කෝරෙෂ් සිලින්ඩරය
1877දී පුරා විද්‍යාඥයෝ ඉරාකයෙන් (බබිලෝනිය) ඉතා වැදගත් භාණ්ඩයක් සොයාගත්හ. එහි දිග අඟල් 9කි. වසර 2500කට පෙර කෝරෙෂ් රජු කළ යමක් එම සිලින්ඩරයෙහි සඳහන්වේ. සෙනඟට තම ශුද්ධ දේශවලට ගොස් තම "ශුද්ධ නගරයන්" ගොඩනැගීමට ඉඩ දුන් බව එහි සඳහන්වේ.
එස්රා 1හි සඳහන් වන කථාවද එයමය. "ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළඹවූසේක" (1 පදය). කෝරෙෂ් ප‍්‍රකාශ කළේ තමා යෙරුසලමට ගොස් ඔවුන්ගේ නිවාස නැවත…
යුදපිටියෙන් ලිපියක්
දශක දෙකකටත් වැඩි කාලයක සිට ඇන්ඩෘ කැරොල් යුධ සටනකදී තම පවුලේ අය හෝ මිතුරන් විසින් ලියන ලද ලිපි විසිනොකරන ලෙස සෙනඟට ඇවිටිලි කරයි. කැරොල් කැලිෆෝර්නියාවේ චැප්මන් විශ්ව විද්‍යාලයේ ඇමරිකානු යුද ලිපි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවේ. ඇය කල්පනා කරන්නේ පවුල් එකට බැඳ තැබීමට සහ අවබෝධයේ දොරක් විවෘත කිරීම පිණිස එම ලිපි නැතුවම බැරි පුරුකක් ලෙසය. "තරුණ පරම්පරාව මෙම ලිපි කියවන්නෝය, ප‍්‍රශ්න අසන්නෝය. ඉන්පසු…
ගිණිමය දෙබස්
මාගේ ගම පිහිටා ඇති උතුරු ඝානාවේ දෙසැම්බර් සහ මාර්තු අතර වියළි සෘතුවේ ලැව්ගිනි සාමාන්‍ය දෙයකි. ගිනිමැල සහ නොසැලකිලිමත් ලෙස විසිකරන සිගරැට් කොටවලින් ඇතිවන ගිනිපුපුරු සුළඟට ගසාගෙන යෑමෙන් ගොවි පොළවල් අක්කර ගණන් ගිනිගෙන දැවෙනවා මම දැක ඇත්තෙමි. වියළි තණබිම් වලට ගිනි ඇවිලීමට අවශ්‍ය වන්නේ ඉතා කුඩා ගිනි පුපුරක් පමණි.
යාකොබ් දිව විස්තර කරන්නේ ද එලෙසය. ඔහු "එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ…
ඔබගේ අත ඔසවන්න
මිනසෝටා ප‍්‍රාන්තයේ නොර්ත් ෆීල්ඞ් ප‍්‍රදේශයේ ශාන්ත ඕලොෆ් සංගීත කණ්ඩායම අනර්ඝ සංගීත නිපදවීමට ප‍්‍රසිද්ධය. එහි නිපුණත්වයට එක් හේතුවක් නම් ඔවුන්ගේ තෝරාගැනීමේ ක‍්‍රියාවලියයි. ඉල්ලුම්කරුවන් තෝරාගන්නේ ඔවුන් ගායනා කරන ක‍්‍රමයෙන් පමණක් නොවේ. මුළු කණ්ඩායම සමඟ ගායනා කිරීමේදී ඔවුන්ගේ හඬද සැලකිල්ලට ගැනේ. තවත් හේතුවක් වන්නේ සියලු සාමාජිකයන් සංගීත කණ්ඩායම තමන්ගේ මූලික ප‍්‍රමුඛතාව ලෙස සලකා කැපවීමක් කරන අතර දුෂ්කර පුහුණු වීම් සහ සංදර්ශන කාලසටහනට කැමති…
ක‍්‍රිස්තුස් නම් මිදුම්කරුවාණෝ
ක‍්‍රිස්තුස් නම් මිදුම්කරුවාණෝ නැමති සුප‍්‍රසිද්ධ පිළිරුව රියෝද ජැනෙයිරෝ නගරයට ඉහළින් හොඳින් පෙනේ. එය ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුරුවකි. එහි දෑත් දෙපසට දිගුවී ඇත. ශරීරය කුරුසිපත් ආකාරයට සාදා තිබේ. බ‍්‍රසීලියානු ජාතික නිර්මාණ ශිල්පියෙකු වන හෙයිටර් ඩා සිල්වා කොස්තා එය නිර්මාණය කළේය. අළුයම අඳුරෙන් පිටතට එන්නාවූ පළමු රුව ලෙස එය දැකීමත් සන්ධ්‍යාවේ බැසයන හිරු පිළිරුවේ හිස වටා ආලෝක කදම්බයක් ලෙස පුරවැසියන් දැකීමත් ඔහුගේ බලාපොරොත්තුව විය.…
