සමාදානය සොයා ගන්නේ කෙසේද?
“ඔබ සාමය ගැන සිතන්නේ කුමක්ද?” අප දිවා ආහාරය ගන්නා අතර මාගේ මිතුරා මගෙන් ඇසීය. “සාමය... මට ස්ථිර නැහැ... ඇයි ඔබ අසන්නේ?” මම මවිතව ඔහුගෙන් ඇසුවෙමි. “ඔබ සභා රැස්වීම වෙලාවේදී කකුල සොළව සොළවා සිටියේය. ඔබ ඉන්නේ කලබලයෙන්ද? දෙවියන්වහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ දෙන සාමය ගැන ඔබ දන්නවාද?” ඔහු ඇසුවේය.
වසර ගණනාවකට ප්‍රථම මාගේ මිතුරා ඇසූ එම ප්‍රශ්නයෙන් මගේ සිත රිදුණි. නමුත්…
ඔබට දැන් බඩගිනිද?
තමා කළ යුතු දෙය තෝමස් දැන සිටියේය. ඉන්දියාවේ දුගී පවුලකට ඉපිද ඇමෙරිකානුවන් විසින් හදා වඩා ගන්න ලද ඔහු නැවත ගමට පැමිණි විට එහි දරුවන්ගේ දැඩි අවශ්‍යතාවයන් ඔහු දිටීය. ඔවුන්ට උපකාර කළ යුතු බව ඔහු දැන ගත්තේය. නැවත ඇමෙරිකාවට ගොස් තම අධ්‍යාපනය අවසන් කර මුදල් හම්බකර ගෙන අනාගතයේදී නැවත ඉන්දියාවට ඒමට ඔහු සැළසුම් කළේය.
ඔහු යාකොබ් 2:14-18 “තමාට ඇදහිල්ල ඇතැයි යමෙක්…
අලුත් කණ්නාඩි තුළින්
“ගහක කොළපාට දිහා බලනවා වෙනුවට එක එක කොළේ දිහා බැලීම විශ්මිත දෙයක්” යයි මාගේ පියා කීවේය. ඊට වඩා එය හොඳින් කීමට මම දැන නොසිටියෙමි. ඒ වන විට මට වයස දහ අටකි. කණ්නාඩි දැමීමේ අවශ්‍යතාවය ගැන සතුටින් නොසිටියෙමි. නමුත් මා දකින් දේවල් උපැස් යුවළ වෙනස් කළේය. එය බොඳව පෙණුනු දේවල් අලංකාර කළේය.
බයිබලය කියවන විටද සමහර දේවල් මට පෙනෙන්නේ කණ්නාඩි නැතිව…
මෝරුන් සපා නොකන විට
මාගේ දරුවෝ සතුටින් ඉපිලුණෝය. නමුත් මට එසේ නොවුණි. අපි මත්ස්‍ය උද්‍යානයකට ගියෙමු. එහි විශේෂ පොකුණක සිටි කුඩා මෝරුන්ව මිනිසුන්ට අත පත ගෑ හැකිය. මෝරු ඇඟිලි සපන්නේ නැත්දැයි මා ඇසූ විට ඔවුන් බලා ගන්නා තරුණිය විස්තර කළේ මෝරුන්ට ටික වේලාවකට පෙර ආහාර වැඩිපුර දී ඇති බවත් ඔවුන්ට බඩගිනි නැති නිසා ඔවුන් සපා කන්නේ නැති බවත්ය.
මෝරුන් සුරතල් කිරීමෙන් මා ඉගෙන ගත්…
දිව්‍යමය මග වෙනස් කිරීම්
“එපා” හෝ “දැන්ම නොවේ” කී විට දැරීම අසීරු විය හැකිය. විශේෂයෙන් අන් අයට සේවය කිරීමට දෙවියන්වහන්සේ දොරක් විවර කර ඇතැයි අපට සිතෙන විටය. මාගේ සේවයේ මුල් කාලයෙහි අවස්ථාවන් දෙකක් මා වෙතට පැමිණියේය. සභාවේ අවශ්‍යතාවලට මාගේ දීමනා සහ නිපුණත්වයන් සරිලන බව මම සිතුවෙමි. නමුත් දොරවල් දෙකම කෙමෙන් වැසිණි. මේ කලකිරීම් දෙකට පසු තවත් අවස්ථාවක් පැමිණියේය. මාව තෝරා ගැණුනි. ඒ සේවයේ කැඳවීම…
කඹය ලිහීම
කිතුණු සංවිධානයක් සමාවදීමේ ඇති සුවකිරීමේ ස්වභාවය වැඩි කිරීමට ක්‍රියා කළේය. ඔවුන්ගේ එක් ක්‍රියාකාරකමක් නම් වදර වූ තැනැත්තා සහ වරදකළාවූ අයව එක් කඹයකින් පිටට පිට තබා ගැට ගැසීමය. කඹය ලිහාගත හැක්කේ වරදවූ තැනැත්තාට පමණී. ඇය කුමක් කළත් ඇගේ පිටෙහි තව කෙනෙකු සිටී. සමාව නොදී
කඹය ලිහා ගන්නේ නැතුව ඇයට ගැළවිය නොහැකිය.
