ප්‍රවර්ගය  |  Uncategorized

බාබෙල් ව්‍යාපෘතිය

ඔවුන් දෙදෙනා එකතුවී කුමක් සාදන්නේදැයි මේසන්වරුන් දෙදෙනෙකුගෙන් අසන ලදී. මම ගාරාජයක් සාදනවා යැයි එක්කෙනෙකු කීවේය. අනිත් කෙනා කීවේ ඔහු දේවස්ථානයක් සාදන බවය. පසු දින එක් අයෙකු පමණක් ගල් අතුරමින් සිටියේය.
දෙවැනියා කොහේදැයි ඇසූ විට පළමුවැනියා උත්තර දුන්නේ "ඔහුව අස් කළා! ඔහු ගරාජයක් වෙනුවට දේවස්ථානයක් හදන්නම තැත් කළා” කියාය.

පුරාණ බාබෙල් වැඩපොළේදී ඊට සමාන දෙයක් සිදු විය. සෙනඟ කණ්ඩායමක් කල්පනා කලේ…

වයස ගැටළුවක් නොවේ

වසර 50ක් තම ශල්‍යාගාරයේ සේවය කළ පසු විශ‍්‍රාම ගොස් පහසු ගැනීමට ඩේව් බෝමන් තීරණය කළේය. දියවැඩියාව සහ හෘද ශල්‍යකර්මය, ඔහුගේ එම තීරණය ස්ථීර කළේය. එහෙත් සුඩානයේ සිට පැමිණි ළාබාල සරණාගත කණ්ඩායමකට උපකාර අවශ්‍ය බව දැනගත් විට ඔහු ජීවිතය වෙනස් කරන තීරණයක් ගත්තේය. ඩේව් ඉන් පස් දෙනෙකුට අනුග‍්‍රහය දැක්වීමට තීරණය කළේය.

මෙම සුඩාන් තරුණයන් ගැන ඩේව් තව දුරටත් දැනගත්තේ ඔවුන් කිසි…

ප‍්‍රමාද නොකරන්න

වසර ගණනාවක් මම මාගේ ඥාති සහෝදරයාට ගළවුම්කාරුවාණන් ගැන කීමි. මෑතදී ඔහු අප හමුවීමට පැමිණි විට මම ක‍්‍රිස්තුස්වහන්සේ පිළිගන්න යැයි ඔහුට ආයාචනා කළෙමි. ඔහුගේ ක්ෂණික ප‍්‍රතිචාරය වූයේ "මම කැමතියි යේසුස්වහන්සේ පිළිගෙන සභාවකට බැඳෙන්න, එහෙත් දැන්ම නොවේ. මම ඉන්නේ වෙන ඇදහිලිවල අය අතර. මම වෙන තැනකට ගියොත් මිසක් මට මාගේ ඇදහිල්ල හොඳින් ගෙනයන්න බැහැ". තීරණය ප‍්‍රමාද කිරීමට ඔහු ගෙනහැර දැක්වූ කරුණ වූයේ…

සැබෑව සහතික කර ගන්න

"මාරාන්තික මකුළුවෙක් එක්සත් ජනපදයට පැමිණ සෙනඟ මරයි" යන ප‍්‍රවෘත්තියක් පිළිබඳව මටද මගේ මිතුරන්ටද විද්‍යූත් පණිවුඩයක් ලැබිණ. කතාව සත්‍ය ලෙස පෙනිණ. විද්‍යාත්මක නම් බොහෝමයක් ද සත්‍ය ජීවිත අවස්ථාද ඇතුලත්ව තිබිණ. එහෙත් මම විශ්වාස කළ හැකි වෙබ් අඩවි වලට ගොස් පරීක්ෂා කළ විට එය සත්‍යයක් නොවනබව මට වැටහිණ. එය අන්තර්ජාල විහිළුවක් විය. එහි ඇත්ත නැත්ත සොයාගත හැකිවූයේ විශ්වාසවන්ත මූලාශ‍්‍රයක් පරීක්ෂා කිරීමෙන් පමණි.…

ළදරු පියවර

මාගේ ළදරුවා ඇවිදීමට ඉගෙනගනී. ඇයව අතින් අල්ලාගෙන යාමට මට සිදුවේ. ඇයගේ පියවර තවමත් ස්ථීර නැති නිසා ඇයට මාගේ අතේ එල්ලීමට සිදුවේ. ඇය වැටෙන්න බියවේ. එහෙත් ඇයට උපකාර කර ඇය බලා ගැනීමට මම සිටිමි. ඇය මාගේ උපකාරයෙන් ගමන්කරන විට ඇයගේ ඇස් කෘතඥතාවයෙන්ද පී‍්‍රතියෙන්ද ආරක්ෂිත හැඟීමෙන්ද දිළිසේ. එහෙත් ඇයට භයානක ස්ථාන වලට යාමට මා ඉඩ නොදන විට ඇය හඬයි. මා ඇයව ආරක්ෂා…

