දයාව ව්‍යාප්ත කරමින්
රුවන්ඩා ජන සංහාරයෙන් තම ස්වාමි පුරුෂයා සහ ඇගේ දරුවන් කිහිප දෙනෙකු ඝාතනය කළ මනස්සේට ඇය සමාව දුන් ආකාරය ගැන බීටා පැවසුවේ “මගේ සමාව දීම පදනම් වී ඇත්තේ යේසුස්වහන්සේ කළ දේ මතය. මුළු කාලය පුරාම කරන ලද සෑම දුෂ්ඨ ක්‍රියාවකම දඬුවම උන්වහන්සේ ලබා ගත් සේක. උන්වහන්සේගේ කුරුසිය අපට ජයග්‍රහණය සොයා ගත හැකි ස්ථානයයි - එකම ස්ථානයයි! ඔහුව පෙළන භයානක සිතුවිලි විස්තරාත්මකව…
ගමන් මළු ක්‍රියාකාරකම
කණිෂ්ඨ වසරවල උගන්වන ගුරුවරියක් වන කේරන් තම සිසුන්ට එකිනෙකාව වඩා හොඳින් තේරුම් ගත හැකි ආකාරය ඉගැන්වීමට ක්‍රියාකාරකමක් නිර්මාණය කළේය. මෙම “ගමන් මළු ක්‍රියාකාරකමේදී” සිසුන් විසින් ඔසවා ගෙන යන චිත්තවේගී බර කිහිපයක් ලියා තිබුණි. මෙම සටහන් නිර්ණාමිකව බෙදා දුන් අතර බොහෝ විට ඔවුන්ගේ සම වයසේ මිතුරන්ගෙන් කඳුළු සලන ප්‍රතිචාර ලැබුණි. එතැන් පටන් පංති කාමරය තුළ යෞවනයන් අතර ගැඹුරු අන්‍යෝන්‍ය ගෞරවයක් ඇති…
උදෑසන මෙන් ජිවත් වෙන්න
මට කාල කලාප හරහා ගුවන් මගින් ගමන් කිරීමට සිදුවූ විට දිගු ගුවන් ගමනක් නිසා ඇතිවන වෙහෙසකාරී බව වළක්වා ගැනීමට මම විවිධ ප්‍රතිකර්ම උත්සාහ කරමි. මම ඒ සියල්ල අත්හදා බලන්න ඇති කියා මම සිතමි. එක් අවස්ථාවකදී මගේ ගුවන් ගමන් ආහාර වේල මා ගමන් කරන කාල කලාපයට අනුව වෙනස් කරන්න මම තීරණය කළෙමි. සෙසු මගීන් සමග රාත්‍රී ආහාරය ගැනීම වෙනුවට මම චිත්‍රපටියක්…
ඇදහිල්ල වර්ධනය කිරීම
මගේ මුණුපුරා සහ මම වාහන නැවැත්වීමේ ස්ථානය හරහා අත්වැල් බැඳගෙන පාසැල් යාමේ විශේෂ ඇඳුමක් සොයන්නට ගියෙමු. දැන් පෙර පාසැල් සිසුවෙක් වන ඔහු සෑම දෙයක් ගැනම උද්යෝගයෙන් සිටි අතර ඔහුගේ සතුට ප්‍රීතියට හැරවීමට මම අධිෂ්ඨාන කර ගතිමි. ශිලා ලේඛණය සහිත කෝපි ජෝග්ගුවක් මම දුටුවෙමි. “ආච්චි අම්මලා බොහෝ ප්‍රීතියෙන් යුත් අම්මලාය”. එනම් විනෝදය, සතුටින් බැබළීම, ප්‍රීතිය ආදියයි. ඒක මගේ රැකියා විස්තරයයි. මේ…
ඉතාම අසරණ වූ අයට සේවය කිරීම
ඔහුගේ නම ස්පෙන්සර්ය. නමුත් සෑම කෙනෙකුම ඔහුව හඳුන්වන්නේ “ස්පෙන්ස්” යනුවෙනි. උසස් විද්‍යාලයේදී ඔහු මළල ක්‍රීඩා ශූරයා විය. ඉන්පසු ඔහු කීර්තිමත් විශ්ව විද්‍යාලයකට පූර්ණ අධ්‍යයන ශිෂ්‍යත්වයක් ලබා ගත්තේය. දැන් ඔහු ඇමරිකාවේ විශාලතම නගරයක ජීවත් වන අතර රසායනික ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ඉහළ ගෞරවයට පාත්‍ර වේ. නමුත් ඔබ ස්පෙන්සර්ගෙන් මේ දක්වා ඔහු ලබා ඇති විශිෂ්ඨතම ජයග්‍රහණයන් ගැන ඇසුවොත් ඔහු ඒ කිසිවක් සඳහන් කරන්නේ නැත.…
අසම්පූර්ණ සැළසුම්