තමාගේ වැරදිවලට පසුතැවිලිව අප වෙත එන අයට සමාව දීමෙන් අපට…
ඔබ ගැන අවසන් කථාව
විශ්වාසවන්ත ස්ත්‍රියකගේ මළ ගෙදරකට ගොස් මා පැමිණියේ සිතේ පූර්ණකමෙනි. ඇයගේ ජීවිතය ප්‍රදර්ශනාත්මක නොවීය. ඇයගේ සභාවෙන්, මිතුරන් සහ අසල්වාසීන්ගෙන් පිටත ඇය ප්‍රසිද්ධ නොවූවාය. නමුත් ඇය යේසුස්වහන්සේටද ඇයගේ දරුවන් හත් දෙනාටද ඇයගේ මුණුපුරු මිණිපිරියන් විසිපස්දෙනාටද ප්‍රේම කළාය. ඇය පහසුවෙන් සිනහසුණාය. ත්‍යාගශීලීව සේවය කළාය. පාපන්දුවකට ඈතට යන්නට ගැසීමට දක්‍ෂ වූවාය.
දේශනාකාරයා පවසන්නේ “මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය” (7:2) කියාය. “ප්‍රඥාවන්තයන්ගේ…
නිෂ්ඵල දේවල් ගින්නට
1497 හි පෙබරවාරී මාසයේ ගිරෝලාමා සැවනොරෝලා නැමති තාපසයා ගින්නක් ඇති කළේය. ඒ සඳහා ඔහු සහ ඔහුගේ සහායකයෝ මනුෂ්‍යයන්ට පව් කිරීමට උපකාරවන සහ ආගමික යුතුකම් ඉෂ්ට කිරීමට බාධා කරන බොහෝ භාණ්ඩ මාස ගණනක් එකතු කළෝය. අනර්ඝ චිත්‍ර, සුවඳ විලවුන්, සංගීත භාණ්ඩ සහ ඇඳුම් ඊට අයත් විය. නියමිත දවසේ දහස් ගණන් නිෂ්ඵල ද්‍රව්‍ය ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයෙහි පිට්ටනියක එකතු කර ගිනි තබන ලදී.…
ප්‍රීතියෙන් ක්‍රීඩා කිරීම
අපගේ එක් පුත්‍රයෙක් වන බ්‍රයන් ද්වීථිය පාසැලක පැසිපන්දු පුහුණුකරුවෙකි. එක් වසරක ඔහුගේ කණ්ඩායම වොෂිංටන් ප්‍රාන්ත කරඟාවලියක නියැලී සිටින අතර තුර ඔහු අවට සිටි සමහරෙකු සත්භාවයෙන් ඇසුවේ “මේ අවුරුද්දේ ඔබ සියලු තරඟ දිනනවාද?” කියාය. ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුට ඉන් පීඩනය දැණුනි. ඒහෙයින් බ්‍රයන් උද්ධෘත පාඨයක් සාදා ගත්තේය. “ප්‍රීතියෙන් ක්‍රීඩා කරමු”.
එපීසයේ වැසියන්ට පාවුල් පැවසූ අවසන් වචන මම මතක් කර ගතිමි. “මාගේ දිවීම…
ස්වාමින්වහන්සේ සතුටු වන සේක
මෑතකදී මගේ ආච්චී මා හට පැරණි ඡායාරූප පිරි කවරයක් එව්වාය. මා ඒවා දෙස බලමින් සිටින විට ඉන් එකක් මාගේ ඇසට යොමු විය. එවිට මාගේ වයස අවුරුදු දෙකකි. මම උදුනක් අසළ වාඩිවී සිටිමි. එහි අනෙක් පැත්තෙහි මගේ පියා මවගේ කරට අත දා ගෙන සිටියි. දෙදෙනාම මා දෙස ආදරයෙන් සහ ආශාවෙන් බලා සිටිති.
සෑම උදෑසනකම දැකිය හැකි වන පරිදි මම එය මගේ…