ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය

එක්සත් රාජධානියේ වැඩිහිටියන් පිළිබඳව 2018 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ “ඔවුන් අවදි වන දිනයේ සෑම විනාඩි දොළහකට වරක් ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දූරකථනය පරීක්‍ෂා කරන බවයි”. නමුත් අපි අවංක වෙමු. ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමට හෝ දවස පුරා මගේ දූරකථනයට එන නිමක් නැති ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමට මම කොපමණ වාරයක් අන්තර් ජාලයෙන් “ගූගල්” කරන්නේදැයි සළකා බලන විට මෙම සංඛ්‍යා ලේඛණය අතීශයින් වෙනස්…

දෙවිඳුන්ගේ අවධානය

මම විවාහ ගිවිස ගැනීමේ මුදු සඳහා සාප්පු ගිය විට හරියටම නිවැරදි දියමන්තිය සොයමින් පැය ගණනාවක් ගත කළෙමි. “මට හොඳම එක මග හැරුණොත් මක් වේවිද” යන සිතුවිල්ලෙන් මම පීඩා වින්දෙමි.

ආර්ථික විද්‍යාඥ බැරි සුවාර්ට්ස්ට අනුව මාගේ නිදන්ගත අවිනිශ්චිත භාවයෙන් පෙන්නුම් කරන්නේ “සෑහීමකට පත්වන්නෙකු” වෙනවාට ප්‍රතිවිරුද්ධව “උපරිමයෙන් කරන්නෙකු” ලෙසය. තෘප්තිමත් වන්නෙක් තේරීම් කරන්නේ සමහර දේවල් ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත්ද යන මතය අනුවය.…

බලාපොරොත්තුවේ දේදුනු දැක ගැනීම

ඔක්තෝබර් මාසයේ නිවාඩුවක් අතර තුර නිදන්ගත වේදනාව සමග ඇති වූ තවත් සටනක් නිසා එයින් සුවය ලැබීමට පළමු දින කිහිපය අපගේ කාමරයේ ගත කිරීමට මට සිදු විය. මගේ හැඟීම් අහස මෙන් අඳුරු විය. අවසානයේදී මම මගේ සැමියා සමග අසළ ප්‍රදීපාගාරයක දර්ශන නැරඹීමට පිටත් වූ විට අඳුරු වලාකුළු අපගේ දර්ශනය බොහෝ දුරට අවහිර කළේය. එහෙත් මම සෙවනැළි සහිත කඳු සහ අඳුරු ක්‍ෂිතිජයේ…

වෙන් කර ඇත

1742 නොවැම්බර් මාසයේදී චාර්ල්ස් වෙස්ලි විසින් දේශනා කළ ශුභාරංචියට විරෝධය දැක්වීම සඳහා එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර්හී කෝලහාලයක් ඇති විය. චාර්ල්ස් වෙස්ලි සහ ඔහුගේ සහෝදර ජෝන් සභාව තුළ දිගු කාලීනව පැවතී සම්ප්‍රදායයන් වෙනස් කරමින් සිටි බවක් පෙණුනි. එය බොහෝ නගර වැසියන්ට දරා ගත නොහැකි වුනි.

ජෝන් වෙස්ලි කෝලහාලය ගැන දැන ගත් විට වහාම ස්ටැෆර්ඩ්ෂයර් වෙතට ගියේ තම සහෝදරයාට උපකාර කරන පිණිසය. වැඩි කල්…

පේ‍්‍රමයෙන් ලබා දීම

සෑම දිනකම ග්ලෙන් පාර අසළ ඇති මෝටර් රථයෙන් ඉවත් නොවී සේවය ලබා ගත හැකි අවන් හලකින් ඔහුගේ උදෑසන කෝපි මිළදී ගන්නේය. තවද සෑම දිනකම ඔහු පිටුපස මෝටර් රථයේ සිටින පුද්ගලයාගේ ඇණවුම සඳහාද මුදල් ගෙවමින් එම පුද්ගලයාට සුභ දවසක් ප‍්‍රාර්ථනා කරන ලෙසට අයකැමියාගෙන් ඉල්ලා සිටින්නේය. ග්ලෙන්ට ඒ අය සමග කිසිදු සම්බන්ධකමක් නොමැත. ඔවුන්ගේ ප‍්‍රතිචාර ගැනත් ඔහු දන්නේ නැත. ඔහු විශ්වාස කරන්නේ…

