මම
නම් තැබීම විශේෂ දෙයකි. එය දරුවෙක් වූවත් සමාගමක් හෝ සුරතල් සතෙක්ගේ වුවත් විශේෂිතය. දෙමපියන්, ව්‍යපාරිකයන් සහ පවුල්, පරිපූර්ණ නමක් තෝරා ගැනීම සඳහා ඔවුන්ගේ මොළය බොහෝ සෙයින් වෙහෙසට පත් කරති. උසස්ම දෙයක් තෝරා ගැනීමට උත්සාහ කිරීමේ සිට අසමසම නමක් තෝරා ගැනීම දක්වා බොහෝ අය වැදගත් අර්ථයක් සහිත නම් තෝරා ගැනීමට කැමතිය. උදාහරණයක් ලෙස මගේ චීන නම ගන්න. එය මා වෙනුවෙන් මාගේ…
ඇදහිල්ලේ ආයෝජන
ඔහුගේ දොළොස්වන නත්තලේදී මෙම දරුවා ගස යට තිබූ තෑගි විවෘත කිරීමට මහත් උනන්දුවෙන් බලා සිටියේය. ඔහු අලුත් බයිසිකලයක් බලාපොරොත්තුවෙන් සිටියද ඔහුගේ බලාපොරොත්තු සුන් විය. ඔහුට ලැබුණු අවසන් තෑග්ග ශබ්දකෝෂයකි. පළමු පිටුවේ ඔහු කියවුයේ “1958 දී අම්මා සහ තාත්තා වෙතින් චාර්ල්ස් වෙත. පාසැලේදී ඔබ ඉතා හොඳට වැඩ කරයි කියා ඉහළ බලාපොරොත්තුවක් ඇතුව සහ ආදරයෙන් මෙය ලබා දෙන්නෙමු” යනුවෙනි.
ඊළඟ දශක තුළ…
ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන්
බැංකොක්හී ජනප්‍රීය අවන්හලක් අවුරුදු හතළිස් පහක් තිස්සේ පැසෙන සුප් හොද්දකින් සුප් පිරිනමන අතර සෑම දිනකම අඩුව පුරවනු ලැබේ. “සදාකාලික ඉස්ටුවක්” ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාව මධ්‍ය කාලීන යුගය දක්වා දිව යයි. සමහර ඉතිරිවන කෑම දින කිහිපයකට පසු වඩාත් හොඳින් රස විඳිනවා සේම, දීර්ඝ ආහාර පිසීමේ කාලයක් මිශ්‍රවී මෙහි අද්වීථීය රසයන් නිර්මාණය කරයි. මෙම අවන්හල තායිලන්තයේ වඩාත්ම රසවත් සුප් හොද්ද සඳහා සම්මාන…
හොඳින් වැඩෙන්න කප්පාදු කිරීම
“රෂියන් සේජ්” නැමැති සේර වැනි පැළෑටි වර්ගයක් මතට බඹරෙක් සැහැල්ලුවෙන් බසිනවා මම බලා සිටිද්දී වර්ණවත් අතු වලින් පිරී තිබූ පඳුර නිසා මම පුදුමයට පත්වීමි. එහි දීප්තිමත් නිල් මල් අපේ ඇස් සහ මී මස්සන් ආකර්ෂණය කර ගත්තේය. ගස්වල කොළ වැටෙන කාලයේදී නොහොත් සරත් සෘතුව පැමිණෙන කල එය නැවත මල්වලින් පිපෙයිද යන්න මම කල්පනා කළෙමි. මගේ බිරිඳගේ දෙමව්පියන් විසින් පෙරිවින්කල් පැලය (පැතලි…
පර්වතය මත නිවසක්
එක්සත් ජනපද ප්‍රාන්තයක නිවාස 34,000ක් පමණ අත්තිවාරම් වැරදි නිසා කඩා වැටීමේ අවදානමට ලක්ව ඇත. එසේ සිදුවන බව වටහා නොගෙත් කොන්ක්‍රීට් සමාගමක් ඛනිජ සහිත ගල් වලකින් ගල් බාවිතා කරන ලදී. එම ගල් වටා තිබුණු ඛනිජ ඉවත්වුනු නිසා, කාලයක් ගතවූ පසුව කොන්ක්‍රීට් පුපුරන්න පටන් ගන්නා ලදී. නිවාස හය සියයකට ආසන්න අත්තිවාරම් මේ වන විටත් කඩා වැටී අවසන් අතර කාලයත් සමග එම සංඛ්‍යාවන්…
සමාව ඇති අනාගතයක්
