ප්‍රවර්ගය  |  Uncategorized

ආච්චි අම්මාගේ කෑම වට්ටෝරුව

බොහෝ පවුල් වල රහස් කෑම වට්ටෝරුවක් තිබේ. විශේෂ රසයක් දෙන කෑමක් සෑදීමට ඔව්හු දනිති. මාගේ චීන ගෝත‍්‍රය වන ”හක්කාස්” කණ්ඩායමට විශේෂිත ආහාරයක් තිබිණ. එයට "පබළු මාල" යැයි කියනු ලැබේ. ඔබ එය කාලාම රස බැලිය යුතුය.

අනිවාර්යයෙන් ආච්චි අම්මා ළඟ හොඳම වට්ටෝරුවක් තිබිණි. සෑම චීන අලුත් අවුරුද්දක් පැමිණි විට පවුලේ එක්සත් රාත‍්‍රී භෝජනයේදී, "මේක හරියට උයන්න ඉගෙන ගන්න ඕනේ" කියා අප…

වැන්දඹුවකගේ තීරණය

මගේ හොඳ මිතුරියකට හෘදයාබාධයක් නිසා තම සැමියා අහිමි වූ විට අපි ඇය සමඟ දුක්වුණෙමු. උපදේශිකාවක් ලෙස ඇය බොහෝ දෙනා සනසා තිබේ. දැන් විවාහ වී වසර 40කට පසු සැම දිනක් අවසානයේ හිස් නිවසකට ඒමේ අභාග්‍යසම්පන්න අවස්ථාවට ඇය මුහුණ දුන්නාය.

ඇයගේ දුක මධ්‍යයේ මාගේ මිතුරිය''බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින''තැනන්වහන්සේට සමීප වූවාය. ඇය සමඟ ඇයගේ වේදනාව තුළින් දෙවියන්වහන්සේ ගමන් කරන විට,''වැන්දඹුව යන නාමය''…

කෘතඥ නොවීම පහසුය

තිප් තොප් තිප් තොප් හඩින් වාහනයේ වයිපර් එහා මෙහා යයි. වැටෙන වතුර බිදු පිසදැමීමට එ්වා ක‍්‍රියාත්මක වෙයි. එහෙත් එම ශබ්දය මට කන්දොස්කිරියාවක් විය. රථය මම මිළදී ගෙන තිබුණේ මෑතකදීය. එයට මා හුරුවෙමින් සිටියෙමි. එය සැතපුම් 80,000 කට වඩා ගමන් කළ වාහනයකි. එහි දරුවන්ට ආරක්ෂාව දීමට පැති "එයාර්බෑග්" නොතිබිණි.

මෙම ස්ටේෂන් වැගන් රථයත් ගෙදරට අත්‍යවශ්‍ය සිල්ලර බඩුත් ගැනීමට මම අපට තිබූ අවසාන…

අයිස් මල්

15 වියැති විල්සන් බෙන්ට්ලි හිම කැටවල ඇති සංකීර්ණ අලංකාරයෙන් මවිත විය. ඔහුගේ මව ඔහුටදී තිබූ අන්වීක්ෂයක ආධාරයෙන් ඔහු එ්වා දෙස බැලීය. එ්වායේ මනහර සැලසුම් වල චිත‍්‍ර සිය ගණනක් ඔහු ඇන්දේය. එහෙත් හිමකැට ඉක්මණින් දියව යන බැවින් එ්වායේ විස්තර ඇඳීමට අපහසු විය. වසර ගණනකට පසු 1885දී ඔහුට අදහසක් පහළ විය. ඔහු අන්වීක්ෂයට බෙලෝස් කැමරාවක් සවි කොට විශාල උත්සාහයකින් පසු පළමු හිම…

ජීර්ණය නොවූ දැනුම

බි‍්‍රතාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුවූ ලාන්ස්ලට් ඔලිෆන්ට් (1881-1965) භාෂාව පිළිබඳ තම පොතෙහි ලියා ඇත්තේ බොහෝ සිසුන් පරික්ෂණ වලදී නිවැරදි පිළිතුරු දෙන නමුත් එ්වා ජීවිතයේදී ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වන බවයි. "එවැනි ජීර්ණය නොවූ දැනුම නිෂ්ඵලය'' යි ඔහු පවසයි.

