ස්වාමින්වහන්සේ කථා කරන සේක
ලෝකයේ වේදනාව ගැන ඇති සෑම වාදයක්ම යෝබ් පොතෙහි තිබේ. නමුත් එම විවාද යෝබ්ට එතරම් උපකාරයක් කරන බවක් නොපෙනේ. ඔහුට ඇත්තේ සැකයකට වඩා සම්බන්ධතාවය පිළිබඳ ප‍්‍රශ්නයකි. ඔහුට දෙවියන්වහන්සේ විශ්වාස කළ හැකිද? යෝබ්ට සියල්ලට වඩා එක දෙයක් අවශ්‍ය වුනි. ඒ ඔහුගේ කාලකණ්නි තත්ත්වය විස්තර කළ හැකි එකම තැතැන්තාගේ පැමිණිමයි. ඔහුට මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ හමුවීමට අවශ්‍ය විය.
යෝබ්ට තිබූ ආශාව අවසානයේ ඉෂ්ට…
දැඩි රළ පහරවල් පසු කිරීම
විනෝද බෝට්ටු පැදීමට නායකත්වය දෙන්නා අපගේ කණ්ඩායම ගං ඉවුරට ගෙන ගියේය. අපට ආරක්ෂිත කබා පැළඳ හබල්ද ගැනීමටද උපදෙස් දුන්නේය. අප බෝට්ටුවට නැගුණු විට ඔහු අපව ආසනවල හිඳවූයේ බෝට්ටුෙවේ සමතුලිත භාවය රැකෙන ලෙසය. තද දිය රැළි හමුවන විට නොපෙරෙළෙන පිණිසය. අපට ලැබෙන ත්‍රාසජනක අත්දැකීම් උලුප්පා දක්වා අපට ගමනේදී ඇසෙන උපදෙස් මාලාවක් ගැනද සඳහන් කලේය. ඒවා පිළිපැදිය යුතු බව කීවේය. දැඩි ජලපහර…
කාලය නැමැති ත්‍යාගය
මම තැපැල් හල වෙත ගියේ ඉතා හදිසියෙනි. එදිනට කිරීමට ඇති දේවල් බොහෝමයක් තිබුණි. නමුත් ඇතුල් වන විට දොර අසළටම පෝලිමක් මම දුටුවෙමි. "ඉක්මන් කරන්න. බලාගෙන ඉන්න" මම ඔරලෝසුව දෙස බලා මටම කියා ගතිමි.
මාගේ අත දොර අගුලෙහි තිබියදීම වැඩිමහල් ආගන්තුකයෙකු මා ළඟට ආවේය. "පිටපත් ගන්න යන්ත්‍රය වැඩ කරන්නේ නැහැ. මගේ මුදල්ද ඒක ඇතුළේ. මොනවා කරන්නද කියා මම දන්නේ නැහැ" ඔහු…
ස්වර්ගයෙන් උපකාරය
අතී අසීරු අවස්ථා දැන්වීමට නාවිකයන්ට ක්‍රමයක් අවශ්‍ය වූ නිසා SOS නම්වූ මෝස් සංඥා ක‍්‍රමය 1905 දී සොයා ගන්නා ලදී . 1910 දී එම සංඥාව ප්‍රසිද්ධ වූයේ කෙන්ටකී නැව ගිලෙන්නට යන විට එය භාවිතා කිරීමෙන් නැවේ සිටි නාවිකයන් 46 දෙනාම ගැළවුණු නිසාය.
මෝස් සංඥා ක‍්‍රමය මෑතකදී සොයා ගත්තක් වුවද උපකාර ඉල්ලා කළ දැඩි ආයාචනය මනුෂ්‍යත්වය තරමට පැරණිය. එය අප බොහෝ විට පරණ…
ඒ සිනහාසෙන මිනිසා
වෙළඳ සැළට යාම මම සාමාන්‍යයෙන් ප්‍රිය කළ දෙයක් නොවේ. එය ජීවිතයේ නීරස කාර්යයකි. එය කළ යුතු නිසාම කරමි.
