ප්‍රවර්ගය  |  Uncategorized

සතුරන්ද මිතුරන්ද?

ටෙක්සකානා නගරය, ටෙක්සාස් සහ අර්කන්සා ප්‍රාන්ත දෙක අතර පිහිටා තිබේ. පුරවැසියන් 70,000ට නාගරාධිපතිවරු දෙදෙනෙක්, නගර සභා දෙකක්, පොලිසි දෙකක් සහ ගිනි නිවන හමුදා දෙකක් තිබේ. උසස් පාසැල් අතර ක්‍රීඩා උත්සවයට අසාමාන්‍ය ලෙස විශාල සෙනඟක් සහභාගි වන්නේ තමන්ගේ රාජ්‍ය පාසැල් වලට එකිනෙකා තුළ ඇති පක්‍ෂපාතිත්‍වය ප්‍රදර්ශනය කරන්නටය. වඩාත් සැළකිය යුතු අභියෝගද මතුවේ, එනම්, රාජ්‍ය නීති ඛාණ්ඩ දෙකකින් පාලනය වන, බෙදාගතයුතු එක්…

ගින්නෙන් පිරිපහදු කරනු ලැබ

කැරට් 24 රත්තරං යනු සුළු අපවිත්‍රතා පමණක් ඇති පවිත්‍ර රන් ය. නමුත් එම ප්‍රතිශතය ලබාගැනීම අසීරුය. පිරිපහදු කරන්නන් විසින් බොහෝ විට පිරිසිදුකිරීමේ ක්‍රියාවලියට ක්‍රම දෙකකින් එකක් භාවිතා කරනු ලැබීය. මිලර් ක්‍රියාවලිය වඩාත් ඉක්මන් සහ වියදම අඩු ක්‍රමය වන නමුත් ප්‍රතිඵලය 99.95 පවිත්‍රතා ප්‍රතිශතයකි. වොල්විල් ක්‍රියාවලියට වැඩි කාලයක් සහ මුදලක් වැය වන නමුත් එය 99.99 ප්‍රතිශතයක පවිත්‍රතාවයක් ගෙනදෙයි.

බයිබල් කාලයෙහි, පිරිපහදු…

උස ප්‍රමාණවත්ය

මාගේ මුණුපුරා ‘රෝලර් කෝස්ටර්’ පෝලිමේ සිටියේය. එහි යාමට ඔහුගේ උස ප්‍රමාණවත්දැයි බැලීමට උස ලකුණුකර දැනගත් විට ඔහු සතුටින් ඉපිළ ගියේය. ජීවිතයෙන් වැඩි කොටසක් ‘අප ප්‍රමාණවත්ද?’ යන්න නොවේද?. ළදරු වාහක අසුනේ සිට ආසන පටියට මාරුවීමට, පසුපස අසුනේ සිට ඉදිරිපස අසුනට, රියදුරු පරීක්‍ෂණය සමත් වීමට, ඡන්දය දීමට, විවාහ වීමට යන දේවල්ය. මාගේ මුණුපුරා මෙන් හැදී වැඩීමට ඇති ආශාවෙන් අපගේ ජීවිතය අපි ගෙවා…

ප්‍රේමය වෙත දිවයෑම

නෝරා සිහින්ය, කුඩාය, එහෙත්, අඩි 6ක් උසැති දරුණු බ්‍රිජට්, ඇය දෙස කෝපයෙන් බලා සිටි නමුත් ඇය බිය වූයේ නැත. අර්බුදකාරි ගර්භණීන්ට පිහිටවන මධ්‍යස්ථානයට ඇය ආවේ කුමකටදැයි බ්‍රිජට් ට කියා ගත නොහැකි විය. ඇයගේ කුසේ සිටි දරුවා නැති කරදැමීමට ඇය ඒ වන විටත් තීරණය කර තිබුණාය. නෝරා මෘදු ලෙසින් ප්‍රශ්න ඇසුවාය. බ්‍රිජට් කෲර රෞද්‍ර ලෙසින් ඒවාට පිළිතුරු දුන්නාය. බ්‍රිජට් යන්නට නැඟිට,…

බලාපොරොත්තුව මල් දරයි

ෆිලඩෙල්ෆියා නගරයේ වල් බිහිවී ඇති හිස් ඉඩම් පවිත්‍රවී අලංකාර මල් සහ ගස්වලින් පිබිදෙන්නට පටන්ගත් විට අවට සිටින අයගේ සමස්ථ මානසික සුවයද උද්දීපනය විය. මෙය ආර්ථිකව වැටී සිටින අය පිළිබඳවත් සත්‍යයක් බව ඔප්පු විය.

