චක්‍රය බිඳීම
ඩේවිඩ් තමුන්ගේ අතින් සිදුවූ වැරැද්දකට දඬුවමක් වශයෙන් ඔහුගේ සත්වන උපන්දින දවසේදී මුල් වතාවට තමාගේ පියාගෙන් පහරක් ලැබුවේය. මෙය සිදුවුනේ ඔහුගේ අතින් වැරදීමකින් ජනේලයක වීදුරුවක් කැඩූ නිසාය. “ඔහු මට අතින් සහ පයින් ගැසුවා,” ඩේවිඩ් කීවේය. “පසුව ඔහු මගෙන් සමාව ඉල්ලුවා. ඔහු මද්‍යසාරය බීමෙන් පසුව ප්‍රචණ්ඩකාරී තත්ත්‍වයට පත් වෙන කෙනෙක්. මා විසින් මෙම නපුරු චක්‍රය නතර කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.
නමුත් ඩේවිඩ්ට…
ඔබගේ දෑස් ඔසවන්න
එදා අහසේ වළාකුළු ක්‍ෂිතිජය නොපෙනෙන තරම් පහළට වැටී තිබුණා. යාර සියයකට පමණක් මගේ පෙනීම සීමා වුනා. කාලය ගෙවී ගියා. මෙය හේතුවෙන් මා තුළ අයහපත් හැඟීම් ඇතිවී තිබුණා. නමුත්, දවල් කාලය පැමිණුනු විටදී, මෙම වළාකුල් ඉවත් වෙන්න පටන්ගත්තා. දැන් මට ඉතා අලංකාර උල් කඳු මුදුන් පෙනී ගියා. මේ කඳු මුදුන් මගේ නගරයේ කැපී පෙනෙන්නට තිබූ විශේෂත්‍වයක්, සහ මෙහි දෙපස කඳු පේලි…
කඩදාසි ඔටුණු
නිවාඩු කාලයේ මගේ නිවසේ කෑම වේලකට පසුව හැමෝම තෑගි මලු විවෘත කළා. මෙම මලුවල තිබුණේ ටොපි, කුඩා සෙල්ලම් බඩු සහ කුඩා කඩදාසි කැබලි. නමුත් මෙම බඩු මලුවල තව දෙයක් තිබුණා - එය තමයි අපි හැමෝටම කඩදාසි ඔටුන්නක් තිබුණා. ඉවසිල්ලක් නැතිව අපි ඒවා පැළඳගෙන මේසය වටේ වාඩිවී සිටියදී එකිනෙකා සමඟ සිනාසුනා. අපේ කෑම කන කාමරය වටේ අපේ ඉතුරු වූ කෑම කසළ…
එය උදුරා දමන්න
රෙබෙකාගේ සහෝදරයා හා නෑණා අතර විවාහ ජීවිතයේ ප්‍රශ්න මතු වෙන්න පටන් ගනිද්දී, ඔවුන් අතර නැවත සමගිය ඇතිවෙයි කියා රෙබෙකා ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. නමුත් ඔවුන් දික්කසාද වුනා. ඉන් පසුව ඇගේ නෑණා දරුවන්ව එම ප්‍රාන්තයෙන් පිටතට ගෙනගියා. නමුත් ඔවුන්ගේ පියා ඊට විරුද්ධ වූයේ නැත. ඈය බෙහෙවින් ආදරය කළ ඇගේ සහෝදරයාගේ දියණියන්ව රෙබෙකා ආපසු දැක්කේ නැත. වසර ගණනාවකට පසුව ඇය කියා සිටියේ,…
අදෘෂ්‍යමාන දේ වල දෙවියන්වහන්සේ
“සමහර වෙලාවේදී මට හැඟෙනවා මම අදෘශ්‍යමානයි කියා. නමුත් මා තුළ දැඩි ආශාවක් තිබෙනවා දෙවියන්වහන්සේ මාව පාවිච්චි කරයි කියා.”
මා හෝටලයකට ගිය අවස්ථාවකදී, ඈන් නමින් හඳුණන කාන්තාවක් මට හමුවුණා. ඇය ඒ අවස්ථාවේදී ව්‍යායාම සඳහා පාවිච්චි කරන කාමරයක් පිරිසිදු කරමින් සිටියා. මම ඇය සමඟ කතාබස් කළා. අපි කතාකරමින් සිටියදී ඇගේ කතාව ඉතා අනර්ඝයි කියා මට අවබෝධ වුණා.
