ප්‍රවර්ගය  |  Uncategorized

මම කවුරුත් නොවෙයි. ඔබ කවුරුන්ද?

කවියක ආරම්භ වන මුල් පදයේ, "මම කවුරුත් නොවේ! ඔබ කව්ද?" යනුවෙන් නිර්නාමිකභාවයේ ප්‍රීතිමත් නිදහස වෙනුවෙන් පෙනී සිටින "කෙනෙකු" වීමට මිනිසුන් දරන උත්සාහයට එමිලි ඩිකින්සන් සෙල්ලක්කාර ලෙස අභියෝග කරයි. මෙම කෙටි කාව්‍යයේ දෙවන හා අවසාන පදයේ ඩිකින්සන් මෙසේ ප්‍රකාශ කරයි: ඇය මූලික වශයෙන් ජනප්‍රිය මිනිසුන් ගෙම්බන්ට සංසන්දනය කරයි, ඔවුන්ට කොපමණ හාදු දුන්නත් ඔවුන් කුමාරයන් වන්නේ නැත.
යම් ආකාරයකින් "යමෙකු" වීමේ ආසාව…

"සියල්ල මට විරුද්ධයි"

"මා, විශාල මුදලක් වටිනවා කියා අද උදෑසන මට සිතුවිල්ලක් පැමිණියේය; දැන් මට ඩොලරයක්වත් තිබේදැයි මම නොදනිමි." කියා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති කෙනෙකුවූ යුලිසීස් එස්. ග්‍රාන්ට් එම වචන පැවසුවේ ව්‍යාපාරික හවුල්කරුවෙකු විසින් ඔහුගේ ජීවිතය පුරා ඉතුරු කළ මුදල් වංචා කළ දිනයේය. මාස කිහිපයකට පසු, ග්‍රාන්ට්ට සුව කළ නොහැකි පිළිකාවක් ඇති බව හඳුනා ගන්නා ලදී. ඔහුගේ පවුලට අවශ්‍ය පහසුකම් සැපයීම ගැන සැලකිලිමත්…

අසීමිත කරුණාව

ක්ෂණික ආහාර ආපනශාලා සේවකයෙකු වන කෙවින් ෆෝර්ඞ් වසර විසි හතක් තුළ කිසිම වැඩ මුරයක් අතපසු කර නැත. ඔහුගේ දශක ගණනාවක සේවය සිහිපත් කිරීම සඳහා ඔහුට ලැබුණු නිහතමානි තෑග්ගක් වෙනුවෙන් ඔහුගේ නිහතමානි කෘතඥතාව පෙන්නුම් කරන වීඩියෝවක් මතු වූ පසු, දහස් ගණන් ජනයා ඔහුට කරුණාව දැක්වීමට එක් රොක් වූහ. අරමුදල් රැස් කිරීමේ උත්සාහයක් සතියක පමණ කාලයක් තුළ ඩොලර් 250,000ක් ගෙන එන විට…

ආශීර්වාද ලත් මුව ආවරණය

වසංගතය අතරතුර මුව ආවරණයක් පැළඳීමේ නීතිය ලිහිල් වූ විට, ඒවා තවමත් අවශ්‍ය ස්ථාන එනම් මගේ දුවගේ පාසල සඳහා, මුව ආවරණයක් මා ලඟ තබා ගැනීම මතක් කර ගැනීමට මට අරගලයක් කරන්න සිදුවුනි. දිනක් මට මුව ආවරණයක් අවශ්‍ය වූ විට, මගේ මෝටර් රථයේ තිබී එක මුව ආවරණයක් සම්භ විය. එහි ඉදිරිපසින් "ආශීර්වාද ලත්" කියා ලියා තිබූ නිසා එය පැළඳීමෙන් මම වැළකී සිටියෙමි.…

දෙවියන්වහන්සේව දැනගැනීමට

අයර්ලන්තයේ සංචාරයකදී, බහුල ලෙස තිබු අලංකාර ෂැම්රොක් දැක මම අතිශයින් කම්පනයට පත් වීමි. කුඩා කොළ පැහැති, පත්‍ර තුනකින් යුත් ශාකය සෑම වෙළඳසැලකම සෑම දෙයක් මතම එනම්, ඇඳුම් පැළඳුම්, තොප්පි, ස්වර්ණාභරණ සහ තවත් බොහෝ දේ මත පෙනෙන්ට තිබුණි!

