ප්‍රවර්ගය  |  Uncategorized

සේවය කිරීමට ජීවත් වන්න

දස හැවිරිදි චෙල්සිට අනර්ඝ චිත්‍ර කලා කට්ටලයක් ලැබීමෙන් පසුව ඇය සොයා ගත්තේ ඇය දුක් වූ විට ඇයට සහනයක් ලබා දීම සඳහා දෙවියන්වහන්සේ කලාව භාවිතා කළ බවයි. සමහර ළමයින්ට කලා භාණ්ඩ පහසුවෙන් ලබා ගත නොහැකි බව දැනගත් විට ඇයට අවශ්‍ය වූයේ ඔවුන්ට උදව් කිරීමටය. ඉතින් ඇගේ උපන් දින සාදයට කාලය පැමිණී විට ඇය තෑගි ගෙන නොඑන ලෙස ඇගේ මිතුරියන්ගෙන් ඉල්ලා සිටියාය.…

දේව වචනය අධ්‍යයනය කිරීම

ජේ. අයි. පාකර් (1926-2020) සිය සම්භාව්‍ය කෘතිය වන “දෙවියන්වහන්සේ දැන ගැනීම” යන කෘතියෙහි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධ ඇදහිලිවන්තයන් සිව් දෙනෙක් “බයිබලය සඳහා බීවර්” (මුගටීන්) ලෙසට ඉතා ඉහළින් කථා කළේය. ඔවුන් සියල්ලන්ම පුහුණු විශාරදයන් නොවූවත් ඔවුන් සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේව දැන ගැනීමට දේව වචනයේ ගැඹුරටම ඉගෙන ගත්තේ බීවර් යන සතා ගසක් තුළට හාරා ගෙන යන ආකාරයටය. පාකර් තවදුරටත් සඳහන් කළේ බයිබලය අධ්‍යයනය…

ඇතුළාන්තයෙන් පොඩි වී ඇත

මම යෞවනියක්ව සිටි කාලයේදී මගේ මව අපගේ විසිත්ත කාමරයේ බිත්තියේ බිතු සිතුවමක් පින්තාරු කළාය. එය අවුරුදු ගණනාවක් එසේ පැවතුණි. එය නටබුන් වූ දේවාලයක ඉපැරණි ග්‍රීක දර්ශනයක්ද එහි දෙපැත්තේ සුදු කුළුණුද ගරා වැටුණු දිය උල්පතක් සහ කැඩුණු පිළිමයක්ද පෙන්නුම් කළේය. කලක් ඉතා අලංකාරවූ හෙලෙනිස්ටික් ගෘහ නිර්මාණ ශිල්පය දෙස බැලූ විට එය විනාශ වුයේ කෙසේදැයි සිතා ගැනීමට මම උත්සාහ කළෙමි. විශේෂයෙන්ම අතුළත…

පූජා කළ යුත්තේ කවදාද?

2020 පෙබරවාරියේදී කෝවිඞ්-19 වසංගතය ආරම්භ වෙමින් තිබියදී එක් පුවත්පත් තිර රචකයෙක්ගේ කණස්සල්ල කෙරෙහි මම යොමු වුනෙමි. අපි කැමැත්තෙන් ස්වයං හුදකලා වෙයිද? ඇය කල්පනා කළාය. අන් අය රෝගී නොවන පිණිස අපි අපගේ ගමන් බිමන්, සාප්පු සවාරි යනාදිය වෙනස් කරමුද. “මෙය හුදෙක් සායනික සම්පත් පිළිබඳ පරීක්‍ෂණයක් පමණක් නොව අපට වඩා අන් අය ගැන සැළකිලිමත් වීමට ඇති කැමැත්ත වන්නේය” යනුවෙන් ඇය ලීවාය. හදිසියේම…

කථා කිරීමට කාලයක්

අප්‍රිකානු-ඇමරිකානු කාන්තාව වසර තිහක් පුරාවටම විශාල ගෝලීය සේවයක් කරන සංවිධානයක් සඳහා විශ්වාසවන්තව සේවය කළාය. එහෙත් ඇය වාර්ගික අසාධාරණය ගැන තමන් සමග සේවය කරන සේවකයින් සමග කථා කිරීමට උත්සාහ කළ විට ඇයට ලැබුණු ප්‍රතිචාරය වූයේ නිහඬතාවයයි. කෙසේ වෙතත් අවසානයේදී 2020 වසන්ත කාලයේදී ජාතිවාදය පිළිබඳ විවෘත සාකච්ඡා ලොව පුරා ව්‍යාප්ත වෙද්දී ඇය සමග සේවය කරන මිතුරෝ “විවෘත සංවාදයක් ආරම්භ කළහ”. විවෘත සාකච්ඡා…

