ප්‍රවර්ගය  |  Uncategorized

නැවත නම් එපා!

මාගේ ජංගම දුරකථනයේ විද්‍යුත් පණිවුඩය කියවමින් සිටියදී මාගේ ශරීර උෂ්ණත්වය වැඩිවීමට පටන්ගත්තේය. මාගේ ලේ දැවෙන්නට විය. සිත කැඩෙන පණිවුඩයක් යැවීමට ඔන්න මෙන්න කියා තිබිණ. එවිට අභ්‍යන්තර හඬක් මට කීවේ නිශ්චලවී පසු දින පිළිතුරු දීමටය. හොඳ නින්දකින් පසු පසුදින උදෑසන මා කලබලයට පත් කළ විශාල කාරණාව ඉතා සුළුයැයි මට හැඟින. මම එය ප‍්‍රමාණයට වඩා විශාල කරගෙන තිබිණ. ඊට හේතුව අන් කෙනෙකුගේ…

යේසුස්වහන්සේගේ සිතුවම

සුප‍්‍රසිද්ධ ඇමරිකානු කාන්තාවන්ගේ සිතුවම් නම් පොතෙහි රොබර්ට් හෙන්කිස් ලියන්නේ "සිතුවමක් යනු ඡායාරූපයක් නොවේ. එසේම එය අනුරුවක්ද නොවේ" කියාය. සිතුවම පිටස්තර පෙනීමෙන් ඇතුලට ගොස් මනුෂ්‍ය ආධ්‍යාත්මයේ භාවමය ගැඹුර සොයන්නේය. සිතුවමෙන් සැබෑ කලාකරුවා "පුද්ගලයා සැබැවින්ම කව්ද යන්න" පෙන්වීමට උත්සාහ කරයි.

සියවස් ගණනාවක් පුරා යේසුස්වහන්සේගේ බොහෝ චිත‍්‍ර ඇඳ තිබේ. ඔබ ඒවා සභාවක හෝ කලාගාරයක දැක ඇත. සමහර විට ඉන් එකක් ඔබගේ නිවසේ තිබෙනවා විය…

අය සහ වැය

අසල විද්‍යාලයක මාගේ ස්වාමිපුරුෂයා ගිණුම් පන්තියක් කරන කාලයේ මමද එක් විභාගයකට පෙනී සිටියෙමි. එ් මට කෙතරම් හොඳින් එය කිරීමට හැකිදැයි බැලීමටය. ප‍්‍රතිඵලය යහපත් නොවීය. මම සෑම ප‍්‍රශ්නයක්ම වැරදියට ලිවීමි. මාගේ නොහැකියාවට හේතුව නම් මා ආරම්භ කළේ මූලික බැංකු සංකල්පයක් වැරදියට තේරුම් ගෙන වීමය. මම අය සහ වැය පටලවා ගතිමි.

ආත්මික ක්ෂේත‍්‍රයේද සමහර විට අපි අය-වැය පටලවා ගනිමු. එ් අපි සැම…

උපකාරයට මම ඇවිත් සිටිමි

19වන සියවසේදී නිව්යෝර්ක් නගරයේ තිබූ දරිද්‍රතාව ගැන ජේකම් රීස් ලිවූ පැහැදිලි වාර්තාව නොසැලකිල්ලෙන් කාලය ගත කළ පුරවැසියන් බියට පත් කළේය. "අනිත් අර්ධය ජීවත් වන්නේ කෙසේද?" යන ඔහුගේ පොත ඔහුගේ රචනා සහ ඔහුගේම ඡායාරූපවලින් සමන්විත වූ අතර පොදු ජනතාවට අනිවාර්යයෙන් පවතින දරිද්‍රතාවය දෙස නොබලා සිටිය නොහැකි විය. ඔහු දරුවන් 5 දෙනෙකු සිටි පවුලක තුන්වැන්නා විය. දැඩි කාළකණ්නි ලෝකයේ ඔහු ජීවත්ව සිටි…

භාජනයේ පිටි මිශ‍්‍රණය

මාත් මාගේ දියණියත් සුප ශාස්ත‍්‍ර ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස චොක්ලට් ස්පන්චි සලකන්නෙමු. එක් දිනක් අප කැමතිම චොකලට් කෑම මිශ‍්‍ර කරන විට මිශ‍්‍රණ භාජනයේ තිබූ වැඩිපුර කොටස පුච්චන තැටියට වත්කළෙමි. ඉතිරිය රස විඳීමට මාගේ දියණියට අවශ්‍ය විය. මම සිනහවී කැමැත්ත දුනිමි. "ඕකට කියන්නෙ ඇහිඳිනවා කියලා. එය ආරම්භවුනේ ස්පන්චි වලින් නොවේ" මම ඇයට කීමි.

