ප්‍රවර්ගය  |  Uncategorized

බලා සිටීමට ඇති කැමැත්ත

බලා සිටීම අපගේ සමාදානය සොරකම් කිරීමේ වරදකරු විය හැකිය. පරිගණක විද්‍යාඥ රමේෂ් සීතාරමන්ට අනුව මන්දගාමී වෙබ් බවුසරයක් පූරණය වන තෙක් බලා සිටීම වැනි දේවල් කිහිපයක් අන්තර්ජාල භාවිතා කරන්නන් තුළ “විශ්වීය කලකිරීමක් සහ කෝපයක්” ඇති කරයි. ඔහුගේ පර්යේෂණයෙන් කියැවෙන්නේ අපි අන්තර්ජාලයේ වීඩියෝවක් පූරණය වන තෙක් සාමාන්‍යයෙන් තත්පර දෙකක් බලා සිටීමට කැමැත්තෙන් සිටින බවයි. තත්පර පහකට පසුව අත්හැරීමේ අනුපාතය සියයට විසිපහක් පමණ…

යාච්ඤාවේදී දිව බැඳී තිබේ

මගේ බිළිඳු සහෝදරයා ශල්‍ය කර්මයකයට මුහුණ දුන් විට මම කලබල වීමි. “දිව බැඳී තිබේ” (අන්කිලොග්ලෝසිය) ලෙස හඳුන්වනු ලබන්නේ ඔහුට උපතින්ම ඇතිවූ රෝග තත්ත්වයක් වන බවත් උපකාරයක් නොමැතිව ඔහුට ආහාර ගැනීමේ සහ අවසානයේ කථා කිරීමේ හැකියාවටද බාධා විය හැකි බවත් මගේ මව පැහැදිලි කළාය. අද අපි “දිව බැඳී තිබේ” යන වචන පාවිච්චි කරන්නේ කථා කිරීමට වචන නැති වීම සහ ලැජ්ජා වීම…

ආරක්‍ෂිත දෑත්

කඹයක් ලිහෙනවා වගේ ඩග් මර්කිගේ ජීවිතයේ දේවල්ද එකින් එක කැඩෙන්න පටන් ගත්තේය. “පිළිකාව සමග දිගු කාලීන සටනකින් මගේ මව පරාජය වූවාය. දිගු කාලීන ප්‍රේම සම්බන්ධතාවයක් අසාර්ථක විය. මගේ මුදල් පිරිහෙමින් තිබුණි. මගේ වෘත්තිය මීදුමෙන් වැසී ගියේය..... මා වටා සහ මා තුළ වූ චිත්තවේගය සහ අධ්‍යාත්මික අන්ධකාරය ගැඹුරු සහ දුර්වලවූ අතර නොපෙනෙන ලෙස තිබුණි” කියා මූර්ති ශිල්පියෙක් වූ දේවගැතිවරයා ලීවේය. මෙම…

නොසැලෙන විශ්වාසය

තම පියා මිය ගිය පසු පියාගේ බඩු බාහිරාදිය ගෙන ඒමට කෙවින් ආරෝග්‍ය ශාලාවට ගියේය. කාර්ය මණ්ඩලය ඔහුට කුඩා පෙට්ටි දෙකක් දුන්නෝය. ඇත්තටම සතුටින් සිටින්න වස්තු සම්භාරයක් අවශ්‍ය නොවන බව එදා තමාට වැටහුණු බව කෙවින් පැවසීය.

ඔහුගේ පියා වන ලැරීට ජීවිතය බරක් නොවූ අතර සෑම විටම සිනහවකින් සහ අන් අයව දිරිගන්වන වචනයකින් සුදානම්ව සිටියේය. ඔහුගේ ප්‍රීතියට හේතු වූයේ පෙට්ටියකට නොගැලපෙන තවත්…

දෙවියන්වහන්සේ තුළ දිරිගන්වනු ලැබ

අභිලාෂක ලේඛකයෙක් වූ ලැංස්ටන් හියුස් 1925 දී හෝටලයක සාමාන්‍ය සේවකයෙක් ලෙස සේවයේ නිරතව සිටින අතරතුරදී ඔහු අගය කළ කවියෙක් වූ වැචෙල් ලින්ඞ්සේ එම හෝටලයේ සංචාරකයෙක් මෙන් නැවතී සිටින බව සොයා ගත්තේය. හියුස් ලැජ්ජාවෙන් තමන් විසින් ලියන ලද කවි කිහිපයක් දොර යටින් සෙමෙන් යැව්වේය. පසුව ලින්ඞ්සේ මෙම කවි ගැන ප්‍රසිද්ධ රැස්වීමකදී උද්යෝගයෙන් ප්‍රශංසා කළේය. ලින්ඞ්සේගේ දිරි ගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස හියුස්ට විශ්ව…

