ප්‍රවේශමෙන් කරන්න
මගේ පියාත් මමත් ගස් කපා ඒවා දෙදෙනෙක් විසින් ක්‍රියාකරන හරස් කපන කියතකින් නියමිත ප්‍රමාණවලට කපා වෙන්කර ගත්තෙමු. ශක්තිජනක තරුණයෙක් වශයෙන් මම කියත බලහත්කාරයෙන් කැපුමට යොමුකරන්නට උත්සාහ කළෙමි. “ප්‍රවේශමෙන් කරන්න” මගේ පියා කියන්නේය. “කියතට වැඬේ කරන්න දෙන්න.”
පාවුල් පිලිප්පිවරුන්ට ලියූ වචන මට මතක් වෙන්නේය : “නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය”(2:13). ප්‍රවේශමෙන් වැඩකරන්න. අපව වෙනස් කිරීමේ කාර්යය උන්වහන්සේට කරන්නට ඉඩ හරින්න.
වර්ධනය වීම…
කැමැත්තක් කරන්න
මෑතක නිකුත්වූ චිත්‍රපටයක, ස්වයං ප්‍රකාශිත “අති දක්‍ෂයෙක්”, ලෝකයේ “භීෂණය, දූෂණය, නොදැනුවත්කම සහ දුප්පත්කම” ගැන කැමරාව ඉදිරියේ පුරසාරම් දොඩවමින්, ජීවිතය දෙවියන් රහිත සහ විකාරයක් බව ප්‍රකාශ කළේය. නූතන චිත්‍රපට පිටපත්වල මෙවැනි අදහස් අසාමාන්‍ය නොවන අතර, සිත්ගන්නා කරුණ නම් එය මඟපෙන්වන ස්ථානයයි. අවසානයේදී, එහි ප්‍රධාන චරිතය දරන්නා නරඹන්නන් දෙස හැරී, කුඩා පරිමාණයේ හෝ සතුටක් සොයාගන්නා පිණිස හැකි දේ කරන්න යයි ප්‍රේක්‍ෂකයින්ගෙන් ඉල්ලා…
සඳ සෑදූ තැනැත්තා
ගඝණගාමීන්, ඊගල් නම් යානය, ට්‍රැන්ක්විලිටි මුහුදේ ගොඩබැස්වූ පසු, “මේක මනුෂ්‍යයෙකුට එක් කුඩා පියවරක්, නමුත් මනුෂ්‍යවර්ගයාට එක් විශාල පිම්මක්” කියා නීල් ආම්ස්ට්‍රෝං විසින් කියන ලදී. සඳ මතුපිට ඇවිද්ද පළමු මනුෂ්‍යයා ඔහු විය. පසුව, අවසාන ඇපොලෝ මෙහෙවරේ අණදෙන නිලධාරි ජීනි සර්නන් ඇතුළුව, අභ්‍යවකාශය තරණය කළ වෙනත් අයද සිටියේය. “මම එතැන සිටියෙමි, ඔබ එතැන සිටියා, පෘථිවිය - උද්යෝගී, ඉතා ප්‍රබල.... මෙය අහම්බෙන් සිදුවෙන්නට…
හොඳ මිණුමක්
එක් දිනක් ඉන්ධන පිරවුම් හලකදී, තමන්ගේ බැංකු කාඞ්පත නොමැතිව නිවසින් පිටත්ව සිටි කාන්තාවක් ස්ටේසි ට හමුවුනේය. ඇගේ ළදරුවා සමඟ අතරමංව සිටි ඇය, පසුකර යන්නන්ගෙන් උපකාර ඉල්ලමින් සිටියාය. එවකට රැකියාවක් නොමැතිව සිටියත්, ස්ටේසි ඩොලර් 15ක් වියදම් කර එම නාඳුනන කාන්තාවගේ වාහනයට ඉන්ධන පුරවා දුන්නාය. දින කීපයකට පසු, ස්ටේසි නිවසට පැමිණි විට, ඇගේ දොරකඩ දරුවන්ගේ සෙල්ලම් බඩු සහ තෑගි පිරවූ මල්ලක් තිබෙනවා…
ඇයි මම?
