ප්‍රවර්ගය  |  Uncategorized

මාගේ කණස්සල්ල නොවේ

මිනිසෙකු සෑම දෙයක් ගැනම නොකඩවා කරදර විය. දිනක් ඔහු උරුවම් බාමින් නිදහසේ සිටිනවා ඔහුගේ මිතුරෝ දුටුවෝය. "මොකද වුනේ?" ඔහුගේ මිතුරෝ පුදුමයෙන් ඇසුවෝය. "මාගේ ප‍්‍රශ්න ගැන කණස්සලු වීමට මම මිනිසෙකුට ගෙවනවා" ඔහු කීවේය. "කීයක්ද එයාට ගෙවන්නේ?" "සතියකට ඩොලර් දෙදහසක්" ඔහු උත්තර දුන්නේය. "ෂහ්! ඔයාට කොහෙන්ද එච්චර සල්ලි?" "මංගාව නැහැ! එ්ත් ඒකත් එයාගේ ප‍්‍රශ්නයක්."

පීඩන නවත්වන මෙම හාස්‍යජනක ක‍්‍රමය සැබෑ ජීවිතයේ හරියන්නේ…

ආත්මික පරීක්ෂණය

සෞඛ්‍ය ගැටළු බැරෑරුම් වීමට ප‍්‍රථම දොස්තරවරු ශාරීරික පරීක්ෂණයක් නිර්දේශ කරති. අපගේ ආත්මික සෞඛ්‍යය ගැනද අපට එවැනි දෙයක් කළ හැකිය. එ් යේසුස්වහන්සේ පැවසූ එ් මහා ආඥාවේ පදනම්ව ඇති ප‍්‍රශ්න කිහිපයක් ඇසීමෙනි (මාර්ක් 12:30).

"උන්වහන්සේ මට පළමුවෙන් පේ‍්‍රමකළනිසා, මාගේ මුළු සිතින් මම දෙවියන්වහන්සේට පේ‍්‍රම කරන්නේද? වඩා බලවත් කුමක්ද? ලෞකික දේවලට මාගේ ආශාවද? නැතිනම් ක‍්‍රිස්තුස්වහන්සේ නිසා මට ලැබෙන වස්තුවද? (කොලොස්සි 3:1). උන්වහන්සේගේ සමාදානය,…

ප්‍රේමය පළමුවෙන් එයි

ඇයගේ සාලය සැරසීමට ගෙනා ඵලක තුනක් මිතුරියක් දිනක් මට පෙන්වූවාය. "දැන්ම 'ප්‍රේමය' මට තිබෙනවා", ඇය එම වචනය සඳහන් ඵලකයක් මට පෙන්වමින් කීවාය. "'ඇදහිල්ල සහ බලාපොරොත්තුව' මම ඇණවුම් කරලා තියෙන්නේ" ඇය කීවාය. "පේ‍්‍රමය" පළමුවෙන් එනවා! "ඇදහිල්ල සහ බලාපොරොත්තුව" ඉක්මනින් එනවා! මම කල්පනා කළෙමි.

ප්‍රේමය පළමුවෙන් පැමිණියේය. සත්‍යවශයෙන් එය ආරම්භවූයේ දෙවියන්වහන්සේගෙනි. පළමු යොහන් 4:19 අපට මතක් කර දෙන්නේ "අප පේ‍්‍රමකරන්නේ (දෙවියන්වහන්සේ) පළමුකොට…

අප ජීවිතයේ ගීතය

සංගීත ඛණ්ඩයකින් ස්පර්ශකරනු ලැබූ එක් එක්කෙනා එය අසන්නේ වෙනස් ආකාරයකටය. ගීත රචකයාට තම සිත් කුටියේදී එය ඇසේ, අසන්නෝ එය තම හැඟීම් අනුව ඇහුම්කන් දෙති. සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට තමන් අසලම ඇති සංගීත උපකරණ වල හඬ වඩා පැහැදිලිව ඇසේ.

එක් අතකින් අපි දෙවියන්වහන්සේගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ වෙමු. අපට බොහෝ විට ඇසෙන්නේ අප අසල තිබෙන සංගීතය පමණි. අපට සමතුලිත ගීතය නොඇසෙන බැවින් අපිද…

නොසැලකිලිමත් වචන

මා පැය භාගයක් පමණ රිය පදවාගෙන ගිය පසු මාගේ දියණිය ඇඬීමට පටන්ගත්තාය. "ඇයි මොකද?" කියා මා ඇසූ විට, ඇගේ සහෝදරයා ඇගේ අත තදින් මිරිකීයැයි ඇය කීවාය. "එයා මාව කෙනිත්තුවා" යැයි ඔහු කීවේය. ඔහු නරක වචන කිවූ නිසා "මම කෙනිත්තුවා" යැයි ඇය නැවත කීවාය.