අපගේ දීමනාවන් කළමනාකරණය කිරීම

2013 දී බ්‍රිතාන්‍ය ඬේවිඞ් සුවෙට් අගතා ක්‍රිස්ටිගේ ආදරණීය බෙල්ජියම් රහස් පරීක්‍ෂක හර්කියුල් පොයිරොට් ලෙස අවසන් රූපවාහිනී කථාංග රූගත කරමින් සිටියේය. “ඔහුගේ ජීවිතයේ විශාලම චරිතය භාර ගන්නා විට ඔහු වේදිකා නාට්‍යයකද රඟපාමින් සිටියේය. එම ව්‍යාපෘති අතර තුර ඔහු මුළු බයිබලයේම උත්පත්ති සිට එළිදරව් දක්වා වචන 752,702 ක් පැය දෙසියයකට වැඩි ශ්‍රව්‍ය පිටපතක් පටිගත කළේය.

හෝටල් කාමරයකින් සොයාගත් බයිබලයක රෝම පොත කියවීමෙන්…

සුහද සංවාදයක්

කැතරින් සහ මම උසස් පෙළ පන්තියේ හොඳ මිතුරියන් වීමු. අපි දූරකථනයෙන් කථා නොකරන විට පවා අපගේ ඊළඟ කෙටි නිවාඩුව සැළසුම් කිරීම සඳහා අපි පන්තියේදී සටහන් හුවමාරු කර ගත්තෙමු. සමහර අවස්ථාවන්වලදී අපි එකට අශ්වයන් පිට යන අතර පාසැල් ව්‍යාපෘති වලටද හවුල් වුනෙමු.

එක් ඉරිදා සවසක මම කැතරින් ගැන සිතන්න පටන් ගත්තෙමි. සදාකාල ජීවනය ලබා ගන්නේ කෙසේද යන්න ගැන මගේ දේවගැතිවරයා එදින…

සැමරුම තෝරා ගැනීම

ලේඛක මර්ලින් මැක්එන්ටයර් “ඊර්ෂ්‍යයාවේ ප්‍රතිවිරුද්ධ පදය සැමරීම” බව මිතුරෙක්ගෙන් ඉගෙන ගැනීමේ කථාව බෙදා ගනියි. මෙම මිතුරියගේ ශාරීරික ආබාධ සහ දරුණු වේදනාවන් නිසා ඇය බලාපොරොත්තු වූ ආකාරයෙන් ඇගේ දක්‍ෂතා වර්ධනය කර ගැනීමේ හැකියාවන් සීමා වුවද ඇය මිය යන තෙක්ම “සෑම හමුවීමකම අගයක්” ගෙන එමින් ඉතා ඉහළින් ප්‍රීතිය තම ජීවිතයට එකතු කිරීමට සහ අන් සමග එය සැමරීමට සමත් වූවාය.

එම අවබෝධය “ඊර්ෂ්‍යයාවේ…

සුබ ආරංචියේ ප්‍රීතිය

1964 වසරේ එක් සන්ධ්‍යාවක මහා ඇලස්කා භූමිකම්පාව විනාඩි හතරකට වැඩි කාලයක් චලනය සහ ඇඹරීම ඇති කළ අතර එය රෙක්ටර් මාපකයේ අංශක 9.2 ක් සටහන් කළේය. ඇන්කරේජ් නගරයේ විශාල කොටසක් විනාශ වී දැවන්ත වළවල් කිහිපයක් සහ සුන්බුන් පමණක් ඉතිරි වුනි. අඳුරු බිහිසුණු රාත්‍රියෙහි ප්‍රවෘත්ති වාර්තා කාරිනී ජෙනී චාන්ස් ඇගේ මයික්‍රෆෝනය අසළ සිට ගෙන තම ගුවන් විදුලි යන්ත්‍ර අසළ වාඩිවී සිටින වික්‍ෂිප්ත…

පවුලේ කොටසක්

ඩවුන්ටවුන් ඇබේ යනු ජනප්‍රිය බ්‍රිතාන්‍ය රූපවාහිනී නාට්‍යයක් වූ අතර එය 1900 ගණන්වල මුල් භාගයේදී එංගලන්තයේ වෙනස්වන සමාජ ව්‍යුහයක් තුළ සැරිසැරූ ප්‍රබන්ධ ක්‍රෝලි පවුල අනුගමනය කළේය. එහි ප්‍රධාන චරිතයක් වන ටොම් බ්‍රැන්සන් මුලින් එම පවුලේ රියැදුරු ලෙස කටයුතු කළ අතර එම පවුලේ බාලම ක්‍රෝලි දියණිය සමග විවාහ වීමෙන් සියලු දෙනාම කම්පනයට පත් කළේය. පිටුවහල් කිරීමේ කාල පරිච්ඡේදයකින් පසුව තරුණ යුවළ නැවත…