වෛද්‍ය යුජිනියා සවුත්ට අනුව හරිතවර්න ශාඛ මානසික සුවයට රුකුලක් බවට සාක්‍ෂි වැඩිවෙමින් පවතී. එය විශේෂයෙන් වැදගත්වන්නේ දුගී වටාපිටාවල සිටින සෙනඟටය. ඇය පෙන්සිල්වේනියාවේ පෙරෙල්මන් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ අචාර්යවරියක් වන…

ශ්‍රේෂ්ඨ වැඩක්

ඉබේ වැහෙන දොරක් නොවැසී තැබීමට ටේප් කැබැල්ලක් අලවා තිබෙනවා ආරක්‍ෂක නිලධාරියා දැක එය ගළවා දැමුවේය. පසුව ඔහු බලන විට නැවත වරක් දොරට ටේප් කැබැල්ලක් අලවා තිබුණේය. ඔහු පොලිසියට දන්වා ඔවුන් පැමිණ සොරුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක මුලස්ථානය වූ වොෂින්ටන් ඩී සී හි වෝටර්ගේට් ගොඩනැගිල්ලේ රැකියාව කළ තරුණ ආරක්‍ෂක නිලධාරියා තම රාජකාරිය අකුරටම කිරීම හේතුවෙන් විශාලතම…

අරමුණක් ඇතිව ජීවත්වීම

“අපි නිවාඩුවකට යනවා” මාගේ භාර්‍ය්‍යාව අපගේ 3 හැවිරිදි මුණුපුරා ඔස්ටින් ට උද්යෝගයෙන් කීවේ අපගේ ගමනේ පළමු අදියර සඳහා පිටත් වෙමින් වාහනය පාරට දමනවාත් සමඟය. කුඩා ඔස්ටින් ඇය දෙස කල්පනාවෙන් බලා “මම යන්නෙ නිවාඩුවකට නෙමෙයි මම යන්නේ මිශනාරි ගමනක්!” යි කීවේය.

“මිශනාරි ගමන” යන සංකල්පය අපගේ මුණුපුරා කොහෙන් අහුලාගත්තාදැයි අපි නොදනිමු. නමුත් අප ගුවන් තොටුපොළ වෙත යන විට ඔහුගේ වචන මම…

දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබූ

ජල සුළිය, වවුල් කෙල්ල, තල්ලු ස්ටාර්ට්. ඒ අප සෑම වසරකම පවුලක් වශයෙන් සහභාගි වන ගිම්හාන කඳවුරේ උපදේශකයින්ට දමා තිබූ නම් ය. ඒවා ඔවුන්ගේ යහළුවන් විසින් සාදා තිබින. සාමාන්‍යයෙන් එවැනි නම් ඇති වෙන්නේ ලැජ්ජාවක් ඇතිවූ සිද්ධියක්, හාස්‍යජනක පුරුද්දක් හෝ ප්‍රියතම විනෝදාංශයක් ඇසුරෙනි.

එවැනි නම් දැමීම කඳවුරු වලට සීමා නොවේ. ඒවා බයිබලයෙහිද අපි දකිමු. උදාහරණයක් ලෙස යේසුස්වහන්සේ යාකොබ් සහ යොහන් අපොස්තුළුවරුන්ට “ගර්ජනාවේ…

වැට උඩ

1970 මැයි මාසයේදී ඉංග්‍රීසියෙන් “ඔන් ද බබල්” (වැට උඩ) නැමති ප්‍රස්ථාපිරුළ පළමු වරට භාවිතා විය. එහි අර්ථය අවිනිශ්චිතභාවය යි. එය භාවිතා කරන ලද්දේ හමුදාවට අලුතෙන් බඳවා ගත් කාර් රේස් රියදුරෙකු වන ස්ටීව් ක්‍රිසිලොෆ් සම්බන්ධයෙනි. ඉන්දියානා පොලිස් 500 නම් තරඟයේ ඔහු එක් වටයක් ඉතා සෙමින් අවසන් කර තිබීම හේතුවෙන් “ඔන් ද බබල්” නමින් ඔහු ගැන සඳහන් විය. ඔහුගේ කාලය අනුව තරඟකරුවන්…

අතීත ඉතිහාසයට ගමන් කරන ලිපි

සෑම වසරකම තරුණ තරුණියන් මිලියනයකට වැඩි පිරිසක් ජාත්‍යාන්තර ලිපි ලිවීමේ තරඟයකට සහභාගි වෙති. 2018දි තරඟයේ තේමාව වූයේ “ඔබ කාලය තුළින් ගමන් කරන ලිපියක් යැයි සිතන්න. ඔබගේ පාඨකයන්ට දෙන්නට අවශ්‍ය පණිවුඩය කුමක්ද?”.

බයිබලයෙහි ලිපි බොහෝමයක එකතුවක් තිබේ. ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවය සහ මඟපෙන්වීම නිසා කාලය හරහා අප වෙත ඒවා පැමිණ තිබේ. කිතුණු සභාව වර්ධනය වනවාත් සමඟම, යේසුස්වහන්සේගේ ගෝළයෝ, යුරෝපයේ සහ සුළු ආසියාවේ සභාවල…