ප්‍රවර්ගය  |  Uncategorized

ධෛර්යයවන්ත ස්ථාවරයක්

2 වන ලෝක මහා යුද්ධය ආරම්භ කළ විටම නාසිවරු තෙරේසා පෙරෙකෝවාගේ මව්බිම වන පෝලන්තය ආක්‍රමණය කළෝය. මේ යුදෙව්වරුන්ව විනාශ කිරීමේ ව්‍යාපාරයේ ආරම්භය විය. ඇයගේ යුදෙව් අසල්වාසීන් අතුරුදහන් වීමට පටන් ගත්තෝය. නාසිවරු යුදෙව්වරු අත්අඩංගුවට ගත්හ. ඒහෙයින් තෙරේසා සහ සමහර පෝලන්ත රටවැසියන් තම අසල්වාසීන්ව නාසින් කළ සමූල ඝාතණයෙන් බේරාගැනීමට කටයුතු කළෝය. තෙරේසා යුද්ධයේ සහ යුදෙව්වන් විනාශ කිරීමේ කථාවේ ප්‍රධාන ඉතිහාසඥවරියක් විය හැකිව…

උපකාර ඉල්ලීම

වෙහෙසකාරී දිර්ඝ දිනයක් අවසානයේ ඇගේ විද්‍යුත් පණිවුඩය මට ලැබුණි. මා එය විවෘත කළේ නැත. පවුලේ රෝගී සාමාජිකයෙක්ගේ තදබල රෝගය පාලනය කිරිම ගැන මම අතිකාල සේවයේ යෙදී සිටියෙමි. එසේ හෙයින් සමාජ බාධාවලට මට කාලය නොතිබුණි.

පසුදින උදෑසන මම මාගේ මිතුරියගේ පණිවුඩය බැලීමි. එවිට මම එම ප්‍රශ්නය දුටුවෙමි. "ඔබට උපකාර කිරීමට මට මෙනවා හරි කරන්න පුළුවන්ද?" ලැජ්ජාවට පත්වී "නැහැ" කීමට පටන් ගත්තෙමි.…

දෙවියන්වහන්සේගේ ගිනි පෙණෙල්ල

ගෘහ සේවිකාව වියරුවෙන් මෙන් ගිනි ගන්නා නිවසින් කුඩාම දරුවන් ඇරගෙන පිටතට දිව්වාය. දිව යන ගමන් ඇය පස් හැවිරිදි ජැකීට මොර ගැසුවාය.

නමුත් ජැකී ඇය පසු පස ගියේ නැත. පිටත බලා සිටි අයෙකු වහාම ක්‍රියාත්මක විය. තම මිතුරෙකුගේ උරහිස් මතට නැගුණු ඔහු ඉහළ මාලයේ ජනේලයට නැග ජැකීව ආරක්‍ෂාව ඇති ස්ථානයකට ගත්තේය. එවිටම වහලය කඩා වැටුණි. ජැකීගේ මව වන සුසන්නා පැවසුවේ "ජැකී…

අපගේ මිතුරන්ට

එමිලි බ්‍රොන්ටේගේ "වදරින් හයිට්ස්" නැමති නවකථාවේ දබරකාරී පුද්ගලයෙකු අන් අය විවේචනය කිරීමට නිතරම බයිබලය භාවිතා කරන්නේ "අන් අය වෙහෙසට පත් කරන තම ධර්මිෂ්ඨකමින් පිරි පරිසියෙකු ලෙසය. ඔහු බයිබලය පිරික්සීමට රේක්කයක් හෝ භාවිතා කර පොරොන්දු ඔහුට අදාළ කර ගෙන ශාප අසල්වාසීන් වෙත විසිකරන කෙනෙක්" කියාය.

එය උපහාසාත්මක වාක්‍යයකි. එය අපට සමහරුන් මතකයට ගෙන ආ හැකිය. නමුත් අප සියල්ලෝ ටිකක් ඊට සමාන…

අභිරහසක් එළිදරව් කිරීම

මා දිනක් නිවසට එන විට අපගේ වාහනය නතර කරන ස්ථානය අසළ අඩි උස කාන්තා සපත්තු යුගලයක් තිබුණි. මම එය කාගේදැයි ස්ථිරවම දැන සිටියෙමි. ඒ හෙයින් මගේ දුව වන ලීසා ඇයගේ දරුවන් ගෙන යාමට එන විට ඇයට දීමට ඒවා ගරාජය තුළ තැබීමි. නමුත් ලීසාගෙන් ඇසූ විට ඒවා ඇයගේ නොවන බව ඇය ප්‍රකාශ කළාය. ඇත්තෙන්ම අපගේ නිවසේ කිසි කෙනෙකු ඒවා තමාගේ යයි…