කුණාටුව තුළින් බලාපොරොත්තුව වේගයෙන් ගමන් කරයි

2021 වසන්තයේදී කුණාටු හඹා යන්නන් කිහිප දෙනෙක් ටෙක්සාස් ප්‍රාන්තයේ දැඩි සුළි සුළඟක් (ටොර්නාඩෝවක්) අසළ දේදුන්නක වීඩියෝ පටිගත කරමින් සහ ඡායාරූප ගනිමින් සිටියහ. එක් වීඩියෝවක දිගු තිරිඟු කරල් කැරකෙන සුළඟේ වේගයට නැමී තිබෙන දර්ශනයක් තිබුණි. එසේම දීප්තිමත් දේදුන්නක් අළු පැහැති අහස කපා ගෙන යෑම තවත් දර්ශනයකි. තවත් වීඩියෝවක නරඹන්නන් කිහිප දෙනෙක් පුනීල හැඩැති වලාකුළ අසළ ස්ථිරව සිටින බලාපොරොත්තුවේ සංකේතය දෙස බලා…

මුළු ලෝකයටම සුවය

බටහිර ස්ලෝවේනියාවේ දූරරස්ථ දුර්ගයක සිරවී ඇති රහසිගත වෛද්‍ය මධ්‍යස්ථානයක (ෆ්‍රැන්ජා පාටිසන් රෝහල) දෙවන ලෝක සංග්‍රාමයේදී තුවාල ලැබූ දහස් ගණනකට ප්‍රතිකාර කළ පුළුල් කාර්ය මණ්ඩලයක් මුළු වේලාවේම නාට්සි හමුදාවෙන් සැඟවී නවාතැන් ගෙන තිබුණේය. මෙම පහසුකම සොයා ගැනීමට නාට්සි උත්සාහයන් ගණනාවකින් අනාවරණය වීම වළක්වා ගැනීම කැපී පෙනෙන ජයග්‍රහණයක් වුවද ඊටත් වඩා කැපී පෙනෙන දෙය නම් රෝහල (ස්ලෝවේනියා ප්‍රතිරෝධක ව්‍යාපාරය විසින් ආරම්භ කරන…

යාච්ඤා කිරීමට විරාම බොත්තම එබීම

වීදියක ප්‍රධාන ජල නළයට සම්බන්ධ කර ඇති අතුරු නළයෙන් පාරට ජලය ගලා ගිය අතර මම මගේ අවස්ථාව දුටුවෙමි. මට ඉදිරියෙන් වාහන කිහිපයක් ගොස් තිබූ අතර මම සිතුවේ “නොමිළේ වාහනය සේදීමට හොඳ අවස්ථාවක්” ලෙසිනි. මගේ මෝටර් රථය මාසයකින් පිරිසිදු කර නොතිබූ අතර දූවිලි ඝණවී තිබුණි. ඒ නිසා මම වාහනය පණ ගන්වමින් ඉදිරියට ගියෙමි.

“ක්රැක්...” (වීදුරු කැඩෙන ශබ්දයක්).

එය ඉතා වේගයෙන් සිදු…

පටු දොර අවන් හල (නැරෝ ඩෝ කැෆේ)

පටු දොර අවන් හල සොයා ගෙන පැමිණෙන අයට ක්‍රොයිසන්ට්ස් (අඩ සඳ හැඩැති පාන් රොල් වර්ගයක්), ඩම්ප්ලිං (සතුන්ගේ තෙල් මන්ද තම්බා පලතුරු දමා සාදන පුඩිමක්), ඌරු මස් කරියක් සහ සියලු වර්ගයේ රසවත් ආහාර ලබා ගත හැකිය. තායිවාන් රටේ ටයිනාන් නගරයේ පිහිටා ඇති මෙම අවන්හල ඇත්තෙන්ම බිත්තියේ සිදුරකි. එහි දොරටුව සෙන්ටි මීටර් හතළිහක් පමණ පළල (අඟල් දාසයකට වඩා අඩු) එනම් සාමාන්‍ය පුද්ගලයෙක්ට…

කාලගුණ විද්‍යාඥයෙකුගේ වැරැද්ද

1938 සැප්තැම්බර් 21 වැනි දින මධ්‍යහ්නයේදී තරුණ කාලගුණ විද්‍යාඥයෙක් එක්සත් ජනපද කාලගුණ කාර්යාංශයට නව එංගලන්තයේ උතුරු දෙසට සුළි කුණාටුවක් පැමිණෙන බවට අනතුරු ඇඟවීය. නමුත් කාලගුණ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා චාල්ස් පියර්ස්ගේ ඒ අනාවැකිය ගැන සමච්චල් කළේය. ඒකාන්තයෙන්ම උෂ්ණ කලාපයට අයත් කුණාටුවකට එතරම් උතුරට පහර දිය නොහැක.

පැය දෙකකට පසුව, 1938 නව එංගලන්ත සුළි කුණාටුව ලෝන්ග් අයිලන්ඞ් වෙත කඩා බැස්සේය. ප.ව. 4:00 වන…