ප්‍රවර්ගය  |  Uncategorized

ඔබ වහන්සේගේ අභිමුඛයේ ප‍්‍රීතිය

"මනුෂ්‍යයාගේ අවසන් අරමුණ විය යුත්තේ දෙවියන්වහන්සේට මහිමයදී, උන්වහන්සේ සදාකාලයට භුක්තිවිඳීමය" වෙස්මිනිස්ටර් ඇදහිල්ලේ ප‍්‍රකාශය එසේ කියයි. දේව වචනයෙන් වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රීතිමත් කෘතඥතාවය සහ ජීවමාන දෙවියන්වහන්සේ ඇගයීම ගැන පවසයි. අප දෙවියන්වහන්සේට ගරුකරන විට සියලු යහපත ගලන මූලාශ‍්‍රය ලෙස අප උන්වහන්සේ සමරමු.

අපගේ සිතින් අප දෙවියන්වහන්සේ පසසන විට අප මවා ඇති ප‍්‍රීතිමත් තත්ත්වයට අප පැමිණ ඇති බව අපට දැනේ. අලංකාර හිරුබැසීමක් හෝ සමාදාන…

හරයේ ඇත්තේ උඩඟුවයි

"ඔහු සිතන්නේ ඔහු ලොකු මිනිහෙක් කියලා." අප දන්නා හවුල් කිතුනුවෙකු ගැන මාගේ මිත‍්‍රයාගේ ඇගයීම එය විය. ඔහු තුළ යම් උඩඟුකමේ ආත්මයක් ඇති බව අපි දුටිමු. ඔහු බැරෑරුම් වැරදි වල ඉක්මනින්ම පැටලිණ. අප ඒ ගැන ඉතා දුක්වීමු. ඔහුගේ හිස උදුම්මාගැනීමෙන් ඔහුට ලැබුණේ කරදර පමණි. එය අපටද වියහැකි බව අපට තේරුණි.

අපගේ සිත් වල ඇති උඩඟුකම අවතක්සේරු කර ගැනීම පහසුය. අප ඉගෙන…

අභ්‍යන්තර දැක්මක්

විශ‍්‍රාම ගොස් සිටින භෞතික විද්‍යාඥ ආරි වැන්ට් රියට් අසාමාන්‍ය ලෙසකින් චිත‍්‍ර සකසන්නේය. ඔහු ශාඛ සහ මියගිය සතුන් විවිධ ක‍්‍රම වලට තබන්නේය. ඉන්පසු එ්වායේ එක්ස්-රේ ඡයාරූප ගන්නේය. ඔහු ඒවා පරිගණක ගත කර චිත‍්‍රයට නගාගෙන චිත‍්‍රවල සමහර කොටස් වලට වර්ණ යොදන්නේය. ඔහුගේ චිත‍්‍ර කලාව මල්, මසුන්, කුරුල්ලන්, උරගයන් සහ වඳුරන්ගේ අභ්‍යන්තර සංකීර්ණතා මනා ලෙස අනාවරණය කරන්නේය.

යමක අභ්‍යන්තර දැක්ම බොහෝ විට පිටස්තර…

පිළිතුරක් එනතෙක් බලා සිටීම

අපගේ දියණිය 15වන වියේදී ගෙදරින් පැන ගියාය. සති තුනක් පමණ ඇය අපට හමු නොවීය. එ් අපගේ ජීවිතයේ දීර්ඝතම සති කිහිපය විය. අපි ඇයව සැම තැනම සෙව්වෙමු. නීතියෙන් සහ මිතුරන්ගෙන් සහය පැතීමු. එ් ඉතා දුෂ්කර දින වලදී දෙවියන්වහන්සේ කෙරෙහි යාච්ඤාවෙන් සිටීමේ වැදගත්කම අපි ඉගෙන ගතිමු. අපි අපගේ ශක්තියේ කෙළවරට පැමිණ සිටියෙමු. දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට අපට සිදුවිය.

අපට ඇය මුණගැසුනේ පියවරුන්ගේ දිනයේදීය.…

කුරුසිය සහ ඔටුන්න

ලන්ඩනයෙහි ඇති වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පොහොසත් ඓතිහාසික පසුබිමක් තිබේ. 10වැනි සියවසේදී බෙනඩික්ටානු පූජකයන් දෛනික නමස්කාරයක් ආරම්භ කළෝය. එය අදද එහි පවතී. එම දේවස්ථානය බොහෝ ප‍්‍රසිද්ධ අයගේ සොහොනද වී තිබේ. ක‍්‍රි.ව.1066 සිට අද දක්වා සෑම ඉංග‍්‍රීසි රජ කෙනෙකුගේම ඔටුනු පැළඳවීම එහි සිදුවේ. එසේම ඔවුන්ගෙන් 17 දෙනෙකු තැන්පත් කර ඇත්තේද එහිය. ඔවුන්ගේ රජ්‍යය පාලනය, ආරම්භවූ තැනින් කෙළවර වන්නේය.

ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවය කෙතරම්…

කර්කශ මාර්ග

මා සමඟ මසුන් අල්ලන මිතුරෙකු ඉඩාහෝහි ජග්ගැන්ඩල් කඳුකරයේ උතුරේ ඇති ඇල්පයින් වැවක් ගැන කීවේය. විශාල බලයන් එහි සිටින බවට කටකථා තිබිණ. මාගේ මිතුරා කොළයක් සහ පැන්සලක් ගෙන එම ස්ථානය මට ඇඳ පෙන්වීය. සති කිහිපයකට පසු මම මාගේ වාහනයට තෙල් ගසාගෙන එහි යාමට පිටත් වුනෙමි.

ඔහුගේ සිතියම මා කිසිදිනක වාහන පදවා නැති නරකම වර්ගයේ පාරකට මා යොමු කළේය. එය කොට ඇදගෙන…

ස්වර්ගයේ වස්තුව

විදුලි කම්බි නිවැරදිව ඇද නොතිබීම නිසා අපගේ අලුත් ගෙය ගිනි ගත්තේය. පැයකින් නිවස බිමට සමතලා විය. ඉතිරිවූයේ අළු පමණි. තවත් දිනක අප සභාවේ සිට එන විට, නිවසට හොරු පැන භාණ්ඩ රැගෙන ගොස් තිබිණි.

අපගේ අසම්පූර්ණ ලෝකයේ වස්තුව නැතිවීම සමාන්‍ය දෙයකි. වාහන සොරකම් වේ. සමහර විට අනතුරට ලක්වේ. නැව් ගිලෙයි. ගොඩනැගිලි කඩා වැටෙයි, නිවාස ජලයෙන් යටවේ, පුද්ගලික භාණ්ඩ සොරු ගනිති. ලෞකික…

දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම

සියවසකට පෙර 41 වියැති ඔස්වල්ඞ් චේම්බර්ස් තරුණ ක‍්‍රිස්තියානි සංගමයේ දේවගැති ලෙස මිසරයට පැමිණියේ පළමු ලෝක යුද්ධයේ බි‍්‍රතාන්‍ය, පොදු රාජ්‍ය සොල්දාදුවන්ට සේවය කිරීමටය. කයිරෝ නගරයෙන් සැතැපුම් 6ක් උතුරින් සේටෝන් කඳවුරට ඔහු අනුයුක්ත කරන ලදී. ඔහුගේ පළමු රාත‍්‍රීයේදී එනම් 1915, ඔක්තෝම්බර් 27වන දින චේම්බර්ස් තම දින පොතේ ලීවේ "මේ ප‍්‍රදේශය තනිකර කාන්තාරයකි. මම සොල්දාදුවන් මැද සිටිමි. එය මනුෂ්‍යයන්ට මනහර අවස්ථාවකි. එය මා…

සියල්ල සුරක්ෂිතය! සියල්ල යහපත්ය!

1915 ජනවාරි මාසයේදී "එන්ඩියොරන්ස්" නැමති නැව ඇන්ටාර්ටිකා වෙරළේ අයිස් මත හැපීකැඞී බිඳී සිරවිය. එර්නස්ට් ෂැකල්ටන්ගේ නායකත්වයෙන් පැමිණි ද්‍රව නිරීක්ෂක කණ්ඩායම කුඩා ජීවිතාරක්ෂක බෝට්ටු 3කින් එලිෆන්ට් දූපතට ළඟා වූහ. මෙම කුඩා දූපතේ සාමාන්‍ය නැව් මාර්ගවලින් ඈත්ව කිසිම මිනිස් වාසයක් නැතිව සිරවී සිටින මිනිසුන් 22කට එක් බලාපොරොත්තුවක් තිබිණි. ඒ ෂැකල්ටන් ගැනය. 1916 අපේ‍්‍රල් 24 වැනි දින ෂැකල්ටන් සහ පිරිස කුඩා බෝට්ටු වලින්…

දැවෙන ප‍්‍රශ්න

තම ධෛර්යය ඔප්පු කිරීම සඳහා ශරත් සෘතුවේදී රාත‍්‍රියේ වනාන්තරයට යවන ලද රතු ඉන්දියානු යෞවනයෙකු ගැන ඇමරිකානු ගැමි කථාවක් තිබේ. ඉක්මනින් අහස කළුවර විය. රාත‍්‍රී ශබ්ද වලින් වනාන්තරය ගහන විය. ගස් ඇඹරෙනවා ඇසිණ. බකමූණෙකු කෑගැසීය. නරියෙකුද නාද කළේය. බිය සිතට ආ නමුත් කොලුවා මුළු රාත‍්‍රිය වනයේම සිටියේය. ධෛර්යය පෙන්වීමට අවශ්‍යවූයේ එයයි. පාන්දර වන විට අසල සිටින පුද්ගලයෙකු ඔහුගේ නෙත ගැටිණ. ඒ…