The Book of Odds නමින් ඇති අමුතු දේ සිදුවීමේ ප්‍රවණතාව සටහන් වී ඇති පොතේ මිනිසුන් මිලියනයකින් එක්කෙනෙකුට අකුණු සැර වැදෙන බව සඳහන්ව ඇත. අධික කම්පනයක් හෝ අහිමිවීමක් හමුවේ මිනිසුන් 25000න් එක්කෙනෙකුට “බිඳුණු හෘද සින්ඩ්‍රෝමය” නමැති වෛද්‍ය තත්ත්‍වයකට මුහුණ දෙන බව එහි සඳහන්ව ඇත. එම පොතේ සෑම පිටුවක් පාසාම නිශ්චිත ගැටළු වලට මුහුණ දීමේ ප්‍රවණතාව පිළිතුරක් නැතිව ගොඩගැසේ: අපි ඒ කෙනා…
මී පැණි වලට වඩා පැණිරසයි
ඔහුගේ මාතෘකාව වූයේ වාර්ගික ආතතිය යි. එහෙත් කථිකයා සන්සුන්ව සිටියේය. විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරියේ වේදිකාව මත සිටගෙන, ඔහු නිර්භීතව එහෙත් ප්‍රසන්නව, නිහතමානීව, කරුණාවන්තව සහ හාස්‍යය ද ඇතිව කථා කළේය. තැතිගැන්වී සිට ප්‍රේක්‍ෂකයින් ඉක්මනින්ම සැහැල්ලු වෙමින් ඔවුන් සියළු දෙනා මැදි වී සිටි තත්ත්‍වය පිළිබඳ කථිකයා සමඟ එකතුව සිනාසුණෝය: ඔවුන්ගේ හැඟීම් සහ වචන සන්සුන් කරමින් ඔවුන්ගේ උණුසුම් ප්‍රශ්නය විසඳන ආකාරය. ඔව්, අප්‍රසන්න…
මතක්කර ගනිමින්
අනුස්මරණ දිනයේදී, 2වන ලෝක යුද්ධයේ හමුදාවේ සේවය කළ හමුදා ප්‍රවීණයන්, විශේෂයෙන් මගේ පියා සහ මාමලා සිහිවෙන්නේය. ඔවුන් නැවත නිවෙසට ආවත් රට වෙනුවෙන් සටන් කිරීමේදී දහස් ගණන් පවුල් වලට ඔවුන්ගේ ප්‍රේමණීයන් ඛේදජනක ලෙස අහිමි වුනේය. එහෙත් මගේ පියාගෙන් හෝ එම වකවානුවේ වෙනත් ඕනෑම සොල්දාදුවෙක් ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කියන්නේ තම ප්‍රේමණීයයන් ආරක්‍ෂා කරගැනීමට තම ජීවිතය පූජා කරන්නටත් ඔවුන් නිවැරදී යයි…
කථාකරන මේස
අපගේ යහපැවැත්ම පිළිබඳ හැඟීමට ප්‍රධානතම තර්ජනය එල්ළ වන්නේ තනිකම තුළින්ය. සමාජ මාධ්‍ය තුළ අපගේ හැසිරීම, ආහාර පරිභෝජනය යනාදිය තුළින් අපගේ සෞඛ්‍ය තත්ත්‍වයට එය බලපෑමක් ඇති කරනු ලැබේ. එක් අධ්‍යයනයකින් ඇඟවෙන්නේ සියලු මනුෂ්‍යයන්ගෙන් තුනෙන් දෙකකටම - වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසළකා - කුමන හෝ කාලයක තනිකම දැනෙන බවයි. බ්‍රිතාන්‍යයේ එක් සුපිරි වෙළඳ සැලක, ඔවුන්ගේ ආපන ශාලාවල “කථාකරන මේස” නමින් සංකල්පයක්…
ආලෝකය රක්‍ෂාකරන්නන්
“ආලෝකය රක්‍ෂාකරන්නන්” ලෙස ඔවුන් හඳුන්වනු ලැබේ.
එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා වෙරළ තීරයෙන් ඔබ්බට හැටෙරාස් දූපතේ තුඩුවේ ඉදිකර ඇති ප්‍රදීපාගාරයේ, 1803 සිට එහි සේවය කළ භාරකරුවන් වෙනුවෙන් අනුස්මරණයක් ඇත. වෙරළ ඛාදනය හේතුවෙන් එම ප්‍රදීපාගාරය නගරය ඇතුලට වෙන්න ඉදිකර කෙටි කාලයකින් පසු, එම භාරකරුවන්ගේ නම් පැරණි අත්තිවාරම් ගල් වල කොටා, අර්ධ කවාකාර රඟමඬලක හැඩයෙන්, නව ප්‍රදීපාගාරයට මුහුණලා සකසා තිබුනේය. ඒ අනුව -…
ඔබගේ කඳුළු දෙවියන්වහන්සේ වෙතට ගෙනයන්න
පසුගිය ගිම්හාන සමයේ ටලේක්වා නමින් කළු සුදු වර්ගයේ තල්මසෙකුට පැටවෙක් උපන්නේය. ටලේක්වා වැනි දරුණු වර්ගයේ තල්මසුන් වඳවීමේ තර්ජනයට ලක්වූ මසුන් වර්ගයක් වූ බැවින් ඇගේ පටවා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. නමුත් ඒ පැටවා පැයක්වත් ජීවත් වුනේ නැත. ලොව පුරා මිනිසුන් බලා සිටියදී, ටලේක්වා ඇගේ ශෝකය ප්‍රකාශ කරන පිණිස ඒ මිය ගිය පැටවා අත්හැරීමට පෙර දින දහහතක් පැසිෆික් සාගරයේ සීතල ජලය…