ජලය මත ඇවිදීම
ඔරු පැදීම ඉගෙන ගන්නා කාලයේ අපේ පාඩම් සිදුවූ කුඩා බෝට්ටු වලට නැගීම පිණිස ජලයේ පාවුණ සෙලවෙන ලී පාලමක මට බොහෝ දුරක් යාමට සිදු විය. මම එයට අකමැති වීමි. සමබර වීමේ හැකියාවක් මට නොතිබිණ. ඔරුවට නගිද්දී පාලමත් බෝටුවත් අතර ඇති ජලයට වැටේ කියා මට බියක් ඇති විය. බෝට්ටුවට ගොඩවීමට උත්සාහ කිරීම අත්හැර දැමීමට මට සිතිණ. "මා දිහා බලන්න" කියා උපදේශක මට…
ලියාම් සමඟ සාප්පු යාම
මගේ පුත් ලියාම් ඔහුගේ මවට කහපාට මල් ගෙන දීමට ඉතා ආශාකරයි. අද වන තෙක් එ්වා පිළිගැනීම ඇයට එපාවී නැත. එක් මනුෂ්‍යයෙකු වල්පැලයක් ලෙස සලකන දෙයක් කුඩා දරුවාට මලකි.
දිනක් මම ලියාම් සමඟ සාප්පු ගියෙමි. අපි මල් තිබුණු කොටසක් පසුකර යන විට ඔහු කහපාට ටියුලිප් මල් වගයක් දැක අත දිගුකොට කීවේ "තාත්තේ! එ් මල් අම්මට අරන් යමු" කියාය. ඔහුගේ ඉල්ලීම ගැන…
සංක‍්‍රාන්තියේ අභියෝගය
වෘත්තීමය මළල ක‍්‍රීඩක ක‍්‍රිස් සැන්ඩර්ස්ට වෘත්තියෙන් ඉවත්වීමට ආබාධයක් හේතුවූ විට හිටපු හමුදා නිලධාරීන් පිරිසක් අමතා ඔහු කීවේ තමා කිසි දිනෙක යුද්ධයකට ගොස් නැති වුවද "මම සංක‍්‍රාන්තියේ පීඩා තේරුම් ගතිමි" කියාය. රැකියාවක් අහිමිවීම, විවාහයක් බිඳී යෑම, බරපතල රෝගයක් හෝ ආර්ථික පසුබෑමක් වැනි සෑම ප‍්‍රධාන බාධාවක්ම අපට අභියෝග ගෙන එයි. ක‍්‍රීඩකයා සොල්දාදුවන්ට කීවේ ඔබ අලුත් ජීවිත ක‍්‍රමයකට යන විට සාර්ථක වීමට ක‍්‍රමය…
පේ‍්‍රමවන්ත පියෙකු
පේ‍්‍රමවන්ත පියෙකු දඟකාර පෙරපාසැල් දරුවන් දෙදෙනා ගුවන් තොටුපොළ වලින්ද ගුවන්යානා වලින්ද ඇදගෙන යාමෙන් මව්පියන් වෙහෙසවී ඇති බව පැහැදිලිව පෙණිනි. දැන් ඔවුන්ගේ අවසන් ගුවන් යානය ප‍්‍රමාද වී තිබිණි. ගුවන් යානයට නැගීමට සෙනඟ වාඩිවී සිටින කොටසේ දරුවෝ එහේ මෙහේ දුවමින් සිටියෝය. මවත් පියාත් ග‍්‍රෑන්ඩ් රැපිඩ්ස් දක්වා වූ අවසන් ගමනේදී දරුවන් නිශ්චලව තබා ගන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. සෑහෙන වේලාවකට පසු අපි ගුවන්…
නැතිවූ බැටළුවෙකු
සජීවී නත්තල් සංදර්ශනයක් සඳහා ලෝරා එළුවෙකු සහ බැටළුවෙකු ඉල්ලාගෙන තම සභාවට ගෙන යාමට වාහනයට පැටවුවාය. සතුන් දෙදෙනා ටික වේලාවක් එකිනෙකාට ඇණගෙන ඉන්පසු නිශ්චල වූවෝය. ලෝරා සභාවට යාමට පිටත්වූවාය. එහෙත් පළමුවෙන් වාහනයට ඉන්ධන පිරවීමට ඇය රථය නතර කළාය.