මම නව ප්‍රජා මධ්‍යස්ථානයක පහළ මහලේ පුස්තකාලයක් ගවේෂණය කරමින් සිටියදී හදුසියේම ඇසුණු මහා ශබ්දයකින් කාමරය හෙල්ලුම් කෑවේය. විනාඩි කිහිපයකට පසු එය නැවත සිදු විය. පසුව නැවතත් සිදු වුණි. කලබලයට පත් පුස්තකාලායාධිපති වරයෙක් පැවසුවේ බර ඉසිලීමේ ස්ථානයක් පුස්තකාලයට ඉහළින් ස්ථානගත කර ඇති බවත් යමෙක් බර බිමට හෙළන සෑම අවස්ථාවකම එම ශබ්දය ඇති වන බවත්ය. ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නිර්මාණකරුවන් මෙම අති…
ප්‍රශංසාවෙන් ප්‍රීතිය සොයා ගැනීම
සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ලේඛක සී.එස්. ලුවිස් පළමුවෙන්ම යේසුස්වහන්සේට සිය ජීවිතය දුන් විට දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම ගැන ඔහු මුලින් විරුද්ධ වුනි. කොටින් කිවහොත් ඔහු එය හැඳින්වූයේ “බාධාවක්” ලෙසිනි. ඔහුගේ අරගලය වූයේ “දෙවියන්වහන්සේම එය ඉල්ලා සිටින්නේය යන යෝජනාව” කෙරෙහිය. නමුත් අවසානයේදී ලුවිස් තේරුම් ගත්තේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගට “උන්වහන්සේගේ අභිමුඛයෙන් කථා කරන්නේ නමන්කාර කිරීමේ ක්‍රියාවලිය තුළදී” බවයි. එවිට අපි “දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය තුළ”…
ප්‍රතික්‍ෂේප වූවන්ට රක්‍ෂස්ථානයක්
ජෝර්ඡ් වයිට් ෆිල්ඩ් (1714-1770) ඉතිහාසයේ වඩාත්ම දක්‍ෂ හා ඵලදායී දේශකයන්ගෙන් කෙනෙක් වූ අතර දහස් ගණනක් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරා ගෙන ගියේය. එහෙත් ඔහුගේ ජීවිතය මතභේදයන්ගෙන් තොරව නොපැවතුණි. එනම් එළිමහනේ දේශනා කිරීමේ පුරුද්ද (විශාල පිරිසකට සහභාගී විය හැකි) සමහර විට බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක් වුණි. ඔව්හු ඔහුගේ චේතනාවන් ගැන ප්‍රශ්න කරමින් ඔහු කථා කළ යුත්තේ දේවස්ථානයක බිත්ති හතර තුල පමණක් යයි…
ප්‍රේමය අපව පාලනය කරයි
බොහෝ තරුණ සමෝවා පිරිමි ළමුන් තම ජනතාවට සහ ඔවුන්ගේ ප්‍රධානියාට වගකීමකින් කටයුතු කරන බවට සංඥාවක් වශයෙන් පච්චයක් ලබා ගනී. එම පච්ච සලකුණ සමෝවාන් පිරිමි රග්බි කණ්ඩායමේ සාමාජිකයින්ගේ දෑත් ආවරණය කරයි. පච්ච කොටා ගැනීමෙන් ජපානයේදී සෘණාත්මක අර්ථයක් ගෙන ආ හැකි නිසා ඔවුහු ජපානයේ සංචාරය කරන විට කණ්ඩායම් සාමාජිකයන්ට එම සංඛේත ඔවුන්ගේ සත්කාරකයන්ට ගැටළුවක් බව අවබෝධ වූහ. ත්‍යාගශීලි මිත්‍රත්වයේ ක්‍රියාවක් වශයෙන් සමෝවා…
දුරස්ථ සහ ළංවූ කාලයන් තුළදී
1986 ජනවාරි 28 වන දින චැලෙන්ජර් නමැති එක්සත් ජනපද අභ්‍යාවකාශ ෂටලය ගුවන් ගත වී තත්පර හැත්තෑ තුනකින් කැඩී ගියේය. ජාතිය සනසන කථාවකදී ජනාධිපති රේගන් “හයි ෆලයිට්” කාව්‍යයෙන් උපුටා දක්වමින් දෙවන ලෝක සංග්‍රාමයේ නියමුවෙකු වූ ජෝන් ගිලෙස්පී මාගී “අවකාශයේ ඉහළ නොවිසඳුණු පාරිශුද්ධභාවය” සහ “දෙවියන්වහන්සේගේ මුහුණ” ස්පර්ශ කිරීමට ඔහුගේ අත දිගු කිරීමේ සංවේදීතාවය ගැන කීයූ කථාව උපුටා දැක්වූයේය.
අපට දෙවියන්වහන්සේගේ මුහුණ ඇත්තෙන්ම…