මිමිණුවේ "බෙට්සි ඔවුන් උන්වහන්සේගේ ඇඳුම්ද…

බලවත් ෆින්ලන්ත ජාතිකයෝ

නපුරු ශබ්දයක් දුරින් ඇසෙන්න පටන් ගත්තේය. ඉන්පසු එය පොළොව දෙදරන බියකරු හඬක් බවට පත්විය. ඉක්මණින්ම සිය ගණන් යුධ ටැංකි සහ පාබල හමුදාවේ දහස් ගණන් පෙනෙන්ට පටන් ගත්තේය. ෆින්ලන්තයේ සිටි සොල්දාදුවන්ට වඩා කිහිප ගුණයකින් විරුද්ධවාදියෝ වැඩිවූහ. මිනීමරු තර්ජන ඉදිරියෙහි එක් ෆින්ලන්ත ජාතිකයෙක් ශබ්ද නගා පැවසුවේ "මේ ඔක්කෝම වළලන්නේ කොහේද?" කියාය.

ෆින්ලන්ත ජාතිකයින් දෙවන ලෝක යුද්ධයේදී එවැනි ධෛර්යයක් පෙන්වීමට වසර 2600කට ප‍්‍රථම,…

විශාල දුගඳ

2013 අගෝස්තුවේ පෙන්සිල්වේනියාවේ පිටස්බර්ග්හි පිප්ස් සංරක්ෂිතයට විශාල සෙනඟ ක් රැස්වූයේ මළමිනී මල ලෙස හැඳින්වෙන ඝර්ම කලාපීය මල පිපෙනවා බැලීමටය. එය ඉන්දුනීසියාවට ආවේනික මලක් නිසාද පිපෙන්නේ වසර කිහිපයකට වරක් පමණක් නිසාද එ්වායේ පිපීම ඉතා මනරහ දර්ශනයකි. විවර වූ විට කූරු සහිත අලංකාර විශාල රතු මල කුණු මස් දුඟදක් වහනය කරයි. එම දුර්ගන්ධය නිසා මලට කුණු මස් සොයා යන මැස්සන් සහ කුරුමිණියන්…

පාත්තයින් සහ අසීරු පුද්ගලයන් ගැන

අප වත්මන් නිවසට පැමිණි මුල් කාලයේ අසල වසා සිටි පාත්තයන්ගේ අලංකාරය මම රස වින්දෙමි. උන් එකිනෙකාට සැලකූ ආකාරය ද ජලයෙහි උන් පේළියට ගමන් කළ ආකාරයද ගුවනේ ඉංග‍්‍රීසි වී අකුරේ හැඩයට කණ්ඩායම ගාම්භීර ලෙස පියාසර කළ ආකාරයද මම ඉතා අගය කළෙමි. එසේම උන්ගේ පැටවුන් හදා වඩා ගන්නා ආකාරය බලා සිටීමද ඉතා මනහර විය.

ඉන්පසු ග‍්‍රීෂ්මය පැමිණියේය. තටු ඇති මාගේ මිතුරන් ගැන…