දරුවන් අතර පොදුව තිබෙන මෙම ක‍්‍රමය අවාසනාවන්ත ලෙස වැඩිහිටියන්ගේ සබඳතා වලදීද දැකිය හැක. එක්කෙනෙකු අනික් අයට වැරදි…

අපැහැදිලි දැක්ම

මාගේ මිතුරිය මේගන් නිපුණ අශ්ව විද්‍යාඥවරියකි. අශ්වයන් ගැන මම බොහෝ වැදගත්දේ ඇයගෙන් ඉගෙන ගතිමි. භූමිය මතුපිට සිටින සියලු සතුන්ට වඩා විශාල ඇස් තිබුණද උන්ගේ පෙනීම ඉතා අඩුය. මිනිසුන්ට තරම් උන්ට වර්ණ පෙණෙන්නේ නැත. ඒ නිසා විශාල නයෙකුද නැතිනම් පොල්ලක්ද කියා නොදැක පාගා උන් හානියකට පැමිණිය හැක. එ් හේතුව නිසා උන් හරියාකාරව පුහුණු වන තුරු අශ්වයින් ඉක්මණින් බියවී ඉක්මණින් පැන දුවති.…

ගින්දර සමඟ සෙල්ලම

මා කුඩා කල මා ගින්දර සමඟ කිසිවිටෙක සෙල්ලම් නොකළ යුතු බව මාගේ මව මට අනතුරු ඇඟවූවාය. එහෙත් එසේ කළොත් කුමක් වේද කියා බැලීමට දිනක් මම තීරණය කළෙමි. පත්තර පිටු කිහිපයක් සහ ගිනි පෙට්ටියක් රැගෙන මම අපගේ නිවස පිටුපස වත්තට ගියෙමි. මගේ හෘද ස්පන්ධනය වැඩි විය. දණගසාගෙන ගිණිකූරක් ගසා පත්තර ගිනි තැබීමි.

මාගේ මව පැමිණෙනවා හදිසියේම මම දුටිමි. ඇයට අසුවීමට ඇති…

තත්පරද වටී

වයස 59දී මා මිත‍්‍ර බොබ් බ්‍රෝඞ්මන් ලීවේ "අපගේ සාමාන්‍ය වයස් සීමාව වන වසය 70, පැය 24කට ලඝු කරන්නේ නම් මාගේ ජීවිතයේ දැන් මා සිටින්නේ රාත‍්‍රී 8.30හි ය" කියාය. වේලාව එතරම් ඉක්මණින් ගෙවී යන්නේය. මෙලොව අපගේ ජීවිතය සීමිත යැයි පිළිගැනීමට ඇති අසීරුතාව නිසා "ටිකර්" නැමති ඔරලෝසුව නිපදවිණ. එම අත් ඔරලෝසුවෙන් ඔබ ජීවත් වන සාමාන්‍ය ජීවිත සීමාව තක්සේකරුකර ඉතිරිව ඇති ඔබේ ජීවිතයේ…

හාස්කම් වර්ෂාව

චීනයේ යූනාන් ප‍්‍රාන්තයේ කඳුවල සිටින ගැමියන්ගේ ජීවිත දුෂ්කරය. ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය බඩ ඉරිඟු සහ බත්ය. 2012 මැයි මාසයේ දැඩි නියඟයක් නිසා බෝග වියළී ගියේය. සියල්ලෝ කණස්සල්ලට පත්වූහ. බොහෝ භූත නමස්කාර සිදුකර සෙනඟ නියඟය නතර කිරීමට උත්සාහ කළෝය. කිසිවක් සිදු නොවූ විට, මුතුන් මිත්තන්ගේ ආත්ම කෝපකළේ යයි ගමේ සිටි කිතුනුවන් පස්දෙනාට ගම්මු දොස් කීවෝය.

මෙම කිතුනුවෝ යාච්ඤාවට එකතුවූහ. වැඩි වේලාවක් යාමට…

අවදි වනවාට වඩා හොඳය

නින්දාව ගෙනඑන ලැජ්ජා සහගත ක‍්‍රියාවක් හෝ අපරාධයක් නිසා ඔබගේ ජීවිතය විනාශවී ඇතැයි ඔබට කවදා හෝ සිතී ඇද්ද? එහෙත් අවදිවූ විට එය සිහිනයක් පමණක් බව ඔබට දැනේ. එහෙත් එය සිහිනයක් නොවේ නම්? ඔබ හෝ ඔබ පේ‍්‍රම කරන අයෙකුට එය ඇත්තක් නම්!

19 වන සියවසේ ජෝර්ජ් මැක්ඩොනල්ඞ්ගේ "පූජකයාගේ අවදිවීම" නම් නවකතාවෙහි තේමාව එයයි. එය තමන් විශ්වාස නොකරන දෙවිකෙනෙකු ගැන තමා කථා කර…