ප්‍රවර්ගය  |  Uncategorized

අප වැනි අය

18වන සියවසේ අවසාන භාගයේ යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය බෙදාගැනීමට ඉන්දියාවට පැමිණීමට විලියම් කේරිහට කැඳවීමක් ලැබිණි. ඔහු අවට සිටි සභාපාලකවරු ඔහුට අපහාස ලෙස කීවේ "තරුණයා, ඉන්දියාවේ කව්රුහරි ගලවන්නට දෙවියන්වහන්සේට අවශ්‍ය නම් මාගේ හෝ ඔබගේ උදව්ව නැතිව උන්වහන්සේ ඒක කරාවි!" කියාය. හවුල්කාරත්වය ඔවුන්ට අමතක විය. අප වැනි අය නැතිව දෙවියන්වහන්සේ මේ ලෝකයේ කරන්නේ ඉතා ස්වල්පයකි.

මෙලොව දෙවියන්වහන්සේගේ සේවයේ කොටස්කරුවන් ලෙස දෙවියන්වහන්සේගේ කැමැත්ත සිදුවේ…

නැවත හමුවෙමු නොකීම

ෆ‍්‍රැන්සිස් ඇලන් මා යේසුස්වහන්සේ වෙත ගෙන ආවේය. දැන් යේසුස්වහන්සේ මුහුණට මුහුණ හමුවීමට ෆ‍්‍රැන්සිස්ගේ වේලාව පැමිණ තිබේ. මතක හිටින අර්ථවත් යමක් කීමට මට අවශ්‍ය විය. පැයක් පමණ මම ඔහුගේ ඇඳ අසල සිටියෙමි. මා ගැන මා කිවූ කථා අසා ඔහු බොහෝ සිනහ විය. ඉන්පසු ඔහුට වෙහෙස විය. එවිට අපි බැරෑරුම් දේවල් කථා කිරීමට පටන් ගතිමු. තවමත් මගේ ජීවිතයේ සැකසිය යුතු දේවල් නිවැරදි…

අලාභයට එහා දැකීම

කර්තෘ විලියම් සින්සර් ඔහු හැදුණු වැඩුණු නිවසට ගිය අවසන් අවස්ථාව විස්තර කළේය. ඔහු ළමයෙකු ලෙස එය ඉතා ආශා කළාවූ ස්ථානයක් විය. මැන්හැසෙට් බොක්ක සහ ලෝංග් අයිලන්ඞ් සවුන්ඩ් දූපතට ඉහළින් ඇති කඳුගැටයට ඔහු සහ ඔහුගේ භාර්යාව ගිය විට නිවාසය විනාශ වී ඇති බව පෙණින. ඉතිරිවී තිබුණේ විශාල වලකි. අධෛර්යයමත්වී ඔව්හු අසල තිබූ මුහුදු පවුර වෙත ගියෝය. ඔහු සින්සර් වරාය අවට නැරඹීය.…

කාන්තාර ප‍්‍රදේශ

වියළි, දූවිල්ලෙන් පිරි, භයංකාර කාන්තාරය යනු ජලය නොමැති ප‍්‍රදේශවේ. එ්වා ජීවිතයට හානිකරය. කාන්තාරයක් මෙන් යන වචනය සෙනඟ නැති ප‍්‍රදේශයක් විස්තර කිරීමට භවිතා කිරීම පුදුමයක් නොවේ. එහි ජීවිතය දුෂ්කරය. එය තෝරාගන්නේ කිහිප දෙනෙකු පමණි. එහෙත් සමහර විට අපට එය මඟහැරිය නොහැකිවේ.

දේව වචනයෙහි, දේව සෙනඟට කාන්තාර ජීවිතය හුරු පුරුදුය. ඉශ‍්‍රායෙලයද ඇතුළුව මැදපෙරදිග බොහෝ ප‍්‍රදේශ කාන්තාරවේ. එහෙත් හරිතවර්ණ ස්ථාන ද එහි නැත්තේම…

විශාල බරක් දැරීමට උදව්වක්

පාපැදියකින් ගෙන යාහැකි බර විස්මය ජනකය. විශේෂයෙන් ටේ‍්‍රලරයක් සතු සාමාන්‍ය වැඩිහිටියෙකුට (යම් අධිෂ්ඨනයක් ඇතිව) පැයට සැතපුම් 10 වේගයෙන් රාත්තල් 300ක බරක් ගෙනයාහැකිය. එක් ගැටළුවක් පමණක් තිබේ. ඊට වඩා වැඩි බරක් ගෙන යන්නේ නම් වේගය අඩුවේ. පුද්ගලික බඩු බාහිරාදිය හෝ උපකරණ රාත්තල් 600ක් ගෙන යන අයෙකු ඉදිරියට යන්නේ පැයට සැතපුම් 8ක වේගයකිනි.

