ප්‍රවර්ගය  |  Uncategorized

උන්වහන්සේ දන්නා සේක

තායිවානයේ හෙදියක් ලෙස රැකියාවක් ආරම්භ කිරීමට ලියා සුදානම්ව සිටියාය. රැකියා අවස්ථා සීමිත වූ මැනිලා නගරයෙහි ඇයට කළ හැකි දේට වඩා දැන් ඇයට තම පවුලට හොඳින් සැපයිය හැකි වනු ඇත. ඇය පිටත්ව යාමට පෙර දින රාත්‍රියේ තම පස් හැවිරිදි දියණිය රැක බලා ගන්නා තම සහෝදරියට උපදෙස් දුන්නාය. “ඔබ ඇයට රට කජු බටර් හැන්දක් දුන්නොත් ඇය ඇගේ විටමින් ලබා ගනීවි” ලියා පැහැදිළි…

අපගේ පියාණෙනි

බොහෝ උදෑසනයන්හී මම ස්වාමින්ගේ යාච්ඤාව කියමි. ඒ වචන මගේ ජීවිතයේ අත්තිවාරම වන තුරු අලුත් දවසකට මම නොවටින්නෙමි. මෑතකදී මම පළමු වචන දෙක වන “අපගේ පියාණෙනි” පමණක් කියද්දී මගේ දූරකථනය නාද විය. එයින් මා තිගැස්සුණේ එය පාන්දර 5.43 වූ බැවිනි. ඒ කව්දැයි සිතන්න පුලුවන්ද? දූරකථන මුහුණතේ “තාත්තා” යනුවෙන් සටහන්ව තිබුණි. මට පිළිතුරු දීමට අවස්ථාවක් ලැබීමට පෙර ඇමතුම ඉක්මණින් අවසන් වුනි. මගේ…

සේවාව සඳහා හදවතක්

නිව් මෙක්සිකෝවේ කාල්ස්බෑඞ් හී කිතුනු සේවාවක් එම ප්‍රදේශ වාසීන්ට සෑම මසකම නොමිළේ ආහාර රාත්තල් 24,000 කට වඩා සපයමින් ඔවුන්ට සහාය වූහ. එම සේවාවේ නායක තුමා බෙදා ගත්තේ “මිනිසුන්ට මෙහි පැමිණිය හැකිය. අපි ඔවුන් පිළිගෙන ඔවුන් ජීවත්වී සිටින ස්ථානයේම ඔවුන්ව මුණගැසෙන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතාවය ලබා ගැනීමට ඔවුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා සපුරාලීමයි” යනුවෙනි. ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන් අප ගැන දෙවියන්වහන්සේගේ…

නිවසක් සඳහා දැඩි ආශාව

“ඈන් ඔෆ් ග්‍රීන් ගේබ්ල්ස්” යන කථාවල ප්‍රධාන චරිතය වන ඈන් පවුලකට ආශා කළාය. අනාථ වූ ඇය කවදා හෝ නිවසක් කියා කීමට තැනක් සොයා ගැනීමේ බලාපොරොත්තුව ඇති කර ගෙන තිබුණි. පසුව මැතිව් නම් වැඩිමහල් මනුෂ්‍යයෙක් සහ ඔහුගේ සොහොයුරිය වන මෙරිල්ලා ඇයව ඔවුන්ගේ නිවසට ගැනීමට කැමති බව දැන ගත්තාය. බක්කි කරත්තයෙන් ඔවුන්ගේ නිවසට යන අවස්ථාවේදී ඈන් දිගින් දිගටම කථා කිරීම ගැන ඇය…

බොරුවේ පියා

වික්ටර් ටිකෙන් ටික අසභ්‍ය දර්ශනවලට ඇබ්බැහි වුනි. ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් අසභ්‍ය දර්ශන නැරඹූ අතර ඔහුද එයට ගොදුරු වුනි. නමුත් එය කෙතරම් වැරදිද කියා දැන් ඔහුට වැටහේ. ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළේය. එය ඔහුගේ බිරිඳගේ සිත තළා දැමුවේය. නැවත කිසි දිනෙක ඒ දෙස නොබලන බවට ඔහුගේ ජීවිතයට ආරක්‍ෂාවක් තැබීමට ඔහු පොරොන්දු විය. නමුත් එය ප්‍රමාද වැඩිය කියා ඔහුට බියක්…

