හොඳම වර්ගයේ සතුට
"සැම දෙනාම එ්ක කරනවා" යන්න මා තරුණ කාලයේ ජයග‍්‍රාහී තර්කයක් ලෙස පෙණුනි. ඔවුන් අනාරක්ෂිත හෝ අඥාන යැයි සිතූ දෙයකට අවසර ගැනීමට මා එසේ උත්සාහ කළද මාගේ දෙමව්පියෝ එවැනි ආයාචනාවලට අසු නොවූහ. අප වැඩි වියට පත්වන විට අපගේ මාර්ගයේ යන පිණිස අපගේ තර්ක සහ සමාවට හේතු අපි එකතුකර ගනිමු. "මින් කාටවත් හානියක් වෙන්නේ නැහැ." "එය නීති විරෝධී නැහැ." "මුලින් මට එසේ…
උඩුගං බලා පිහිනීම
මාගේ නිවස විශාල කඳු දෙකක් අතර ඔයක් අසල පිහිටා තිබේ. වසන්තකාලයේ හිම දියවූ පසු සහ මහවැසි වැටුනු පසු මේ ඔය පුළුල්වී ගඟකට සමානවේ. සෙනඟ එහි ගිලී මියගොස් තිබේ. එක් දිනක් ඔයෙහි ආරම්භය මම දුටුවෙමි. එය කන්ද උඩ ඇති හිම පිට්ටනියකි. එහි සිට දියවූ හිම කඳු පහළට තම ගමන අරඹා අතරමඟදී මාගේ නිවාසය අසල ඇති ඔය වැනි තව දියපහර වලට ජලය…
නාද දෙන මතක්කරවීම්
වෙස්ට්මිනිස්ටර්හි ඔරලෝසු කණුවේ බිග්බෙන් නම් සුප‍්‍රසිද්ධ සීනුව ලන්ඩනයෙහි ඇති තේජවත් ස්මාරකයකි. එහි නාදය ගෙන ඇත්තේ හැන්ඩල්ගේ "මෙසායා" නැමති ගීත නාටකයේ එන "මාගේ මිදුම්කරු ජීවත්වේ" යන සංගීත කණ්ඩයෙන් යැයි පිළිගැනේ. පසුව එයට වචන එක් කර ඔරලෝසු කාමරයේ පළකර තිබේ. "ස්වාමිනී මේ පැය තුළ අපගේ මඟපෙන්වන්නා වෙන්න. එවිට ඔබගේ බලයෙන් අපගේ පය නොලිස්සන්නේය."
මෙම වචන ගීතාවලිය 37ට සමානවේ. "මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන…
පාළු නත්තල
නත්තලින් පසු පැමිණි ලිපි ගොන්න මැද තිබී මාහට වටිනා වස්තුවක් හමු විය. එය ප‍්‍රතිචක‍්‍රීකරණය කළ කඩදාසියක මුද්‍රණය කළ නත්තල් කාඞ්පතකි. සරල පින්සල් පාර කිහිපයකින් එහි සදාහරිත ශාඛ සහිත කඳුකර සිසිර දර්ශනයක් මතුකර තිබිණි. එහි යටින් රතු ගෙඩි සහිත හොලීගස් මැද අතින් ලියූ මේ පණිවිඩය විය: "ඔබට සමාදානය වේවා!"
කලාකරුවා සිරගතව සිටි, මගේ මිත‍්‍රයෙකි. මා ඔහුගේ චිත‍්‍රය අගය කරන අතර ඔහුට…
වෙනස්වී අන් අය වෙනස් කරමින්
ටානි සහ මොඩුපේ නයිජීරියාවේ හැදී වැඩී අධ්‍යාපන කටයුතු සඳහා 1970 ගණන්වල එංගලන්තයට ගියහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් පුද්ගලිකව වෙනස්වී සිටියත් එංගලන්තයේ ලිවර්පූල් ඈන් ෆීල්ඩ්හී ඉතා දුගී විවිධ කොටස් වලින් බෙදී තිබෙන ප්‍රදේශයක් වෙනස් කිරීමට දෙවියන්වහන්සේ ඔවුන්ව භාවිතා කෙරෙනු ඇතැයි ඔව්හු කිසි දිනෙක නොසිතුවෝය. ආචාර්යවරුන් වන ටානි සහ මොඩුපේ ඔමිඩෙයි විශ්වාසවන්තව දෙවියන්වහන්සේව සොයමින් එම ජනයා අතර සේවය කළ අතර දෙවියන්වහන්සේ බොහෝ දෙනෙකුට බලාපොරොත්තුව…
උන්වහන්සේ ඇහුම්කන් දෙනසේක්ද?
