නමක වැදගත්කම කුමක්ද?
දෙවියන්වහන්සේගේ කාලයට අනුව, අපගේ පුත් කෝෆි ඉපදුනේ සිකුරාදා දිනකය. ඔහුගේ නමේ අර්ථයත් එසේමයි - සිකුරාදා දින උපන් පිරිමි දරුවා. අපි ඔහුට නම් තැබුවේ ගාහනා ජාතික අපගේ මිත්‍රයෙකු නිසාය. දේවගැතිවරයෙක් වූ එතුමාගේ එකම පුතා මිය ගියේය. එතුමා නිරන්තරයෙන් කෝෆි වෙනුවෙන් යාච්ඤා කරන්නේය. එය අපට විශාල ගෞරවයක් වුනි.
නමක් පිටුපස ඇති කථාන්දරය දන්නේ නැති වූ විට එහි වැදගත් කම ලෙහෙසියෙන්ම මගහැරිය හැකිවන්නේය.…
මට කථන්දරයක් කියන්න
එකමත් එක කාලයක. ඒ වචන හතර මුළු ලෝකයේම වඩාත්ම බලවත් වචන විය හැකිය. කුඩා දරුවෙක් ලෙස මගේ මුල්ම මතකයන්වල එම ප්‍රබල වචන විවිධාකාරයෙන් අඩංගු වී ඇත. එක් දිනක් මගේ මව, My Good Shepherd Story Book (මගේ යහපත් එඬේරා කතන්දර පොත) යන නමින් වූ අලංකාර චිත්‍ර අඩංගු විශාල බයිබල් කථාන්දර පොතක් රැගෙන ආවාය. සෑම සැන්දෑවකම, පහන් නිවීමට පෙර, ඈත අතීතයේ සිටි…
ආත්මයාණන්ට අනුකූලව
අලංකාර මහා පියානෝව සූසර කරන්නාගේ ශබ්දය මට ඇසුන විට “වෝර්ගෝ ප්‍රසංගය” හි විස්මය ජනක සංගීතය සහ “මහත් බලැත් දෙව් ඔබමැයි” හි අනගි තාලය මෙම පියානෝවෙන්ම නිකුත් වන මතකය මට දැණුනි. නමුත් දැන් එම සංගීත භාණ්ඩයට ඉතා දැඩි ලෙස සූසර කිරීමක් අවශ්‍ය වී තිබේ. සමහර තත් නියම ස්වරය නාද කරත් තවත් සමහර ඒවා ස්වරයට වැඩි හෝ අඩු මට්ටමකින් නාද විය. ඒවායින්…
ඉදිකරමින් පවතින
මේ පාර කාපට් කළා විතරයි. රථවාහන පේළියේ වේගය අඩු කරත්ම මට සිතුණි. දැන් නැවත වරක් පාර හාරනවා! පාරවල් සෑදීම නතර නොවන්නේ මන්ද කියා ඉන්පසු මම කල්පනා කළෙමි. මම කියන්නේ “කාපට් දමන ආයතනය මේ පාරෙ වැඩ අවසාන කර තිබේ. මේ කාපට් කරපු පාරෙ විනෝදෙන් රිය පදවන්න” කියා පවසන සංඥා මම කවදාවත් දැකලා නැහැ.