ආත්මයෙන් තීක්‍ෂණ බුද්ධිය

ප්‍රංශ සොල්දාදුවා තම හමුදාවේ කඳවුරේ ආරක්‍ෂක වළලු ශක්තිමත් කරමින් කාන්තාරයේ වැලි හාරමින් සිටියදී ඔහු වැදගත් සොයා ගැනීමක් කරනු ඇතැයි කිසි විටෙකත් සිතුවේ නැත. තවත් වැලි සවලක් ඉවත් කරද්දී ඔහු ගලක් දුටුවේය. එය සාමාන්‍ය ගලක් නොවීය. එය භාෂා තුනකින් ලියා ඇති පස්වන ටොලමි රජුගේ නීති සහ පාලනය අඩංගු රොසෙටා ගලය. එම ගල (දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත) දහනව වන ශත…

හොඳින් ජීවත් වීම

ජීවත්වන්නන් සඳහා නොමිළයේ අවමංගල්‍ය කටයුතු. දකුණු කොරියාවේ ආයතනයක් මගින් සපයන සේවාව එයයි. එය 2012 දී විවෘත කළ දින සිට 25,000 කට අධික පිරිසක් එනම් නව යොවුන් වියේ සිට විශ්‍රාමිකයන් දක්වා පිරිසක් ඔවුන්ගේ මරණ සළකා බැලිමෙන් ඔවුන්ගේ ජීවිත වැඩි දියුණු කර ගැනීමේ අපේක්‍ෂාවෙන් සමූහ වශයෙන් “ජීවන අවමංගල්‍යය” සේවාවන් සඳහා සහභාගී වී ඇත. නිලධාරීන් පවසන්නේ “අනුකරණය කරන ලද අවමංගල්‍යය උත්සව වලට සහභාගී…

ඔබ වෙනුවෙන් දෙවියන්වහන්සේගේ සැළසුම

ඇයගේ ආදරණීය නැන්දම්මා මෙන් (දේවගැතිවරයෙක්ගේ බිරිඳ වූ) “දේවගැතිවරයෙක්ගේ පරිපූර්ණ බිරිඳක්” වීමට වසර හයක් තිස්සේ ඇග්නස් උත්සාහ කළාය. මෙම භූමිකාවේදී ඇයට ලේඛිකාවක් හෝ චිත්‍ර ශිල්පිනියක් විය නොහැකි බව ඇය සිතුවාය. එහෙත් ඇයගේ නිර්මාණශීලිත්වය යටපත් කර ගැනීමෙන් ඇය මානසික අවපීඩනයට පත්ව සියදිවි නසාගැනීමට පවා කල්පනා කළාය. අසල්වැසි දේවගැතිවරයෙක්ගේ උපකාරයෙන් ඇය අඳුරෙන් පිටතට පැමිණීයේ ඔහු ඇය සමග යාච්ඤා කරමින් සෑම උදෑසනකම පැය දෙකක්…

ආරම්භකයෙකුගේ ජීවිතයට මග පෙන්වීම

මගේ මවගේ හදිසි මරණයෙන් පසු බිලොග්කරණය (අන්තර්ජාලය හා සම්බන්ධයි) ආරම්භ කිරීමට මම පෙළඹුණෙමි. ජීවතුන් අතර සිටිනා කාලය තුළදී සැළකිය යුතු ජීවිත අවස්ථා නිර්මාණය කිරීමට මිනිසුන් පොළඹවන ලිපි ලිවීමට මට අවශ්‍ය වුනි. ඒ නිසා මම බිලොග්කරණය සඳහා ආරම්භක මාර්ගෝපදේශයක් වෙත හැරුණෙමි. කුමණ ක්‍රමයක් භාවිතා කළ යුතුද, මාතෘකාව තෝරා ගන්නේ කෙසේද සහ බලපෑම් ඇති කරවන ලිපි සකසන ආකාරය මම ඉගෙන ගතිමි. එසේම…

ඉවසා දරා ගන්නා වචන

දහනව වන ශත වර්ෂයේ මුල් භාගයේදී තෝමස් කාලයිල් විසින් දාර්ශනික ජෝර්ජ් ස්ටුවර්ට් මිල්ට සමාලෝචනය පිණිස අත් පිටපතක් ලබා දුන්නේය. කෙසේ හෝ අහම්බෙන් හෝ හිතාමතාම හෝ අත්පිටපත ගින්නකට වීසි විය. එය කාලයිල්ගේ එකම පිටපත වුනි. නැතිවූ පරිච්ඡේද නැවත ලිවීමට බිය සැක නැතුව ඔහු කටයුතු කළේය. ඔහුගේ සිතේ නොනැවතී පැවති කථාව නැවැත්වීමට ගිනිදැල් වලට නොහැකි වුනි. මහත් අලාභයක් මධ්‍යයේ පවා කාලයිල් සිය…