නමුත් එහි කොටසකට මා දැන් ආශාවෙන් බලා සිටිමි. ඒ ෆ්‍රෙඩ්ගේ පෝලිමේ සිටීමය. ෆ්‍රෙඩ්ගේ පෝලිම සංදර්ශනයක් වැනිය. ඔහු විශ්මිත ලෙස ඉක්මන්ය. සෑම විටම ඔහු විශාල සිනහවකින් මුව සරසා ගෙන සිටියි. විටෙක නටයි. (සමහර විට ගායනා කරයි). ප්ලාස්ටික් බෑගයට නොකැඩෙන භාණ්ඩ දමන්නේ කරණමක් ගස්සවාය.…
බලාපොරොත්තුවේ විලාපයක්
බහමාස් රටෙහි නාසාහු නගරයෙහි ක්ලින්ටන් ජාතික උද්‍යානයට නැවත යාම ඉතිහාසයේ ඛේදජනක කාල පරිච්ඡේදයකට නැවත යාමකි. පොළොව සහ ජලය එක්වන තැන කඳු ගැටයකට යන ගල් පඩි පෙළක් තිබේ. 18 වන සියවසේ නැව් වලින් බහමාස් වෙත ගෙන ආ වහලුන් මෙම පඩි පෙළ නගින්න ඇත. ඒ බොහෝ විට තම පවුල් අත්හැර අමානුෂික වදහිංසාවලට ලක් වීමටය. එහි මුදුනෙහි එම වහලුන් වෙනුවෙන් ස්මාරකයක් සාදා ඇත.…
යහපත් පියෙක්
අපගේ සේවියර් කුඩා කාලයේදී ව්‍යාපාර වැඩ නිසා මගේ ස්වාමි පුරුෂයාට බොහෝ දිනවල ගෙදරින් පිට සිටීමට සිදුවිය. ඔහුගේ පියා බොහෝ විට දුරකථන ඇමතුම් දුන්නද සමහර රාත්‍රීවල දුරකථන ඇමතුම් පමණක් සේවියර්ව සැනසුවේ නැත. තම පියා අවශ්‍ය යයි සේවියර්ට සිතුණ විට ඔහු සැනසීමට මම ඔහු නින්දට යාමට පෙර ඡායාරූප ඇල්බමයක් ඔහුට පෙන්වන්නෙමි. ඔහු පියා සමග එකට සිටින ඡායාරූප පෙන්වා "මෙය ඔබට මතකද" කියා…
පේ‍්‍රමයට කැපවී
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණු අයෙකු වන නබීල් කුරේෂි පොත් ලියා තිබේ. ඒ ඔහු හැර ආ ආගමේ අයට සත්‍යය අවබෝධ වන පිණිසය. ඔහුගේ ස්වරය ගෞරවාන්විතය. තම සෙනගට ඔහු ප්‍රේමයේ හදවතක් පෙන්නුම් කරන්නේය.
කුරේෂි එක් පොතක් තම සහෝදරියට කැප කළේය. ඇය එවිටත් යේසුස්වහන්සේට ජීවිතය දී තිබුණේ නැත. කැපවීම කෙටිය. නමුත් බලවත්ය. "අප දෙදෙනාට එකට එක් වී උන්වහන්සේ නමස්කාර කිරීමට දවසක් දෙන්නැයි මම…
පතුළ කඩා වැටුණු කල
1997 ආසියානු මූල්‍ය අර්බූදය කාලයෙහි රැකියා ප‍්‍රමාණයට වඩා ඒවා සොයන සෙනඟ වැඩි විය. මාත් රැකියා සොයන අය අතර වීමි. කණසල්ල පිරි මාස නවයකින් පසු මට සෝදුපත් කියවීමේ රැකියාවක් ලැබුණි. නමුත් සමාගම වැසී ගියේය. මට නැවත රැකියාවක් නැති විය.
ඔබත් එසේ සිට තිබෙනවාද? භයානක කාලය අවසන් වී යැයි සිතෙන විටම පතුළ කඩා වැටුණාක් මෙන් දැනේ. ශාරෙපත්හි වැන්දඹුවටද එසේ දැනෙන්න ඇත (1…
දීමේ ප‍්‍රීතිය
එය මා කරදරයෙන් සිටි සතියකි. ශක්තිය හීනවී ධෛර්යයක් නැතැයි මට හැඟුණි. ඊට හේතුව සොයා ගැනීමට මට නොහැකි විය.
සතිය අවසානයේ මාගේ නැන්දා කෙනෙකුගේ වකුගඩු ක‍්‍රියාත්මක නොවන බව මට ආරංචි විය. එහි යා යුතු බව මම දැන සිටියෙමි. නමුත් අවංකව කියන්නේ නම් ගමන කල් දැමීමට මට සිතුණි. කෙසේ නමුත් මම එහි ගියෙමි. එහිදී අපි රාත්‍රි අහාරය ගතිමු. කථා කළෙමු. එකට යාච්ඤා…