“මම ක්‍රැක් නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය…
හොරණෑ පිඹින්න
ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාව විසින් දවසේ අවසානයේදී හා අවමඟුල් උත්සවවලදී වාදනය කරන හොරණෑ ශබ්දයට “ටැප්ස්” යනුවෙන් හඳුන්වනු ලබනවා. නිල නොවූ කාව්‍ය (වචන) කියවන අවස්ථාවේදී එහි තිබූ සෑම වගන්තියක්ම අවසන් වුණේ “දෙවියන්වහන්සේ ළඟයි” කියන පදයෙන් බව දැකීමෙන් මම පුදුමයට පත්වුනෙමි. දිනපතා රාත්‍රියේදී කළුවර වැටෙන්නට ප්‍රථමයෙන් හෝ ප්‍රේමවන්තයකුගේ මරණය ගැන දුක් වෙන අවස්ථාවේදී, මෙම වචන තුළින් සොල්දාදුවන්ට දෙවියන්වහන්සේ ළඟ බව ඉතා අනර්ඝ…
ප්‍රේමයේ ගැඹුර
වයස අවුරුදු තුනක් වූ ඩිලන් මැක්කෝයි පීනන්න ඉගෙනගත්තා විතරමයි. තමාගේ සීයාගේ නිවසේ පිටුපස මිදුලේ තිබුණු අඩි හතලිහක් ගැඹුරු, ගලින් සාදා තිබූ දිරච්ච ප්ලයිවුඞ් ලෑල්ලකින් වසා තිබූ ළිඳට වැටුණේය. තමාගේ පියා පහලට බැස තමාව බේරාගන්නා තුරු අඩි දහයක් ගැඹුරු වතුරේ මතුපිට පාවෙමින් සිටින්නට ඩිලන්ට පුළුවන් විය. දරුවාව බේරාගැනීමට ගිනි නිවන හමුදාව කඹ ගෙනා නමුත්, ඊට ප්‍රථමයෙන් තමාගේ දරුවාගේ සුරක්ෂිතභාවය ගැන බොහෝ…
ඉදීමේ ක්‍රියාවලිය
එංගලන්තයේ කේම්බ්‍රිජ්හි වසර 50ක දේව සේවයේ මුල් අවධියේදී චාල්ස් සිමියොන් ට (1759-1836) අසල්වැසි දේවගැතිවරයෙකු වන හෙන්රි වෙන් සහ ඔහුගේ දියණියන් හමුවිය. මෙම හමුවීමෙන් පසුව දියණියන් සඳහන් කළේ තරුණයා කෙතරම් රළු සහ ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කළේද යන්නයි. ඊට ප්‍රතිචාර වශයෙන් වෙන් තම දියණියන්ට ගස්වලින් පීච් ගෙඩියක් කඩන්නැයි ඉල්ලා සිටියේය. ඔවුන්ගේ පියාට අමු පළතුරු අවශ්‍ය වන්නේ මන්දැයි ඔවුන් කල්පනා කළ විට,…
නමස්කාරයේ ජීවන රටාවක්
ක්‍රිස්තියානි සම්මන්ත්‍රන මධ්‍යස්ථානයක උදෑසන ආහාර වේලාවේ මම බලා සිටියදීම කාන්තාවන් පිරිසක් කෑම ශාලාවට ඇතුළු වූහ. මට පිටුපසින් සිටි කාන්තාවකට ආයුබෝවන් කියමින් මම සිනාසුණෙමි. මගේ සුබපැතුම් ආපසු ලබා දෙමින් ඇය, “මම ඔබව දන්නවා” යි කියා මට පැවසුවාය. අපේ පිඟන් වලට “ස්ක්‍රැම්බල්ඩ් එග්ස්” (කිරි හා වෙඬරු මිශ්‍ර බිත්තර කෑමක්) බෙදාගෙන, අප දෙදෙනා මීට ප්‍රථමයෙන් හමුවූයේ කොතනදැයි මතක් කිරීමට උත්සාහ කළා. නමුත් මම…
යේසුස්වහන්සේගේ වේගයෙන් ගමන්කිරීම
ළඟදී, මගේ කාර් රථය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය විය. ගරාජය තිබුණේ ළඟ පාත, මගේ නිවසේ සිට සැතපුමක් පමණයි. එමනිසා මට සිතුනා නිවසට පයින් යන්න. නමුත් මම ප්‍රසිද්ධ පාරක් ළඟින් හෙමින් හෙමින් යන මොහොතේදී, මට යම් දෙයක් වැටහුනා: එනම්, පාරේ ගමන් කරමින් සිටි අනෙක් හැමෝම ඉතා වේගයෙන් ගමන් කරන බව.
මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවෙයි. පාරේ පයින් යන අයට වඩා වැඩි…