මිතුරන් සහ සතුරන්
කෙනත් ඊ. බෙයිලී නමැති ප්‍රාඥයා, ජාත්‍යන්තර ප්‍රජාව තුළ අසාමාන්‍ය ඉරියව්වක් පවත්වා ගැනීමට ඉගෙන ගත් අප්‍රිකානු ජාතියක නායකයෙකු ගැන පැවසීය. ඔහු ඊශ්‍රායලය සහ ඒ අවට ජාතීන් සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගත්තේය. ඔහුගේ ජාතිය මෙම බිඳෙන සුලු සමතුලිතතාවය පවත්වා ගන්නේ කෙසේදැයි යමෙකු ඔහුගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ, “අපි අපේ මිතුරන් තෝරා ගන්නෙමු. අප වෙනුවෙන් සතුරන් තෝරා ගැනීමට අපි අපගේ මිතුරන් දිරිමත්…
සංගීත වෛද්‍ය ක්‍රමය
ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා හි පිළිකාවක් හේතුවෙන් පස් හැවිරිදි බෙලා නමැති දැරිය රෝහල් ගත කළ විට, ඇයගේ ප්‍රතිකාරයේ කොටසක් ලෙස ඇයට සංගීත ප්‍රතිකාර ලබා දෙන ලදී. තමන්ගේ මනසට සංගීතයේ ප්‍රබල බලපෑම බොහෝ අය අත් විඳ තිබුණත්, එයට හේතුව නිවැරදිව වටහා නොගෙන තිබුණ අතර, පර්යේෂකයන් මෑතකදී එයින් ලැබෙන සායනික ප්‍රතිලාභයන් ලේඛනගත කර ඇත. බෙලා වැනි පිළිකා රෝගීන්ට සහ පාකින්සන් රෝගයෙන්, ඩිමෙන්ශියාවෙන් සහ…
දිරිගැන්වීමේ ජලය
මම එය හඳුන්වන්නේ “ලීන් ටු ග්‍රීන්” (කොළ පාටට නැමෙන) ආශ්චර්ය ලෙසයි. එය වසර පහළොවකට වැඩි කාලයක් සෑම වසන්ත ඍතුවකම සිදු විය. ශීත ඍතුවේ මාසවලින් පසුව අපේ මිදුලේ තණකොළ දූවිලි සහිත සහ දුඹුරු පැහැයක් ගනියි, ඒ නිසා ගමන් කරන ඕනෑම කෙනෙකු මෙම තණ කොළ දෙස බැලූ විට සිතන්නේ ඒවා වියළී ගොස් ඇත කියාය. ඇමෙරිකාවේ, කොලරාඩෝ හි කඳුකරයේ හිම ඇති නමුත් තැනිතලා…
දොර රාමු මත සැනසිල්ල
ඇමෙරිකාවේ, දකුණු ලුයිසියානා හි 2016 ගංවතුරෙන් පසු මම මගේ සමාජ මාධ්‍යයේ තිබුණු සටහන් දිහා නැවතත් බැලූ අවස්ථාවකදී, මට මිතුරෙකුගේ සටහනක් හමු විය. ඇගේ නිවස සම්පූර්ණයෙන්ම කඩා දමා නැවත ගොඩනඟා ගත යුතු බව දැනගත් පසු, මගේ මිතුරියගේ මව ඇයව උනන්දු කළේ, හදවත් කම්පා කරවන පිරිසිදු කිරීමේ කාර්යයේදී පවා දෙවියන්වහන්සේව සෙවීමටය. මගේ මිතුරිය පසුව නිවසේ නිරාවරණය වූ දොර රාමු මත ඇය අනාවරණය…
දෙවියන්වහන්සේගේ බලවත් අභිමුඛය
2020 දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙන දහනව වන සංශෝධනය සම්මත කිරීමේ සියවන සංවත්සරය සැමරුම් උත්සවය පැවැත්විය. පැරණි ඡායාරූපවල දැක්වෙන්නේ ගීතාවලිය 68.11 හී සඳහන් වන “ස්වාමින්වහන්සේ වචනය දෙන සේක. ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය” යන වචන වලින් සරසා ඇති බැනර් සහිත පෙළපාලි යන ජනකායන්ය.
