විනාශය අද්දර
ඉඩාහො ප‍්‍රාන්තයේ දකුණු කියුනාවේ පොළොව යට ලාවා නළයක් තිබේ. එය ප‍්‍රදේශයේ කුප‍්‍රකට ස්ථානයකි. මා දන්නා ලෙස එයට ඇතුල්විය හැකි එකම ස්ථානය අන්ධකාරයට සෘජුව වැටෙන පරණ ලෑල්ලකි. වසර කිහිපයකට පෙර මම එම ලෑල්ල කෙළවරට ගොස් පහත බැලුවෙමි. මට තව තව ළඟට යන්නට සිතිණ. තව මොහොතකින් මගේ සමතුලිතතාවය නැතිවන්නට ඉඩ තිබිණ. හදවත ගැහෙන බියක් මට දැණින. මම එ් අන්ධකාර මුඛය අසලින් ඉවත්…
දෙවියන්වන්සේගේ යහපත් සිත
රොජර් බොහෝ කරදර තුළින් ගමන් කළ අයෙකි. කාන්දුවූ ධමනියක් අලුත් වැඩියා කිරීමට ඔහුට විවෘත හදවත් සැත්කමක් කිරීමට සිදුවිය. එහෙත් සංකූලතා නිසා වෛද්‍යවරුන්ට නැවත ශල්‍යකර්මයක් කිරීමට සිදුවිය. ශාරීරික සැත්කමින් ඔහු සුවවෙමින් සිටි අතරතුර බයිසිකල් අනතුරකින් ඔහුගේ උරහිස් කටුව කැඩුණි. ඊට අමතරව මව මිය යෑම නිසා ඔහු තද සිත් වේදනාවකට මුහුණ දුන්නේය. ඔහු ඉතා අධෛර්යයට පත්විය. දෙවියන්වහන්සේ කුඩා කාරණා වලදී ක‍්‍රියා කරනවා…
සමාදානය තබා ගන්නේ කෙසේද?
ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර ඇති "නිෂ්චලතාවයේ කැම්පි දේවස්ථානය" එම නගර බද පරිසරයේ කැපී පෙනේ. ලී වලින් සෑදූ රවුම් ව්‍යුහය කලබලකාරී පිටත ශබ්ද අවම කරයි. සැලසුම්කරුවෝ මෙම දේවගෘහය නිර්මාණය කළේ නිහඬ නිසල ස්ථානයක් ලෙසය. නගරයේ ශබ්ද වලින් බේරී සිටීමට එය අනගි ස්ථානයකි.
බොහෝ සෙනඟ සමාදානයට ආශා කරති. විනාඩි කිහිපයක නිහඬතාවකින් අපගේ මනස සුව වියහැකිය. එහෙත් බයිබලය උගන්වන්නේ සත්‍ය සමාදානය වන දෙවියන්වහන්සේ සමඟ…
උන්වහන්සේ මා සොයාගත්සේක
විස්මිත අනුග‍්‍රහය නැමති චිත‍්‍රපටයට පදනම වැටුනේ 1700 ගණන් වල අග භාගයේය. එය විලියම් විල්බර්ෆෝස් නැමති දේශපාලනඥයෙකු ගැනය. ඔහු ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තැබූ ඇදහිල්ල නිසා එංගලන්තයේ වහල් සේවය නැති කිරීම පිණිස තම මුදල් සහ ශක්තිය වැය කළේය. දිනක් ඔහුගේ මෙහෙකරුවා ඔහු යාච්ඤා කරනවා දිටීය. "මහත්මයා ඔබ දෙවියන්වහන්සේ සොයාගත්තාද?" කියා ඔහු විල්බර්ෆෝස්ගෙන් ඇසීය. විල්බර්ෆෝස් ප‍්‍රතිචාර දැක්වීය. "මම හිතන්නේ උන්වහන්සේ මාව සොයාගත්තා."
බයිබලය මනුෂ්‍ය…
සුදු බලය
ඕලන්ද චිත‍්‍ර ශිල්පිනියක වන යෝනි ලෙෆෙව්රේ "සුදු බලය" නැමති ප‍්‍රදර්ශනයක් නිර්මාණය කළාය. ඒ නෙදර්ලන්තයේ වියපත් අයගේ ශක්තිය පෙන්නුම් කිරීමටය. ඇය ප‍්‍රාදේශීය පාසැල්වල සිසුන්ට තම සීයලා සහ ආච්චිලා චිත‍්‍රයට නැගීමට කීවාය. ලෙෆෙව්රේට අවශ්‍යවූයේ වියපත් අයගේ "අවංක සහ පවිත‍්‍ර" දර්ශනයකි. දරුවන්ට එය කළ හැකි බව ඈ විශ්වාස කළාය. කුඩාවුන්ගේ චිත‍්‍ර වියපත්වූ අයගේ නැවුම් සහ උද්යෝගිමත් දැක්මක් පරාවර්තනය කළේය. ඔවුන්ගේ ආච්චිලා සීයලා ටෙනිස්…
කාගේ අවුලද?
