ප්‍රවර්ගය  |  Uncategorized

ටික් ටික් ඔරලෝසුව

කම්කරුවන් පිරිසක් මිදුණු විලකින් අයිස් කපා අයිස් ගබඩාවක ගබඩා කරමින් සිටියදී ජනේල රහිත ගොඩනැගිල්ලක තම ඔරලෝසුව නැති වී ඇති බව ඔවුන්ගෙන් එක් අයෙකුට වැටහුණි. ඔහු සහ ඔහුගේ මිතුරන් එය සොයන්නට වෙහෙස වූවත් එය නිෂ්ඵල විය.

ඔවුන් සෙවීම අත්හැර දමා පිටවී යනු දුටු තරුණ පිරිමි ළමයෙක් ගොඩනැගිල්ල තුළට ගියේය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඔහු ඔරලෝසුව සමග පැමිණියේය. ඔහු එය සොයා ගත්තේ…

පාලනය කරන්නේ කවුද?

ඉන්දියාවේ චෙන්නායි හී රිය පැදවීම ඉගෙන ගන්නා අතරතුර මම උදේ පාන්දර රථවාහන තදබදය තුළ රිය පැදවීමි. එය මාව භිය ගැන්වූ අතර එක් අවස්ථාවකදී මම කොපමණ භියට පත්වූවාද කිවහොත් මම තිරිංග වෙනුවට ඇක්සලේටර් පැඩලය පෑගුවෙමි. මම තිගැස්සුණෙමි. රිය ඉදිරියට ගොස් නැවතුණි. එසේ වූයේ උපදේශකයා තමා වාඩිවී සිටී මගී අසුනේ සිට තිරිංග තද කළ නිසාය. මම භීතියට පත්ව සිටියදී මගේ උපදේශකයා සන්සුන්ව…

ඉහළ බලා

වපර ඇස් ඇති (cockeyed) දැල්ලන් ජීවත් වන්නේ හිරු එළිය ගැඹුරු ජලය හරහා යෑම සිදු නොවන සාගරයේ “අන්ධකාර කලාපයේය”. මෙම දැල්ලන්ගේ අන්වර්ථ නාමය ඔවුන්ගේ අතීශය වෙනස් ඇස් නිසා පටබැඳුණු එකකි. වම් ඇස කාලයත් සමග දකුණු ඇසට වඩා සැළකිය යුතු තරම් විශාලය. දෙගුණයක් තරම් විශාලය. මොලස්ක් (කබලක් ඇති ගොළුබෙල්ලා වැනි දැල්ලන්) අධ්‍යයනය කරන විද්‍යාඥයින් නිගමණය කර ඇත්තේ දැල්ලන් ඔවුන්ගේ දකුණු ඇස වන…

ආලෝකය විශ්වාස කරන්න

කාලගුණ අනාවැකිය පැවසුවේ ඉතාම දරුණු කුණාටුවක් බවයි. වායුගෝලීය පීඩනය පහත වැටෙන විට ශීත කුණාටුවක් උත්සන්න වෙද්දී සිදුවන්නේ මෙයයි. රාත්‍රීයේදී හිම කුණාටු හේතුවෙන් ඩෙන්වර් ගුවන් තොටුපළ වෙත යන පාර දැකගත නොහැකි තරම් විය. ඒ තරමටම. නමුත් ඔබගේ දියණිය ගුවන් යානයෙන් නිවසට පැමිණෙන්නේ නම් ඔබ කළ යුතු දේ කරන්නේය. ඔබ අමතර ඇඳුම් සහ ජලය ගෙන යන්නේය (ඒ ඔබ අධිවේගී මාර්ගයේ හදිස්සියේම අතරමං…

නැතිවූ දේ නැවත ලබා ගැනීම

දුරකථන වෙළඳ සැළේදී තරුණ සභාපාලකයා නරක ආරංචියක් බලාපොරොත්තු වූයේය. ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය අපගේ බයිබල් පංතියේදී අහම්බෙන් වැටී තිබීම මුළුමණින්ම පාඩුවක් නේද? ඇත්ත වශයෙන්ම නැත. වෙළඳ සැළේ ලිපිකාරිනිය සභාපාලක තුමාගේ බයිබල් වීඩියෝ සහ ඡායාරූප ඇතුලු සියලු දත්ත සොයා ගත්තාය. “මම මකා දැමූ සෑම ඡායාරූපයක්ම ඇය සොයා ගත්තාය” කියා ඔහු කීවේය. “එසේම මාගේ බිඳුණු දුරකථනය වෙනුවට වෙළඳ සැළ අලුත් දුරකථනයක් ආදේශ…

ඔබේ කීර්තිය කුමක්ද?