ඉන්ධන පුරවන අතර ඇය දුටුවේ එළුවා පිටත සිටින බවය. බැටළුවා නැතිවී තිබිණ. උන් එකිනෙකා සමඟ ඇණ ගන්නවා බලා සිටි නිසා ඇයට එක් අගුලක්…
දාවලු දෙස බලන්න
වැඩිම අලෙවියක් සහිත පොත් කර්තෘවරයෙකුවූ චයිම් පෝටොක් "තෝරාගත්තවුන්" නැමති තම පොත ආරම්භ කළේ නිව්යොර්ක් නගරයේ යුදෙව් කණ්ඩායම් දෙකක් අතර තිබූ බේස්බෝල් තරඟයක් විස්තර කරමිනි. පොතෙහි ප‍්‍රධාන චරිත වන රෝවන් මෝල්ටර් විරුද්ධ කණ්ඩායමේ නිල ඇඳුම්වල අමුතු කොටසක් ඇතිබව දකියි. එනම් සෑම ක‍්‍රීඩකයෙකුගේම කමිසවල ලණු කෑලි වැනි දාවලු පහතට වැටෙමින් තිබුණ බවය. එම දාවලු පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවට දැක්වූ කීකරුකමේ සංඛේත බව ඔහු…
පරාජය මාරාන්තික නොවේ
2වන ලෝක සංග‍්‍රාමය සමයේ බි‍්‍රතාන්‍ය සෙනඟගේ ආත්ම උත්තේජනය කරන්නේ කෙසේද කියා අගමැති වින්ස්ටන් චර්චිල් දැන සිටියේය. 1940 ජූනි 18 වන දින ඔහු බියවී සිටි ජනතාවට කීවේ "අප දෙකඩ කළේ නැතිනම් යුද්ධය පරදින බව හිට්ලර් දන්නවා. එ් නිසා අපි එකට බැඳී ඉමු. එසේ සිට අපි ගැලවෙමු. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය අවුරුදු දාහක් තිබුණොත් මිනිස්සු කවදාහෝ කියයි මේ ඔවුන්ගේ හොඳම පැය කියා."
අපගේ "හොඳම…
ණැනවත් වදන්
මිනිස් ශරීරයේ ඇති ශක්තිමත්ම මාංශ පේශිය කුමක්ද? දිව යැයි සමහරු කියති. වඩාත් ශක්තිමත් මාංශ පේශිය කුමක්දැයි තීරණය කිරීම අපහසුය. ඊට හේතුව මාංශ පේශීන් තනිව ක‍්‍රියාත්මක නොවන නිසාය.
එහෙත් දිව ශක්තිමත් බව අපි දනිමු. එය කුඩා දිවක් වුවද බොහෝ හානි සිදු කිරීමට ඊට හැකිය. ආහාර අනුභව කිරීමට, ආහාර ගිලීමට, රස බැලීමට සහ ජීර්ණය ආරම්භ කිරීමට අපට උපකාර වන මෙම අවයවයම අප…
අපගේ නැංගුරම
එස්ටෙලා පයිෆොරොට් ගුරුවෘත්තියෙන් විශ‍්‍රාම ගිය පසු බසයක් මිළට ගත්තාය. එහි පරිගණකද මේස සහ පුටුද සැකසුවාය. ඇය දැන් "දීප්තිමත් බසය" ෆ්ලොරිඩාවේ පාම් බීච් කවුන්ටිය හරහා පදවාගෙන යන්නීය. අවදානමට මුහුණදී සිටින දරුවන්ට තම ගෙදර වැඩ කරගැනීමටද තාක්ෂණය, ඉගෙනීමටද ඇය ස්ථානයක් සපයා ඇත. යහපත් හෙටක් ගැන ඇති ඔවුන්ගේ සිහින විසිකර දැමීමට පරීක්ෂාවක් ඇති දරුවන්ට එස්ටෙලා ස්ථාවරත්වයක් සහ බලාපොරොත්තුව සපයන්නීය.
පළමු සියවසේදී පීඩාවේ සහ…
ඉහළ බලන්න!
අපගේ නිවස ආසන්නයේ ඇති උද්‍යානයක සෙනඟට ඇවිදීමට මාර්ගයක් තිබේ. කොටසක රතු වැලි ගල්වලින් සෑදුණු අලංකාර දර්ශනයක් ඇත. එ්වා පසුපසින් අඩි 14,115ක් උස කඳුමුදුන් පෙනේ. බොහෝ විට ප‍්‍රශ්නවලින් සිත පුරවාගෙන මම එහි ගමන් කරන්නේ මෘදු, පළල් පාර දෙස බිමට යොමාගත් ඇස් සහිතවය. කව්රුත් අසල නැතිනම් මම නැවතී "ඩේවිඩ් ඉහළ බලන්න" කියා මටම කියාගන්නෙමි.
"ආරෝහණ ගීත" (ගීතාවලිය 120-134) යනුවෙන් හඳුන්වනු ලබන ගීතිකා…