වනාන්තරයේදී මෝසෙස් වෙනත් වර්ගයේ බරක් ගෙන ගියේය. එය හැඟීම්…

අපගේ සිත්වල කරුණාව ඇතිව

වසර කිහිපයකට පෙර තරු හතරේ ජනරාල්වරයෙකු වන පීටර් චියරෙල්ලි (එ් වන විට එක්සත් ජනපද හමුදාවේ 2වන ජනරාල්වරයා විය), වොෂින්ටන්හි නිල භෝජන සංග‍්‍රහයක සිටින අතර ජනාධිපති උපදේශකවරියක විසින් වේටර්වරයෙකු ලෙස වරදවා වටහා ගන්නා ලදී. ජනරාල්වරයා තම නිල ඇඳුමින් සැරසී ඇය අසල සිටින විට බීම එකක් ගෙනෙන්නැයි ඇය ඔහුට අණකළාය. ඇයට තම වරද වැටහිණි. ජනරාල්වරයා ඇයගේ ලැජ්ජාව කරුණාවෙන් යුක්තව අවම කළේය. ඔහු…

සාමාන්‍ය මිනිස්සු

ගිඩියොන් සාමාන්‍ය පුද්ගලයෙකි. විනිශ්චයකාරයා 6හි සඳහන් ඔහුගේ කථාව මාගේ සිත් ගනී. ඔහු බිය ගුලුගොවියෙකු විය. මිදියන්වරුන්ගෙන් ඉශ‍්‍රායෙලය ගැළවීමට ගිඩියොන්ව කැඳවූ වෙලේ ඔහුගේ ප‍්‍රථම ප‍්‍රතිචාරය වූයේ "කුමකින් මා ඉශ‍්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සෙහි ඉතා දිළිඳු පවුලය. මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමි" යන්නය (විනිශ්චයකාරයා 6:15). තමන්වහන්සේ ගිඩියොන් සමඟ සිටින බවත් ඔහුට කිරීමට කියා ඇතිදේ ඉෂ්ඨ කිරීමට ඔහුට…

සෙමින් ගමනක්

කාලෙබ් අසනීපව සිටියේය. ඔහු දැඩි ලෙස අසනීපව සිටියේය. ස්නායු පිළිබඳ රෝගයක් සෑදී වයස 5 දරුවා තාවකාලික අංශභාග රෝගයෙන් වේදනා වින්දේය. කනස්සල්ලට පත් දෙමව්පියෝ යාච්ඤා කර බලා සිටියෝය. කාලෙබ් සෙමින් සුවය ලබා මාස ගණනාවකට පසු වෛද්‍යවරු පාසැල් යාමට අවසර දුන් විට ඔහුට හැකිවූයේ සෙමින් වැනෙමින් ඇවිදීමටය.

එක් දිනක් කාලෙබ්ගේ පියා පාසැලට ගිය විට තම පුතා අමාරුවෙන් පිට්ටනියේ පඩිපෙළ බසිනවා ඔහු දුටුවේය.…

අන්ධකාරය සහ ආලෝකය

මා ළමාකල නිවාස 140කට පමණ පුවත්පත් බෙදුවෙමි. එම නිවාස දෙක තිබූ මාර්ග දෙක සන්ධිවී තිබුණේ මිනී පිට්ටනියකිනි. මම උදෑසන පත්තරය බෙදූ නිසා පාන්දර 3ට පාරට බැස්සෙමි. අඳුරේම එම මිනී පිට්ටනිය මැදින් යන විට විශාල බියක් ඇතිවූ බැවින් මම ඉක්මනින් දිව්වෙමි. අනිත් පැත්තේ විදුලි කණුවක් යටට දුවන තෙක් මම භීතියෙන් සිටියෙමි. බියජනක අඳුර ආලෝකයෙන් දුරුවිය.

ගීතිකාකරුට බිය සහ අඳුර අතර සබඳතාව අවබෝධ…

මා වෙතට එන්න

යේසුස්වහන්සේ මෙලොව ජීවත්වන කාලයෙහිදී උන්වහන්සේ තමන් වෙතට එන්නයැයි සෙනඟට ආරාධනා කළසේක. අදද උන්වහන්සේ එසේ කරනසේක (යොහන් 6:35). එහෙත් උන්වහන්සේ සහ පියාණන් සතු එසේම අපට අවශ්‍ය දෙය කුමක්ද?

ගැළවීම - පාපයට සමාව සහ ස්වර්ගයට යෑමේ පොරොන්දුව ලබාගත හැක්කේ යේසුස්වහන්සේගේ මාර්ගයෙන් පමණි. "උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය" (යොහන් 3:16).

අරමුණ - අපගේ සිත, මනස, ආත්මය සහ ශක්තිය යේසුස්වහන්සේ…