ප්‍රවර්ගය  |  Uncategorized

ඇදහිල්ලේ බීජ

පසුගිය වසන්තයේ, අපේ ගෙවත්තේ තණ පිටියේ පස පෙරලීමට සැලසුම් කළ දිනට පෙර දින රාත්‍රියේදී, ප්‍රචණ්ඩ සුළි කුණාටුවකින් අපේ මේපල් ගසේ බීජ එක සැනින් ගනසාගෙ ගියේය. ඉතින් පස පෙරලන යන්ත්‍රය අධික ලෙස තද වී තිබූ පස කඩා දැමූ විට කුඩා “ඇට සහිත මේපල් මද” ඇඹරී මිදුල පුරා ගියේය. එයින් මගේ මිදුලේ මේපල් බීජ සිය ගණනක් රෝපණය වූයේය. සති දෙකකට පසුව, මගේ…

වලිග සහ දිව වැනීම

පුවත්පත ප්‍රකාශ කළේ පෙප් නමැති සුනඛයා, ආණ්ඩුකාරවරයාගේ බිරිඳට අයත් බළලා මැරූ බවයි. නමුත් ඌ එය නොකළේය. සුනඛයා වැරැද්දක් ලෙස කළේ ආණ්ඩුකාර මන්දිරයේ කවිච්චිය හපන එක පමණි.

පෙප් යනු 1920 ගණන් වලදී ඇමෙරිකාවේහි පෙන්සිල්වේනියාවේ ආණ්ඩුකාර ගිෆර්ඩ් පින්චොට්ට අයත්ව සිටි තරුණ ලැබ්‍රඩෝ රිට්රීවර් වර්ගයේ සුනඛයෙකි. මෙම සුනඛයාව ඇත්ත වශයෙන්ම නැගෙනහිර ප්‍රාන්ත චරිතශෝධනාගාරයට යවන ලද අතර එහිදී ඌව සිරකරු හැඳුනුම් අංකයකින් හදුන්වනු ලැබීය.…

සෑම විටම විශ්වාසවන්තයි

මම නිතරම දුකෙන් පීඩාවෙන් පෙළෙන කෙනෙක්මි. උදේ පාන්දර යහපත් නොවන්නේ මා මගේ සිතුවිලි සමඟ තනිව සිටින බැවිනි. එබැවින් මම හඩ්සන් ටේලර්ගේ මෙම උපුටා ගත් ලියවිල්ල මගේ නාන කාමර කණ්ණාඩියේ ඇලෙව්වෙමි, එහිදී මට අවදානමක් ඇති බව හැඟෙන විට මට එය දැකිය හැකිය: “ජීවමාන දෙවි කෙනෙක් ඇත. උන්වහන්සේ බයිබලයෙන් කතා කර ඇත. උන්වහන්සේ අදහස් කරන දේ කියන සේක. උන්වහන්සේ පොරොන්දු වූ සියල්ල…

මහ හඬින් සිනාසෙන්න

විකට නළු ජෝන් බ්‍රැන්යන් පැවසුවේ, “අපි හිනාවෙන්න හිතුවේ නැහැ; එය අපගේ අදහස නොවීය. එය අපට ලබා දුන්නේ ජීවිතය ගත කිරීමට අපට එය අවශ්‍ය බව දැන සිටි දෙවියන්වහන්සේ විසිනි. අපට දුෂ්කරතා ඇති වෙන්නට පුළුවන් බවත්, අපට අරගල ඇති විය හැකි බවත් උන්වහන්සේ දැන සිටි සේක. අප ජීවත් වන කාලය තුළ නොයෙකුත් අභියෝගයන් වලට මුහුණ දීමට සිදුවන බව දෙවියන්වහන්සේ දැන සිටි සේක.…

වල්පැලෑටි වලට ජලය දැමීම

මේ වසන්තයේ “ජුරාසික් පාර්ක්” චිත්‍රපටයේ සේ අපේ ගෙවත්තේ වල් පැලෑටි අධික ලෙස වැවුණි. එක් පැළෑටියක් කොතරම් විශාල වීද යත්, මා එය උදුරා දැමීමට උත්සාහ කළ විට, මටම තුවාල වේ යැයි මම බිය වුණෙමි. එය කපා දැමීමට උදැල්ලක් සොයා ගැනීමට පෙර, මගේ දුව එයට ජලය වක්කරන බව මම දුටුවෙමි. “ඇයි ඔබ වල් පැළෑටි වලට වතුර දමන්නේ?!” කියා මම කෑගැසුවෙමි. “එය කොච්චර…