"ඔවුන්ගේ කුණු, ඔවුන්ට මේ ටික වත් ගෙනත් දාන්න බැරිද?" වෙරළින් හිස් බෝතල් එකතුර කර අඩි 20ක් පමණ එහා තිබූ කුණු බාල්දියට දමමින් මම මගේ සැමියා සමඟ කෙඳුරුවෙමි. "වෙරළ අවුල් කරපුවහම ඔවුන්ට තමන් ගැන ආඩම්බරද? මම හිතන්නේ මේ පිටින් ආපු මිනිස්සු! ගමේ මිනිස්සු අපේ වෙරළට මෙහෙම කරන්නෙ නැහැ."
ඊළඟ දිනයේදීම අනුන් විනිශ්චය කිරීම ගැන මා වසර ගණනකට පෙර කියූ යාච්ඤාවක් මට…
පැන්සල් සටන
මා අකුරු ලිවීම ඉගෙන ගන්නා විට, මාගේ පළමු වසර ගුරුවරිය මට එක්තරා විධියකට පැන්සල අල්ලන ලෙස කීවාය. ඇය කී ලෙස මම පැන්සල ඇල්ලීමි. එහෙත් ඇය වෙනත් පැත්තක් බැලූ විට මම මුරණ්ඩු ලෙස මට ඕනෑ විධියට පැන්සල ඇල්ලීමි. එම සටනේ රහස් ජයග‍්‍රාහකයා මා යැයි මම සිතුවෙමි. දැනුත් මා පැන්සල අල්ලන්නේ මා කැමතිවූ ආකාරයටය. එහෙත් මාගේ මුරණ්ඩු පුරුද්ද කෙදිනක හෝ මාගේ අත…
සෞඛ්‍ය පරීක්ෂණය
මේ මා වාර්ෂික ශාරීරික පරීක්ෂණය සඳහා වෛද්‍යවරයා හමුවීමට යන කාලයයි. මා සෞඛ්‍යසම්පන්න යැයි මට සිතුනත් සෞඛ්‍ය ගැටළු අත් නොදකිතත් වාර්ෂික පරීක්ෂණ වැදගත් බව මම දනිමි. ඊට හේතුව දැන් සැඟවී තිබුනද පසුව විශාල සෞඛ්‍ය ගැටළු බවට පත්විය හැකි කාරණා මතුකිරීමට මාගේ වෛද්‍යවරයාට ඉඩදීමෙන් දිගුකාලීනව යහපත් සෞඛ්‍යයක් තබා ගැනීමට හැකිබව මම දනිමි.
පැහැදිලිව ගීතිකාකරුට ආත්මිකව එසේ දැනින. සැඟවී ඇති පාපය සොයාගන්න යැයි ඔහු ආයාචනා…
භක්තිවන්ත හදවතක්
සාර්ථක කිතුනු ව්‍යාපාරිකයෙකු ඔහුගේ කථාව අප සමඟ බෙදාගත්තේය. ඔහු ඇදහිල්ල සමඟ කරන තම අරගල සහ අති විශාල වස්තුව ගැන අවංක විය. "වස්තුව මා බියට පත්කරනවා" ඔහු කීවේය. ඔහු යේසුස්වහන්සේගේ ප‍්‍රකාශය උපුටා දැක්වීය. "ධනවතෙකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉඳිකටු සිදුරෙන් ඔටුවෙකුගේ ගමන පහසුය" (ලූක් 18:25). ඔහු ලූක් 16:19-32 හි පොහොසතා සහ ලාසරුස් ගැන කථා කළේය. එම කථාවේදී නිරයට ගියේ ධනවතාය. "පොහොසත්…
ස්වාමීන්වහන්සේ සමඟ ගමන් කිරීම
මා මිතුරෙකුගෙන් ලද පත‍්‍රිකාවක "ස්වාමීන්වහන්සේ සමඟ වසර 86ක සම්බන්ධතාව බෙදාගැනීමේ උත්සාහයක්" යැයි සඳහන් විය. ඇල් ඇකන්හිල් දශක නවයකට ආසන්න තම ඇදහිල්ලේ ගමනෙහි හමුවූ ප‍්‍රධාන සිද්ධීන් සහ සෙනඟ ගැන වාර්තා කිරීමට උත්සාහ දරයි. එම අවස්ථාවල එ්වා සාමාන්‍ය දේවල් යැයි පෙනීගිය බයිබල් පද කටපාඩම් කිරීම, අන් අය සමඟ යාච්ඤාවට එකතුවීම, තම අසල්වාසීන්ට යේසුස්වහන්සේ ගැන කීම වැනි අවස්ථා වුවද ඒවා ඔහුගේ ජීවිතය වෙනස්…