කතුවර බර්ණබස් පයිපර් තම ජීවිතයෙහි ඊට සමාන්තර දෙයක් දුටුවේය. "මා උත්තර සියල්ල දැනගෙන සිටි බැවින් මා දෙවියන්වහන්සේට සමීප යැයි මම සිතුවෙමි. මම අඥාන වූයෙමි.…

ලකුණු පුවරුව වසා දමන්න

තම පුත‍්‍රයාගේ විවාහ උත්සවයේදී මාගේ මිත‍්‍ර බොබ් නව යුවලට අවවාද සහ දිරිය දුන්නේය. ඔහුගේ කථාවේදී අසල නගරයක පාපන්දු පුහුණුකරුවෙකු ගැන ඔහු කීවේය. ඔහු තම කණ්ඩායම තරඟයක් පැරදුණු විට විද්‍යුත් ලකුණු පුවරුව සතියක් පුරා ක‍්‍රියාත්මකව තබයි. ඒ කණ්ඩායමට ඔවුන්ගේ පරාජය ගැන මතක් කිරීමටය. පාපන්දු ක‍්‍රීඩාවේදී එය යහපත් විය හැකි වුවත් විවාහ ජීවිතයේදී එය නරක උපක‍්‍රමයක් විය හැකි බව බොබ් කීවේය. ඔබගේ…

සියල්ලට ඉහළින් යේසුස්වහන්සේ

ම පාසැල් නිල ඇඳුමට උඩින් ක‍්‍රිඩා කබායක් ඇඳීමට මගේ මිතුරියගේ පුත‍්‍රයා තීරණය කළේය. එදින රාත‍්‍රියේදී වැදගත් තරඟයකට සහභාගිවන ඔහු කැමති ක‍්‍රිඩා කණ්ඩායමට සහයෝගය දැක්වීමට ඔහුට අවශ්‍ය විය. නිවසින් පිටවයාමට ප‍්‍රථම ඔහු එම කබායට උඩින් යමක් පැළඳ ගත්තේය. එය "යේසුස්" යන ලාංඡනය තිබූ මාලයකි. ඔහුගේ කුඩා ක‍්‍රියාව ගැඹුරු අර්ථයක් පෙන්නුම් කළේය. එනම් අපගේ ජීවිත වල සියල්ලට ඉහළින් සිටීමට සුදුසු වන්නේ යේසුස්වහන්සේය.

යේසුස්වහන්සේ…

රහස් කෑමවේල

මස් කන්ද යනු මස් වර්ග හයකින් සමන්විත සුපිරි සැන්ඞ්විචයකි. කුකුල් මස්, බේකන්, චීස් සහ තවත් දේවලින් පුරවා ඇති එය ආපන ශාලාවක තිබිය යුතුම කෑමක් ලෙස පෙනේ. එහෙත් එවැනි කෑමක් ආපන ශාලා ලැයිස්තු වල නැත. එම සැන්ඞ්විචය නිරූපණය කරන්නේ සමාජ වෙබ් අඩවි සහ කටින්කට පමණක් පැතිරෙන ආහාර ලැයිස්තුවේ නැති අංග පිළිබඳ අලුත් මෝස්තරයකි. අද ඇති තරඟකාරීත්වය නිසා තම සුවිශේෂ පරිභෝගිකයින්ට රහස්…

එය ආපසු ගැනීමට බැරිය

මට මාගේ ක‍්‍රියාවන් ආපසු ගැනීමට නොහැකි විය. කාන්තාවක් රථය නවතා ගොස් තිබූ ආකාරයට මට පෙට්ට්‍රොල් කණුව වෙත යාමට නොහැකි විය. ඇය වෙන් කළ කසල වගයක් භාජනයට දැමීමට ගොස් තිබිණ. මට ඉවසීමට සිතුනේ නැති නිසා මම ඇයට නළාව ශබ්ද කර රථය පසුපසට ගෙන වෙන මාර්ගයකින් එතැනට ගියෙමි. තත්පර 30ක් සිටීමට ඉවසීම නැති වීම ගැන මට මා ගැන කළකිරීමක් ඇතිවිය. මම දෙවියන්වහන්සේගෙන්…

දුක් කර්මාන්ත ශාලාව

ක්ලීව්ලන්ඞ් බ‍්‍රවුන්ස් පාපන්දු කණ්ඩායමේ යාවජීව රසිකයෙකු ලෙස මා හැදී වැඩුණේ කලකිරීම ගැන හොඳ අත්දැකීමක් ඇතිවය. කිසි දිනෙක සුපර්බෝල් වටයට තේරී නැති කණ්ඩායම් 4න් එකක් වුවද වසරක් පාසා එම කණ්ඩායමට ආදරය කරන ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් සිටී. ඔව්හු බොහෝ විට කළකිරීමට පත්වන බැවින් ක්ලීව්ලන්ඞ් බ‍්‍රවුන්ස් පිටිය හඳුන්වන්නේ "දුක් කාර්මාන්ත ශාලාව" ලෙසය.

අප ජීවත් වන විකෘති ලෝකයද "දුක් කාර්මාන්ත ශාලාවක්" විය හැක. අපගේම…