ගොයම් කැපීම

ටැන්සානියාවේ මාගේ මිතුරියකට දර්ශනයක් තිබුණි. ඒ ඩොඩෝමා අගනුවර පාළු ඉඩමක් සංවර්ධනය කිරීමය. එහි සිටින වැන්දඹුවන්ගේ අවශ්‍යතා ඇය තේරුම් ගෙන ඇත. රූත් උත්සාහ කරන්නේ එම වඩ වගුරු පුරවා කුකුල් පාලනය සහ ගොවිතැනට හැරවීමටය. එම දර්ශනය පදනම් වී ඇත්තේ ඇය දෙවියන්වහන්සේට දක්වන ප්‍රේමය නිසාය. ඇයට උනන්දුව ලැබෙන්නේ බයිබලයේ සිටින රූත්ගෙනි. ඒ ඇයගේ නමද එයම වන හෙයිනි.

දෙවියන්වහන්සේගේ නීතිය වූයේ විදේශීය දුගීන්ට ඉවුරු…

පළමුව දෙවියන්වහන්සේගෙන් ඇසීම

අපගේ විවාහයේ මුල් කාලයේදී මාගේ භාර්යාවගේ ප්‍රමූඛතාවයන් ගැන තේරුම් ගැනීමට මම අරගලයක් කළෙමි. "ඇය ආශා කළේ නිවසේ නිසලව රාත‍්‍රී ආහාරය ගැනීමටද? නැත්නම් සුඛෝපභෝගී ආපන ශාලවකට යෑමද? මා මිතුරන් සමග විනෝද වූවාට ප්‍රශ්නයක් නැද්ද? නැතිනම් මා ඇය සමග සති අන්තය ගත කරනවාට ඇය කැමතිද?" වරක් මා අනුමාන කිරීම හෝ තීරණය කිරීම හෝ වෙනුවට "ඔබ කැමති කුමකටද?" කියා ඇයගෙන් ඇසීමි.

ඇය උණුසුම්…

අප වෙහෙසට පත්වූ විට

සමහර විට නිවැරදි දේ කිරීමට උත්සාහ කිරීම අධික වෙහෙස ගෙන දිය හැකිය. "මා හොඳ අරමුණකින් කීවාවූ වචන සහ මාගේ ක්‍රියා වලින් කිසි වෙනසක් සිදුවුයේද?". මෑතකදී මෙය මා සිතුවේ මිතුරෙක් දිරිමත් කිරීමට යාච්ඤාවෙන් යුතුව විද්‍යයුත් පණිවුඩයක් යැවූ පසුය. මට ලැබුණේ කෝපයෙන් පිරි ප්‍රතිචාරයක් පමණි. මාගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ කෝපය හා සිත් රිදීමය. "මාව මෙතරම් වැරදියට තේරුම් ගැනෙන්නේ ඇයි?".

මා කෝපයෙන් ප්‍රතිචාර…

ඒ මාළුවා ගැන කථාවක් නොවේ

ඔස්ට්‍රේලියාවේ දකුණු වෙරළ අසල මුහුදෙහි බොහෝ වරක් දක්නට ලැබුණු සුදු පැහැති මොල්ලිය සහිත විශාල තල්මහ පළමුවරට ලේඛණ ගතවූ එවැනි තල්මසා වෙයි. ඌ ඉතා අනර්ඝ සත්වයෙකි. අඩි 40 කට වඩා දිගය. එම සතුන් එතරම් දුලභ නිසා ඔස්ට්‍රේලියානු රජය ඌ ආරක්ෂා කිරීමට විශේෂ නීති පැනවීය.

බයිබලයේද විශාල මත්ස්‍යයෙකු ගැන පවසයි. දෙවියන්වහන්සේ එම මත්ස්‍යා එවන ලද්දේ පැන යමින් සිටි අනාගතවක්තෘ කෙනෙක් ගිළ දැමීමටය…

බොහෝ අලංකාර දේවල්

මිෂනාරිවරියක් සහ චිත්‍රශිල්පිනියක් වූ ලිලියස් ට්‍රොටර් මිය යෑමට මොහොතකට පෙර ජනේලයකින් පිටත බැලුවාය. ඇය ස්වර්ගීය රථයක දර්ශනයක් දුටුවාය. ඇයගේ ජීවිත කථාව ලියූ කතෘට අනුව මිතුරෙකු ඇයගෙන් අසා ඇත්තේ "ඔබ බොහෝ අලංකාර දේවල් දකිනවාද?" කියාය. ඇය පිළිතුරු දුන්නේ "ඔව් බොහෝ අලංකාර දේවල්" යනුවෙනි.

ට්‍රොටර්ගේ අවසන් වදන් පිළිබිඹු කරන්නේ ඇයගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ කාර්යයි. මරණයේදී පමණක් නොව ජීවිතයෙහි පවා උන්වහන්සේ ඇයටද ඇය තුළින්…