ප්‍රවර්ගය  |  Uncategorized

මා කවුද?

කිසොම්බෝ ඔහුගේ ජීවිතයේ විශාල ප්‍රශ්න ගැන කල්පනා කරමින්, ගිනිමැල දෙස බලා සිටියේය. මා ඉටු කර ඇත්තේ කුමක්ද? යැයි ඔහු සිතුවේය. ඉතා ඉක්මනින් පිළිතුර පැමිණියේය: ඇත්තෙන්ම, ගොඩාක් දේවල් නොවේ. ඔහු නැවතත් ඔහු උපන් දේශයට පැමිණ, වැසි වනාන්තරයේ අභ්‍යන්තරයේ ඔහුගේ පියා ආරම්භ කළ පාසලේ සේවය කළේය. සිවිල් යුද්ධ දෙකකින් මරණයෙන් බේරී තම ජීවිතය ගලවා ගත් තම පියාගේ බලවත් කතාව ලිවීමට ද ඔහු…

දෙවියන්වහන්සේගේ අනපේක්ෂිත මාර්ග

දේවගැති වරයා, ඔහුගේ දේශනාව දෙස නෙත් යොමා බැලුවේ තමන්ට වචන පෙනෙන පරිදි එම පිටු තමන්ගේ මුහුණට ළං කර ගනිමින්ය. ඔහු බොහෝ සෙයින් දුර නොපෙනෙන අයෙකු වූ හෙයින් ප්‍රවේසමෙන් තෝරාගත් සෑම වාක්‍ය ඛණ්ඩයක්ම ඒකාකාරී ස්වරයකින් කියෙව්වේය. නමුත් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේට ජොනතන් එඞ්වර්ඞ්ස්ගේ දේශනා කිරීම හරහා ප්‍රථම මහා පිබිදීමේ පුනර්ජීවන ගිනි දැල්වීමට සහ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට දහස් ගණනක් ගෙන ඒමට හැකි…

දිය නොහැකි තෑග්ගක්

මගේ නැන්දම්මාගේ උපන්දිනය සඳහා සුදුසු තෑග්ගක් සොයා ගැනීම ගැන මම බොහෝ සෙයින් සතුටු වීමි: වළල්ලේ ඇගේ උපන් මාසයට සරිලන ගල පවා තිබුණි! යමෙකු සඳහා එම පරිපූර්ණ තෑග්ග සොයා ගැනීම සැමවිටම සතුටට කරුණකි. නමුත් පුද්ගලයෙක්ට අවශ්‍ය ත්‍යාගය අපගේ ශක්තියෙන් ඔබ්බට ගියහොත් අපට කුමක් වේද? අපි කැමති කෙනෙකුට මනසේ සාමය, විවේකය හෝ ඉවසීම ලබා දිය හැකි නම් අපෙන් බොහෝ දෙනෙක් කැමති වන්නේය.…

විශ්වාසයට යටත් වීම

ශීත ඍතුවේ එක් උදෑසනක ජනෙල් තිර විවෘත කළ මා කම්පන සහගත දසුනකට මුහුණ දුන්නෙමි. මීදුමෙන් පවුරක්. “ඉතා ශීත මීදුම” කියා කාලගුණ අනාවැකිකරු එය හැඳින්වීය. අපගේ ස්ථානයට දුර්ලභ වූවත්, මෙම මීදුම ඊටත් වඩා විශාල විස්මයක් සමඟ පැමිණියේය: එනම්, “පැයක කාලයකින්”, නිල් අහසක් සහ හිරු එළිය ලැබෙන්නට යන බව පසුකාලීනව අනාවැකියක් පල කළේය. “විය නොහැකි,”යැයි මම මගේ සැමියාට කීවෙමි. “අපට ඉදිරියට අඩියක්වත්…

දැනගැනීම සහ ප්‍රේම කිරීම

“මගේ පුතා ඔබව හඳුනනවාද?” යන ප්‍රබල ලිපියේ ක්‍රීඩා රචක ජොනතන් ට්ජාර්ක්ස් මාරාන්තික පිළිකාව සමඟ ඔහුගේ සටන ගැන සහ අන් අය තම බිරිඳ සහ කුඩා පුතා හොඳින් රැකබලා ගැනීම ගැන වූ ඔහුගේ ආශාව ගැන ලිවීය. තිස් හතර හැවිරිදි ඔහු මෙම කෘතිය ලියා ඇත්තේ ඔහුගේ මරණයට මාස හයකට පෙරය. යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙකු වූ ට්ජාර්ක්ස්ගේ පියා ඔහු තරුණ වියේදී මිය ගිය අතර, වැන්දඹුවන්…

