ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේගේ කථාන්දර පොත

සුන්දර දවස භුක්ති විඳීමට අවශ්‍ය වූ මම ඇවිදීමට පිටත්වූ අතර ඉක්මණින්ම නව අසල්වැසියෙකු මුණගැසුණේය. ඔහු මාව නවත්වා ඔහුව හඳුන්වා දුන්නා, “මගේ නම ජෙනිසිස්, මගේ වයස අවුරුදු හය හමාරයි”.

“ජෙනිසිස් කියන්නේ ශ්‍රේෂ්ඨ නමක්! ඒක බයිබලයේ පොතක්” කියා මම පිළිතුරු දුන්නා.
“බයිබලය කියන්නේ මොකක්ද?” ඔහු ඇසුවා.
“ඒක දෙවියන්වහන්සේ ලෝකය සහ මිනිසුන් මැවූ ආකාරය සහ උන්වහන්සේ අපට ප්‍රේම කරන ආකාරය කියන කථා පොතක්.”…

සෑම හුස්මක්

ටී උන් ට දුර්ලභ ස්වයං ප්‍රතිශක්තිකරන රෝගයක් සෑදී ඔහුගේ සියලු මාංශ පේශි දුර්වල කර, ඔහු මරණාසන්න වූ විට, හුස්ම ගැනීමට හැකි වීම ත්‍යාගයක් බව ඔහුට වැටහුණි. සතියකට වැඩි කාලයක්, යන්ත්‍රයක් මාර්ගයෙන් සෑම තප්පර කීපයකට වරක් ඔහුගේ පෙනහළු වලට වාතය පොම්ප කිරීමට සිදු වූ අතර එය ඔහුගේ ප්‍රතිකාරයේ වේදනාකාරී අංගයක් විය.

ටී උන් ආශ්චර්යමත් ලෙස සුවය ලබා ඇති අතර අද ඔහු…

අපේ හිඟකමින්

මේ ලෝකයේ ඉහළ පෙළේ ධනවතුන් වන වොරන් බෆේ සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් ඔවුන්ගේ මුදල් වලින් අඩක් පරිත්‍යාග කරන බවට පොරොන්දු වෙමින් දීමේ පොරොන්දුව දියත් කළ විට ඉතිහාසය නිර්මාණය කලහ. 2018 වන විට මෙයින් අදහස් කළේ ඩොලර් බිලියන 92ක් පරිත්‍යාග කිරීමයි. මෙම පොරොන්දුව, මනෝවිද්‍යා විශේෂඥයෙක් වන පෝල් පිෆ්ට මුදල් පරිත්‍යාග රටාවන් අධ්‍යයනය කිරීමට කුතුහලයක් ඇති කළේය. පර්යේෂණ පරීක්‍ෂණයකින් ඔහු සොයාගත්තේ…

මේ දේවල් ක්‍රියාවට නංවන්න

මම මගේ පුතාට ඔහුගේ ගණිතය ගෙදර වැඩ සඳහා උදව් කළ විට, එකම සංකල්පයට අදාල විවිධ ගැටළු කිරීමට ඔහුගේ වැඩි කැමැත්තක් නොතිබුණු බවට පෙනෙන්නට තිබුණි. “මට තේරුණා තාත්තේ” ඔහු තරයේ කියා සිටියේ, ඔහුගේ සියළු පැවරුම් කිරීමෙන් මම ඔහුව නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නා තෙක් සංකල්පයක් යනු සංකල්පයක් පමණක් බව මම පසුව ඔහුට මෘදු ලෙස පැහැදිලි…

හිම ගැන භාවනාව

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වන ඔහයිඔ හි සින්සිනාටි නම් නගරයේ, බර වැඩ කරන මිනිසුන් ජීවත්වන ප්‍රදේශයකි. සාමාන්‍ය ජනයාගේ “ඔවර් ද රයින්” (Over the Rhine) නමින් හඳුන්වන ලද සංගීත කණ්ඩායම විසින් සෑම වසරකම නගරයේ සිදුවන පරිවර්තනයක් ගැන ගායනා කරයි.
“වසරේ පළමු සැබෑ හිමවැස්ස වැටුන සෑම විටකම, පරිශුද්ධ යමක් සිදුවනවා වාගේ දැණුනා”, සංගීත කණ්ඩායමේ සම-නිර්මාතෘ ලින්ෆර්ඩ් ඩෙට්වයිලර් පැහැදිලි කරයි. “ටිකක් නැවුම් ආරම්භයක්…