අදිමදි කරන අය ගැළවීම
බොහෝ කලකට පෙර ජීවිතාරක්ෂක පාඩමකදී ගැළවීමට අසීරු ගිලෙන්නට යන පුද්ගලයෙකු ගළවාගන්නා ආකාරය අපට කියාදෙන ලදී. "එම පුද්ගලයාගේ පසුපසින් යන්න. පුද්ගලයාගේ පපුව සහ කිහිලි හරහා එක් අතක් දමාගෙන ආරක්ෂිත ස්ථානයට පිහිනන්න. ඔබ ඔහු ඉදිරියෙන් ගියොත් ගිලෙන පුද්ගලයා ඔබව බදා ගනු ඇත. ඔබ දෙදෙනාම ජලය යටට යනු ඇත" යනුවෙන් උපදේශක අපට උපදෙස් දුන්නේය. ඊට හේතුව තීරණ ගැනීමේ සහ ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කිරීමේ හැකියාව…
රාත‍්‍රියේ හඬක්
ගීතාවලිය 134හි ඇත්තේ පද තුනක් පමණි. එහෙත් කුඩා දේවල් බොහෝ අර්ථවත් බවට එය සාක්ෂිියකි. රාත‍්‍රියක් පාසා රාත‍්‍රියක් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සේවය කරන පූජකයන්හට පළමු පද දෙකෙන් දිරිමත් කිරිමක් ලබා දෙයි. ගොඩනැගිල්ල අඳුරුය, හිස්ය. කිසිවැදගත් දෙයක් එහි සිදු නොවේ. ඔවුන්ට පෙනෙන්නේ එලෙසය. එහෙත් මෙම පූජකයන්ට දිරිය ලැබුණේ "ශුද්ධ ස්ථානය දෙසට ඇස් ඔසවා ස්වාමින්ට ප‍්‍රශංසා" කිරීමටය (2 පදය). තුන්වන පදය රැස්ව සිටින්නන් රාත‍්‍රියේ…
සම්පූර්ණ කථාව
වයස 5ක් වන මාගේ මුණුබුරා ඩලස් ”ක‍්‍රිස්තුස්වහන්සේ කුරුසියේ මැරුණේ ඇයි?” කියා ඇසුවේ ය. එහෙයින් අපි ටිකක් කථා කළෙමු. පාපය ගැනත් අපගේ පූජාව වන පිණිස උන්වහන්සේගේ කැමැත්ත ගැනත් කථා කළෙමු. ඉන්පසු ඔහු සෙල්ලම් කිරීමට ගියේය.
ටික වේලාවකට පසු ඔහුගේ ඥාති සහෝදරිය වන කේටිට ඔහු කථා කරනවා මට ඇසුනි. යේසුස්වහන්සේගේ මරණයට හේතුව ඔහු විස්තර කළේය. ”යේසුස්වහන්සේ මැරිලා නැහැ” කේටි ඔහුට කීවාය ”නැහැ!…
සැඟවුණු අභිරහස්
විශ්වයේ සිදුවන බොහෝ දේ අපි නොදකිමු. බොහෝ දේවල් කුඩා වැඩි නිසාද නැතිනම් අධික වේගයෙන් ගමන් කරන නිසාද එසේ නැතිනම් බොහෝ සෙමින් යන නිසාද අපට එ්වා නොපෙනේ. නූතන තාක්ෂණය යොදා ගනිමින් චිත‍්‍රපට සාදන ලුවිස් ෂ්බට්ස් බර්ග්හට විස්මයජනක සමහර කාරණා අපට පෙන්වීමට හැකියාව ඇත. දළඹුවෙකුගේ මුඛය, කෝඳුරුවාගේ ඇස, හතු පැලවී වැඩීම යනාදිය ඒ අතර වේ.
භෞතික ලෝකයේ සූක්ෂම සහ විස්මිත විස්තර බලා…
එ් සියල්ලම වටී
රෝමානු පුරවැසියන්ගේ විනෝදය පිණිස කිතුනුවන් සිංහයන්හට විසිකිරීම 4වන සියවසේ අවසානය වන විට නැවතී තිබිණ. එහෙත් මරණයේ ක‍්‍රීඩා තවදුරටත් පැවතිණ. දිනක් වහලුන් එකිනෙකා මරා ගැනීමට සටන් කරන විට එක් අයෙකු ධෛර්යය ගෙන ඔවුන් මැදට පැන එය නැවැත් වීය.
ඔහුගේ නම ටෙලිමාර්කස්ය. ඔහු කාන්තාර තාපසයෙකු විය. නිවාඩුවට රෝමයට පැමිණි ඔහුට මෙම ජනප‍්‍රිය ලේ හලා ගැනීමේ ක‍්‍රීඩාව දරා ගැනීමට නොහැකි විය. 5වන සියවසේ…