කළකිරීම ගෙන එන වීරයෝ

ඇමරිකානු ඉතිහාසයේ බටහිර තුවක්කුකරුවන් වන වියට් අර්ප් සහ ඩොක් හොලිඩේ ගැන ලියවී ඇති අලුත් නවකතාවේ ඔවුන් පෙන්වා ඇත්තේ කමකට නැති කාලකණ්නීන් ලෙසය. ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී කර්තෘවරයා අර්ප් ගැන කීවේ, "ඔහුගේ ජීවිතය පුරා ඔහු කිසි වැදගත් දෙයක් කළේ නැහැ. වසර ගණනාවක් පොත් සහ චිත‍්‍රපටි තුළින් ඔවුන් වීරයන් වුනා. එහෙත් නිවැරදි ඓතිහාසික වාර්තා පෙන්වන්නේ ඔවුන් එසේ නොවේ කියාය" යනුවෙනි.

සන්සන්දනාත්මකව බයිබලය…

දින චර්යාවේ අරමුණ

බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඇති කැරකෙන බෝලය සහිත ඔරලෝසුව දින චාර්යාවේ ඇති ප‍්‍රතිඵල පිළිබඳව අනර්ඝ නිදසුනක් ලෙස මම දුටුවෙමි. පසෙකට හැරී ඇති වානේ ලෑල්ලක ඇති කුඩා නාල තුළින් වානේ බෝලයක් එහා මෙහා ගමන් කරයි. එය අනිත් පැත්තේ ඇති ලීවරයක් මතට වැටේ. එවිට ලෑල්ල කණපිට හැරේ. නැවත බෝලය හැරෙන්නේය. එහි ප‍්‍රතිඵලය නම් ඔරලෝසු කටු ක‍්‍රියාත්මක වීමය. සැම වසරකම වානේ බෝලය සැතපුම් 2500ක් එහාමෙහායයි.…

වචනවල බලය

දකුණු අප‍්‍රිකානු වර්ගභේදවාදී රජයට එරෙහි වීම නිසා දශක 3ක් පමණ සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලා වචන වල බලය දැන සිටියේය. අද ඔහුගේ වචන බොහෝ විට උපුටා දැක්වේ. එහෙත් ප‍්‍රතිඵල විඳීමට සිදුවේයැයි බියෙන් ඔහු සිරගෙදර සිටි කාලයේ බොහෝ අය ඔහුගේ වචන භාවිතා කිරීමට බියවූහ. දශකයකට පසු ඔහු කීවේ "වචන ආවට ගියාට භාවිතා කිරීම මගේ පුරුද්ද නොවේ. වසර 27ක් සිරගෙදර සිටීම අපට කළේ…

කරුණු යහපත් නොවන විට

යම් අභාග්‍යයක් සිදුවන විට සෙනඟ උපුටා දක්වන පළමු වැකිය නම් "දෙවියන්වහන්සේට පේ‍්‍රමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප‍්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක‍්‍රියාකරන බව අපි දනිමුව" (රෝම 8:28). එහෙත් අසීරු අවස්ථාවලදී එය විශ්වාස කිරීම අමාරුය. එක් වරක් මම, සිය දරුවන් තුන් දෙනෙකු එක් එක් කෙනා විටින් විට මළාවූ මිනිසෙකුට ඇහුම්කන් දුනිමි. ඔහුගේ දුක මම අසා සිටියෙමි. "මේ ඛේදවාචකය මාගේ…

සමීපව සිටීම

මගේ සහෝදරිය වන කැරොල්ට පිළිකාවක් ඇතැයි සොයාගනු ලැබූ විට අපේ පවුල කණස්සල්ලට පත් විණ. එම රෝගයට අයත්වන ශල්‍යකර්ම සහ ප‍්‍රතිකාර, ඇයගේ ජීවිතය ගැන බියක් අපට ගෙනාවේය. අපේ පවුල ඇය වෙනුවෙන් යාච්ඤා කළෙමු. කැරොල් ගැන වාර්තා අපට ඇති අභියෝග පෙන්වීය. ඇයට කළ ප‍්‍රතිකර්ම සහ ශල්‍යකර්ම සාර්ථක බව සඳහන් වාර්තාව ලැබුණු විට අපි ඉතා සතුටු වීමු. කැරොල් සුවයේ මාර්ගයට අවතීර්ණවී සිටියාය.

එහෙත්…