ප්‍රවර්ගය  |  Uncategorized

ඉතා අනර්ඝයි

මගේ පුතා වන බ්‍රයන් පාපන්දු ක්‍රීඩාවේ පුහුණු කරුවෙක් ලෙස සේවය කරමින් සිටි පාසැලට දැඩි සටනකින් පසුව රාජ්‍ය ශූරතාව අහිමි වුනි. ඔවුන්ගේ ප්‍රතිවාදියා පසුගිය වසර දෙක පුරා පරාජය නොවූ කණ්ඩායමක් විය. මම බ්‍රයන්ට කෙටි පණිවුඩයක් යවා ඔහුව දිරිමත් කළෙමි. “සටන් කළේ ළමුන්” කියා කෙටි එහෙත් පැහැදිළි පිළිතුරක් මට ඔහුගෙන් ලැබුණි.

ක්‍රීඩාවෙන් පසු කිසිදු පුහුණුකරුවෙක් ක්‍රීඩකයින්ව ලැජ්ජාවට පත් කරන්නේ නැත. ඔවුන්ගේ අත්…

ලස්සනට කැඩී ඇත

අපේ බස් රථය අපේ අපේක්‍ෂිත ගමනාන්තය වන ඊශ්‍රායලයේ කැණීමක් සිදු කළ ස්ථානයට ළඟා වුනි. එහිදී අපට අපේම කැණීම් කටයුතු සිදු කළ හැකි වන්නේය. මෙම ස්ථානයේ අධ්‍යක්‍ෂක වරයා පැහැදිළි කළේ අප යමක් සොයා ගත්තද ඒවා වසර දහස් ගණනක් තිස්සේ සොයා ගෙන නොතිබූ බවයි. කැඩුණු පිඟන් මැටි කැබිලි හාරද්දී අපට දැණුනේ අපි ඉතිහාසය ස්පර්ශ කරන බවයි++. දීර්ඝ කාලයකට පසුව වැඩපළ භූමිය වෙත…

ඔබ කවුරුද?

මම මගේ පස් හැවිරිදි ද්විජාතික දරුවා සමග අයිස්ක්‍රීම් අවන්හලට ගිය විට කවුන්ටරය පිටුපස සිටි මිනිසා මා දෙස බලා පසුව මගේ දරුවා දෙස රවා බැලුවේය. “ඔබ කුමණ ජාතියකද?” කියා ඔහු මගෙන් ඇසුවේය.

ඔහුගේ ප්‍රශ්නය සහ දැඩි ස්වරය ඒකාකෘතිවලට නොගැලපෙන මෙක්සිකානු-අමෙරිකානුවෙක් ලෙස වැඩෙද්දී අත්දුටු හුරු පුරුදු කෝපය හා හෘද වේදනාව මා තුළ ඉස්මතු කළේය. සේවියර් මා ළඟට කර ගෙන වෙළඳ සැලට ඇතුල්වන…

මම ඔහුගේ දෑත්ය

2000 වසරේදී ජියා හයික්සියාට පෙනීම අහිමි විය. ඔහුගේ මිතුරා වූ ජියා වෙන්කිට කුඩා අවදියේදී ඔහුගේ දෑත් අහිමි වුනි. නමුත් ඔවුහු තම ආබාධිත භාවය මග හරවා ගෙන ඇත. “මම ඔහුගේ දෑත් ඔහු මගේ ඇස්” හයික්සියා පවසයි. ඔවුන් දෙදෙනා එක්ව චීනයේ ඔවුන්ගේ ගම වෙනස් කරති.

2002 සිට මෙම මිතුරන් තම නිවස අසළ පාළු ඉඩමක් ප්‍රතිසංස්කරණය කිරීමේ මෙහෙවරක යෙදී සිටියහ. මෙම ඉඩමට යාමට…

මම කුමක් කිව යුතුද?

පරණ පොත් සාප්පුවක “සී.එස්. ලුවිස්” යනුවෙන් සළකුණු කර ඇති පොත් පෙට්ටියක් පිරික්සිීමට මම නැවතුණු විට ගබඩා හිමියා පෙනී සිටියේය. එහි තිබෙන මාතෘකා ගැන අපි කථා බහ කරන විට ලුවිස්ගේ බොහෝ ලිවීම්වලට අනුබල දුන් ඇදහිල්ල ගැන ඔහු උනන්දුවක් දක්වනවාදැයි මම කල්පනා කළෙමි. මඟ පෙන්වීම සඳහා මම නිහඬව යාච්ඤා කළෙමි. ලුවිස්ගේ ජීවන චරිතය ගැන ලියා තිබෙන පොතක තොරතුරු මතකයට නැගුණු අතර සී.එස්.ලුවිස්ගේ…

වටිනා බලා සිටීමක්

දිගු පැය ගණනක් සහ අසාධාරණ ලොක්කෙක් සමග ආතති සහගත රැකියාවක සිරවී සිටි ජේම්ස්ට එයින් ඉවත් වීමට සිතුණේය. නමුත් ඔහුට උගසක්, බිරිඳක් සහ රැක බලා ගැනීමට කුඩා දරුවෙක්ද සිටියේය. කෙසේ හෝ ඉල්ලා අස්වීමට ඔහු පෙළඹුන නමුත් “දෙවියන්වහන්සේ අපට දෙන දේ කුමක්ද කියා අපි බලාගෙන ඉමු” කියා ඔහුගේ බිරිඳ පැවසුවාය.

