ප්‍රවර්ගය  |  Uncategorized

කථා කරමු

වදයන්ට ලක්වූ තරුණ අය ගැන කථා අසන විට මට පෙනී යන්නේ රිදවීමේ මට්ටම් දෙකක් ඇති බවය. පළමු සහ වඩාත් ප‍්‍රත්‍යක්ෂ කාරණය නම් වද දෙන්නාවූ අයගේ කෲර ස්වභාවයයි. එය එසේම ගත් කළ ඉතා දරුණුය. එහෙත් පළමුවැන්නට වඩා හානිකරන වූ ගැඹුරු රිදවීමක් ඇත. එනම් අන් සියල්ලන්ගේ නිහඬබවයි.

වදයට ලක්වන අයට ඉන් රිදෙන්නේ කිසිවෙක් උපකාරයට නොපැමිණීම ගැන ඔහු මවිත වන බැවිනි. එය බොහෝ…

හාස්කම් ද්‍රව්‍යයක්

සී එන් එන් මාධ්‍යය මිනිරන් වලින් ගනු ලබන ද්‍රව්‍යයක් "හාස්කම් ද්‍රව්‍යයක්" ලෙස හඳුන්වයි. එය එක් පරමාණුවක ඝණකමින් යුක්තය. ත‍්‍රිමාණ ලෝකයක ග‍්‍රෆීන් ද්විමාන ද්‍රව්‍යයක් ලෙස ප‍්‍රසිද්ධය. එය වානේ වලට වඩා සිය ගුණයක් ශක්තිමත්ය, දියමන්ති වලට වඩා දැඩිය, තඹ වලට වඩා 1000 වාරයකට වඩා හොඳින් විදුලිය ගෙනයයි, රබර්වලට වඩා නැවෙන සුළුය.

එවැනි තාක්ෂණික වර්ධනයක් සදාචාරාත්මකවේ හෝ නපුරුවේ යනුවෙන් පැවසිය නොහැක. එහෙත් අප…

හුවමාරුවක්

ජේන් තම පෝටිකෝව යට වාඩිවී බිය ගෙන දෙන ප‍්‍රශ්නයක් ගැන කල්පනා කළාය. මම පොතක් ලිවිය යුතුද? ඇය අන්තර්ජාලයේ සටහන් පලකිරීමද ප‍්‍රසිද්ධියේ කථා කිරීමද අශාවෙන් කළාය. එහෙත් වැඩි යමක් කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්ත යැයි ඇයට සිතිණි. "මෙය කරනවාට දෙවියන්වහන්සේ කැමතිද කියා මම උන්වහන්සේගෙන් ඇසුවා" ඇය කීවාය. ඇය උන්වහන්සේ සමඟ කථා කර මඟපෙන්වීම ඉල්ලුවාය.

ඈ කල්පනා කළේ තම ස්වාමිපුරුෂයා තුළ අසභ්‍ය රූප බැලීමට…

ළංව ඉන්න

මාගේ මිතුරිය ඇගේ ජීවිතය සහ පවුල තුළ අසීරු අභියෝගයන් තුළින් ගමන් කරමින් සිටියාය. කුමක් කියන්නද කරන්නද කියා මම නොදත්තෙමි. මම එය ඇයට කීමි. ඇය මා දෙස බලා කීවේ "ළඟින් ඉන්න" කියාය. මා කළේ ද එයයි. ඉන් පසු අපි දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ගැන කථා කිරීම අරම්භ කළෙමු.

බොහෝ විට අන් අය දුක් විඳින විට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි අපි නොදනිමු. එසේම වචන වලින්…

විශ්වාසවන්ත සේවය

පළමු ලෝක යුද්ධයේ සේවය කළ සී. එස්. ලුවිස් හමුදා සේවයේ අමාරුකම්වලට අමුත්තෙකු නොවීය. දෙවන ලෝක යුද්ධ කාලයේ ප‍්‍රසිද්ධ දේශනාවකදී ඔහු චතුර ලෙස කියා සිටියේ සොල්දාදුවෙකු මුහුණ දෙන කම්කටොලු ගැනය. "ක‍්‍රියාකාරී සේවයේ නිරත හමුදා භටයෙකුගේ ජීවිතයේ අප බිය වන සියලු වර්ගවල කරදර එකතුවී ඇත. රෝගයකදී මෙන් එය වේදනාව සහ මරණ තර්ජන ගෙන එයි. දරිද්‍රතාවය මෙන් එය සිටීමට තැනක් නොමැතිවීම, ශීතල, උෂ්ණය,…