එළිය වේවා

මගේ දුවගේ කුඩා දවස්වල මම නිතරම ඇයට හමුවූ දේවල් සඳහා නම් තැබුවෙමි. මම වස්තූන් හඳුනා ගෙන හෝ ඇයට නුහුරු යමක් ස්පර්ශ කරන්න දීමෙන් හෝ ඇය වෙනුවෙන් වචනය දීමට ඉඩ හැරියේ ඇය ගවේශණය කරමින් සිටින විශාල ලෝකය ගැන අවබෝධය සහ වචන මාලාව ගෙන දෙමිනි. ස්වාභාවිකව ඇගේ පළමු වචනය “අම්මා හෝ තාත්තා” වනු ඇතැයි මගේ සැමියාත් මමත් අපේක්‍ෂා කළත් (බලාපොරොත්තු වූවත්) ඇය…

රාත්‍රියේ වැඩ කරන සේවකයෝ

උග්‍ර සත්කාර රෝහලක දැන් වේලාව පාන්දර 3 යි. කණස්සල්ලට පත් වූ රෝගියෙක් පැයක් තුළ සිව්වන වරටත් ඇමතුම් බොත්තම එබුවේය. රාත්‍රි හෙදිය පැමිණිල්ලක් නොමැතිව පිළිතුරු දෙයි. ඒ මොහොතේදී තවත් රෝගියෙක් කෑ ගසමින් අවධානය ඉල්ලා හඬයි. හෙදිය පුදුම වන්නේ නැත. ඇය මීට වසර පහකට පෙර රාත්‍රී වැඩ ඉල්ලා සිටියේ දිවා කාලයේ රෝහලේ මහත් කලබලකාරී තත්ත්වයෙන් මිදීමටය. ඇයට යථාර්ථය පැහැදුනේ එවිටය. රාත්‍රී වැඩ…

ආත්මික රෝග නිශ්චය කිරීම

රසායනික චිකිත්සාව (කෙමොතෙරපි) මගින් කරන ලද ප්‍රතිකාර මගේ මාමණ්ඩියගේ අග්නය්‍යාශයේ ගෙඩිය අඩු කළේය. ගෙඩිය නැවත වර්ධනය වන්න පටන් ගත් විට ජීවිතයත් මරණයත් අතර තීරණයක ඔහුව තැබුවේය. ඔහු තම වෛද්‍යවරයාගෙන් ඇසුවේ “මම මේ රසායනික චිකිත්සාව මගින් කරන ප්‍රතිකාරය තවත් ගත යුතුද නැත්නම් වෙනත් fඖෂධයක් හෝ විකීරණ භාවිතා කළ යුතුද?” කියාය.

යුදාහි වැසියන්ටද ඒ හා සමානම ජීවිතය හා මරණය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණි.…

ඇදහිල්ලෙන් වැඩීම

මගේ ගෙවතු වගා ගමන ආරම්භයේදී මම වේලාසනින් අවදි වී මගේ එලවළු වත්තට දුවන්නේ යමක් පැළවී ඇත්දැයි බැලීමටය. කිසිවක් නැත. “ඉක්මන් ගෙවතු වර්ධනය සඳහා අන්තර් ජාලය සෙවීමෙන් පසුව බීජ පැළවන අවධිය ශාකයක ආයු කාලයෙහි වැදගත්ම අවධිය බව මම දැන ගතිමි. මෙම ක්‍රියාවලිය ඉක්මන් කළ නොහැකි බව මා ඉගෙනගත් අතර පස හරහා සුර්්‍යයා දෙසට ගමන් කරන කුඩා පැළවල ශක්තිය සහ ඌෂ්ණ කාලගුණයට…

නැවතත් ගායනා කරන්න

ඕස්ට්‍රේලියාවේ මී පැණි කුරුල්ලා අමාරුවේ වැටී ඇත-මෙම පක්‍ෂියාට තම ගීතය අහිමි වෙමින් පවතී. කලක් බහුලව සිටි විශේෂ කුරුලු ජාතියක් වුවද දැන් ඉතිරිව ඇත්තේ පක්‍ෂීන් තුන් සියයක් පමණි. ගීතය ඉගෙනීමට තවත් ස්වල්ප දෙනෙකු පමණක් සිටින හෙයින් කුරුල්ලන්ට තමන්ගේ අද්වීතිය ගීතය අමතක වන අතර කිරිල්ලියන් ආකර්ශණය කර ගැනීමට අපොහෝසත්ව සිටිති.

වාසනාවකට මෙන් සංරක්‍ෂණවාදීන් මී පැණි කුරුල්ලන්ට ගායනා කිරීමෙන් උන් බේරා ගැනීමට සැළසුම්…