මාස ගණනාවකට පසුව ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණි. ජේම්ස් තමා කැමති නව රැකියාවක්…

වීරයන්, ප්‍රජා පීඩකයන් සහ යේසුස්වහන්සේ

බීතෝවන් කෝපයට පත් විය. ඔහු අදහස් කළේ ඔහුගේ තුන්වන තූර්ය සංවාදය “බොනපාට්” ලෙස නම් කිරීමටය. ආගමික හා දේශපාලනික කුරිරු යුගයක ඔහු නැපෝලියන් බොනපාට්ව දුටුවේ ජනතාවගේ වීරයෙකු සහ නිදහසේ ශූරයෙකු ලෙසය. ප්‍රංශ ජෙනරාල්වරයා තමා අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශයට පත් කළ විට මෙම කීර්තිමත් ගීත රචකයාගේ අදහස වෙනස් විය. ඔහුගේ හිටපු වීරයා කපටියෙකු සහ කුරිරු පාලකයෙක් ලෙසට හෙළා දකිමින් බොනපාට්ගේ නම මැකීමට ඔහු…

අවශ්‍යතා ඇති අය ගැන සැළකිලිමත් වීම

දිනක් එල්විස් සමර්ස් තම දොරටුවට තට්ටු කරන ශබ්දයට එය විවර කරද්දී දුටුවේ හිස් බඳුන් ඉල්ලා සුපුරුදු පරිදි තම නිවසට පැමිණෙන දුර්වල කාන්තාවක් වූ ස්මෝකිවය. මෙම හිස් බඳුන් විකුණා ලැබූ මුදල ඇයගේ මූලික ආදායම් මාර්ගය වූවාය. එල්විස්ට අදහසක් ඇති වුනි. “මට ඔබ නිදා ගන්න තැන පෙන්වන්න පුළුවන්ද?” කියා ඔහු ඇයගෙන් ඇසීය. නිවසක් අසළ අඩි දෙකක් පමණ පටු අපිරිසිදු තැනකට ස්මෝකිී ඔහුව…

බලවත් සතුරන්ගෙන් ගළවා ගැනීම

නිව් යෝර්ක් ටයිම්ස් හැඳින් වූ “දෙවන ලෝක යුද්ධයේ විශිෂ්ඨතම ගළවා ගැනීමේ උත්සාහයක්” සංවිධානය කිරීමේ හේතුවෙන් 2010 දී වයස අවුරුදු අනූහතරක් වූ ජෝර්ජ් විජ්නොවිච්ට ලෝකඩ තරුව පිරිනමන ලදී. එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වූ සර්බියානු සංක්‍රමණිකයෙක්ගේ පුතෙක් වූ වුජ්නොවිච් එක්සත් ජනපද හමුදාවට බැඳුණි. යුගොස්ලෝවියාවේදී කැරළිකරුවන් විසින් බිම හෙලූ ගුවන් යානාවේ සිටි ඇමෙරිකානු භටයන් ආරක්‍ෂා කරන බවට ආරංචියක් ලැබුණු විට වුජ්නොවිච් සිය පවුලේ…

මහත් සමූහයක්

අපගේ ඉරු දින දේව මෙහෙය සඳහා අපි එකව පැමිණියේ ප්‍රීතියෙන් සහ අපේක්‍ෂාවෙනි. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් අපි අවකාශීය වශයෙන් දුරස්ව සිටියද ගැවින් සහ ටියානාගේ විවාහ උත්සවය සැමරීමට ලැබුණු අවස්ථාව සාදරයෙන් පිළිගත්තෙමු. තාක්‍ෂණික දැනුමෙන් බුද්ධිමත්වූ අපගේ ඉරාන මිතුරන් නිසා මෙම සේවාව විවිධ රටවල්වල එනම් ස්පාඤ්ඤයේ, පෝලන්තයේ සහ සර්බියාවේ ජීවත් වන මිතුරන් සහ පවුලේ අයට විකාශය කිරීමට හැකියාව ලැබුණි. මෙම නිර්මාණාත්මක ප්‍රවේශය…