"දෙවියන්වහන්සේ මට ඇහුම්කන් නොදෙන්නේ යැයි සමහරවිට මට හිතෙනවා." මත්පැන්වලට ඇබ්බැහිවූ ස්වාමිපුරුෂයෙකු සමඟ ජීවත් වන අතර දෙවියන්වහන්සේ සමඟ ශක්තිමත්ව ගමන් කිරීමට උත්සාහ කරන ස්ත‍්‍රියකගේ එම ප‍්‍රකාශය, බොහෝ ඇදහිලිවන්තයින්ගේ හදවතින් නැගෙන හඬට සමානය.
උන්වහන්සේට පහසුවෙන් මහිමය ගෙන දියහැකි යහපත් දෙයක් අප දෙවියන්වහන්සේගෙන් නැවත නැවත ඉල්ලන නමුත් පිළිතුරක් නොලැබෙන විට අප සිතිය යුත්තේ කුමක්ද? උන්වහන්සේ ඇහුම්කන් දෙන්නේද?
ගැළවුම්කරුවාණන්ගේ ජීවිතය දෙස බලමු. තම හදවත…
උන්වහන්සේගේ සියලු වරප‍්‍රසාද
ජීවිත ගමනේදී අපට නිතර ඇතිවන අසීරුතාවයක් නම් අපට දැනට අවශ්‍යදේ ගැන කනස්සලු වන බැවින් අපට දැනට ඇති දේ අමතක වීමය! ගීතාවලිය 103 පදනම් කොට සෑදුන අනර්ඝ ගීතිකාවක් අපගේ ගීතිකා කණ්ඩායම ගායනා කරන විට මට එය මතක් විය. "මාගේ ආත්මය ස්වාමීන්ට ප‍්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව" (2 පදය). උන්වහන්සේ අපට සමාව දෙන්නාවූ අප සුවකරන්නාවූ අප ගලවන්නාවූ අපට සපයන්නාවූ…
උන්වහන්සේ පිළිතුරු දෙනසේක
මා ආශා කරන කොරියානු නිළියකගේ වෙබ් අඩවියක් මට හමුවූ විට මා ඇයට පණිවුඩයක් යැවීමට තීරණය කළෙමි. මම හැකි හොඳම පණිවුඩය යවා ඇයගෙන් පිළිතුරක් එනතුරු බලා සිටියෙමි. ප‍්‍රතිචාරයක් ලැබීම ඉතා දුර්ලභ බව මම දැන සිටියෙමි. එවැනි ජනප‍්‍රිය නිළියකට දිනපතා දහස් ගණන් පණිවුඩ ලැබේ. එහෙත් පිළිතුරක් ලැබෙතැයි මම බලාපොරොත්තු වුණෙමි. මගේ බලාපොරොත්තුව කඩවිය.
දෙවියන්වහන්සේ අපට ප‍්‍රතිචාර දක්වන බව දැන සිටීම ස්තූතිවන්ත වීමට…
මේ වසර විය හැක
මාගේ පියා සභාපාලකවරයෙකි. සැම වසරකම පළමු ඉරුදින ඔහු ක‍්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම ගැන බොහෝ විට 1 තෙසලෝනික 4 උපුටා ගනිමින් දේශනා කළේය. ඔහු අවධාරණය කළ කරුණ සැම විට එකක්ම විය. ”යේසුස්වහන්සේගේ නැවත පැමිණීම මෙම වසරේදී සිදු≥විය හැකිය. උන්වහන්සේ හමුවීමට ඔබ සූදානම්ද?” ”එය සත්‍යයක් නම් උන්වහන්සේ සමඟ යන අය සමඟ මා සිටිනු ඇත්දැයි මට විශ්වාස නැහැ”යි සිතමින් අවුරුදු 6 දී ඇසූ එම…
තටුමත
"තටුමත" යන තම පොතෙහි ඇලන් ටැනන්ට් අළුවර්ණ උකුස්සාගේ සංක‍්‍රමණය අධ්‍යයනය කිරීමට තමන් උත්සාහ කළ ආකාරය සඳහන් කරයි. උන්ගේ අලංකාරය, කඩිසරකම සහ ශක්තිය නිසා ප‍්‍රසිද්ධ මෙම දඩයම් පක්ෂීන් එකල අධිරාජ්‍යයන් සහ රදලයන් අතර ජනප‍්‍රිය දඩයම් සහකරුවෙකු විය. අවාසනාවකට 1950 ගණන් වල භාවිත කරන ලද ඩි. ඩි. ටී කෘමි නාශකය ඔවුන්ගේ ප‍්‍රජනන රටාවන්ට බාධා ඇති කළේය. එහෙයින් දැන් වඳවී යන පක්ෂී විශේෂයක් ලෙස…