ගීතාවලිය 68 හි, දාවිත් විසින් දෙවියන්වහන්සේව විස්තර කරන්නේ පීඩිතයන්ව ඔවුන්ගේ වහල්භාවයෙන්…
කවදාවත් වැඩි ඈතකට නොවේ
රාජ් තම තරුණ අවධියේදී තම ගැළවුම්කරුවාණෝ ලෙස යේසුස්වහන්සේව විශ්වාස කළ නමුත් වැඩි කල් නොගොස් ඔහු ඇදහිල්ලෙන් ඉවත්ව දෙවියන්වහන්සේගෙන් වෙන්ව ජීවිතයක් ගත කළේය. පසුව දිනක්, ඔහු යේසුස්වහන්සේ සමඟ ඔහුගේ සම්බන්ධය අලුත් කර නැවත දේවස්ථානයට යාමට තීරණය කළ නමුත් වසර ගණනාවක් තිස්සේ නොපැමිණීම ගැන ඔහුට දොස් තැබූ කාන්තාවක් ඔහුට මුණ ගැසුණි. මෙම බැණ වැදීම රාජ්ගේ ලැජ්ජාව සහ වරදකාරි හැඟීම වැඩි කළේය. “මම…
මුළුමණින්ම තනිවමද?
සූගේ පවුල ඇගේ ඇස් ඉදිරිපිට කඩා වැටෙමින් තිබුණි. ඇගේ සැමියා හදිසියේම නිවසින් පිටව ගොස් ඇති අතර, ඇය සහ ඇගේ දරුවන් ව්‍යාකූලත්වයට හා කෝපයට පත්ව සිටියහ. ඇය සමඟ විවාහ උපදේශනය සඳහා පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියද, ගැටළු ඇගේ බව පවසමින් ඔහු එසේ නොකළේය. ඔහු කිසි දිනෙක ආපසු නොඑනු ඇතැයි ඇය වටහා ගත් විට භීතිය සහ බලාපොරොත්තු සුන්වීම ඇති විය. ඇය සහ…
දෙවියන්වහන්සේ අපව දන්නා සේක
මම මෑතකදී මයිකල් ඈන්ජලෝගේ මූර්තියක මෝසෙස්ගේ ඡායාරූපයක් දුටුවෙමි, මෙම මූර්තිය ළඟින් සෝදිසි කළ අවස්ථාවේදී මෝසෙස්ගේ දකුණු අතේ කුඩා ඉදිමීමක් පෙනෙන්ට තිබුණි. මෙම මාංශ පේශී "extensor digiti minimi" එක්ස්ටෙන්සර් ඩිජිටි මිනිමි යනු අතේ පිහිටා ඇති දිගු සිහින් අස්ථි මාංශ පේශිය. කෙනෙක් තමාගේ සුළැඟිල්ල ඔසවද්දී මෙය සංකෝචනය වී පෙනෙන්නේය. මයිකල් ඈන්ජලෝ, සංකීර්ණ විස්තරවල ප්‍රවීණයෙකු ලෙස හඳුන්වනු ලබන අතර, ඔහු මූර්තිමත් කරන ලද…
දෙවියන්වහන්සේට සවන් දීම
මම විද්‍යාලයට ගොස් නැවත නිවසට එන විට, අපේ නිවසට යන මාර්ගය කාන්තාරයක් මැදින් යා යුතු අතර එය වේදනාකාරී ලෙස උදාසීන එකක් ලෙස පෙනෙන්නට තිබුණි. එයට හේතුව මෙම මාර්ගය ඉතා දුර වූ අතර එය කෙලින් පාරක්ද වූ බැවින් බොහෝ වර අධික වේගයෙන් රිය පැදෙව්වේමි. මුලින්ම මට මහා මාර්ගයේ රථ වාහන පොලිසියෙන් අවවාද කෙරුණි. ඉන් පසුව මට දඩ කොලයක් ලැබුණි. ඉන් පසුව…
මෙම ප්‍රේමය සැබෑය
“මට දැනුණේ පාපිස්ස මගේ කකුල යටින් ඇදුණා වගේ” යයි ජෝජි පැවසීය. “එය සොයාගැනීමෙන් ඇතිවූ කම්පනය සිරුරට වැදුණු පහරක් වැනිය”. ඇගේ පෙම්වතා වෙනත් කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බව ඇය දැන ගත්තාය. ජෝජිගේ පෙර සම්බන්ධයද එලෙසම අවසන් වී තිබුණි. එමනිසා, ඇය පසුව බයිබල් පාඩමකදී දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන ඇසූ විට, ඇයගේ සිතට ප්‍රශ්නයක් පැන නැගීම වළක්වා ගැනීමට නොහැකි වුණි : මෙය තවත්…