අයර්ලන්තය පුරා සශ්‍රීක ශාකයකට වඩා, ෂැම්රොක් ත්‍රිත්වය පැහැදිලි කිරීමේ සරල ක්‍රමයක් ලෙස පරම්පරා ගණනාවක් පුරා වැළඳගෙන ඇත. එය යොදා ගන්නේ දෙවියන්වහන්සේ සදාකාලිකවම වෙනස්…

දෙවියන්වහන්සේගේ දීර්ඝ කථාව

ලයිෆ් සඟරාවේ 1968 ජුලි 12 පිට කවරයේ (සිවිල් යුද්ධ කාලය තුළ නයිජීරියාවේ) බියාෆ්‍රා හි කුසගින්නෙන් පෙළෙන දරුවන්ගේ කේදනීය ඡායාරූපයක් ප්‍රදර්ශනය කළේය. කලබලයට පත් වූ කුඩා දරුවෙක් දේවගැතිවරයෙකු වෙතට සඟරාවේ පිටපතක් ගෙන ගොස් “දෙවියන්වහන්සේ මේ ගැන දන්නවාද?” කියා ඇසුවේය. දේවගැතිවරයා පිළිතුරු දෙමින්, “ඔබට තේරුම්ගත නොහැකි බව මම දනිමි, නමුත්, ඔව්, දෙවියන්වහන්සේ ඒ ගැන දන්නා සේක” කියා කීවේය. එවැනි දෙවි කෙනෙකු ගැන…

නොදන්නා මාර්ගය

සමහර විට බ්‍රයන් සමග දිවීමට යාමට කැමති නොවන්න මට ඉඩ තිබුණි. මම විදේශ රටක සිටි අතර අප යන දිසාව හෝ කොපමණ දුරක් යන්නේද කියා හෝ මාර්ගය කෙසේ වේවිද කියා හෝ පිළිබඳව මට කිසිම අදහසක් නොතිබුණි. එසේම ඔහු මට වඩා වේගයෙන් දුවයි. ඔහු සමග දිවීමට ගොස් මගේ වළලුකර ඇඹරේවිද? බ්‍රයන් මාර්ගය දන්නා නිසා මා කළ යුතු වූයේ ඔහුව විශ්වාස කිරීම පමණී.…

මාර්ගයේ නිදහස

බීප් බේස් බෝල් ක්‍රීඩාවේදී අන්ධ ක්‍රීඩකයෝ බීප් පන්දුවට හෝ බස්ස්ස් ශබ්දය දෙන කට්ටියට හෝ සවන් දෙමින් තමන් යා යුත්තේ කොහාටද කළ යුත්තේ කුමක්දැයි දැන ගනිති. ඇස් බැඳ ඇති පීතිකරුවන් (ඒ විවිධ මට්ටම්වල අන්ධබාවය ඇති අය සිටින නිසා) සහ පෙනෙන පන්දු යවන්නා සිටින්නේත් එකම කණ්ඩායමකය. පිතිකරුවා පිත්ත වනා බීප් පන්දුවට ගැසූ විට ඔහු/ඇය බස්ස් ශබ්දය ඇති කට්ටිය වෙත දිව යන්නේය. පීතිකරුවා…

ඔබ වෙහෙසවී සිටින විට

දවසේ වැඩ කටයුතු අවසන් වූ විට ඇතිවන නිසලතාවයේ මම වාඩිවී සිටියෙමි. මගේ කුඩා පරිඝණකය (ලැප්ටොප්) මා ඉදිරියෙහි විය. මා එදින අවසන් කළ වැඩය ගැන ප්‍රමෝදයට පත් විය යුතුව තිබුණත් එසේ නොවුනි. මම වෙහෙසව සිටියෙමි. වැඩ වල කරදරයක් ගැන තිබූ කණස්සල්ලක් නිසා මගේ උරහිස් රිදුණු අතර මගේ මනස කරදරකාරී සම්බන්ධයක් ගැන කල්පනා කර වෙහෙසට පත්ව තිබුණි. ඒ සියල්ලෙන්ම පලා යාමට මට…

සෑම දෙයක්ම නැතිවීම

කාලය ඊට වඩා අයහපත් නොවිය හැකිය. පාලම්, ස්මාරක සහ විශාල ගොඩනැගිලි සාදා කුඩා වස්තුවක් එකතු කර ගත් පසු සීසර් අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට බලාපොරොත්තු තබා ගෙන සිටියේය. ඒ හෙයින් ඔහු තම පළමු ව්‍යාපාරය විකුණා බැංකුවේ මුදල් තැන්පත් කළේ එය ඉක්මණින්ම ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙනි. ඒ සුළු කාලය අතරතුරදී ඔහුගේ රජය පුද්ගලික බැංකු ගිණුම් වල තිබූ සියලු ගිණුම් රාජ සන්තක කළේය. ක්‍ෂණයකින්…