නමුත් ඒ හා සමාන දෙයක් මගේ ආත්මික ජීවිතයේත්…
යේසුස්වහන්සේගේ පින්තූරයට ඇතුල්වීම
මගේ දේවගැතිතුමා යේසුස්වහන්සේගේ ජීවිතය ගැන අපහසු ප්‍රශ්නයක් අපේ පන්තියෙන් ඇසූ විට මම ඉක්මනින් අත එසවීමි. මම ඒ කථාව ලඟදී කියවා තිබුණු නිසා මම උත්තරය දැනගෙන සිටියෙමි. මමත් ඒක දන්නවා කියා කාමරයේ සිටි අනෙක් අය දැනගන්න මට උවමනා විය. මක්නිසාද මම බයිබල් ගුරුවරයෙක් වීමි. ඔවුන් ඉදිරියේ අපහසුතාවයට පත්වීම මොනතරම් ලැජ්ජාවක්ද! දැන් මම ලැජ්ජාවට පත් වීමට ඇති බිය ගැන ලැජ්ජා වුනෙමි. එනිසා…
දෑත් දිගුකර
සෙයිඩි සහ ඔහුගේ පවුලට “විවෘත දෑත් සහ විවෘත නිවස” යනුවෙන් දර්ශනයක් ඇත. ඔහු කියන්නේ ඔවුන්ගේ නිවසේදී සෑමවෙලේම මිනිසුන්ව පිළිගනු ලැබේ. ඒ “විශේෂයෙන් විපතට පත් වූ අය”යි යනුවෙනි. ලයිබීරියාවේ ඔහුගේ සහෝදර සහෝදරියන් නව දෙනා සමඟ ඔහු හැදුනු වැඩුනු නිවස එවන් එකක් විය. ඔහුගේ දෙමව්පියන් නිතරම අන් අයව ඔවුන්ගේ පවුලට පිළිගනු ලැබූහ. ඔහු කියන්නේ “අපි ප්‍රජාවක් ලෙස වැඩුනා. අපි එකිනෙකාට ප්‍රේම කළා.…
කුඩා දරුවන්ගෙන් ඉගෙන ගැනීම
මගේ මිතුරෙක් සමඟ කෙන්යාවේ නයිරෝබි නගරයේ මුඩුක්කුවකට ගිය අවස්ථාවේ අප එතැන දුටු දරිද්‍රතාවයෙන් දැඩි කම්පනයට පත් වුනෙමු. කෙසේ වෙතත් එම පසුබිම තුළම වෙනස් හැඟීමක් එනම් නැවුම් ජලපහරක් වැනි හැඟීමක් ඇතිවුනේ දරුවන් ස්වහිලි භාෂාවෙන් “පාස්ටර්! පාස්ටර්! ” කියා කෑගසමින් දිව එනවා දැකීමෙනි. අපගේ වාහනයේ සිටි ඔවුන්ගේ ආත්මික නායකයා දැකීමෙන් ඔවුන්ගේ ප්‍රීතිමත් ප්‍රතිචාරය එසේ විය. මෙම මොළොක් කෑගැසීම් සමඟ ඒ දරුවන් තමුන්…
සදාකාලික ප්‍රේමය
වසර ගණනාවකට පෙර මගේ අවුරුදු හතරක් වූ පුතා ලෝහ තහඩුවක සවි කර තිබූ රාමු කළ ලී හදවතක් මට දුන්නේය. එහි හරි මැදින් සදාකාලික යන වචනය පින්තාරු කර තිබුණි. “මම ඔබට සදාකාලිකව ආදරෙයි අම්මා” කියා ඔහු කීවේය.
මම ඔහුට හාදුවක් දෙමින් ස්තුති කර “මම ඔයාට ඊටත් වඩා ආදරෙයි” කියා කීවෙමි.
ඒ මිල කළ නොහැකි තෑග්ග මගේ පුතාගේ නිම නොවන ආදරය ගැන…
අවිශ්වාසය සහ ඇදහිල්ල
මිංටෙක් තදබල හිසේ රුදාවකින් ඇහැරුනේ මෙය තවත් ඉරුවාරදයක් කියා සිතමින්ය. නමුත් ඔහු ඇඳෙන් බැස්ස විගසම බිමට ඇදගෙන වැටුනි. ඔහු රෝහලට ඇතුල් කළ විට වෛද්‍යවරුන් කීවේ එසේ වූයේ ආඝාතය නිසාය කියායි. මාස 4ක පුනරුත්ථාපනයෙන් පසු ඔහුට කල්පනා කිරීමේ සහ කථා කිරීමේ හැකියාව නැවත ලැබුන නමුත් තවමත් ඇවිදින්නේ අපහසුතාවක් සහ වේදනාවක් ඇතිව මදක් කොර ගසමිනි. ඔහු බොහෝවිට බලාපොරොත්තු සුන්වී කල් ගෙවන නමුත්…
කථාකරන්නට බැරි වූ මිනිසා
බෙලීස් නම් රටේ වැඩිහිටි නිවාසයක රෝද පුටුවක වාඩිවී සිටි මිනිසෙක් අමෙරිකානු උසස් පාසලක යෞවන සිසුන් යේසුස්වහන්සේ ගැන ගායනා කරනවා ඉතා ප්‍රීතියෙන් අසා සිටියේය. පසුව එම දරුවන් කිහිප දෙනෙක් ඔහු සමඟ කථාකරන්නට උත්සාහ කළ විට ඔහුට කථාකරන්නට බැරි බව ඔවුන්ට වැටහුනි. ආඝාතය හේතුවෙන් ඔහුට කථා කිරීමේ හැකියාව නැතිව ගොස් තිබුණි.
ඔහු සමඟ කථා කරන්නට බැරි නිසා ඔහුට ගීත ගායනා කරන්නට මෙම…