ජීවමාන දෙවියන්වහන්සේ පසසමු

ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් වීරවරියකවූ රෝසා පාර්ක්ස් 2005දී මිය ගිය විට ඇය ගැන පැසසුම් කථාව කිරීමට ලැබීම භාග්‍යයක් කොට ඔප්රා වින්ෆ‍්‍රි සැලකුවා. ඔප්රා, 1955දී සුදු මිනිසෙකුට බසයේ තම අසුන දීම ප‍්‍රතික්ෂේප කළ එම කාන්තාව ගැන කීවේ "මම ඒ ගැන බොහෝ සිතුවා, එ් කාලයේ තිබූ තත්ත්වය අනුව ඊට විශාල කැපවීමක් අවශ්‍ය වුනා. වාඩිවී සිටීමට බොහෝ ධෛර්යය අවශ්‍ය වුනා. ඔබ, ඔබ ගැන නොසිතා…

මගේ ක‍්‍රමය

කුඩා පිරිමි ළමයි දෙදෙනෙක් නූල් සහ කෝටු වලින් සංකීර්ණ ක‍්‍රීඩාවක් කරමින් සිටියහ. විනාඩි කිහිපයකට පසු ලොකු පිරිමි ළමයා තමාගේ මිත‍්‍රයා වෙත හැරී කෝපයෙන් කීවේ "ඔයා එ්ක හරියට කරන්නේ නැහැ. මේක මගේ ක‍්‍රීඩාව. එ්ක කරන්න ඕනේ මගේ ක‍්‍රමයට, ඔයාට ආයි මේක කරන්න බැහැ!" යනුවෙනි. කරුණු අපගේ ක‍්‍රමයට කිරීමේ ආශාව ආරම්භ වන්නේ කුඩා කාලයේදීය!

නාමන් තමාගේ ක‍්‍රමයට වැඩකර පුරුදු කෙනෙකි. ඔහු සිරියාවේ…

යෞවනයෙකුගේ කදුළු

මම යෞවනයන් හතර දෙනෙකු සහ විසි ගණන් වල සිටි සිඟන්නෙකු සමඟ ඇලෙස්කාවේ දානශාලාවක සිටින විට යෞවනයන් ඔහුට දැක්වූ අනුකම්පාව මගේ සිත ගත්තේය. ඔව්හු ඔහු කියන දෙයට ඇහුම්කන්දී මෘදු ලෙසින් ශුභාරංචිය ඔහුට කියා දුන්නෝය. ප්‍රේමයෙන් ඔහුට යේසුස්වහන්සේ ගැන බලාපොරොත්තු දුන්නෝය. කණගාටුවට කරුණ නම් මිනිසා ශුභාරංචිය ගැන සිතීම ප‍්‍රතික්ෂේප කිරීමය.

අප පිටත්වන විට ග්‍රේස් නැමති යෞවනිය කඳුළු සලමින් පැවසුවේ යේසුස්වහන්සේ නොදැන මිනිසා…

දුන් නමක්

බොහෝ පවුල් සතුව පවුල පිළිබඳ කථා ඇත. අපගේ පවුල පිළිබඳ කථාවකින් මගේ නම ලැබුණු ආකාරය කියවේ. මගේ දෙමව්පියන්ගේ විවාහයේ මුල් කාලයේදී ඔවුන්ගේ පළමු පුත‍්‍රයාට දමන නම පිළිබඳව එකඟතාවක් නොවීය. මවට පියාගේ නම පුත‍්‍රයාට දැමීමට උවමනා විය. එහෙත් පියා "ජූනියර්" ලෙස තම පුතු ඇමතීමට එතරම් කැමැත්තක් නොදැක්වීය. බොහෝ සාකච්ඡා වලින් පසු ඔවුන් තීරණය කළේ පියාගේ උපන් දිනයේදී පුතෙකු ඉපදුනහොත් පමණක් ඔහුට…

වෙනස්වූ හදවත්

1970 දශකයේ මුල් වසර වල ඝානාවේ "මිනිසාගේ සිත" යන මාතෘකාව ඇතිව තාප්ප වල සහ පොදු දැන්වීම් පුවරුවල පෝස්ටරයක් ඇලවිණ. එක් චිත‍්‍රයක සියලු වර්ගවල උරගයින් - නපුරු සහ පිළිකුල් දේවල සංකේත - වලින් චිත‍්‍රයේ හදවත පුරවා තිබිණි. ඉහළින් තිබූ මනුෂ්‍ය මුහුණ ඉතා අසතුටින් සිටින පුද්ගලයෙකු පෙන්නුම් කළේය. අනිත් චිත‍්‍රයේ හදවත පිරිසිඳුව චිත‍්‍රයට නගා තිබිණි. මුහුණ පෙන්නුම් කළේ ප‍්‍රීතිමත් පුද්ගලයෙකි. රූපයට පහලින්…