අපගේ ස්පන්චි ව්‍යාපෘතියේ ඉතිරිය රස විඳින විට…

අනාවැකි කිව නොහැකි

2003, එක්සත් ජනපද විවෘත ගොල්ෆ් තරඟයකදී වැඩි ප‍්‍රසිද්ධියක් නොඉසිලූ හිලරි ලුන්ක්, කාන්තා ගොල්ෆ් තරඟ සඳහා වන විශාලම මුදල් ත්‍යාගයද ඉතිහාසයේ ස්ථානයක්ද දිනාගත්තාය. ඇය එක්සත් ජනපද විවෘත තරඟය කුහර 18කින් ජයගත්තා පමණක් නොව එය ඇයගේ එකම වෘත්තීමය ජයග‍්‍රහණය ද විය. ඇයගේ විස්මය ජනක සහ උත්තේජනාත්මක ජයග‍්‍රහණය පැහැදිලි කරන්න ක‍්‍රීඩාවේ ඇති වඩාත් මනහර කාරණය නම් එහි ඇති අනාවැකි කිව නොහැකි තත්ත්වයයි.

ජීවිතයේ…

වැරදි සොයන්නන්ගේ සංසදය

බොහෝ අය මෙන් මාද පත්තරයක් හෝ සඟරාවක් කියවන විට ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසයේ වැරදි දකිමි. මා වැරදි සෙවීමට උත්සාහ කරනවා නොවේ. එ්වා පිටුවෙන් මා වෙත පැන එන්නේය. සාමාන්‍යයෙන් මාගේ ප‍්‍රතිචාරය එය ප‍්‍රකාශ කළ අයට දොස් පැවරීමයි. "ඔවුන් සංස්කාරකවරයෙක් භාවිතා නොකරන්නේ මන්ද?"

ඔබගේ නිපුණතා ක්ෂේත‍්‍රයේ ඔබට එවැනි අත්දැකීම් තිබෙනවා විය හැක. බොහෝ විට පෙනී යන්නේ අප යමක් ගැන වැඩියෙන් දනී නම්…

පවුලේ වරප‍්‍රසාදය

ඝානාවේ ප‍්‍රාථමික පාසැලක මා සිටින කාලයේ මගේ දෙමාපියන්ගෙන් ඈත්වී ඉතා ප්‍රේමණීය ලෙස මට සැලකූ පවුලක් සමඟ සිටීමට මට සිදුවිය. එක් දිනක් විශේෂ රැස්වීමක් සඳහා සියලු දරුවෝ එකතුවූහ. පළමු කොටසේදී අපි එකිනෙකා අපගේ පුද්ගලික අත්දැකීම් බෙදාගතිමු. එහෙත් ඊළඟට "ලේ නෑයින්" පමණක් සිටීම අවශ්‍යවූ බැවින් ඉවත්ව සිටින්න යැයි ඔව්හු කරුණාවෙන් මට ආයාචනා කළෝය. එවිට සැබෑ යථාර්ථය මගේ සිතට වැදිණ. මම "මේ ගෙදර…

චෙස් විශේෂඥ

උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ මම චෙස් ක‍්‍රිඩාවට ඇති මාගේ හැකියාව ගැන ආඩම්බර වීමි. මම චෙස් සංගමයට බැඳී අනිත් ක‍්‍රීඩකයන් සමඟ මේස වටා වාඩිවී විවේක කාලයේ ක‍්‍රීඩා කළෙමි. එසේම "සම්භාවනීය රජ ඉත්තන් කොටු කිරීම" වැනි මාතෘකා ඇති බොහෝ පොත් කියවීමි. මම තාක්ෂණය ඉගෙන ගතිමි. බොහෝ තරඟ දිනීමි. ඉන්පසු වසර 20ක් ක‍්‍රීඩාව පසෙකට දැමීමි. දිනක් ඉතා අනර්ඝ චෙස් ක‍්‍රීඩකයෙකු මට හමුවිය.…

අන්තර්ජාල ප‍්‍රඥාව

බොහෝ අන්තර්ජාල ප‍්‍රවෘත්ති වල පහළටම කියවන්න. එවිට "ඔබගේ අදහස්" යන කොටස ඔබට හමුවේ. එහි පාඨකයන්ට තම නිරීක්ෂණ ලිවිය හැක. ප‍්‍රසිද්ධම අන්තර්ජාල අඩවිවල පවා කෲර ප‍්‍රකාශ, නිර්ණාමික අපහාස සහ නම් දැමීම් වල අඩුවක් නැත.

හිතෝපදේශ පොත එකතුකරන ලද්දේ වසර 3000කට පමණ පෙරය. එහෙත් එහි ඇති සැම කාලයටම වටිනා ප‍්‍රඥාව දැන් ලැබෙන ප‍්‍රවෘත්ති මෙන් නැවුම්ය. 26වන පරිච්ජේදයෙහි ඇති හිතෝපදේශ දෙකක් බැලූ බැල්මට…