දේශීය උසස් පාසැල් ක්‍රීඩා ඉසව්වලදී ටෙඩ් යනු විශාලතම සහ ඉතාම උස් හඬින් ඔල්වරසන් දෙන නායකයා විය. ඔහු පිරිහෙන තත්ත්වයකට පත්වන්න පෙර ඔහු අඩි හයක් අඟල් හයක් උසින් සහ රාත්තල් 290 ක් බරින් යුක්ත විය. ටෙඩ් “නිල්” (පාසැලේ වර්ණය) කියා කෑගසමින් ප්‍රේක්‍ෂකයන් දිරි ගැන්වූ අතර පාසැල් ඉසව් වල රස කැවිලි වීසි කිරීම ගැන ජනප්‍රීය වූ අයෙකි. ඒ නිසා ඔහුට “විශාල නිල්”…

මම

නම් තැබීම විශේෂ දෙයකි. එය දරුවෙක් වූවත් සමාගමක් හෝ සුරතල් සතෙක්ගේ වුවත් විශේෂිතය. දෙමපියන්, ව්‍යපාරිකයන් සහ පවුල්, පරිපූර්ණ නමක් තෝරා ගැනීම සඳහා ඔවුන්ගේ මොළය බොහෝ සෙයින් වෙහෙසට පත් කරති. උසස්ම දෙයක් තෝරා ගැනීමට උත්සාහ කිරීමේ සිට අසමසම නමක් තෝරා ගැනීම දක්වා බොහෝ අය වැදගත් අර්ථයක් සහිත නම් තෝරා ගැනීමට කැමතිය. උදාහරණයක් ලෙස මගේ චීන නම ගන්න. එය මා වෙනුවෙන් මාගේ…

ඇදහිල්ලේ ආයෝජන

ඔහුගේ දොළොස්වන නත්තලේදී මෙම දරුවා ගස යට තිබූ තෑගි විවෘත කිරීමට මහත් උනන්දුවෙන් බලා සිටියේය. ඔහු අලුත් බයිසිකලයක් බලාපොරොත්තුවෙන් සිටියද ඔහුගේ බලාපොරොත්තු සුන් විය. ඔහුට ලැබුණු අවසන් තෑග්ග ශබ්දකෝෂයකි. පළමු පිටුවේ ඔහු කියවුයේ “1958 දී අම්මා සහ තාත්තා වෙතින් චාර්ල්ස් වෙත. පාසැලේදී ඔබ ඉතා හොඳට වැඩ කරයි කියා ඉහළ බලාපොරොත්තුවක් ඇතුව සහ ආදරයෙන් මෙය ලබා දෙන්නෙමු” යනුවෙනි.

ඊළඟ දශක තුළ…

ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන්

බැංකොක්හී ජනප්‍රීය අවන්හලක් අවුරුදු හතළිස් පහක් තිස්සේ පැසෙන සුප් හොද්දකින් සුප් පිරිනමන අතර සෑම දිනකම අඩුව පුරවනු ලැබේ. “සදාකාලික ඉස්ටුවක්” ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාව මධ්‍ය කාලීන යුගය දක්වා දිව යයි. සමහර ඉතිරිවන කෑම දින කිහිපයකට පසු වඩාත් හොඳින් රස විඳිනවා සේම, දීර්ඝ ආහාර පිසීමේ කාලයක් මිශ්‍රවී මෙහි අද්වීථීය රසයන් නිර්මාණය කරයි. මෙම අවන්හල තායිලන්තයේ වඩාත්ම රසවත් සුප් හොද්ද සඳහා සම්මාන…

හොඳින් වැඩෙන්න කප්පාදු කිරීම

“රෂියන් සේජ්” නැමැති සේර වැනි පැළෑටි වර්ගයක් මතට බඹරෙක් සැහැල්ලුවෙන් බසිනවා මම බලා සිටිද්දී වර්ණවත් අතු වලින් පිරී තිබූ පඳුර නිසා මම පුදුමයට පත්වීමි. එහි දීප්තිමත් නිල් මල් අපේ ඇස් සහ මී මස්සන් ආකර්ෂණය කර ගත්තේය. ගස්වල කොළ වැටෙන කාලයේදී නොහොත් සරත් සෘතුව පැමිණෙන කල එය නැවත මල්වලින් පිපෙයිද යන්න මම කල්පනා කළෙමි. මගේ බිරිඳගේ දෙමව්පියන් විසින් පෙරිවින්කල් පැලය (පැතලි…