ලිවීමට හේතුව

“ස්වාමින්වහන්සේ මගේ උස් කුළුණයි...... අපි කඳවුරෙන් පිටව ගියේ ගායනා කරමින්.” 1943 සැප්තැම්බර් 7 වන දින එටී හිලෙසම් එම වචන තැපැල් පතක ලියා එය දුම්රියෙන් පිටතට වීසි කළාය. ඇයගෙන් අපට ලැබෙන අවසාන සටහන් කළ වචන ඒවාය. 1943 නොවැම්බර් 30 වන දින අවුෂ්විට්ස් හි දී ඇය ඝාතනය කරන ලදී. පසුව, ගාල් කඳවුරකදී (නාට්සි වාදයට විරුද්ධවූ අයව හිරකර තැබූ බන්ධනාගාරය) හිලෙසම්ගේ අත්දැකීම් පිළිබඳ…

දෙවියන්වහන්සේගෙන් අයැදීම

එක උදෑසනක පුදුම සහගත නිවේදනයකින් එක් පවුලක පවුලේ යාච්ඤා කාලය අවසන් විය. තාත්තා
“ආමෙන්” යයි පැවසූ විගස පස් හැවිරිදි කේට්ලින් ප්‍රකාශ කළේ, “මම ලෝගන් වෙනුවෙන් යාච්ඤා කළා මොකද එයා යාච්ඤා වෙලාවෙ ඇස් ඇරගෙන හිටිය නිසා”.

ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන ආකාරයට මැදිහත් යාච්ඤාව පිණිස අප කැඳවන්නේ ඔබේ දස හැවිරිදි දරුවාගේ (හෝ සහෝදරයාගේ) යාච්ඤා ශෛලිය නොවන බව මට හොඳටම විශ්වාසයි. එසේ නමුත්…

මගේම වැඩෙහි යෙදී සිටීම

වසර ගණනාවකට පෙර, මගේ පුත් ජොෂ් සහ මම කඳුකර මාවතකට යමින් සිටියදී දූවිලි වළාකුලක් ඉහළට නඟිණවා දැක ඒ ගැන සොයා බැලුවෙමු. අප සෙමෙන් ඉදිරියට යන විට, කුණු ඉවුරක ගුහාවක් සෑදීමේ යෙදී සිටි කාර්යබහුල බැජර් නමැති වලස් වර්ගයට අයිති සතෙක් පොළොවෙහි ගුලක් හාරනවා දුටුවෙමු. උගේ හිස සහ උරහිස් කුහරය තුළ තිබූ අතර, ඌගේ ඉදිරිපස පාදවලින් දැඩි ලෙස හාරා, පිටුපස පාද වලින්…

කවුද දන්නෙ?

චීන පුරාවෘත්තියට අනුව, සායි වෙන්ග්ට ඔහුගේ වටිනා අශ්වයකු අහිමි වූ විට, ඔහුගේ අසල්වැසියා ඔහුගේ අහිමිවීම ගැන ශෝකය ප්‍රකාශ කළේය. නමුත් සායි වෙන්ග් ඒ ගැන සැළකුවේ නැත. ඔහු පැවසුවේ, “එය මට හොඳ දෙයක් විය හැකි දැයි කවුද දන්නෙ?” පුදුමයට කරුණක් නම් නැතිවූ අශ්වයා වෙනත් අශ්වයකු සමඟ ආපසු නිවසට පැමිණීමයි. අසල්වැසිය ඔහුට සුභපැතූ විට, සායි වෙන්ග්, “ එය මට නරක දෙයක් විය…

පියාණන්වහන්සේව දැන ගැනීම

පුරාවෘතයට අනුව, බි්‍රතාන්‍යයේ සිටි සංගීත මඟපෙන්වන්නෙක් වන ශ්‍රීමත් තෝමස් බීචම් වරක් හෝටලයක ආලින්දයේ කැපී පෙනෙන පෙනුමක් ඇති කාන්තාවක් දුටුවේය. ඔහු ඇයව හඳුනන බව විශ්වාස කර නමුත් ඇගේ නම මතක නැති නිසා ඇය සමඟ කථා කරන්නට නැවතුණේය. දෙදෙනා කථාබහ කරමින් සිටියදී, ඇයට සහෝදරයෙකු සිටි බව ඔහුට යාන්තම් සිහිපත් විය. හෝඩුවාවක් බලාපොරොත්තුවෙන් ඇගේ සහෝදරයා කරන්නේ කුමක්ද සහ ඔහු තවමත් එකම රැකියාවක නිරත…