1994දී, දකුණු අප්‍රිකාව වර්ණභේදවාදී (බලගතු වාර්ගික වෙන් කිරීම) ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බවට පත් කළ විට, වර්ණභේදවාදය යටතේ සිදුවූ අපරාධවලට දඬුවම් දිය යුතු ආකාරය පිළිබඳ දුෂ්කර ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. රටේ නායකයින්ට අතීතය නොසළකා හැරිය නොහැකි නමුත් වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැනවීම හේතුවෙන් රටේ ප්‍රශ්නය වඩාත් ගැඔුරු කිරීමේ අවදානමක් තිබුණි. දකුණු අප්‍රිකාවේ පළමු කළු ඇන්ග්ලිකානු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු “සමාව නොමැතිව අනාගතයක් නැත,” යන…
අපේ ධෛර්යය ඇඳගෙන සිටීම
ඇන්ඩෘ ජීවත්වන්නේ ශුභාරංචියට වසා ඇති රටකය. ඔහු තම ඇදහිල්ල රහසක් ලෙස තබාගන්නේ කෙසේදැයි මම ඇසූ විට ඔහු කීවේ එය රහසක් හැටියට තියාගන්නේ නැති බවයි. ඔහු තම සභාව ප්‍රචාරය කරන බොත්තමක් පැළඳ සිටින අතර, ඔහු අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකදීම “ඔවුන්ට ද යේසුස්වහන්සේ අවශ්‍ය” බව ඔහු පොලිසියට පවසන්නේය. ඇන්ඩෘට ධෛර්යයක් ඇත්තේ ඔහුගේ පැත්තේ සිටින්නේ කවුරුන්ද යන්න දන්නා බැවිනි.
ඉශ්‍රායෙල් රජු ඔහුව අත්අඩංගුවට…
අධික වෙහෙසට පත්වීම
මා අසල නිවාස වැඩිදියුණු කිරීමේ වෙළඳසැලක් ඇත. එහි එක් අංශයක් තුළ විශාල කොළ පාට බොත්තමක් ඇත. සහායකයෙක් නොමැති නම්, ඔබ බොත්තම එබිය යුතුයි. එය ටයිමරයක් ආරම්භ කරයි. ඔබට විනාඩියක් ඇතුළත සේවය නොලැබුණේ නම්, ඔබේ මිලදී ගැනීම සඳහා වට්ටමක් ලැබේ.
මෙම තත්ත්‍වය තුළ, වේගවත් සේවාවක් භුක්ති විඳින පාරිභෝගිකයා වීමට අපි කැමතියි. නමුත් වේගවත් සේවාවක් සඳහා ඇති ඉල්ලුම බොහෝ විට විශාල වශයෙන්…
වටිනා ඇදහිල්ලක්
“මම මහන්න ආසයි!” මගේ මිතුරිය ප්‍රකාශ කළා. තමා වෙනුවෙන් ඇඳුම් මැසූ ආච්චි සමඟ හැදී වැඩුණු ආකාරය ඇයට සිහිපත් විය. මහන මැෂිමේ ශබ්දය ඇසූ සෑම විටම, ඇගේ ආච්චි ඇය වෙනුවෙන් මහන්නේ කුමක්ද යන්න ගැන සිතමින් ඇය සතුටට පත් වූවාය.
දැන්, වැඩිහිටියෙකු ලෙස, මගේ මිතුරියද මහන අතර, එම කුසලතාව ඇගේ දියණියට පවරා දීමට සැළසුම් කරයි. ඇගේ දියණියට වයස අවුරුදු පහක් වුවද, ඇයගේ…
අවසානයේදී නිදහස ලබා
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු වූ ජෝන් මැකාතිට - ලෙබනනයේ දරුණු සිවිල් යුද්ධයේ පස් අවුරුදු ප්‍රාණ ඇපකරුවෙකු වූ ඔහු නිදහස් කිරීමට සාකච්ඡා කළ පුද්ගලයාව හමුවන්නට වසර 20ක් ගත විය. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ජියාන්ඩොමිනිකෝ පික්කෝව මුණගැසුණු විට මැකාති සරළව පැවසුවේ “මගේ නිදහසට ස්තුතියි!” මැකාතිට නිදහස ලබාගැනීම සඳහා භයානක සාකච්ඡා අතරතුරදී පික්කෝ තම ජීවිතය පරදුවට තබා ඇති නිසා ඔහුගේ හෘදයාංගම වචන විශාල බරක්…