ශක්තිමත් සහ යහපත්

තරුණ විශ්වවිද්‍යාලීය දේව සේවකයා කරදරයෙන් සිටියේය. දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම සඳහා සහ උන්වහන්සේගේ උපකාරය සඳහා ඔහු යාච්ඤා කරන්නේ දැයි ඇසීමට මා නිර්භීත වූ විට, ඔහු තුළ ගැටුම්කාරී බවක් පෙනෙන්නට තිබුණි. එනම්, පාවුල් ඉල්ලා සිටි පරිදි, නොනවත්වා යාච්ඤා කිරීම ගැනයි. පිළිතුරු වශයෙන්, තරුණයා මෙසේ පාපොච්චාරණය කරමින්, “තවදුරටත් යාච්ඤාව ගැන මට විශ්වාසක් නැත.” කියා ඔහුගේ නළල රැලි කරමින් කීවේය. “එසේම දෙවියන්වහන්සේ සවන් දෙන…

එයට යන්න ඉඩ හරින්න

ඔගස්ටින්ගේ ස්ව්‍යං චරිතාපදානයේ පාපොච්චාරණය විස්තර කරන්නේ ඔහු යේසුස්වහන්සේ වෙත පැමිණි දිගු ගමන ගැනය. එක් අවස්ථාවක, ඔහු අධිරාජ්‍යයාට අධික ප්‍රශංසනීය කතාවක් (බොරු හොඳක් කියා පෑමට) කිරීමට මාලිගාවට යමින් සිටියේය. රැවටිලිකාර අත්පොළසන් හඬ ගැන ඔහු කලබල වෙමින් සිටිද්දී බේබදු යාචකයෙකු “විහිලු කරමින් සිනාසෙමින්” සිටිනු දුටුවේය. බොහෝ අඩු උත්සාහයකින් මත්පැන් බීමෙන් තමා බලාපොරොත්තුවූ සතුටක් බේබද්දෙකුට ඇති බව ඔගස්ටීන්ට වැටහුණි. එබැවින් ඔගස්ටින් ලෞකික සාර්ථකත්වය…

භාවිතයට ලණුව ඉතා කෙටිය

මාග්‍රට් නැන්දාගේ අරපිරිමැස්ම ජනප්‍රිය විය. ඇය අභාවප්‍රාප්ත වූ පසු, ඇගේ ඥාති දූවරුන් ඇගේ බඩු බාහිරාදිය වර්ග කිරීමේ කටුක කාර්යය කාන්සාව සමඟ ආරම්භ කළහ. ලාච්චුවක, කුඩා ප්ලාස්ටික් බෑගයක් ඇතුළත පිළිවෙලට අසුරන ලද, කුඩා නූල් කැබලි එකතුවක් ඔවුහු සොයා ගත්හ. ලේබලයක මෙසේ සටහන් ව තිබුණි: “භාවිතයට නූල කෙටි වැඩියි”

ප්‍රයෝජනයක් නැති බව දන්නා දෙයක් තබා ගැනීමට සහ වර්ග කිරීමට යමෙකු පොළඹවන්නේ කුමක්…

යේසුස්වහන්සේ මෙන් ප්‍රේම කරන්න

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නුවර දුම්රිය ස්ථානයක දුම්රියක් එනතුරු බලා සිටින විට, සාමාන්‍ය කලිසමක් සහ කමිසයක් ඇඳගත් තරුණයෙක් එම ස්ථානයේ බංකුවක වාඩිවී සිටියේය. ඔහුට තම ටයි පටිය ඇඳීමට අපහසු බව දුටු වැඩිහිටි කාන්තාවක් ඔහුට උපකාර කිරීමට ඇගේ ස්වාමිපුරුෂයාව උනන්දු කළාය. වයෝවෘද්ධ පුද්ගලයා දණ ගසා ටයි පටිය ගැට ගසන ආකාරය තරුණයාට උගන්වන්නට පටන් ගත් විට, නාඳුනන අයෙකු තිදෙනාගේ ඡායාරූපයක් ගත්තේය. මෙම…

සමාව දීමේ බලය

මැර කල්ලියක් විසින් පැහැරගෙන ගිය මිෂනාරිවරුන් දාහතක් ගැන 2021 ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් විය. ඔවුන්ගේ කප්පම් ඉල්ලීම් ඉටු නොකළහොත් ළමයින් ඇතුළුව මුළු කණ්ඩායම මරා දමන බවට කල්ලිය තර්ජනය කළහ. ඇදහිය නොහැකි ලෙස, සියලුම මිෂනාරිවරුන් නිදහස් කර හෝ එතනින් පැන පලා ගියෝය. ආරක්ෂා ස්ථානයන්ට ළඟා වූ පසුව, ඔවුන් අල්ලාගත් අයට මෙවැනි පණිවිඩයක් යැව්වේය: එනම්, “යේසුස්වහන්සේ අපට වචනයෙන් සහ උන්වහන්සේගේම ආදර්ශයෙන් ඉගැන්වූයේ සමාව…