මගේ හදවතේ ඇස් විවෘත කරන්න

2001 දී ක්‍රිස්ටෝපර් ඩෆ්ලි නම් නොමේරූ ළදරුවෙකු නොනැසී ජීවත් වීම වෛද්‍යවරුන් මවිතයට පත් කළේය. මාස පහේදී, ඔහුගේ නැන්දණියගේ පවුලේ අය ඔහුව හදා වඩා ගන්නා තෙක් ඔහු කැපකරු සත්කාර ඒකකයට ඇතුළු විය. වයස අවුරුදු හතරක් වයසැති ක්‍රිස්ටෝපර් අන්ධ වී ඔටිසම් රෝගයෙන් පෙළෙන නමුත් ඔහුට පරිපූර්ණ ගායන ස්වරයක් ඇති බව ගුරුවරයෙකුට වැටහුණි. වසර හයකට පසු දේවස්ථානයේදී ක්‍රිස්ටෝපර් වේදිකාවේ සිටගෙන “ඕපන් දි අයිස්…

පීඩාවට පත්වූ අය උදෙසා බලාපොරොත්තුව

අන් අයට නොපෙනෙන හෝ තේරුම්ගත නොහැකි කැළැල් බොහෝ අය දරා ගෙන සිටිති. එම ගැඹුරු අවංක වචන පැමිණියේ මානසික සෞඛ්‍ය කැළඹීම් හේතුවෙන් 2020 බේස්බෝල් ක්‍රීඩා වාරයේ අවසානයේදී ක්‍රීඩා තරඟයෙන් ඉවත් වූ ප්‍රධාන බේස්බෝල් ක්‍රීඩක ඇන්ඩ්‍රලේටන් සිමන්ස්ගෙනි. ඔහුගේ තීරණය ගැන මෙනෙහි කරමින්, සමාන අභියෝගවලට මුහුණ දෙන අයව දිරිමත් කිරීමට සහ අනුකම්පාව පෙන්වීමට අන් අයට මතක් කිරීම සඳහා ඔහුගේ කතාව බෙදා ගැනීමට අවශ්‍ය…

සෙමින් ගමන් කරන විලාසිතාවේ කරුණාව

“ස්ලොෆැෂන්” නමින් හඳුන් වන “සෙමින් ගමන් කරන විලාසිතා” ගැන ඔබ අසා තිබේද? එහි ලේබලයෙන්ම අපට වැටහෙන්නේ “වේගවත් විලාසිතා” වලට එරෙහි වීම කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාරයක් ගැනය. “වේගවත් විලාසිතා” යනු මිළයෙන් අඩු, ගුණාත්මක නොවන ආකාරයෙන් සාදන ලද සහ ඉතා ඉක්මනින් විකිණෙන ඇඳුම් ආධිපත්‍යය දරන කර්මාන්තයකි. වේගවත් විලාසිතාවේ දී, ඇඳුම් පැළඳුම් වෙළඳසැල්වලට දැමු පමණින්ම එය ඉතා ඉක්මනින් විලාසිතාවෙන් බැහැරව යයි. මේ…

අපට අවශ්‍ය ප්‍රඥාව

ඔහුගේ ස්මාරක ග්‍රන්ථය වන “ද ග්‍රේට් ඉන්ෆ්ලුවෙන්සා”හි , ජෝන් එම් බැරී, 1918 උණ වසංගතයේ කතාව විස්තර කරයි. සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂාවට හසු නොවී, දැවැන්ත ව්‍යසනයක් අපේක්ෂා කළ ආකාරය බැරී මහතා හෙළි කරයි. පළමු ලෝක සංග්‍රාමයේදී, ලක්ෂ සංඛ්‍යාත හමුදා භටයින් අගල්වල සිරවී දේශසීමා හරහා ගමන් කරමින් සිටි හෙයින් නව වෛරසයන් පතුරාවි කියා ඔවුහු බිය වූහ. නමුත් විනාශය නැවැත්වීමට තරම් මෙම දැනුම ප්‍රමාණවත්…

තෝරා ගැනීමක්

ආදරණීය මිතුරියකගේ මරණයෙන් සති කිහිපයකට පසු මම ඇගේ මව සමඟ කතා කළෙමි. එය නොගැළපෙන ප්‍රශ්නයක් යැයි මට සිතුණු නිසා ඇයට කොහොමද කියා ඇසීමට මම දෙගිඩියාවෙන් සිටියෙමි; ඇය දුක් වෙමින් සිටියාය. නමුත් මම මගේ අකමැත්ත පසෙකට තල්ලු කර ඇය දරා ගෙන සිටින්නේ කෙසේදැයි සරලව ඇසුවෙමි. ඇගේ පිළිතුර:“සවන් දෙන්න, මම ප්‍රීතිය තෝරා ගන්නෙමි.”
මගේ ජීවිතයේ සමහර අප්‍රසන්න තත්ත්වයන් ඉක්මවා යාමට මා වෙහෙසෙද්දී…